ගණදුර පැතිරුණු නුබ ගැඹ,
හොරෙන් හොරෙන් සඳ වඩිමින්,
අදුර පලා යයි
නිතොරින්,
සක්මන් කරමින් දසතේ,
මුවා වෙමින් තුරු අතරේ,
සඳ පිණි දිය වස්සන්නේ.
සුනිල්ගෙ වත්තේ හොර පොල් කඩණ්න,
සයිම ගියා රෑ පානේ,
ගහ වෙත පියමනින විටදි,
සඳ ඇවිදින් ඔහු ලඟටම,
අද නම් අල්ලලා දෙනව,
නොගියෝතින් ගෙදර හනික,
කියුවා රහසෙම ඔහු හට,
සිරියා බලන්න සුමනේ,
පිළිකන්නෙන් පිට වූයේ,
අඹ ගහ මුඳුනේ උන් සඳ,
රවා බලයි
සුමනය දෙස,
රෑ වැඩ නිම වී සිරිමල්,
කනත්ත ළං වන විට ගැහෙමින්,
නිවසට යන්නට විගහින්,
පිය නැඟුවා බියෙන් සැකෙන්,
පඳුරට සඳ මුවා වෙලා,
හොරෙන් බලා සිනා සුනා,
බිය වී සිරිමල් වෙවුලා,
උඩ පැන සඳ සිනා සුනා,
හරක් හොරකමේ යන දෙන්නේක්,
ගාල ළඟට ළං වූවා,
හොරෙන්ම පැන දුව ආ සඳ,
සොරු දෙදෙනට බැන වැඳුනා,
සඳට හොරෙන් බෑ කිසිවක්,
කරන්නනම්
මෙහෙම ගියොත්,
කියමින් උන් පා නැඟුවා.
සත්යා නිර්මාණී වීරසූරිය.