Monday, November 6, 2017

ලක්ෂ ගනනකින් හැත්තෑවක් වෙනුවෙන්



ලංකාවේ දැනට ආබාධිත ජනගහනය ලක්ෂ දාහතක් පමණ වේ. ඒ අතරට සියලු ආබාධ සහිත
 පුද්ගලයන් අයත් වේ. ඒ ඒ ආබාධිත තත්ත්වයන් සඳහා විවිධ හේතු බලපාන බව ඔබ මා
 දන්නා කාරණයකි.
 කුමන ආකාරයක ආබාධිත තත්ත්වයක පසුවුව ද ආබාධිත ප්‍රජාව නිරන්තරයෙන් උත්සහ
 ගන්නේ සමාජයට, රටට බරක් නොවී ආත්ම ගෞරවයෙන් යුතුව ජීවත් වීමට ය. ඒ සඳහා
 ඔව්නට පවුලේ සාමාජිකයන්, නෑදෑ හිතමිතුරන්, ගුරුවරුන් මෙන්ම සමාජයේ
 බොහෝදෙනා ද සහය වේ. ඒ සහය ලබා දෙන්නේ අනුකම්පාවට වඩා එහා ගිය
 පරමාර්ථයකිණි.  ඒ  නම් අනාගතයේ දී ස්වාදීනව ජීවත්වීමට අවශ්‍ය වටපිටාව
 සකසා දීම සඳහා ය.
 අද වන විට ආබාධිත පුද්ගලයන් අධ්‍යාපනය  ලැබීමේ ප්‍රතිශතය අතීතයට වඩා ඉහළ
 ය. ඊට හේතුව වී ඇත්තේ ඔවුන් වෙනුවෙන් පවතින පහසුකම් මෙන්ම අනාගතය ස්වාදීන
 වීමේ දී අධ්‍යාපනය යන සාධකය ඉතාම වැදගත් වන බැවිනි. ඒ නිසාම වසරින් වසර
 විශ්වවිද්‍යාලවලින් පිට වන ආබාධිත පුද්ගලයන් ප්‍රමාණය ඉහළ ගොස් ඇත. ඔව්න්
 සාමාන්‍ය පුද්ගලයන් සමගම ඒ අධ්‍යාපනය ලබමින් සටන් කරන්නේ අබිමානවත්
 ජීවිතයක් ගත කිරීම සඳහා ය. කැපවීමෙන්, උනන්දුවෙන් සහ උත්සහයෙන් තම ආබාධිත
 තත්ත්වය මද්‍යයේ උවද අධ්‍යාපනය ලබන මේ පිරිස අද වන විට මුහුණපාන
 බැරෑරුම් ගැටලුවක් වී ඇත්තේ රැකියා ලබා ගැනීම ය.
 රජය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛනයකට අනුව ද ආබාධිත  පුද්ගලයන් සඳහා
 රැකියා ලබාදීමේදී 3% ක අවස්ථාවක් හිමි විය යුතු ය. නමුත් එය ඒ ලෙස
 ක්‍රියාත්මක වන්නේ නැත. බොහෝ නිලදාරීන්ගේ ආකල්ප මත ක්‍රියාත්මක වන රැකියා
 ලබා දීම තුළ අද වන විට රැකියා විරහිත ආබාධ සහිත උපාධිදාරීන් ප්‍රමානය
 70කට ආසන්න ය. මෙය 2018 වසර වන විට සියයක් විය හැකි ය. ආබාධ රහිත
 පුද්ගලයෙකුට නම් ත්‍රීරෝධ රථයක් ධාවනය කිරීම, ඇඟලුම් කම්හලක සේවය කිරීම
 වැනි කටයුත්තක්වුව ද කළ හැකි ය. නමුත් ආබාධිත පුද්ගලයන්ට ඇතැම් දෑ කළ නො
 හැකි ය. කළ හැකි දෑ සඳහා අවස්ථා නොලැබෙන්නෙ ආබාධිත බව මූලික කර ගෙන ය.
 මේ අනුව සියලු ආබාධිත ප්‍රජාව මුහුණපාන රැකියා ගැටලුව සහ රජයේ රැකියා
 ලබාදීමේ දී 3% අවස්ථාව තහවුරු කර ගැනීම පිළිබඳව  මාධ්‍ය හමුවක් පවත්වා
 රජය සහ මාධ්‍ය දැනුවත් කිරීමට නියමිත ය. 2017-11-11 වන දා පෙ.ව. 10-45
 ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත උපාධිදාරීන්ගේ මන්ඩලය, ඉඩම, මොරටුව යන ස්ථානයේ දී
 එම මාධ්‍ය හමුව පැවැත්වීමට අපේක්ෂිත ය.
 ඔබ මාධ්‍යවේදියෙක් නම් හෝ මාධ්‍ය අනුග්‍රහයක් ලබාදිය හැකි නම් මේ සඳහා
 සහය වන්න. රජයට හා විශේෂයෙන් රාජ්‍ය පරිපාලන, සමාජ සේවා අමාත්‍ය අංශවලට අමතක වී ඇති ආබාධිත
 ප්‍රජාවගේ මෙම ගැටලුව පිළිබඳව මාද්‍ය හමුව ඔස්සේ සමාජය වෙත ගෙන යාම අපගේ

 අරමුණ වේ. ඒ සඳහා ඉහත කී ආකාරයේ සහයෝගයක් ලබා දිය හැකි නම් සම්බන්ධ වන්න.

16 comments:

  1. ජය වේවා.. දැනෙන විදියේ යමක් කරන්න..

    ReplyDelete
    Replies
    1. ස්තුතී දේශකතුමා... අදහසට...

      Delete
  2. ඔයාලගෙ එකමුතුව ශක්තිමත් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. තනි තනිව අරගල කරනවාට වඩා සාමූහිකව යම් බලපෑමක් කරන්න පුළුවන් වේවි... තාමත් ඔයාල වෙනුවෙන් යමක් කරගන්න නොලැබීම ගැන නම් හරිම දුකයි... ඒත් මේ ධෛර්යය, එකමුතුකම අපි හැමෝටම ලොකු ශක්තියක්...

    ReplyDelete
    Replies
    1. මොකෝ අක්කෙ කරේ නැත්තෙ... කරපු උදවු ටික හොටම ඇති... මේ වගේ සංවිධානයක් පිහිටව ගන්නත් මූලික උනේ ඔයයි, බෝධි අක්කගෙයි උදවුවෙන්....
      අපෙත් බලාපොරොත්තුව බලපෑම තීව්ර කරන්න තමයි... අපි බලමු නේද අක්කෙ...

      Delete
  3. Replies
    1. එසේම වේවා අප්පා.....

      Delete
    2. සියළු මාධ්‍යන්ට වඩා දැන් ෆේස් බුක් මාධ්‍යය, ප්‍රබලයි. ඒ මඟිනුත් කිසියම් දෙයක් කරන්න.

      Delete
    3. අපේ අය වෙනුවෙන් මුහුණු පොතේ ග්‍රූප් එකක් හැදුවා. ඒකෙ නම තමයි (දිරියෙන් ලොව දිනූ දිවි විරුවෝ) මේක හදන්න බොධි අක්කයි තරු අක්කයි ගොඩක් උදව් කළා.. ඒක නිසා තමයි අපේ අය ගොඩක් මේකට එකතු උනේ...
      ඔයාගෙ අදහස හරි... ඒකට ගොඩක් ස්තුතී සෑම්...

      Delete
  4. නංගි.. පුලුවන්නම් විස්තර ඇතුව ලිපියක් දාන්න දැනට ඉන්න රැකියා විරහිත උපාධිදාරින්ගේ රැකියා අපේක්ෂිත ක්ෂේත්‍රයන් මොනවද කියල.. ඒ වගේම ඔවුන්ගේ විශේෂ හැකියාවන් මොනවද වගේ කියල.. අපි පොඩි කැම්පේන් එකක් කරමු ප්‍රයිවෙට් සෙක්ටර් එකේ මේ අයට ප්‍රයෝරිටි දීල කරන්න පුළුවන් වැඩක් ප්‍රමෝට් කරන්න.. හැත්තෑවක් කියන්නේ CSR ප්‍රොජෙක්ට් එකක් විදියට ගත්තත් තනි කම්පැනියකින් දෙකකින් එම්ප්ලෝයි කරගන්න පුළුවන් ගානක් නේ.. ඊට පස්සේ මාකට් එක නිකම්ම හැදෙයි..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතී අය්යෙ... අපිට ඕනේ ඒ වගේ වැඩපිළිවෙලක් තමයි... මං ඉදිරි සතිය ඇතුලත සියලු විස්තර සහිතව ලිපියක් දාන්නම්... ඔයාගෙ අදහසට අනුව...
      c s r project එකකට අනුව වැඩපිළිවෙලක් හදාගන්න පුලුවන් නම් ගොඩක් අයට මේ ප්‍රශ්නයෙන් මිදෙන්න පුලුවන්... මොකද 2018 වසර වෙනකොට මේ ප්‍රමාණය 100 වෙනකල් ඉහළ යනවා...

      Delete
  5. Oba semage uthsaahayata jaya wewai pathanawaa...

    ReplyDelete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.