Friday, September 22, 2017

අහසින් එහා (8)

කඳුලු පුරවා ගත් දෑසින් යුතුව සමන්මලී බලා සිටියේ තම පියා ලෙඩුන්ට වෙද හෙදකම් කිරීමට භාවිත කරන කුටිය දෙස . මීට පෙර වෙද කුටියක් වූ එය අද සිර කුටියක් වී ඇත. කෝලිතට . සමන්මලීට සිදුවූ කිසිවක් සිතා ගත නොහැකි තත්වයක පසුවුණි. උදෑසනින් තරංගත්, තුශාරත් වෙද ගෙදර පැමිණියේ ග්රාමසේවක හා තවත් ගැමියන් කිහිපදෙනෙකු සමග . මොහොතේ හේතුහාමි නිවසේ සිටියේ නැත. හදිසි ලෙඩෙකු බැලීම සඳහා ඔහු හිමිදිරියේම නිවසෙන් පිටත්ව තිබුණි. පැමිණි පිරිස කියා සිටියේ රාත්රියේ මෙතුවක් කල් පෙනුනේ දේවතා එලියක් නොවන බවත්, පියාබන පීරිසියක් බවත් . සමන්මලීට විස්වාස කල නො හැකි කතාවවූයේ කෝලිත පිටසක්වල ජීවියෙකු යැයි කී කතාව . සමන්මලීට වගේම මොහොතේ නිවසේ උන් මුතුලතා ට මේ කිසිවක් එක වර වටහා ගැනීමටවත්, අදහා ගැනීමට පුලුවන්කමක්වත් තිබුනේ නැත. පැමිණි සියල්ලෝ එක හඬින් කියා සිටියේ කෝලිතව සිර කළ යුතු බවත්, ඉන් පසුව පොලීසිය හා අනෙකුත් අවශ් තැන්වලට දැනුම්දිය යුතු බවත් .
අපි වෙද මහත්තයා එනකල් ඉමු නේද ඔය කෝක කරන්ටත්.
හාමිනේ, ග්රාමසේවක හැටියට මට පුලුවනි ඔය මනුස්සයා අල්ලන්ට. හාමිනේ බය වෙන්ට එපා.
කියමින් මුතුලතාගේ බහට අවනත නොවූ පිරිස කෝලිතගේ නිවසට කඩා වැදුණි. කෝලිතට හිරිහැර කරාවි යැයි භිය ගත් සමන්මලී පසුපස යන්නට විය. මෙතෙක් කල් මිතුරන් ලෙස උන් තරංග, තුශාර හා බංටී කෝලිත නිවස තුළින් ඇදගෙන ආවේ අපරාධකරුවෙක් ලෙසට . සමන්මලීට ඔවුන්ගේ වෙනස අදහා ගත නොහැකි විය.
ඇත්ත කියාපන් උඹ කවුද.
මම කෝලිත ඇයි ඔයාලා දන්නෙ නෑ වගේ අහන්නේ.
ගැමියන්ගේ පැණයට කෝලිත උත්තර දුන්නේ ඉතා සන්සුන් ලෙස .
තවත් අපිව රවට්ටන්න හිතන්න එපා අය්යෙ. අපි ඊයෙ රෑ ගල් තලාව ළඟදී හැමදේම දැක්කා.
තරංග එසේ කියනවිට කෝලිතගේ මුහුනේ විශ්මය පලවන්නට විය.
ඊයේ රෑ. ගල්තලාව ළඟදී? මොනවද මේ ඔයාලා කියන්නේ.
කෝලිත එසේ කියන විට සියල්ලෝ මුහුණින් මුහුණ බලන්නට විය.
ඒකනේ තරංග කෝලිත අය්ය දන්නෙත් නෑ. ඔයාලාට ලොකු වැරදීමක් වෙලා වගේ.
එම අවස්ථාවෙන් ප්රයෝජනයක් ගන්නට සිතමින් සමන්මලී එසේ කීවා .
නෑ නෑ සමන්මලී නංගි. අපි සේරම දැක්කා. පෙරේදා හවස මෙයා කා එක්ක හරි තව කෙනෙක් විනාස කරන්න කතා වෙලාත් තියනවා. මේ බංටිට ඇහිල තියනවා.
සමන්මලීට තවත් කිව හැකි දෙයක් නොවීය.
කෝලිතගේ නිවස අවුස්සා බැලීමට ගමේ තරුණයන් සූදානම්වුවත් ග්රාමසේවක මහතා එය වැලකීය.
ඔය කිසි දෙයක් විනාස කරන්ට එපා. මේ හැමදේම පොලිසියටයි, අනිත් අදාල තැන්වලටයි අපිට පෙන්නන්ට වේවි. නිසා මං මේ ගෙදර යතුල්ලලා යතුර වෙදහාමිනේට බාර දෙනවා.. හාමිනේ මොනම හේතුවකටවත් මේ දොර අරින්ට එපා.:
කියූ ග්රාමසේවක මහතා වෙදහාමිනේට ආඥාවක් නිකුත් කරන්නට විය. කෝලිත අල්ලා අත පය බැඳ වෙද ගෙදරට ගෙන පිරිස එහි ලෙඩුන් සඳහා වූ කුටියක කෝලිත සිර කරන්නට විය. ග්රාමසේවක මහතාගේ අනුදැනුම මත සියල්ල කළ කී නිසා වෙදහාමිනේටවත්, සමන්මලීටවත් කළ හැක්කක් නැත. තරංග, තුශාර හා බංටී කියනා කිසිවක් සමන්මලීට පැහැදිලි නැත. ඇයට අවශ් වූයේ මේ සියල්ල කෝලිතගෙන්ම අසා දැන ගැනීමට . නිවසට පැමිණි හේතුහාමි වෙද මහතාට මේ සියල්ල මගදීම ආරන්චි වී තිබුණි. ඔහුට මේ කිසිවක් සිතා ගත නොහැකි විය. උදෑසන මේ පුවත ගම තුළත්, අසල්වාසී ගම් දනවුවලත් ප්රචලිත වන්නට විය. විවිධ පුද්ගලයන් අවුත් විවිධ දෑ අසන්නටත්, කෝලිත බැලීමට අවශ් බවත් වෙදමහතා ඇතුලු නිවැසියන්ට කන්නලවු කරන්නට විය. නමුත් පැමිණි කිසිවෙකුටත් කෝලිත බැලීමට හේතුහාමී ඉඩ නොදුණි.
*****
එක් නිමේශයක් තුළ වෙද ගෙදරත්, ගම තුළත් මහා පෙරලියක් වූවා වැනි . වෙද ගෙදර ඇත්තන් කෝලිත දවසේ සිට මේ වන තෙක් සියලු දේ මෙනෙහි කරන්නට විය. කතා කරන්නට විය. නමුත් ඔවුනට මේ කිසිවක් පැහැදිලි නැත. වෙදකමටත්, ඖශධ පිළි බඳවත් මේ ටික කාලය තුළ හොඳින් ඉගෙණ ගත් කෝලිත පිළිබඳව හේතුහාමීට ඇත්තේ වේදනාවකි. වගේම ගැමියන් කියනා ලෙස ඔහු වංචාකාරයෙක්, කපටියෙක් නම් යැයි සිතන විට ඔහුගේ සිරුර වෙවුලන්නට විය.
ඉර  වළා අතර සැඟව යන්නට ආසන්න වෙමින් තිබුණි. මේ වන තුරුත් පොලීසියෙන් හෝ වෙනත් අවශ් බලදාරියෙකු පැමිණියේ නැත. වරින් වර ගැමියන් අවුත් තොරතුරු විමසා පිට සක්වල පිළිබඳව විවිධ මත පල කරමින් පිටව යයි. අතරේ නොදන්නා මිනිසුන් ගෙට දාගැනීම ගැන වෙද ගෙදර වැසියන්ට දොස් කියන්නට විය.
සමන්මලීගේ සිතේ ඇත්තේ දරා ගත නොහැකි දුකකි. පෙර දා රාත්රියේ ආහාර ගත් කෝලිත මේ වන තුරුම සිටින්නේ කුසගින්නේ විය හැකි බව සිතන්නට විය. ඇතමුන්ගෙන් පහර කෑ ඔහු ශාරීරිකව විදවනු ඇතැයි සිතීය. ඔහු පිළිබඳව සිතත් සිතත්ම ඇයගේ දෑස කඳුලින් පිරෙන්නට විය.
*****
ආහාර බන්දේසියක් සූදානම් කර ගත් සමන්මලී කාටත් හොරෙන් කෝලිත සිර කර සිටින සිර කුටියට යන්නට කල්පනා කළා . පෙරදා රාත්රියේ ආහාර ගත් ඔහු මේ වන තුරු සිටින්නේ කුසගින්නේ බව සමන්මලී හොඳින්ම දනී. එනිසාම තත්වය තම පියාට පැහැදිලි කළ සමන්මලී හාත්පස අඳුර පැතිරෙන විට කෝලිත සිර කර ඇති කුටියේ ජනේලය අසළට ගියේ එඩිතර සිතකින් යුතුවය. එහි ජනේලයක් විවර කර ගත් සමන්මලී කෝලිතට කතා කරන්නට විය.
කෝලිත අය්යේ. කෝලිත අය්යේ. නැගිටලා මේ වෙනිවැල් ගැට කෝප්පේ බීලා ඉන්න.
ජනේලය ළඟට ගිය දුටුවේ බිම වැතිර ඉන්නා කෝලිත . ඇයගේ හදවත රිදුම් දෙන්නට විය..
සමන්මලී නංගි. ඔයා මාව බලන්න ආවද... ඔයාට ප්රශ්නයක් නැද්ද මාව බලන්න ආවයි කියලා.
ප්රශ්නයක් නෑ අය්යේ. ප්රශ්නයක් උනත් මං බය නෑ. දැන් ඔය වෙනිවැල්ගැට කෝප්පේ බීලා මේ බත් ටික කන්න. ඊයේ රෑ කෑවට පස්සේනේ.
කියමින් තම අත වූ ආහාර බදුන් ඔහු වෙත පෑවා .
මාව හොයාගෙන පොලිසියෙන්හරි, වෙනත් කවුරුහරි ආවද නංගි.
තාම නෑ අය්යේ.
ඔයා ඔය මිනිස්සු කියන ඒවා විස්වාස කරනවාද නංගි.
නෑ අය්යේ. මට ඕව තේරුමකුත් නෑ.
හේතුහාමි මාමා මොකෝ කියන්නේ.
අප්පච්චී බොහොම දුකෙන් ඉන්නේ. මං හිතන්නේ අප්පච්චී ලොකු වේදනාවකින් ඉන්නේ.”
ම්ම් මං බොරු කළා කියලා මාමට දුඛ ඇති.
මං යන්නම් අය්යේ. ඕනෑකමක් උනොත් මට කතාකරන්න.
කියමින් සමන්මලී නිවස දෙසට හැරුනේ කඳුලු පුරවා ගත් දෑසින් යුතුවය.
සමන්මලි
නිවස දෙසට යන සමන්මලීට කෝලිත කතා කලේ වෙනදාට වඩා වෙනස් ආකාරයකට බව ඇයට වැටහුණි.
ඇයි අය්යේ.
කියමින් යලිත් වරක් සමන්මලී ජනේලය ළඟට පැමිණියා .
මං ඔයාට කතාවක් කියන්නම්. මං මේක කියන්නේ ඔයා ගැන ගොඩක් විස්වාස කරලා. මේ කතාව මං නොකියුවොත් ඔයා හැමදාම විදවාවි.. හැබැයි මගෙ විස්වාසෙ රකින්න සමන්මලී.

කියමින් ඔහු සමන්මලීගේ දෑස දෙස බලා හිදින්නට විය.

17 comments:

  1. කලින් කොටසේ අවසන් වෙච්ච තැනයි අද ආරම්භයෙයි එක පාර කියවද්දි කොටසක් මග ඇරැන ගතියක් දැනුනා....ඔක්කමත් හරි කියමු..ඒත් දැන් කෝලිත සමන්මලීට කියන කතාව අහන්න ඊ ලග කොටස වෙනකම් ඉන්න එපෑයෑ...:) කතාව හොදම හරිය දැන් නේ

    ReplyDelete
    Replies
    1. ඔයාට එහෙම දැනුනද කිබුලී.... එතන අපැහැදිලිතාවක් තියනවාද.... ලිඛිතා කියල තියනවා වගේ එකලින් කොටසක සම්බන්ධයකුත් තියනවා....
      තව ටිකයි ඉවසන්නකෝ...

      Delete
  2. කලින් කොටසක තිබ්බ
    [ “ඒක නෙවෙයි, එයා වැඩේ අවුල් කරගෙන.”
    “ඇයි මොකක්ද වෙලා තියෙන්නේ.”
    අනික් පසින් එසේ කියත්ම කෝලීගේ මුහුණ වෙනස් වී ඊට කැලබුණු පෙනුමක් එක් විය.
    “එයා අහුවෙලා.”
    “මොනවා. දැන් මොකද වෙන්නේ.”
    “හිතා ගන්න බෑ.”
    “හිතාගන්න බෑ? එහෙම කියල හරිද.”
    “මං හිතන්නෑ හැමදේම කියාවි කියලා.”
    “ ගැලවීමක් ඇත්තෙම නැද්ද.”
    “නෑ වගේ.”
    “හරි එහෙනම් අපි බලමු එයා අවසන් විසදුම ගනීද කියලා. එහෙම උනේ නැත්නම් අපි අවසානය ක්‍රියාත්මක කරමු.”
    ]


    සමන්මලිව දැන් තියෙන්නේ කතාවක් ගොතලා බාගන්න එක. මොකද කලිනුත් එක්කෙනෙක් අහු උනා කියලා කෝලිත දන්නවනේ. අහුව්ච්ච වෙලාවක කරන්න දේවල් ඒ හින්දා කලින්ම්ම ප්ලෑන් කරලා තියෙන්නේ. දන් ඉතින් අවසන් විසඳුමට යන්නයි තියෙන්නේ... නැද්ද?

    ReplyDelete
    Replies
    1. @ලිඛිතා
      ඔයා කියුවත් වගේ එයා සූදානම් වෙලා ඉන්නත් පුලුවන් නේද... කෝලියා හීනෙන්වත් හිතුවෙ නැද්ද දන්නෑ මෙහෙම දෙයක් වෙයි කියලා...
      බලමුකෝ තව ටිකයිනේ....
      ඒකනෙමෙයි ලිඛිතෝ... ඔයත් නුවරද....

      Delete
    2. මොන පිස්සුද මෙයා.... කෝලියා ගේම් කාරයා... දුර්වල තැන සමන්මලී කියල දන්නා හන්දා දැන් තියෙන්නේ එයාගෙන් උදව් ගන්න තැනට ගානට සෙට් වෙන එක. නැද්ද? කෙල්ලෝ ඉතින් අර මනමේ කුමාරි වගේ වැද්දාට උනත් මෙව්වා වෙලා 'පව්' කියලා මෙව්වා වෙනවනේ...

      මොකද නැත්තේ? කෝලියා කලින් දන්නවනේ අහු උනොත් කොහොමද කියලත්. කලිම්ම ප්ලෑන් කරගෙන ඉන්නේ.. ඒක ක්‍රියාත්මක කරන්න ඉතින් සමන්මලී යූස් කරනවා. මොකද පිටසක්වලයෙක් කොහොමද ඉතින් සමන්මලිගේ හඳුන්පොත කීන් ගානවා තේරෙන්නේ??

      මම ගෙස් කරනවා ඉතිරි ටික! බලමුකෝ.. එහෙම්මම වෙයි...

      හෑ.. තව කවුද නුවර?

      Delete
    3. අනුමාන, උපකල්පන ගොඩයි නේද ලිඛිතෝ.... බලමු බලමු තව ටිකනේ....
      මේ මං නුවර... එතකොට අර අපේ පදුරු තැලීමේ විශාරද රවී අය්යා.... දන්න හැටියට නම් ඔච්චරයි... තව ඇති...

      Delete
    4. අනේ මෙහ් ! ඒ උන්දා කොහෙද නුවර වෙන්නේ? හුහ්

      Delete
  3. //ඉර වළා අතර සැඟව යන්නට ආසන්න වෙමින් තිබුණි. මේ වන තුරුත් පොලීසියෙන් හෝ වෙනත් අවශ්‍ය බලදාරියෙකු පැමිණියේ නැත// අයියෝ ග්‍රාමය දන්නැතුව ඇති පොලීසියට කෝල් දෙන විදිය. අර බෙලිඅත්තෙ කට්ටියගෙන් ඉගෙනගත්තනං හරි. හැක්..

    කෝලියා සමන්මලීවත් උස්සයිද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. බලමුනේද බෙලි අත්තෙ අය මොකද කියන්නේ කියලා:D
      සමන්මලිය උස්සන් යයිද දන්නෙත් නෑ... අර කලිනුත් එක එක ඒවා ඇරන් ගියානේ... ඕක මොකක්ද නේද එහෙම බැලුවම....

      Delete
  4. ඔය නවත්තලා තියෙන්නේ නියම තැනිං. දැං ඉතිං ඉඳපල්ලකෝ ඊළඟ කොටස දානකල්! :P

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි එහෙම තමයි... අර කුතුහලේ ද මොකක්ද එක ටිකක් විතර අවුස්සන්න පායැ:D

      Delete
  5. කෝලි පිටසක්වලයෙක් වෙන්න බැහැ.එහෙම පිටස්ක්වලයෙක් නම් මේ විදියට හිර වෙන්න විදියක් නැහැ.
    බලමුකෝ කොලිගේ පාපොච්චාරණය.

    ReplyDelete
    Replies
    1. බලමුකෝ මේකා මොකාද කියලා...
      තව චුට්ටක් බලමුකෝ මනෝජ්...

      Delete
  6. කොටස් 4ක් විතර මිස් වුනා. අද ඔක්කොම එක සැරේ කියෙව්වා. මරු. තව සිද්දි තියෙයි කියල හිතෙනවා. කතාවේ සංකල්පය හොඳ නිසා හොඳට ලියන්න පුළුවන් වෙයි..

    ReplyDelete
    Replies
    1. තව එක කොටසයි පැතුම්... ඒකත් බලන්නකෝ...

      Delete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.