Wednesday, January 31, 2018

උපාසිකාවෝ




පනහ පැන්න ගමන් ගැහැණු
යනවා සිල් ගන්න කියා
ඒ ගැහැණුන්ගේ පිරිමින්
අවිවාහක දරුවන් සැම
සීලෙ රකී ගෙදර ඉදන්
දානෙ ලැබෙයි නෑයන්ගෙන්
නැතහොත් අල්ලපු ගෙදරින්
සිල් රකිනා
 උපාසක මව
දානේ පත අතට අරන්
අරය කෑවද දන්නෑ
පුතා කුසගින්නෙද මන්දා
සිතමින් දානය බුදිනා
ඒ අතරේ
ලතාගෙ කොමලේ බලහන්
ලයිසාගේ තාලේ හැටි
ඉදන් ඉන්න හැටි දැක්කද
මාලාගේ කෙල්ල අතන
කොල්ලෙක් සමගින් බජනේ
සිල් මුදවා ගිහින් ගෙදර
දවල්ට කෑවේ කොහොමද
උයා ගත්තෙ නැත්තෙ මොකද
උංගෙන් කෑවේ මොකටද
දන්නෙ නැද්ද උංගේ හැටි
අද දානේ කොහෙන් ලැබුනෙ
සැමියා මග වෙනස් කරයි
කතා කරල වැඩක්ම නෑ
කටේ තියන්නට බෑ ලුණු
බතත් ඇට්ටකුනා වෙලා
කිසිම රසක් නෑ දානේ
මාලාගේ කෙලි පොඩිත්ත
පංසලේදි මගුල් විසේ
ලතාගෙ තියෙනා කොමලේ
ලමිස්සියක් වාගෙ දඟේ
ඔහේ මොකෝ කලේ ඉතින්
උදේ ඉදන් ගෙදර ඉදන්
කියුවට කෝ
අහනවාද
සිල් ගන්නෑ
පංසලකට යන්නෙම නැ
බුලත් හැපුව
නිදා ගත්ත
රේඩු ඒකෙ බණත් ඇහුවා
සිල් ගත්තට වඩා හොඳයි
ගෙදර හිටපු එක කදිමයි

24 comments:

  1. මෙහෙම සිල් ගන්න අය වැඩියි තමයි. හැබැයි ඇත්තටම සිල් රකින අයෙක් දැක්කොත් ටිකක් හිත රිදෙනවා .
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. අවබෝධයෙන් සිල් ගන්න අයත් ඉන්නවා. ඒත් බහුතරයක් ඉන්නේ මේ වගේ අය නේද.. ලෝබ, දෝෂ මෝහ නැති කරනවා නෙවෙයි වැඩි කර ගන්නවා.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  2. ප්‍රඥාවෙන් පටන් නොගෙන සීලයෙන් පටන් ගත්තම ඔහොම වෙනවලු

    ReplyDelete
  3. සීලය කන්නද අනේ.. හැක්

    ReplyDelete
    Replies
    1. සීලය අතට ගන්න අනේ.. හැක්

      Delete
  4. සිල් සමාදන් වීමේ ඉතිහාසය, සිල් සමාදන්වීම බුද්ධාගමට සම්බන්ධ වූ ආකාරය දන්නා කෙනෙක් වෙතොත් කියා දෙන්න.

    ReplyDelete
    Replies
    1. මම නම් දන්නෑ අනේ.. හැබැයි ඇත්තටම හොඳ යෝජනාවක්...

      Delete
    2. ඔහොම උතුරු සළුවක් දාගෙන සිල් ගන්න සංස්කෘතියක් බුදු හාමුදුරුවෝ දේශනා කරලා ඇති කියලා මට නම් හිතන්න අමාරුයි.කොහොම වෙතත් ඔය සිල් ගනිල්ලෙන් නිවන් දකින්න නම් බෑ.එක 100% ෂුවර්.

      Delete
  5. හෙහ්.... බහුතරයක් සිල් ඇත්තෝ ඔහොම තමා....
    නිතර හයියෙන් බණ පිරිත් අහන, කඹ වගේ පිරිත් නූල් බැඳං ඉන්න එවුන් තමයි හරිම භයානක

    ReplyDelete
  6. කතාව ඇත්ත නගේ. මදෑ ඉඳලා ඉඳලා මේකවත් ලිව්වා. :)

    ReplyDelete
    Replies
    1. meka liyala gikakkal.. eth danna bari una.. oya eda kiyuwata passe kithuwa ikmanin post ekak danawa kiyala.. ita passe poya enakal hitiya meka danna...

      Delete
  7. සිල් අරගෙන ආපු හැටිය නැන්දම්මා
    හොයයි මුල්ලේ ඉතිරි උන කුණු ටික
    ලේලි අතු ගානකොට බැරි වෙලා ඉතිරි උන
    ඉවරයි මුළු ගේ ම අතු ගාපු එකේ හොඳ
    නිසා මුල්ලේ ඉතිරි උන කුණු ටික
    ද්වේශ ගන්නවා නම් ඒ ටිකට
    කෝ උදේ සිට ගත්තු සිල්
    කරපු මයිත්‍රීය....

    ReplyDelete
    Replies
    1. සිල් ගන්න නැංදම්මලා මෙහෙත් කරනවා ඇති තමයි... අපූඍු පද පෙළ...

      දින පොත පිළිගන්නවා මේ පැත්තට...

      Delete
  8. අපි සිල් නොගනිමු

    ReplyDelete
  9. This comment has been removed by a blog administrator.

    ReplyDelete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.