Monday, March 28, 2016

යායේ පිපුනු නෙලුම් සුවඳ






මේ දවස්වල බ්ලොග් කියවන අයට කියවන්න වෙන්නේ නෙලුම් යාය ගැන තමා. තවම උනුසුම රැඳුනු නෙලුම් යාය සම්මාන උළෙල ගැන එක එක අය තමන්ගේ ක්‍රමය ට, තමන්ගේ නිර්මාණෂීලී බව පෙන්වමින් සටහනක් තියන්න අමතක කරන්නේ නෑ. ඒ අතර තමන්ට ලැබුනු සම්මානෙ ගැන කියන්නත්, ඒ වෙනුවෙන් කෘතගුන දැක්වීමක් වශයෙන් ස්තූති කරන්නත් හැම කෙනාම අමතක කරලා නෑ. ‘‘සම්මාන ලැබුනත් නැතත් බොහෝ අය හමුවී නිදහසේ කතා කරන්න, ටිකක් විනෝද වෙන්න ලැබීම ගැනනම් ඉතින් බොහොම සතුටුයි.‘‘ මේ මගේ විතරක් නෙවෙයි එදා හිටපු හැමෝගෙම වගේ අදහස මෙය විය යුතුයි.

මේ අතරේ නෙලුම් යාය සම්මාන උත්සවයේ තිබුනු දේෂනය ගැන කට්ටිය එහෙන් මෙහෙන් කතා වෙනවත් ඇහුනා. මම හිතුවා නෙලුම්යාය ගැන මොකුත්ම නොකියා එදා තිබුනු ප්‍රධාන සංවාදය ඔබට ඉදිරිපත් කරන්න. මා මුලින් සිතා සිටියේ මෙය යතුරු ලියනය කර මෙහි පල කිරීම වුවත් ඒ අදහස අතහරින්න වුනේ තරමක් ධීර්ග බව දැනුනු නිසයි. ඒ නිසා මගේ පටිගතකිරීම් යන්ත්‍රයේ සටහන් වුනු සාකච්ඡාව ඒ විදිහට ම ඔබට අහන්න දෙන්න තීරනය කලා. මෙය එදා එන්න බැරි වුනු බ්ලොග් කියවන, ලියන හැමෝටම වැදගත් වේවි.

මේ හඬ පිටපතක් පමනයි. වීඩියෝ පිටපත් ගැනනම් මගෙන් අහන්නෙපා. අර කමිය, නෙලුම් අජිය එහෙම ඉන්නෙ ඒ අයගෙන්ම අහන්ඩලා. මේ ඒ සාකච්ඡාවේ සංස්කරනය නොකල පිටපතක්. එදා හිටපු අයටත් මේ විදිහටනෙ අහන්න ලැබුනෙ.

73MB විතර ලොකු ප්‍රමානයක් තිබීම ගැනනම් මට දොස් කියල වැඩක් නෑ. අර ඉවානය තමා ඒකට වගකියන්න ඕනේ.

හරි එහෙනම් මෙන්න ලිංක් එක.
වෙන පෝස්ට් එකකින් එනකල් මේක අහල තියාගන්නකො එහෙනම්.

ප/ලි.
එදා නෙලුම් යායේ සාර්තකත්වය පිටුපස සිටි සැමට මගේ ප්‍රනාමය. ඒ වගේම සම්මාන ලැබූ සියලු බ්ලොග්කරුවන්ට මගේ උනුසුම් සුභ පැතුම්!

51 comments:

  1. කසුන් මල්ලී, මම එදා දැක්කා ඔයාව. කතා කරන්න බැරිවෙච්ච පසුතැවිල්ල තාමත් හිතේ තියෙනවා. :( ආයෙ මුණගැහෙන්න ඉඩක් ලැබිච්ච දවසකදි කොහොමහරි කතා කරමුකෝ.

    ReplyDelete
    Replies
    1. හරි හරි. අපි ඔක්කෝම මේ රටේ ඉන්න නිසා ආයේ අනිවා හම්බෙයි අක්කෙ. එදාට කතාකරමුකො.

      Delete
    2. ---------------------------------------------------


      දුෂණය පවුල්වාදය තුරන්කර ශ්‍රි ලංකාව ලෝකයේ දියුණු රටක් බවට පත්කල ජනවාරි 8 විප්ලවයේ පෙරගමන් කරුවෙකු වන ප්‍රවීන ලේඛක "මාතලං" ප්‍රියන්ත හේවගේ මැතිදුන් බ්ලොග් සම්මාන උළලේ නිසි ඇගයීමකට ලක් නොකිරීම පිළිබද අපගේ බලවත් කණස්සල්ල...!


      "මාතලං" ලේඛකයාණෙනි අතිගරු රනිල් වික්‍රමසිංහ අගමැතිදුන් , ජනාධිපතිතුමා ඇතුලු ප්‍රගතිශීලී ජනතාව ඔබ සමගයි...!


      ------------------------------------

      Delete
  2. ඔබ හමුවීම සහ කථා කිරීමට ලැබීම ගැන සතුටුයි. පාර්ටියේ ඔබගේ ඩ්‍රම්ස් වාදනයත් අනර්ඝයි.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. ඉයන්, මටත් එහේමයි. හමුවී කතා කිරීම බොහොම සතුටුයි. ඔබේ ගී තැටිය ඇහුවා. ඒකේ ගොඩක් ඒවා අහල තිබුනා මගෙ හිතේ. කොහොම උනත් ඒ සින්දු ටික ලඟ තියෙන එක හොඳා.


      මොකද මේ සී ජේ, ප්‍රා ජේ ඩබලට වෙලා තියෙන්නෙ?

      Delete
  3. මචෝ මට කොච්චර උවමනාව තිබුනත් මේක අහන්න බැරි උනා නිදහසේ.. එළම කිරි මේක දාපු එක.. එතනට උඹේ සහභාගිත්වයේ වටිනාකම හරියට පෙන්නන්න මට බැරි වීම ගැන සමාවෙයන්..

    ReplyDelete
    Replies
    1. හෑ? ඒකෙ එච්චර වටිනාකමක් කොහෙන්ද මිතුරු තුමෝ? හෙහ් හෙහ්. ඕව අතෑරලා දාන්ඩ අප්පා.

      Delete
    2. කමියා ස්ටේජ් එකේ දාං අඳිනවද කොහෙද දැක්ක මතකයි ඒ වෙලාවෙ.. හි හි

      Delete
  4. ඔබ දැක සිතට දිරි ඇතිවිය. තුති.
    පොත දිනක කියවා ගන්න ලැබේවා.

    ReplyDelete
    Replies
    1. මේ සතිය ඇතුලත කොහොමහරි පොත කියවනවා. මගේ අදහස් ඔබට එවන්නම්.

      Delete
  5. ඔන්න වටිනම දෙයක් උඹ දාලා.එන්න බැරි උනු අපිත් එක්ක ඒ අත්දැකීම් බෙදාගන්න එකට පිං මචං..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අහල බලන්නකො එහෙනම්. ලබන නෙලුම් යායෙදිවත් හමුවෙමු.

      Delete
  6. හතර වරක් උත්සාහ කර ඩවුන් ලෝඩ් කිරීම අතැර දැම්මා.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න බෑ. මං මේක දාලා එක සැරයක් ඩව්න්ලෝඩ් කරලත් බලලයි ලිංක් එක දැම්මේ.

      Delete
    2. මට නං වන්ශොට් ඩවුන්ලෝඩ් උනා

      Delete
  7. කසුනා................ උඹව හමුවීම සහ කතා කිරීමට ලැබීම (අපි කලින් ම කතා කරගෙන තිබුණ විදිහටම) සතුටක්... ආයෙම හමුවෙමු... මීටත් වඩා ටිකක් නිදහසේ කතා කරන්න.... මොනවා වුණත් උඹේ පැමිණීම බ්ලොග් කරුවන් වන අපි හැමෝට ම ලොකු ශක්තියක් කියලයි අපි නං හිතන්නේ..... එදා අපේ කට්ටියම හමුවුණාද???????? මං නං කීප පාරක් ම කතා කරා... ඒත් අනික් අය හැමෝම උඹව බැලීමට සහ කතා කිරීමට ආසාවෙන් හිටියා... කට්ටියම හමුවුණාද කියලා නං විස්තර දන්නෑ.....

    ReplyDelete
    Replies
    1. තත්ත්වේ ඉතාම කනගාටුයි. උඹ විතරනෙ මචෝ හම්බුනේ. මමත් ආසාවෙන් හිටියේ කට්ටියව ම හම්බෙන්න. කමක්නෑ. වෙන දවසක අපි හමු වේවි.

      Delete
  8. කසුන් ඇවිල්ල හොද ගායකයෙක් කියන එක දැන ගත්තෙ එදා රෑ තමා ඕං..
    කොහෙද අහලවත් නැති සිංදු කියද්දි අපි ඉතිං පැත්තකට වෙලා බලං හිටිය එක තමා කොලේ ඔන්න.

    ඩවුන් ලිංක් එක ට්‍රබල නේද. මං ෆෝන් එකෙන් කියවන හිංදද මංද

    ReplyDelete
    Replies
    1. හැක් හැක්. ඩව්න් ලිංක් එකට එහෙම වෙන්න විදිහක් නෑ. මං ටෙස් කරලා දැම්මේ.

      Delete
  9. කසුන්ගෙ ගායන හැකියාව, වාදන හැකියාව එකී මෙකී නොයෙක් හැකියාවන් ඉතින් අපට බලාගන්න බැරි වුණානෙ. ලබන වසරේ සම්මාන උළෙලදි ඒ වෙනුවෙන් ඉඩකඩ වෙන් වනු ඇතැයි අපේක්ෂා කරනවා.

    කසුන් මල්ලී ඔයා එක්ක කතා කරන්න නොලැබුණු එක ගැන කණගාටුයි. ඇත්තටම මං දැනන් උන්නෙ නැහැ ඔයා පැමිණි වග...

    ReplyDelete
    Replies
    1. හෝව් හෝව්. තරු අක්කේ. කට කට. මට ඔය මයික් එක ඉස්සරහට ගියාම සින්දු කියවෙන්නෙම නෑ. අර ඉවානයගෙ වැඩේනම් ටිකක් කරතැහැකි. මේ අහින්සක මාව අමාරුවේ දම්මන්න එපෝ......

      මමත් බොහොම ආසාවෙන් හිටියෙ අක්ක හම්බෙලා වචනයක්හරි කතා කරන්න. කමක් නෑ. අපි ආයේ දවසක කතා කරමු.

      Delete
  10. කසුන් ...මටත් ලොකු උවමනාවක් තිබ්බා කසුන් ව දැක බල ගන්න..
    එත් බැරි වුනා...කමක් නැහැ..ආපහු වතාවක හම්බුවෙමු.

    -----------
    ඔබ වැනි සහෝදරයෙක් බ්ලොග් ලියන අපිට බොහොම වටිනවා...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව. අපි ආයේ අනිවා හමු වේවි. සුබ පැතුම්.

      Delete
  11. උඹ සම්මාන උළෙලට ආව ද ? මට නිකමටවත් උඹව මුන ගැහුනේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. අපි වෙන දවසක හම්බෙලා, ටිකක් කතා කර කර ඉඳලා, දෙකක් දාගෙන යමු.

      Delete
    2. තොපි දෙන්න වගේම වෙන දෙන්නෙක් පිටි පස්සෙ පේළියක කයිය ගහනව දැක්ක...

      Delete
    3. ඒකනේ මනෝ ඊළග පාරවත් උඹ කසුනාව එක්කං පලයං... මේපාර අපිනේ එක්කං අවේ... හැක්

      Delete
  12. උඹවගේ එල කොල්ලෙක් එක්ක සෙට් වෙන්ඩ ලැබීම මගේ පිනකි ...
    ආයෙත් දවසක සෙට් වෙමු ...
    ලඟදීම .......

    ReplyDelete
    Replies
    1. රායිට් මචෝ අපි සෙට් වෙමු. උඹල සෙට් එකම මට ගොඩක් සමීප උනා. උදව් කරා. ඒ හැම දේකටම බොහොම ස්තූතී.

      Delete
  13. නෙලුම් යාය දවසෙ කසුන්ව හමුවෙලා කතාකරන්න ලැබුන එක සතුටුයි.කසුන්ව හමුවෙලා කතාකරන්න ලොකු ඕනෑකමක් තිබ්බ.මට නම් හිතෙනවා කසුන් වගේ මෙහෙම ලියන කෙනෙක්ට නෙලුම් යායෙ විශේෂ සම්මානයක් දෙන්න ඕන කියල. වැඩි වෙලාවක් කතා කරන්න නම් ලැබුනේ නැහැ තවත් දවසක හමු උනොත් වැඩියෙනුත් එක්ක කතාකරන්නම් ... :)

    ReplyDelete
    Replies
    1. අයියෝ මොන සම්මානද හන්සියෝ. එහෙම දුන්නනම් මමත් එන්නෑ. අපි ආයේ දවසක හමුවෙලා හොඳට කතා කරමු. එදාට එක්ක හරියන්න.

      Delete
  14. .. නෙළුම් පිපෙන හැටි බලන්න දවසක කොහොම හරි එනවා....

    ReplyDelete
    Replies
    1. එන්න එන්න. එනකල් අපි බලං ඉන්නවා හොඳේ.

      Delete
  15. ඩවුන්ලෝඩ් වෙන්න දැම්ම.. මේක දැම්මට උඹට පින් මචන්.. එන්න බැරිවුන අපිට අහලවත් සන්තෝස වෙන්න බැරිය.. කෝ අරුන් තාම අපිට වීඩියෝ පෙන්නන පාටක් නැහැ.. උන් වෙච්ච මහන්සියේ හැටියට එව්වට කරදර කරන්නත් බැහැනේ ඕනවට වඩා..

    ReplyDelete
    Replies
    1. ඒව දෙනකල් තමා මේක දැම්මෙ. දැනට මේ ටිකෙන් සැනසියං මචෝ.

      Delete
  16. කසුන්ව හදුනා ගන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි. ආයෙත් දවසක හමුවෙමු.
    ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. මටත් මටත්. ආයේ දවසක අනිවා අපි හම්බේවි.
      ජය වේවා!

      Delete
  17. ස්තුතියි කසුන්

    ReplyDelete
  18. තැන්කූ වේවා පාර කිව්වට... ඒත් එතනදි කතා කරන්න හම්බ වුනේ නෑ නේද..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. තුෂානිට කලින් මට එන්න බැරුව ගියානෙ. මට ඉස්සරහ පේලියේ ඉන්නව කියල ඔත්තුවක් ලැබුන. පස්සේ බලනකොට ඔයා ගිහින් හිටියෙ.

      Delete
  19. මට හිතෙන්නෙ, සම්මාන උළෙ මඟින් කසුන්ව තවත් බ්ලොග් කාරයෙක් ලෙස පමණක් ඇගයීම, කසුන්ට කරන ලොකුම උපහාරය බවයි. වෙනස් හැකියා ඇති අයෙක් ලෙස අගයා සම්මාන පිදීමේදී යම් තාක් දුරක සිත් රිදීමක් ඇති වෙන්නට ඉඩ තියෙනවා.

    අපි ආයෙ හම්බෙමු කසුන්... උඹ අපට ලොකු ධෛර්යයක්!

    ReplyDelete
    Replies
    1. ඔබ වඩා නිවැරදියි. එයට මා අකමැතියි. කිසිඳු සම්මානයක් ජීවිත කාලෙට ම නොලැබුනත් කමක්නෑ. කිසිම බලාපොරොත්තුවකුත් නෑ. නමුත් ඔබ වගේම බ්ලොග් කරුවෙකු ලෙස හැර වෙනත් කිසිඳු විදිහකින් මා සම්මානයට ලක් නොවිය යුතු බව මගේත් හැඟීමයි. දැතියගෙ අදහස ඉතා නිවැරදියි.

      එදාටත් එක්ක වෙන දවසක සෙට් වෙලා කතා කරමු.

      Delete
  20. එළියෙ ඉඳලම කෝ අර කසුනා කිය කිය කට්ටිය හිටියට, මට පස්සෙ ඒ සෙට් එකම මඟෑරුනා.. ඊට පස්සෙ ඉතිං සම්මාන නං දුන්නෙ නැතත් කමක් නෑ, මේක ඉක්මණට ඉවර වෙනවනං කිය කිය හිත හිත හිටිය.. මොකද කට්ටිය එක්ක කතා කරන්න විදියක් නැති වෙන හින්ද.. 5ටත් උත්සවේ ඉවර නැති හින්ද ඉතිං පැනල එන්න සිද්ධ උනා... අපරාදෙ...

    ReplyDelete
    Replies
    1. ඕව ඔහොම තමා හිරු. අපි වෙන දවසක කතා කරමුකො. අර අජිත් අයියට කියමු අනිත් දවසේ උදේ වරුවෙ තියන්න කියලා.

      Delete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.