Wednesday, September 20, 2017

අහසින් එහා (7)

ඒකනෙවෙයි තරංග අපි අද අර දේවතා එලි බලන්න යමුද.
අපි යන ගමන් කෝලිත අය්යවත් එක්කන් යමු.
ඒක නෙවෙයි බං. බංටියා ඊයේ හවස දැක්කට පස්සේ තාම දැක්කෙ නෑනෙ.
ඌට හොඳටම උන.
එහෙනම් අපි යමු.
දේවතා එලි බැලීමට කථිකා කර ගත් තරංග සහ තුශාර කෝලිත සොයා ගියේ බංටී නැති අඩුව පුරවා ගැනීමේ අබිලාශයෙන් . කෝලිතට හඬගෑවත් ඔහු නිවසේ සිටියේ නැත. මඳ වෙලාවක් බලාසිටිය ඔහු ආවේ නැත.
පරක්කුවෙනවනේ බං අපි යමු. එදා අපි මේ ගැන කියනකොටත් කෝලිත අය්යා කියුවේ එයාට මේ දේවල් ගැන විස්වාසයක් නෑ කියලනේ. අපි කොච්චර බලන් හිටියත් අවසානේ මිනිහ බෑ කියුවොත් අපරාදෙ අපේ වෙලාව.
එහෙනම් අපි යමු. වෙද ගෙදරත් කෝලිත අය්ය හිටියෙ නෑනෙ බං. අපේ ගෙදර හරි වෙද ගෙදර හරි හැර එයා යන වෙන තැනක් නෑනෙ බං.
සමහරවිට කැලේට යන්නැති බං. කොහොමත් මිනිහා හරි අමුතුයි බං. දැක්කනේ එදා අර හිටපු සත්තු.
ඒක නෙවෙයි බං. අද දවල් මං බංටි බලන්න ගිහාම කෝලිත අය්ය ගැන මොනවද කියන්න හැදුවනේ.
මොනවද .
ඌට කියන්න හම්බුනේ ඊයෙ හවස අර සත්තු ගිහින් දෙන්න කෝලිත අය්යලාගේ ගෙදර ගියා. එතකොට මාර වැඩක් උනා කියල විතරයිනේ.
මොකද?)
නංගි එතනට ආවනේ. නිසා කතාව පස්සෙ කියන්නම් කියුවා.
අපරාදෙ උඹ ඕක කලින් කියුව නම් මේ වැඩේ පැත්තක දාලා ඒක දැනගන්න යන්න තිබුනනේ.
හරි අපි ඒක හෙට බලමුකෝ.)
දේවතා එලි බැලීමට නිවෙස්වලින් හොරෙන්ම පිට වූ දෙදෙනා වනාන්තරය හරහා ගමන් කරන්නේ වනය මැද ඇති විශාල ගල් තලාව අසළට . ගැමියන් අනුමාන කරන්නේ මේ දේවතා එලිය මහ ගල් තලාවට උඩින් හෝ ආසන්නයේ ගමන් කරනවා බවට . අඳුර වැටෙන විට වනය තුළට පිවිසි දෙදෙනා ගල් තලාව ආසන්නයට එන විට හොඳටම රෑ බෝවී තිබුණි. විවිධ නිසාචර සතුන්ගේ නාද ඔව්නගේ කන වැකෙන අතරේ දෙදෙනා දෑස් දල්වාගෙන හිටියේ කාරණා දෙකක් මතය. පළමුව නම් රාත්රියේ වනයේ සැරිසරණ සර්පයන් ඇතුලු විවිධ දරුණු සතුන් පිළිබඳව . දෙවනුව දේවතා එලිය පිළිබඳව . ගසක් මතට නැග ගත් දෙදෙනා අවට පරිසරය පිළිබඳ හොඳ අවධානයෙන් සිටින්නට විය. සතර අතින් ඇසෙන්නේ පලඟැටියන්, රැහැයියන් වැනි නිසාචර සතුන්ගේ ශබ්ධය. වගේම අඩුවක් නැතිව මදුරු ගීතය කන අසළම ගැයෙන්නට විය. ආකාසේ පලින් පල බබලන තාරකා ඇසට ප්රිය දසුනක් විය.
දැන් නම් බඩගින්නකුත් එනවා තුශාර.
මටත් එහෙමයි. ඒත් මොනව කරන්නද ඉවසනව හැර.
අපි ගොඩක් කලින් ඇවිත් තියෙන්නේ. තව ටිකක් රෑ වෙන්න එන්න තිබුනෙ.
මාත් ඒක හිතුවා. ඒත් දන්නවානෙ කැලේ හැටි. කොහොමද තව රෑ වෙලා මේකෙ කරක් ගහන්නෙ.
ම්ම්..මං කෝකටත් කියලා මෙන්න මේකත් ගෙනාවායි.
කියමින් තරංග ඔහුගේ ඉනේ සගවා ගෙන සිටි මුවහත් පිහි දෙකක් පෑවේය.
හොඳ බාණ්ඩයක් ගෙනත් තියෙන්නේ.
හා හා හෙමින් කතා කරපන්. කොළ පොඩි වෙන සද්ධයක් ඇහුනා. කවුරු හරි එනව වගේ.
කියමින් දෙදෙනා නිශ්ෂබ්ධ විය. නමුත් කිසිවෙක් පෙනෙන්නට සිටියේ නැත.
මො කෝ කවුරුත් නෑ. මේ කැලේ මේ වෙලාවට කවුරු එන්නද. සතෙක් වෙන්නැති.
කෝකටත් සද්ධ නැතුව හිටපන්.
කාලය ගෙවී යන්නට වූයේ ඉතා හෙමින් . දෙදෙනාට නිදිමත ස්වභාවයක් දැනෙන්නට විය. හදිසියේ යමක් දුටු තරංග තිගැස්සුනි.
තුශාර අර බලපන්.
කියමින් ඔහු ගස් අතු අතරින් අහස දෙසට අත දිගු කරන්නට විය.
කෝ  මට පේන්නෑනෙ.
හොඳට බලපන්කෝ.
කියමින් තරංග නො ඉවසිලිමත් විය.
ම්ම් මට පේනවා.. අර එලිය ගල් තලාව පැත්තටයි එන්නේ.
අර , එලිය ටික ටික පාත් වෙනවා.
මේ අතරේ ගල් තලාව අනිත් පස තවත් අමුතු දෙයක් සිදු වෙමින් තිබුණි.
තරංග, අර බලපන් ගල් තලාවෙ එහා පැත්ත.
කෝලිත අය්ය නේද.
ඔව්. මේ දේවල් විස්වාස කරන්නෑ කියුව මිනිහ හොරෙන්ම ඇවිල්ල වගේ. මොකද කියන්නෙ අපි කතා කරමුද.
එපා එපා. බලමු අපි මොකද වෙන්නෙ කියලා. දැන් කෑගැහුවොත් අර එලිය අතුරුදහන් වෙයි. මොකද ඕක දේවතා එලියක් නොවුනොත්.
අර බලපන් කෝලිත අය්යා අහසට ටෝච් එලියක් ගහනවා. අර ගේ ළඟ ගහේ බැදල තියනවා වගේ එකක්.
අර එලිය දැන් ගල් තලාවට හොඳටම ළඟයි. අර අර ඒක එලියක් නෙවෙයි..”
ඕව් ඒක එලියක් නෙවෙයි. මං හිතන්නේ පොඩි අහස් යානාවක්.
අන්න ඒක ගල්තලාවට බානවා. කියන්නේ කෝලිත අය්යා මේකෙ එන අය දන්නවා.
වගේ තමයිඒකනේ එයා එතනට වෙලා ඉන්නේ.
ගල් තලාවට පැමිණි යාත්රාවෙන් බැස ගත් කුඩා මිනිසුන් දෙදෙනා අසළට කෝලිත වහා වහා ළංවූයේ ගෙවී යන කාලය හා කරන තරගයක් ලෙස . මේ අතර කෝලිත අත වූ බෝතල් රැසක් ඔවුන් අතට දුන් අතර ගල් තලාව මත වූ තවත් බොහෝ දෑ කඩිමුඩියේ යානාවට පටවන්නට විය. පෝච්චිවල සෑදූ පැළ, පෙර දා තරංග ඇතුලු තිදෙනා දුටු සතුන් අතර විය. සියල්ල අවසන යානාව යලිත් අහසට නැගෙන්නට විය. මේ සියල්ල සිදුවන්නට ගතවූයේ තත්පර ගානකි. සිදුවූ සියල්ල මුල සිට අග දක්වා බලා සිටි තරංගටත්, තුශාරටත් තම ඇස් අදහා ගත නොහැකි විය.
තරංග, අන්න ඒක යනවා.
උඹ දැක්කද මිනිස්සු හරි අමුතුයි.
කෝලිත අය්යා අර හදන පැළයි, සත්තුයි අයට දුන්නා.
තුශාර පියාබන පීරිසියක්.
ඔව් බං. ඔය ටීවි එකේ, පත්තරවල දැකල තියන විදිහට ඒකක් තමයි. කියන්නේ කෝලිත අය්යා අයට උදවු කරනවාද.
නෑ.
නෑ. මොකද නැත්තෙ. උඹත් දැන් දැක්කනේ එයා අර හැමදේම අයට දෙනවා. අනික අර ටෝච් එක අයට තැන පෙන්වන සංඥාවක්.
මං කියන්නේ එයත් පිටසක්වල ජීවියෙක්.
ඒක වෙන්න පුලුවන්ද. එයත් අපි වගේමනේ.
එයා එයාගෙ නියම ස්වරුපෙ වෙනස් කරගෙන ඉන්නවා ඇත්තේ. කොහොමත් එයාගෙ පෙනුමත් ටිකක් අර මිනිස්සුන්ට සමානයි. හොඳට කල්පනා කරල බලපන්.
උඹ කියන එක ඇත්ත වෙන්න පුලුවන්. කෝ දැන් මිනිහා. කොහාටද ගියේ.
ඔය කැලේ ඇතුලට ගියා. දැන් මනුස්සයාට අපිට වඩා කැලේ හුරු ඇති මේ වැඩවලට ඇවිත්ම.
අපි දැන් මොකද කරන්නෙ තරංග.
අපි දැන් යමු ගමට.

*****

20 comments:

  1. හෑ........පිටසක්වලයො...

    ReplyDelete
  2. මදැයි මං එක වෙන්න ආාවා හිටිං එහෙනං කියවලාම එන්ට

    ReplyDelete
    Replies
    1. එක නොවුනට කමක්නෑ සබරෙ... කියවලාම එන්නකෝ එහෙනම්...

      Delete
  3. Replies
    1. මම කිව්වා නේද ඔය කෝලියා මෙහෙන් ස්පෙසිමන් එකතුකරගෙන යනවය කියල. ඒ උනාට කෝලියා චිත්‍ර අඳින්නේ මැජික් බලෙන් කියලමනේ මට හිතෙන්නේ.

      අනිත් එක... ඔය ඉංගිරිස් පිලුම් වල වගේ පිටසක්වලයෝ කතාකරන්න ඕනේ ඉංගිරිස් වලින්. නැතිනම් උන්ගේ තත්වෙට හොඳ නැහැ.

      එක්කෝ මුන් දෙන්නා නිදිමරගාතේ දකින්න ඇත්තේ ඩේසි ආච්චිගේ මැණික් මල්ලත් අරගෙන කැලේ මැද්දෙන් යන මනුස්සයෙක් අර අහිංසක කමට ගහක කොලයක් දෙකක් කඩලා , සතෙන් දෙන්නෙක් එලාගෙන , සිල් රෙද්දක් දෙකක් බෙදාගෙන එහෙම හිටපු කෙනෙක් වෙන්න ඇති. අම්මෝ.. බලන්ට නේද ඈ ... මෙයාලා හදන කතා?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඒකනේ ඒකනේ... ඔයා කලින් ඉදලම අනුමාන කළානෙ...
      කවුද දන්නෙ කෝලියා අර ජෝන් ඩොයිලි වගේද කියලා... ජෝන් ඩොයිලිත් ලංකාවට ඇවිත් ඔක්කෝටම කලින් සිංහල ඉගෙණ ගත්තලුනේ... ඒ වගේද දන්නෑ... අනික ලිඛිතො සතුටු නැද්ද කෝලියා සිංහලෙන් කතා කරන එක....

      ආයෙත් අහලා අර කියුව වගේ කට්ටියක්ද, එහෙමත් නැත්තන් කැලෑපාලුවෝ ටිකක් දැකලද දන්නෑ නිදිමරගාතෙ...

      Delete
    4. මේ මොනවා කියනවා නිර්මාණි.. මට නම් හෙන ලැජ්ජයි පිටසක්වල උන් අපේ බාසාවෙන් කතාකරනවට. උන්ට අපේ යුධ රහස් යයි කියල.... වෙන මොකක් හින්දවත් නෙවෙයි අනේ....!

      ඔහොම ගිහින් අර කෙල්ල කෙසේ වෙතත් වෙදමාමා වත් කුදලන් යන්න තනයිද දන්නෙත් නැහැ..! ඔන්න ඉතින් මට මෙතන හම්බානක කම්ප්ලිකෙටඩ් ඩිටෙක්ටිව් කතාවක් මැවෙනවා..... වැඩේ කියන්නේ මම ලියන්න දන්නේ නැහැනේ ඒවා!!!

      Delete
    5. යුධ රහස් දැනගයි කියලද ඔයාට බය:D
      අන්න ඉතින් බොරු කියනවා... ලියන්න බැරිලු කතාවක්... අර කඩදාසි කොලේ ලියන්නෙ එතකොට පිටසක්වලයෙක් වෙන්නැති එහෙනම්....

      Delete
  4. කෝලිය වහාම ජාන මංකොල්ලය යටතේ අත්අඩංගුවට ගත යුතුයි.
    ඒත් ඉතිං පිටසක්වලෙයක් ඇරෙස් කරන්න පුලුවංයැ. හැක්..

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු එහෙම බැරි වේවි... එයා වෙනුවෙන් පෙනී ඉන්න නීතිඤතුමා කියාවි මෙහෙම, “මගේ සේවාදායකයා ලංකාවේ පුරවැසියෙකුත් නෙවෙයිය. ඒ නිසා එතුමාගේ ගෞරවය රැකෙන පරිදි කතාකරන්නය.: කියන්නත් පුලුවනී....

      Delete
  5. පිට සක්වල අය බ්ලොග් ලියනවද? ඉවාන් ලව්පූස් හැර අනිත් පිටසක්වලයො මං අහන්නෙ

    ReplyDelete
    Replies
    1. ලව් පූස් අනිත් අයවත් දැන් පුරුදු කරලද දන්නෑෙන්ද.....

      Delete
  6. කෝලිතගේ මොකක් හරි හොරයක් ඇති කියලා මුල ඉදන්ම දැනුනට මෙච්චර ඉක්මනින් අහු වෙයි කියලා හිතුවෙ නෑ ...ඊ ලග කොටස තවත් රසවත් ඇති...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... එලිවෙනජාමෙට හොඳ හොඳ සෙල්ලම්නේ... බලමු බලමු කිබුලි....

      Delete
  7. මම එකනේ කිව්වේ මේකා මේ පිටසක්වලයෙක් වෙන්න ඇති කියලා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ... මනෝජ්ට ඉව තියනවාද කොහෙද:D

      Delete
  8. මාර පොරවල් ඔයි බ්ලොග් ලියන්නේ කොහොමද සම්මානවලට නැමෙන නැමිල්ල



    Ajith DharmaSeptember 13, 2017 at 4:33 AM
    "අම්මටම පෑගිලා වං කකුල රොටියක් වගේ වෙච්චි මාවත් ඇදගෙන අපෙ අම්මත් තොරණ ගාවට යනව"- අම්මා මේ බ්ලොග් එක කියෙව්වා දවසට ආච්චි අම්ම එක්ක එකතු වෙලා දෙහි කපයි සුරංග මලයට.
    තොරන් දෙයියෙක් වගේ අර තොරන් වල ලයිට් පත්තු වෙන හැටි ඔහොම මතක තියා ගත්තේ කොහොමද?
    එසේම ලැබූ සම්මාන ප්‍රශංසා අඩියට සුභ පැතුම් සුරංග.
    (තව පොඩි ප්‍රශ්නයක් මේ කොමෙන්ට් වලට දාපු උත්තර දිහා බලන කොට හිතුන සුරංග ළමය යෙහෝවා විට්නස් එකට වත් බැඳුණද කියල. )
    Reply

    surangamlrSeptember 13, 2017 at 5:51 PM
    ඉතාමත් ශෝබමාන සහ සවිස්තරාත්මක අදහස් දැක්වීමකින් බ්ලොග් ලිපිය සුවඳවත් කළ ඔබට මාගේ ආචාරය. ඔබට පැහැබර සහ සුවදායී දිනයක් උදාවේවා!

    ReplyDelete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.