අලුත් වලව්ව පිහිටා තිබුනේ අක්කර 50 ක් විතර
ලොකු වත්තක් මැද. ලොකු බණ්ඩාර අන්තිම කාලේ දියණිය වුනු උදුලාත් එක්ක විසුවේ ඒ වලව්වේ.
ටිකිරිබණ්ඩාර වලව්වෙන් පිටමන් කරලයි උන්නේ. ඒකට හේතු උනේ අඩු කුලේක ගැහැණියක් විවහ
කරගැනීමයි. ඉදහිට අප්පච්චී බැලීමට ටිකිරිබණ්ඩාරට එන්න පුලුවන් උනා. ලොකු බණ්ඩාරගේ
මරණයෙන් පස්සේ අලුත් වලව්වේ පැලපදියම් වුනු ටිකිරිබණ්ඩාර තුනට බෙදිය යුතු වත්තත් හොර ඔප්පුවක් හදාගෙන
ලියා ගත්තා.
දවසක් කච්චේරියේ වැඩ නිමා කර නිවසට ආ
ටිකිරිබණ්ඩාර පත්තරයක් බලමින් උන්නා. හදිසියේම ඇහුන බිම පා ගැටෙන ශබ්ධයක්. අවට
බැලුවත් කිසිවෙක් පේන්න හිටියේ නෑ. කීප වරක් මේ ශබ්ධය ඇසුනත් ඔහු ඒ ගැන නොතකා ඉන්න
තීරණය කළා. එක වර පත්තරයත් බිම වැටී ටිකිරිබණ්ඩාර ද පුටුවෙන් ඉවතට විසිවන්නට ගියා.
ටිකිරිබණ්ඩාර නො වැටී බේරුනේ ළඟ තිබුණු කුළුණකට වාරු වෙමින්. උනු දේ ඔහුට හිතා
ගන්න බැරි උනා. ඔහුට දැනුනේ කවුරුන් හෝ
පිටුපස ඉද තල්ලු කරා වැන්නක්. ඒත් අහළපහළක පේන්න කවුරුත් හිටියේ නෑ.
රාත්රී
නින්දට ගිය ටිකිරිබණ්ඩාරට බොහෝ වේලාවක් යන තුරුම නින්ද ගියේ නෑ. හදිසියේම මිදුලේ
අඩි ශබ්ධයක් ඇහෙන්න උනා. විශාල වත්ත තුළ හාවුන්, මීමින්නන්, වැලි මුවන් වැනි සතුන්
ඉන්නවා. සතෙක් මිදුලටම ඇවිත් ඇතැයි සිතා තුවක්කුවත් ඇරන් සදලුතලයට ගොඩ උනා. හාත්පස
බැලුවත් පේන්න සතෙක් නෑ. ඉව දැනුණ සතා සැඟවෙන්න ඇතැයි සිතා අවට බැලුවත්
ටිකිරිබණ්ඩාර දුටු දෙයින් තිගැස්සුනා. කවුරුන් හෝ කෙනෙක් මිදුලේ සක්මන් කරන බව
ඔහුට පෙනුනා. ඔහු අනුමාන කළේ හොරෙක්
බවටයි.
“කවුද ඔය..කවුද ඔය?
වෙඩි නොකා කතාකරපන්. වරෙන් ඉස්සරහට.”
ඝාම්භීර හඩින් ටිකිරිබණ්ඩාර කතා කළා. මිදුල
මැදට ආ සෙවනැල්ල එක වර අතුරුදහන් උනා. භිය උණු ටිකිරිබණ්ඩාර කාමරයට දිව ගියා.
“ඇයි ඇයි. මොකද මේ. .”
බිරිඳ රූපා එහෙම ඇහුවා.
“නෑ නෑ. මොකුත් නෑ.”
“ඔයා මොකකට හරි බය උනාද?”
“නෑ. නෑ. නිදාගන්ට. මං මේ එලියට ගිහින් ආවේ.”
බිරිඳට දුටු දේ නොකියා ඉන්න ටිකිරිබණ්ඩාර
කල්පනා කළා.
ඉන් පසුවත් දින කීපයක්ම ටිකිරිබණ්ඩාර ඒ
අඳුරු සෙවනැල්ල වලව්වේ තැනින් තැන විවිධ වේලාවල දුටුවා. ටිකිරිබණ්ඩාරඋන්නේ ඒ ගැන
මහා බියකින් . ඒ වගේම ඔහු පසු උනේ කළයුතු දේ පිළිබඳව වැටහීමක් නැතිවයි.
රාත්රියේ නිදා උන් ටිකිරිබණ්ඩාර දිනක් හදිසියේම
වත්තට දුවන්න උනා. බිය උණු රූපා ද ඇහැරී ටිකිරිබණ්ඩාර පසුපස හඹා යන්න පටන්ගත්තා.
“ටිකිරිබණ්ඩාර කොහෙද දුවන්නේ? කොහෙද මේ රෑ
යන්නේ?”
“අත ඇරපන් මාව. අත ඇරපන්. කොහෙද යකෝ මාව
ඇදන් යන්නේ.”
කියාගෙන ටිකිරිබණ්ඩාර දුවන්න උනා.
බණ්ඩා දුවගෙනවිත් ටිකිරිබණ්ඩාර වැරෙන් අල්ලා
ගත්තා.
“බණ්ඩා තෝ කොහෙද යකෝ මාව ඇදන් යන්නේ? උඹ
කවුරු කියල හිතුවද යකෝ.”
“අනේ නෑ නෑ අපේ පොඩි නිලමේ. මං මේ මං.”
“ඔය මනුස්සයාට බනින්ට එපා. නිලමෙනෙ දැන්
නින්දෙන් නැගිටලා දුවන්ට පටන්ගත්තේ.”
“මම.”
“ඔව්. මාත් ඇහැරිලා පස්සෙන් දුවන් ආවේ ඒකයි.
බණ්ඩා නැත්තන් කොහෙන් නතර වෙයිද දන්නෑ”
ටිකිරිබණ්ඩාරට කිසිම දෙයක් හිතාගන්න බැරි
උනා. ඔහුට දැනුනේ කවුරුන් හෝ තමන් ඇදගෙන ගිය බවක්. තමා වලව්වේ සොහොන් කිට්ටුවට ම
අවුත් ඇති බව වැටහුනේ මොහොතක් ගත වන විටයි.
“හීනෙන්ද කොහෙද? යමු බණ්ඩා . “
කියමින් රූපා ටිකිරිබණ්ඩාරත් එක්ක ගියේ
“පංසිල් ඇරන් නිදාගන්ට”
කියමින්මයි.
ටිකිරිබණ්ඩාර දිගින් දිගට වන සිදුවීම් ගැන
සිටියේ විස්සෝපයෙන්. මේ සක්මන් කරන්නේ තම පියා කියලා හිතුවත් එලෙස සිතන්නේ සිතේ
නිදහසට පමණයි. යටි සිතේ ඇත්තේ මහා සැකයක්. මේ ගැන කල්පනා කරමින් ඉන්න විට රූපාගේ
විලාපයක් ඇසෙන්නට උනා.
“අනේ නිලමේ. නිලමේ.”
“ඇයි ඇයි රූපා. මොකද උනේ.”
ඔහු යන විටත් රූපා උන්නේ සිහිසුන්ව. ඇය ඇද
මත තබා වතුර ඉස්ස විට පියවි සිහියට පත් වී දොඩවන්න ගත්තා.
“මං කාමරේට එනකොට කාමරේ මැද කවුද හිටගෙන
හිටියා මං දැක්කා.”
“ඔයා බොරුවට බය වෙලා. මේ වලව්වට කවුරුත්
එහෙම රිංගන්නෙ නෑ.”
“නෑ. ඒ මනුස්සයෙක් නෙවෙයි.”
“එහෙනම්.”
“මං ඔයාට කියුවෙ නෑ. මං දැන් දවස් දෙක
තුනක්ම දැක්කා හවසට හවසට මිදුලේ ඒ වගේ හෙවනැල්ලක් ඇවිදිනවා. අද කාමරේ. අනේ මට නම්
තවත් මෙහෙ ඉන්න බෑ නිලමේ.”
“මාත් කීප දවසක් දැක්කා. ඔයා බයවෙයි කියලා
මං කියුවෙ නැ.”
“නිලමේ දැන් දවස් කීපයක්ම මං ටීවි එකේ බණ
පිරිත් දැම්මා. දාන්න බෑ ඕෆ් වෙනවා. අදත් එහෙම උනා. පළවෙනි පාර ඕෆ් උනා. මං ආයෙ
දැම්මා. ආයෙත් එහෙම උනා. මං තුන්වෙනි වතාවත් දැම්මා. ඒ සැරේ ඉබේම චැනල් වෙනස් වෙන්න පටන්ගත්තා.”
“ඉතින් ඇයි මට කියුවේ නැත්තේ.”
“ඔයා විස්වාස කරන එකක් නෑ කියලා හිතුවා.”
“මටත් හිතෙනවා මේ ගෙදර තවත් ඉන්න බෑ. ටික
දවසකට අපි වෙන ගෙදරකට ගිහින් ඉදලා එමු.”
“මේ හදිසියේ කොහොමද ගෙවල් හොයන්නේ?”
“මං මේ ප්රශ්න දිගින් දිගට දැනුන නිසා
ගෙයක් බැලුවා. ඉක්මනින් යන්න පුලුවන් වේවී.”
“ඒක හොඳයි. ඉක්මනින් යමු. කොහෙද ඔයාලාගේ
වලව්කාරයෝ මැරිලත් ආසාව. ඒකයි ඔය. “
“ආසාවක් නැති ගෑණි. හොර ඔප්පුවකින් ලියා ගමු
කියලා ප්ලෑන් කලෙත් එයාමයි.”
ලෙස තමාටම මුමුනාගත්තා.
වලව්වෙන් පිටත් වන දවස ළං උනා. ඒත් උදුලා
කුමාරිහාමි වලව්වෙන් වෙනත් තැනකට යන්න කැමති උනේ නෑ. ලිව්කේමියා රෝගයෙන් ජීවිතේ
අවසන් භාගය ගත කල ඇයට කැමති දෙයක් කරන්නට ටිකිරිබණ්ඩාර ඉඩ දුන්නා.
අලුත් නවාතැන පිළිවෙලක් කරමින් ඊට පෙර දා
ටිකිරිබණ්ඩාර වලව්වට ආවේ කෑලිකපන අඳුරේ. මෝටර් රථය ගරාජයට දමා ටිකිරිබණ්ඩාර
කඩිනමින් වලව්වට එන්න උනා. මිදුලට ආ විට සැනසීමක් දැනුනේ විදුලි පහන් එලිය දුටු
විටයි. ඒත් සමගම ටිකිරිබණ්ඩාරට දැනුනේ තමා පසුපස කවුරුන් හෝ එන බවක්. ගමෙන් යන බව
දන්නා ගැමියෙක් තමා හමුවට පැමිනෙන්න ඇතැයි අනුමාන කළා. ටිකිරිබණ්ඩාර හැරී බැලුවා.
කවුරුන් හෝ තමාට අඩි කීපයක් ඉස්සරහින්
හිටගෙන සිටිණු ඔහු දුටුවා.
“කවුද ඔය.”
ටිකිරිබණ්ඩාර ඉදිරියට යන්න උනා. ඔහුට යා
හැකි වූයේ අඩි කිහිපයක් පමණයි. දුටු දසුනින් ඔහු ගල් ගැසුනා. ඔහු ඉදිරියේ අත් දෙක
දිගු කර ගත් කවන්ද රුවක් තමා දෙසට හැරී සිටියා. හිස වෙන් වූ ගෙල පෙදෙසින් රුධිරය
වැගිරෙනු ඔහුට පෙනුනා.
මතුසම්බන්දයි..