කොඳ කුසුමන්
පිපී සුවඳ
බෙදන නිසල
රාත්‍රියක
සඳේ කැලුම්
වඩිණුමැනවි
මගෙ දෝතට
ඉතින් හනික
කිරි පැණි
ඉල්ලන්න නොවේ,
සාවිය ඉල්ලන්න
නොවේ
සඳේ කැලුම්
වඩිණුමැනවි
මගෙ දෝතට
ඉතින් හනික
මනාලියක් වී
පෙර දා
කැදලි තනා
ඉගිලුනාට
ඒ නිවසේ
උණුසුම මට
සිහි වන වා
හැම මොහොතෙම
සිත ඉගිලෙන
මුත් නිවසට
යා නො හැකිය
හනික එලෙස
සඳේ කැලුම්
වඩිණුමැනවි
මගෙ දෝතට
ඉතින් හනික
දුවේ කියා
අමතන හඬ
ඇහෙනව මට හැම
මොහොතෙම
පුරුද්දකට මෙන්
හැමතැන
හොයනවා ඇති
මාව තාම
එහි රජයන පාලු
ගතිය
මකා දමණු
හැකිය නුඹට
සඳේ කැලුම්
වඩිණුමැනවි
මගෙ දෝතට
ඉතින් හනික
සමන් පිච්ච කඩොපුල් මල්
පිපිලා ඇති මේ වෙනකොට
මා එනතුරු
ඉන්නව ඇති
බුදු පාමුල
සැනහෙන්නට
ලඟදිම එන බව
පවසා
පනිවිඩයක්
ගිහින් දෙන්න
සඳේ කැලුම්
වඩිණුමැනවි
මගෙ දෝතට
ඉතින් හනික
අම්ම තාත්තාගෙ
දෑසෙ
සතුටු සිනා
පුබුදුවන්න
සිතේ
තියන පාලු ගතිය
ගිහින් දමණු
දුර ඈතක
සෙනෙහස උතුරණ
කැදැල්ලෙ
මා සතුටින් බව
කියන්න
ඒ ගැන දුක් නො
වී තුටින්
ඉදිණු මැනවි කියා දෙන්න
සමන් පිච්ච
මල් සුවඳක
මා ඔතනා හාදු
පේලි
ගිහින් දෙන්න
මා වෙනුවට
සඳේ කැලුම්
වඩිණුමැනවි
මගෙ දෝතට
ඉතින් හනික
ප-ලි. තුශානි
අක්කගෙයි, ඉයන්ගෙයි අභියෝගයක් අත්තැරල බෑනේ.. කවදහරි කියන්න වෙන දෙයක් දුකෙන් උනත් දැම්ම කියල දැම්මා.
මේක සමහරවිට ගීතයකට
නොගැලපෙන්නත් පුලුවන්. එහෙමයි කියල මේක අතාරින්නෙ කොහොමද? හිතුවට වඩා මේක දිග උනා
එහෙන් මෙහෙන් කැපුවම මෙහෙමයි ඉතුරු උනේ. තව කපන්න හිත දෙන්නෙත් නෑ. ඒක නිසා මෙහෙම
ම දැම්ම.