Saturday, December 31, 2016

ආයුබොවන්!

තුන්සිය හැට හයක් දින දැන් ගෙවී ගිහින්
දෙදහස් දහසයත් ඇත දැන් ගෙවී ගිහින්
නැවුම් පැතුම් අහුරක් දොතින් ම අරන්
හෙට දිනයේ ඇරඹෙයි නව වසර ඉතින්

ගෙවිලා යන දහසයටත් ආයුබොවන්
හෙට පැමිනෙණ දාහතටත් ආයුබොවන්
ඉටු වුණු හැම පැතුමකටත් ආයුබොවන්
 හෙට හිනහෙන නව පැතුමට ආයුබොවන්

වාධ බේධ තරහ මරහ වියැකේවා
සාමය සතුට නිරෝගි සුව වැඩිවේවා
සියල් හදේ නැවුම් පැතුම් පිබිදේවා
නැවුම් ලෙසින් නව වසරම ඇරඹේවා

Tuesday, December 13, 2016

අහන සිතක්, කියූ දෙයක්

පොත් ඇතුලේ පිටු අතරේ
 ඇති දේ අපමණ
මුතු අකුරින් අමුනා එහි
 ලියනා දේ හැඩ
කියවන්නට නොව අහන්න
 බලා හිදී
 අප

ගී පදවැල් කවි පබැදුම්
 ලියමින් රස කර
නවනලු රස පිරුණු කතා
මවතී රග හල
සොඳුරු ලොවක් සිතුවම් කර
 හැම පිටුවක් තුළ
අහස මුහුද ඉර හද තරු
 දකින තැනක් පොත

මුල සිට අග තෙක් රසදුන
 දෙමින් නොවඩුව
පොත කියවන  දෑසට පින්
මොනවා දෙනු වෙන
ගෙවිලා යන නිමේෂයේ
 වන අරුමය නම්
පොත් කියවන්නේ අප නොව වග
නොහැගී යාම