Friday, July 14, 2017

ජීවය දුන්නෙමි, ජීවිත තුනකට.

  නො සිතූ මොහොතක
 නැවතුනු ජීවිතය
 නිකරුනේ
 මහ පොලොවට
 එකතු වන්නට
 දිරා යන්නට
 ඉඩ නොදුන්නෙමි
 මම

 දෑස දෙන්නෙමි
 ලොව දකින්නට
 මගේ හද දෙමි
 දිවි රැකෙන්නට
 තවත් හැකි නම්
 තවත් දෙන්නෙමි

 ජීවිතය ඩැහැ ගත්
 මාරයා හට
 කරන සරදම්
 ලෙසින්
 උදුරා ගත්තෙමි
 හුස්ම ගන්නා
 ජීවිත තුනක්
 මම

 මගේ එක් ජීවිතය
 වෙනුවට
 ජීවය දුන්නෙමි
 ජීවිත තුනකට
 මම

 ප-ලි
 පසුගිය මස 24 වන දා මහ නුවර පිළිමතලාවේ පදිංචිව සිටි කුමාර සම්පත් නම්
 වයස 22ක් හැවිරිදි තරුණයා රිය අනතුරකට පත්ව ඇත. එම අනතුරෙන් ඔහුගේ මොලයට
 දැඩි හානි වී ඇත. ජීවිතය පිළිබඳව විශ්වාසයක් නැති ඔහු තම ශරීරයේ කොටස් දං
 දීමට කැමති වී ඇත. ඒ අනුව ඔහුගේ හදවත, ඇස් හා වකුගඩු වෙනත් පුද්ගලයින්
 තිදෙනෙකුට බද්ධ කර ඇත. පසුගිය දා ඔහුගේ අවසන් කටයුතු සිදු කර ඇත. ජීවිත
 තුනකට ජීවිතය දුන් ඔහුට නිවන් සුව ලැබේවා!

14 comments:

  1. නිකම් පොළවට පස්ව යන්නට නොදී ජීවිත තුනක් බේරා ගත් උතුම් තරුණයාටත් ඔහුගේ දෙමව්පියන්ටත් බෝම පිං...
    මෙය සංවේදීව කවි කළ නිර්මාණීටත් බෝම පිං

    ReplyDelete
  2. ප.ලි. - කසුනා මං ටයිටලේ දැක්ක ගමං හිතුවේ බොලාට තුන් නිවුන්නු හම්බවෙලා කියලා... බලාං ඉතිං නේ... හැක්

    ReplyDelete
    Replies
    1. හනේ යකෝ උඹටත් හිතෙන දේවල්.

      //තුන් නිවුන්නු හම්බවෙලා // මාස දෙකක් යන්නත් කලිං!

      Delete
    2. බුහැක්... ඔව් නේද? වෙන්ට බෑනෙ... හැක්

      Delete
    3. මටත් මේ හා සමාන අදසක් තමයි මාතෘකාවෙන් ආවේ

      Delete
    4. මටත් හිතුන...ඇයි බන් වෙන්න බැරි

      Delete
    5. @ දිල්ශාන්
      අනේ ඇත්තට...
      @ ප්‍රා
      මොනව කියන්නද ඉතින්...

      @ ඉයන් සහ මෙණ්ඩා

      :D

      Delete
  3. හිතට දැණුනු සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ලියූ හොඳ නිර්මාණයක් මේක.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. http://dumimda.blogspot.com/2017/05/blog-post_29.html?m=1

      Delete
    2. මටත් මේ සිදුවීම හිතට දුනුනා දුමී... මේකත් කියවන්නම්...
      ස්තුතී

      ජයවේවා...

      Delete
  4. මෙම සිදුවීම මම මාධ්‍යයෙන් දුටුවෙමි . ඔබ ඒ පිළිබඳ දැක්වූ සංවේදීතාවට ගෞරව කරමි

    ReplyDelete
  5. හරිම ගෞරවයක් සහ ආදරයක් ඇතිවුනා ඒ අම්මලා තාත්තලා ගැන

    ReplyDelete
    Replies
    1. ඇත්තට ම අක්කේ... ඒ අයත් හරිම බුද්ධිමත් මිනිස්සු කොටසක්...

      Delete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.