Wednesday, July 27, 2016

මෙයාව දන්නවා ද?




වෙනදා වගේ නෙවෙයි. අද මං ආවෙ වෙනදා අටම කරන වැඩේ කරන්න කියල හිතාගෙන.

අපේ බ්ලොග් කියවන උන්ට වැඩිය අහු නොවිච්ච අපූරු පරිවර්තිකාවක් ඉන්නවා. ඇය බොහොම රසවත් නිර්මාන තමා පරිවර්තනය ට තෝරා ගන්නෙත්. ඒ වගේම ඇයගේ පරිවර්තන ෂයිලියටත් මම බොහොම ආසා කරන නිසා, ඔබත් කැමති වෙයි කියල හිතුනු නිසා මේ සටහන දාන්න හිතුනා. කතා විතරක් නෙවෙයි. ඇය මුල්ම නිර්මාණය විදිහට තෝරාගෙන ියෙන්නේත් කවියක්. එතන ඉඳලා කවි, කතන්දර, දැනුම සමග විනෝදයත් මේ බ්ලොගය හරා බෙදා හැර තිබෙනවා.

මෙන්න මේ කතා දෙක තමා ඇය මෑත කාලෙදි අපිට දුන්නෙ.

ඉතිරිව තිබූ සියලූම ශක්තිය යොදා මැගී ඔරුව නිවස අසළට ගෙන ආවාය. පළමුව ඇයට කිසිඳු හඬක් ඇසුණේ නැත: කිසිවක් සෙලවෙන බවක් දුටුවේ නැත. ඔරුව උඩු මහළේ කවුළුවක් වෙත ආසන්නව තිබුණි. ඇය හැකි උපරිම හඬින් කෑ ගැසුවාය, "අයියේ! අම්මේ! ඔයාලා කොහෙද? මම මැගී!"

ඉක්මණින්ම අට්ටාලයේ කවුළුව විවර වූ අතර ටොම්ගේ කටහඬ ඇසුණි. "කවුද ඔය? ඔරුවක් තියෙනවද?"

"මේ මම අයියේ - මැගී. අම්මා කෝ?"

"අම්මා මෙහෙ නෑ ගැරම් වලට ගියා පෙරේදා. මං එන්නං පල්ලෙහා ජනේලේ ලඟට."

"මැගී, තනියම?" ඔරුව වූ මට්ටමේ වූ කවුළුව විවර කළ ටොම් ඉමහත් පුදුමයෙන් කීවේය.

"ඔව් අයියේ. නගින්න ඉක්මණට. තව කවුරුවත් ඉන්නවද?" ටොම් ඔරුවට නගින අතරේ මැගී ඇසුවාය.

"නෑ," ටොම් කීවේය. "මෝලෙන් කොටසක් කඩන් වැටිච්ච වෙලාවේ මෝලේ හිටපු කෙනා වතුරට අහු වෙන්න ඇති මං හිතන්නේ. මං කතා කළා, කතා කළා, උත්තරයක් නෑ. හබල් මට දෙන්න මැගී." ටොම් ශක්තිමත් දෑතින් ඔරුව හැසිරුවේය. එය යළිත් ඉක්මණින්ම ගංගාවේ දිය වැල සමග එකතු වූ අතර නොපමාව ඔවුන්ට යළිත් ශාන්ත ඔග්ස් බලා යා හැකි වනු ඇත. නමුත් ඔවුන් වෙත ගංගාව ඔස්සේ අළුත් අනතුරක් ලඟා වෙමින් තිබුණි. ගං වතුරට හසු වූ ගබඩාවකින් දිය වැලට එකතු වූ විශාල ලී කොටන් පෙළක් ගංගාව ඔස්සේ පා වී එමින් තිබුණි. ජලයෙන් යට වූ කුඹුරු මත ඔරුවක නැගී සිටි මිනිසුන් කිහිප දෙනෙක් අනතුර දැක "ඔරුව දිය වැලෙන් අහකට ගන්න!" යැයි කෑ ගසා ටොම්ට පැවසූහ.

නමුත් එය එක් වරම සිදු කළ හැකි දෙයක් නොවීය. ඉදිරියට නෙත් යොමු කළ ටොම් ඔවුන් වෙත වේගයෙන් ලඟා වෙමින් තිබූ මරණය දුටුවේය. විශාල ලී කොටන් එකිනෙක ගැටී දිය පහර හරහට විශාල බාධකයක් ලෙසින් වේගයෙන් ඉදිරියට ඇදී එමින් තිබුණි.

"ඒක එනවා, මැගී!" යැයි ගැඹුරු ගොරහැඬි හඬකින් කෑ ගැසූ ටොම් හබල් අත් හැර මැගීව තුරුළු කරගත්තේය.

ඊලඟ මොහොතේ ඔවුන්ගේ ඔරුව ජල තලය මත පෙනෙන්නට නොවීය - විශාල බාධකය පමණක් ජයග‍්‍රාහී ලීලාවෙන් නොනැවතී ඉදිරියට ඇදෙමින් තිබිණ.

ඔරුවේ පතුල යළිත් මතු වී උදා හිරු එළියෙන් රන් වන් පැහැ ගත් ජල තලය මත කළු ලපයක් සේ දිස් විය - නමුත් සොයුරාත් සොයුරියත් කිසිදා වෙන් නොවන සේ එකට වෙලී ජල කඳ තුළ අතුරුදන්ව ගොස් සිටියෝය.

(පරිවර්තනයකි.)


ඩෙලුරියස් අගනුවර ආසන්න වන තෙක්ම දෙදෙනා අතර වැඩි කතාබහක් සිදු වූයේ නැත. ජනාකීර්ණ ප්‍රදේශ වලදී ලීසල්ව ඉදිරියෙන් යවා පරතරයක් ඇතිව පසුපසින් එන්නට ජේම්ස් වග බලා ගත්තේය. අවසානයේ අගනුවර පෙනෙන මානයේදී පළතුරු බීම සලක් අසලදී ලීසල්ව පසුකර ආ ජේම්ස් අසු නතර කොට බිමට බසිනු දුටු ලීසල්ද ඔහුව අනුගමනය කළාය. නිහඬවම වෙළඳ සැල තුළට ගමන් කළ ඔහු ලීසල්ගෙන් කිසිවක් නොවිමසාම මිදි යුෂ පාන වීදුරු දෙකක් ඇණවුම් කොට කෙළවරේ වූ මේසයක් වෙත ගොස් අසුන් ගත්තේය. ලීසල්ද ඔහු පසුපසින් ගොස් ඔහු අසළින් අසුන් ගෙන ඔහු දිගු කළ වීදුරුව අතට ගත්තාය. 

"වැඩි වෙලා මෙතන රැඳෙන්න බෑ..." ජේම්ස් දෙතොල් නොසොල්වා ඇසෙන නෑසෙන හඬින් ඇයට සමීප වී කීවේය.

"මං දන්නවා. ඇයි මෙතන නතර වුනේ?" ලීසල් තම පැනය ඉදිරිපත් කළාය.

"මෙච්චර වෙලා කල්පනා කළත් මට තාම තීරණයක් ගන්න බෑ..." ඔහු සිය බඳුන දෙස නෙත් යොමාගෙනම මිමිණුවේය. ඔහු උවමනාවෙන්ම ඇයව ගෞරවාන්විතව ඇමතීම මග හරින බව ඇයට වැටහුණි. සැබැවින්ම මෙවන් තැනකදී එලෙස අමතනු කිසිවෙකුගේ හෝ කන වැකුණහොත් එය කෙතරම් භයානක වනු ඇත්දැයි ඇය දනියි.

"මොකක් ගැනද?"

ජේම්ස් වඩාත් ඇයට ආසන්න විය. "අපි දෙන්නා අතර මොන වගේ සම්බන්ධයක් තියෙන විදිහටද අපි හැසිරෙන්න ඕනේ?"

ලීසල් ඔහු දෙස බලාගෙන බීම උගුරු කිහිපයක්ම පානය කළාය. "තෝමස් මොකද්ද කිව්වේ?" ඇයද ඔහු තරමටම හඬ පහත් කොට කතා කළාය.

ජේම්ස් නැවතත් රතු වනු ඇය දුටුවාය. "ඒ කියපු එක කරන්න බෑ." ඔහු කීවේය.

"ඇයි ඒ?"

ජේම්ස් නිහඬව හිස සැලුවා පමණි.

"වැඩිය හොඳ කොහොමද?"

"මං දන් නෑ. මට තේරෙන්නෙ නෑ."

"තෝමස් මොකද්ද කිව්වේ කියන්නකෝ."

ජේම්ස් යළිත් හිස දෙපසට වැනුවේය. ලීසල්ට කාරණය වැටහුණි. ඇයද රතු විය. "එයා කිව්වේ අපි දෙන්නට යාළු වෙච්ච දෙන්නෙක් වගේ ඉන්න කියලද? කොල්ලයි කෙල්ලයි වගේ?"

ජේම්ස් වරක් ඈ දෙස බලා ඉවත බලාගත්තේය. "ඊට හපං දෙයක්."

"ඒ කිව්වේ?"

"බැඳපු දෙන්නෙක් වගේ ඉන්න කිව්වා."

ලීසල්ට බීම උගුර ඉස්මොල්ලේ යන්නට ගොස් අමාරුවෙන් වළක්වාගත්තාය. "ඒ මොකද එයා එහෙම එකක් කිව්වේ?"”
(ස්වතන්ත්‍ර නිර්මානයකි)


මේ 2012 ඉඳලා බ්ලොග් ලියන පරන බ්ලොග් රචිකාවක්. ලියන්න පටන්ගත්තම එකදිගට ම ලියාගෙන ගිහින් ටික කාලයක් විවේක අරගෙන එහෙම ආයේ එක දිගට ලියන්නියක් විදිහට මං අඳුරගෙන ඉන්නෙ. ඔබ ම කියවලා හොඳනම් එතන ම කොමෙන්ට් කරන්න.

Thursday, July 14, 2016

විශේෂ දවසක්, සමරන්න සෙට් වෙනවද?

 ඕන් දැන් අපි අහසෙන් ඇවිත් මේ ඔක්කොටම හැම දේම සෙට් කොරල තියෙන්නෙ...
කැමති දේකින් සප්පායන් වෙමු... හරි හරි අටමෝ, කමියෝ, කටුස්සෝ ඔය
තියෙන්නේ, බයිට් ද බෝතල් ද ඕනැ එකක්... හරි හරි බන්... උඹල ඔක්කොටම
තමයි... ඉස්ත්‍රී පාර්ෂවේටත් ඔය තියෙන්නේ ස්මැක්, මිරින්ඩ ගන්න ගන්න ඔනැ
එකක්... මොකද අහසෙන් ඇවිල්ලා අදට අවුරුද්දයිනේ... ඔයාල තමයි මේ අවුරුද්ද
පුරාටම අපි එක්ක හිටියේ.... හොඳ දේ හොඳටම අගයලා... අඩුපාඩු තියන තැන්
හරිගස්ස ගන්න පෙන්නලා, අලුත් අදහස් දීලා මේ අවුරුද්දම එකට හිටියනේ...
ඒ විතරක්ද, වෙඩින්වලට, පාටි වලට, සෙට් උනේ... මතකද? ඇයි නෙලුම් යාය
සම්මාන උළළට ගියා, පොත් එලි දැක්වීම් වලට අපි සෙට්වුනේ.....
අහසෙන් එනකොට තව වෙච්ච විශේෂම දෙයක් තමයි, සමස්ථ ආබාධිත පිරිස ගැනත්,
දෘෂ්‍යාබාධිත අය වෙනුවෙනුත් ඔයාලා දැනුවත් කරන්න ලැබුන එක...  ඒ වගේම
අහසෙන් එන අපි එක්ක සෙට් වුණු ඔයාලට අපිට තියන පොත් කියවා ගැනීමේ
අපහසුතාවය පෙන්වා දීලා, ඒ වෙනුවෙන් ඔබේ සහයත් ලබා ගන්න හැකි වුනා... මේක
තමයි විශේෂම දේ... ඉතින් මේ හැම දේම පුලුවන් උන අහසෙන් එන අපිට ඔයාලා
දුන්න සහයෝගය නිසයි... අපි දැන් සවුදිය පුරමු...

ආ තව එකක්.. මේ   තියෙන්නේ අහසෙන් ආව අපි එක්ක මුල ඉදලා එකතු උණු
පිළිවෙල... මුලින්ම  සවුදිය පුරන්න ඕනේ අටම්පහුර ලියන අටමා...
අම්බලන්ගොඩ කතා ලියන අම්බලන්ගොඩයා.. මුන් දෙන්නා තමයි අහසෙන් එන පැත්තට
මුලින්ම ගොඩවුනේ....
 ඔන්න ඊට පස්සේ කස්ටිය මෙහෙමයි ආවේ... කුරුටුගෑ ගී පවුරේ
හැමෝම...රසිකොලොජිස්ට් ලියන රසික සූරිය ආරච්චි...කොළඹ ගමයා ලියන අජිත්
ධර්මකීර්ති... ලොකු පුතා... වර්ණ කුලකය ලියන සංජීව... සිංදු
ඇනෝ...මදුමාධවී... කැමරාවෙන් එහාලෝකය ලියන Yashyantha, රූපේ... සබරෙ ඇනෝ....
ඉවාන් පවුලූශා... බස්සිගෙ නවාතැන ලියන බස්සි... සිතුවිලි සිත්තමට නැගෙනා
කවි පොත ලියන සිත්තමී... වර්ණ හැඬ කරන දිනේශ්.. එලද බ්‍රා මෙන්ඩා...
තෙලිදිය වාඩිය... ගස්ලබ්බා... දේශකයා.. ඉකොනො මැට්ටාගේ බොජුන් හල ලියන
ඉකොනො මැට්ටා.... පැතුම් හේරත්... ප්‍රාජේ... සමකය වටා ලියන නලීන්
දිල්රුක්ශ...  තිලක සිත ලියන තිලකෙ අයියා... මනෝ මන්දිර... සඳවියමන් ලියන
සදා... දිල්ශාන්... ඉෂාණි රණසිංහ.. නිහින්සා... අවංක ආර්යන්.. විභීෂණගෙ
අඩවිය ලියන විභීෂණයා... ඇවිද්ද පය ලියන සුදීක... අජිත් කුමාර... අශාන්
රවිදු... හන්සි... ඉයන්...  අසමි දකිමි ලියන විචාරක... බණ්ඩා...
වාසනාවන්ත කාලකන්නියා...  ග්‍රැකීගෙ අඩවිය ලියන ග්‍රැකී... කම්මලයා...
හැලප කඩේ හැලපෙ අයියා...  පුංචි කැකුලු ලියන තුශාණී... මහේශ් රත්නායක...
තරුරසී ලියන තරු, සත් පොත්... කළු සහ සුදු... Kaushi Ariyabandu,
ගාබ... කල්යාන මිත්‍ර නොහොත් සුමිත් කලනසිරි.
ඒ වගේම විල් තෙරේ කිඹුලී.. අනුත්තරා ඉරුගල් බණ්ඩාර... පත්තර මල්ලි...
මනෝජ් ෆනාන්ඩු... පොඩි කුමාරිහාමි අක්කා... ප්‍රියන්ති හන්සමාලි... මහේශ්
සමන්ත කුමාර... සී.ජේ. විධාන පතිරණ- විධානයා... ඇස්... වැසි දැරිය ලියන
වර්ශා.... නොකී කතා ලියන Hendry අයියා...කටුසු හදවත ලියන
කටුස්සා....ගිම්මිගේ කොළම කරන ගිම්මී....සජ්ජාගේ පඩංගුව අයිති සජ්ජා....
කුකුළගෙ කොටුවේ ගම් කුකුලා.....රංගන සහෝදරයා......යාංහෑල්ලේ
සුරන්ග...සලිත රජමුණි
...සිංහල බ්ලොග් ගලේ ලලිත් පෙරේරා....ඇනෝපිලිස්...මනාගෙ පිංතාරුව..ඩුඩ්
අය්යා...සොමියා...ඔමාගේ සිහින සාප්පුව දකින ඔමායා....සංජය ශ්‍රීකාන්ත්...
සිතූගෙ සිතුවිලි ලියන සිතූ....මෙතූ...ලේපාට හීන...තිලාන්...මාතලන්
ලියන්නා ප්‍රියන්ත...මලියා...නිම්නයක තනි වී හීන දකින්නී වන චතූ...යශිත්
ගමගේ...රන්දුළා..රාජ්ගෙ නවා තැනේ ඉන්න රාජ්...කවිඳු
ජයසිංහ...රොටියබාබ...අරුණ පෙරේරා...අනිත් කොන ලියන බෝදිනී අක්කා...
 හා හා පොඩ්ඩක් ඉන්න තව ඉන්නවා... එතකොට,
රසික ගුණවර්ධන...පොකුරු වැහි...දුමින්ද අබේසේකර...වසන්තයට පෙර...අලු
සුලඟ..චතුරංග ප්‍රියසාද්- ප්‍රියා...රොහාන් දනන්ජය...
 ආ.... කොමෙන්ට් කරුවන්ගේ සභාපති ප්‍රසන්න....සරසතුමා...සිරාගෙ කාමරේ
අරින සිරා කොලුවා.... ලිකිතා... Ishani සහ සියලු ඇනෝවරුන්... කොමෙන්ට් නොකළත්
කිය වූ හැමෝම....
එකතු වෙලා සවුදිය පුරමු...

අර කලින් කියුව වගේ හොඳ දේ හොඳටම අගයලා, අඩුපාඩු ඇති තැන් පෙන්වලා, අලුත්
අදහස් ගෙනාව මේ හැමෝටම අපේ ස්තුතිය... ආ ඒ විතරක් නෙවෙයි, ඇනෝ ආව අයත්
අමතක නෑ... ඒ අයටත්, මෙතෙක් කල් කොමෙට් නොකළත්, කිය වූ හැමෝටම,
ස්තුතී.....
 ඒ වගේම අදින් පස්සෙත්, , ගුණ දොස් විචාරන්නත්, අලුත් අදහස් එකතු
කරන්නත්, අහසෙන් එන අපි එක්ක එකතු වෙන ඔයාලට පුලුවන්.... එහෙනම් ආයෙ
වතාවක්... ඔබ සියලු දෙනාට ස්තූතිය....

Sunday, July 10, 2016

අමුතු කතාවක් 10: වර්ථමානය සහ පසුසටහන

















වර්ථමානය
සියලු යාතු කර්ම හා බණ දේශනවලින් පසු පෙර මෙන් කිසිම අත්භූත සිදුවීමක් සිදුවුනේ නැහැ. ඒත් ඊට පෙරත් මෙසේ කිසිවක් සිදුනොවී යලිත් මාස තුනකට පසු සියල්ල සුපුරුදු ලෙස සිදු වුණු නිසා සෑම දෙයක් ගැනම සිතේ පැහැදිලි විශ්වාසයක් කා තුළවත් තිබුනේ නෑ. කාලය ටිකෙන් ටික ගෙවිලා වසරක් පමණ වන විට හැමෝටම වැටහුනා වලවුවේ අත්භූත සිදුවීම් සියල්ල අවසන් වී ඇති බව. ඒ ගැන සඳලතා හා දියණියන් සතුටු උනත් නිලමේ පසු උනේ ලොකු කනගාටුවකින්. තම පියා නිවසෙන් එලවා ගත්තා වැනි හැඟීමක් ඔහු තුළ පැවතියා. නිලමේ කාටත් නොකියා වෙනත් කට්ටඩියෙක් වලව්වට කැදවාගෙන ආවේ යලිත් පප්පා වලව්වට කැදවීමට. නමුත් සඳලතා හා දියණියන් ඊට තරයේ විරුද්ධ වූ නිසාත්, ඔහුට එහි වූ බරපතල බව වටහා දීමත් සමග ඔහුට ඒ කාර්ය අත් හැර දැමීමට සිදුවුනා. වසර දහයක කාලයක් පුරා සිදු වූ මේ සිදුවීම එයින් නතර උනා. වසර දෙකකට ආසන්න වී ඇතත් අද වන තුරුත් පෙර මෙන් අත්භූත සිද්ධි කිසිවක් සිදු වී නැ. වලවුවේ යාතුකර්මයෙන් පසු සිරිල් මිය ගොස් තිබෙනවා.
 මේ වන විට සඳමිණී විද්‍යා අංශයෙන් විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලාවක් හදාරමින් සිටී. දෙවුමිණී ද වාණිජ විද්‍යා අංශයෙන් එම විශ්වවිද්‍යාලයේ ම උපාධිය හදාරනවා. නමුත් මීට පෙර කියූ දෙවුමිණීගේ චරිතය යම් පමණකින් හෝ සුභදායී විදිහට වෙනස් වෙලා නෑ. ඇය මේ වන තුරුත් තම සොයුරියටත්, අම්මාටත් දරුණු විදිහට පහර දෙනවා. එකම විශ්වවිද්‍යාලයක උනත් දෙසොයුරියෝ කාලය ගත කරන්නේ නාදුනනා දෙදෙනෙක් වගේ.
සඳමිණී හා ප්‍රදීප්ගේ ප්‍රේම සම්බන්ධය තාමත් පවතිනවා. ඒ සම්බන්ධය නිවැසියන් තාම දන්නේත් නෑ. කවදාවත් වැඩිහිටියන්ගේ ආශිර්වාදය නො ලැබෙන බව හොඳින්ම දන්න  දෙදෙනාගේ තීරණය තමයි, පෙම්වතුන් විදිහටම ලොවට හොරා සදාකල් සිටින එක. දෙවුමිණීටත් ආදර අන්දර ඇත. ඒත් ඒ එක් නිර්මළ ප්‍රේමයක් වෙනුවෙන් නොවේ. ඇයට ආදරය එක් සෙල්ලමක් පමණයි.
සඳලතා හා නිලමේ ගැන කියුවොත්,  ඉතා දීර්ග කාලයක් තිස්සේ මුහුණ දුන් දුක්කම්කටොලු නිසා ම ඔවුන් දෙදෙනා පසුවන්නේ දැඩි චිත්ත පීඩාවකින්. ඔවුන්ට කරදර තිබුණු කාලයේ ඇතැම් අය ඔවුන් රවටා තිබෙනවා. ඒ වගේම තම එකම සහෝදරයා පියා ද ඝාතනය කර ඔවුනගේ පවුල ද විනාශ කිරීමට තැත් දැරූ බව ඔවුන් දැන් දන්නවා. මේ නිසා ඔවුන් පසු වන්නේ සෑම කෙනෙකු ගැනම බියෙන්. සැකෙන්. විශේෂයෙන් නිලමේ තුළ යම් බින්න උන්මාධ තත්ත්වයක් නිරීක්ෂණය කරන්න පුලුවන්. ඒ වගේම සඳලතා කාන්සා ස්වභාවයකින් ද පසුවෙනවා. සඳමිණී මේ සෑම දෙයක් ගැනම අවබෝධයෙන් පසු උනත් ඒ කිසිවෙකු මනෝ ප්‍රතිකාර සඳහා යොමු කර ගැනීමට ඇයට හැකියාවක් නෑ. ඔවුන් කිසිවෙක් තමා තුළ ඇති තත්ත්වය අවබෝධ කර ගන්නේවත්, විශ්වාස කරන්නේවත් නැහැ. ඒ සඳහත් ප්‍රධානම හේතුව වී ඇත්තේ කිසිවෙකු ගැන ඔවුන් තුළ විශ්වාසයක්, පැහැදීමක් නැති වීමයි. ඒ වගේම සිතේ පවතින වලවු මානයට හානියක් වනවාට ඔවුන් තුළ කැමැත්තකුත් නෑ. දෙවුමිණී යම් මානසික රෝගී තත්ත්වයකින් පසුවේද යන්න මනෝ වෛද්‍යවරයෙකු ලවා පරික්ෂා කර ගැනීමට නිලමේ හා සඳලතා තුළ අකමැත්තක් ඇත්තේ ද වලවු ගෞරවයට හානි වේ යන සිතුවිල්ල නිසාමයි.
පැවති තත්ත්වය සම්පූර්ණයෙන් සමනය වී ඇතත් දැනට පවතින තත්වය අනුව නිලමේ, සඳලතා හා දෙවුමිණී මනෝ වෛද්‍ය ප්‍රතිකාරවලට හෝ මනෝ උපදේශනයට යොමු කිරීමට උත්සහ කළත් ඒ උත්සහය අත් හැර දැමීමට සිදු උනෙත් මේ  හේතුවෙන‍ුයි.
වලව්වේ හා වලවු වැසියන්ගේ වර්ථමාන තත්ත්වය මේ විදිහයි. එක් වෙලාවකට සිතන විට වලවු වැසියන්ගේ ජීවිත කතාව මෙසේ නිමා කරත් එය නිමා වන දවසක් නිශ්චිතවම කීමට හැකියාවක් නැහැ. මොකද තාමත් ඔවුන් අතර දෝලනය වන ගැටලු කීපයක් තියනවා.
 *නිලමේ, සඳලතා හා දෙවුමිණී තම මානසික ස්වභාවය අවබෝධ කර ගෙන මනෝ ප්‍රතිකාර සඳහා යොමුවේද?
* වලවුවේ කාට හෝ දෙවුමිණීගෙන් හානියක් වේද?
 *එසේත් නැති නම් දෙවුමිණීගේ ජීවිතයට වෙනත් අයෙකුගෙන් හානියක් වේද?
 *සඳමිණී සෑමදාම ප්‍රදීප්ගේ පෙම්වතිය වී තනිකඩව වලවුවේ ජීවිතය ගත කරාවිද?
 * විද්‍යාවෙන් හා තාක්ෂණයෙන් දියුනු ලෝකයක වලවු වැසියන්ගේ ගැටලු ඒ බිත්ති අතරම සැරිසරා දවසක සැගවී යාවිද?
මේ ගැටලු අවබොධයෙන් විසදා නො ගැනීම තුළ ද යම් ය්ම ගැටලු ඇති වේ. තන්හාව, ආශාව ඇති වන කල් හී දෙමාපිය බැදීම්, සහෝදර බැදීම් හෝ වෙනත් කිසිදු බැදීමක් බල රහිත වී ඕනෑම අපරාධයකට ඕනෑම කෙනෙකු යොමු විය හැකි ය. මේ කතාවෙන් ද පෙනී යන්නේ එය නොවේද?


පසුසටහන
අප සුරංගනාවන්, දියකිදුරියන්, මකරුන් ගැන අසා ඇත. නමුත් ආනුභූතික ලෝකය තුළ ඒ කිසිවක් ඉන්ද්‍රීය ප්‍රත්‍යක්සයට හසු වී නැත. දෙවිවරු, යක්ෂයන්, හොල්මන් හා අවතාර ද ගැනෙන්නේ මේ ඉන්ද්‍රීය ප්‍රත්‍යක්සයට හසු නොවන ගනයටයි. හොල්මන්, අවතාර හා භූතයන් පිළිබඳව සමාජයේ විවිධ මත පවතී. ඇතමුන් ඒවා පිළිගන්නා අතර තවත් පිරිසක් එවන් දෑ ඇතැයි විෂ්වාස කරන්නේ නැත. ඒ දෙපිරිසටම ඒ සඳහා විවිධ අද්දැකීම් මත පදනම් වූ තර්ක ද පවතී. එසේම අතීතයේ පැවති මත අනුව ඇතැම් තත්ත්වයන් ඇති වන්නේ යම් යම් බූත දෝශ, යක්ෂ බැල්ම නිසා ය. නමුත් නූතන මනෝ විද්‍යාවට අනුව එවන් තත්ත්වයන් ඇති වන්නේ මානසික රෝග හෝ ගැටලු පදනම් කර ගෙන ය. එය අසත්‍ය ද නොවේ.
ආරම්භයේ දී කියූ පරිදි මෙය සත්‍ය සිදුවීමකි. සඳමිණීගේ කතාව අසන විට අපට සත්‍ය වශයෙන්ම අමුතු කතාවක් ම විය. ඔබට මෙන්ම අපට ද විෂ්වාස කළ නො හැකි විය. අපට අවැසිවූයේ වලවුවේ දිනක් දෙකක් හිද හෝ ඒ තත්ත්වය නිරීක්ෂණය කිරීමටයි. පැවති තත්ත්වය මත වලවුවට කිසිවෙක් පැමිනෙනවාට ඔවුන් තුළ කැමැත්තක් නොතිබුන අතර සඳමිණිගේ මිතුරියන් බැවින් අපට එහි යා හැකි විය. විශේෂයෙන් අප ඒ තීරණය ගත්තේ ද හොල්මන් අවතාර පිලිබඳව අප තුළ විශ්වාසයක් නො තිබූ බැවිණි. මා ඇතුලු තවත් මිතුරියන් තිදෙනෙක් මෙම ගමනට සම්බන්ධ විය. දින කිහිපයක් වලවුවේ හිද තත්ත්වය පිරික්සීමට ගිය අපට පැයක් තුළ අසා ඇති දෑ අත්දැකීමට හැකි විය.
තේ බොමින් අප සිටියේ මැද මිදුලේ ය. මේසය මත තිබුණු කඩදාසියක පන්හිදක් යමක් ලියන්නට පටන්ගත්තේ අප ඉදිරියේම ය. එහි ලිය වී තිබුනේ මෙසේ ය.
“උඹල ආවේ මේවයැ ඇත්ත නැත්ත බලන්ට නේද? ඕන් බලා ගනිල්ලා. තව තව දේවල් බලා ගන්ට පුලුවන්වේවි.
ඒ මොහොතේ දැනුණු භිය වචනයෙන් කිව නො හැකි තරම් ය. රාත්‍රී ආහාර ගැනීමට මේසයට ගිය අපට දැනුනේ දැඩි පිළිනු ගඳකි. කුස ගින්නේ සිටි අප බියෙන් ද මුසපත් වී නින්දට ගියත් නින්ද අහලකටවත් ආවේ නැත. මෙතනින් එක් වර අතුරුදහන් වීමට ඇත්නම් හෝ පොලොව පලා ගෙන හෝ යාමට ඇති නම් වැනි හැගීමක් අප සිත් තුළ ඇති විය. කළ ක්‍රියාව පිළිබඳව අපි අපිටම දොස් කියා ගතිමු. අපේ කනගාටුවට හේතුවූයේ වලවුවේ ඇති තත්ත්වය දැන දැනම සඳමිණි අප එහි කැදවාගෙන යාම පිළිබඳව සඳලතා හා නිලමේ සඳමිණීට දොස් නැගීම ය. අපට එය ගැටලුවක් නො වූ බව පවසා පසුදාම අප වලවුවෙන් පිටත් විය. පැවති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට අප තුළ දැඩි කුතුහලයක් ඇති උනත් සඳමිණී හැර වෙන කිසිවෙක් ඒ පිළිබඳ කතා කිරීම ප්‍රතික්ෂේප කලෝය.
එක් දිනක් තුළ අපට දැනුණු මානසික පීඩනයේ හැටියට වසර 10 ක් පමණ වලවු වැසියන් කුමන දුකක් විදින්නට ඇතිදැයි අපට සිතුනි.
මා පෙර ඔබට කියූ පරිදි කෙටි පනිවිඩ ලිවීමේ ක්‍රියාව පටන් ගත් දිනේ සිට අවසන් කෙටි පනිවිඩය තෙක් සඳමිණී එකතු කර ඇත. ඒවා අදටත් ඈ සතු ය. ලොකු බණ්ඩාර මිය යාමට පෙර ලියූ ලියමනක් සමග සැසදීමේ දී අකුරුවල ඇති සමාන බව ද මිතුරියන් නිරීක්ෂණය කලෝය.
 මේ කතාව අකුරු කිරීමේ දී සඳමිණීගේ පූර්ණ අවසරය ලබා ගත්තෙමි. නමුත් ඔවුනගේ පෞද්ගලිකත්වයට හානි නොවන පරිදි ලිවීමට
 මම ඇයට පොරෙන්දු වීමි.
 මේ කාලය තුළ අපට කල හැකි වූ එකම දේවූයේ සඳමිණීට සවන් දී ඇයගේ මානසික තත්ත්වය යහපත්කිරීම පමණි. කුමන තත්ත්වයක් මත වුව ද ඇය අද වන විට ශක්තිමත්ව සිටී. පෙර කියූ පරිදි මෙය නිශ්චිත අවසානය දැයි නොදන්නා නමුත් එකම සහනය වූයේ වචනයකින් හෝ සඳමිණීට උපකාර කළ හැකි වීමයි.
මා හොල්මන්, අවතාර, බූතයන් පිළිබඳව විෂ්වාස කරන්නේ නැත. අදටත් එසේම ය. නමුත් මට මෙම සිදුවීම මහා ප්‍රෙහේලිකාවක් විය. මන්ද මෙම සිදුවීම අද්විදි අයෙකු වශයෙන් සත්‍ය වශයෙන් ම අමුතු දෙයකි. මෙය හොල්මනක්ද? අවතාරයක්ද, භූතයෙක්ද? යන්න මටත් ගැටලුවක් විය. ඒ පිළිබඳව කිහිපදෙනෙකුගෙන්ම විමසුවත් පැහැදිලි විග්‍රහයක් ලැබුනේ නැත. යම්තාක් දුරකට හෝ පැහැදිලි යමක් දැනගත හැකිවූයේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමිගේ කෘතිවලින් පමණි.
නිමි..

ප-ලි. අපට බොහෝවිට කියවීමට ලැබෙන්නේ නිර්මාණය කරන ලද අත්භූත කතා පුවත් ය. මට අවශ්‍ය වූයේ මා ලද අද්දැකීම හා දැනගත් කතාව ඔබේ රසවින්දනයට කතාවක් ආකාරයට ඉදිරිපත් කිරීම පමණි. මෙවන් දෑ පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ඔබ සතු ය. මෙතෙක් කතාව කියවා ගුණ දොස් පෙන්වා මා දිරිමත් කළ ඔබ සැමට ස්තුතී. බොහෝ අවස්ථාවන්හී අක්ෂර දෝශ පෙන් වූ හැලපෙට ස්තුතී..


Friday, July 8, 2016

අමුතුකතාවක් 9: හෙලිදරවුව සහ සමු ගැනීම





එතකොට ඇයි පප්පේ මල්ලි මෙහෙම දෙයක් කළා නම් අපෙන් පලි ගත්තේ?”
 ඒක තමයි මං මේ කියන්ට හදන්නේ. ‍ඊට පස්සේ උණු දේවල් උඹලා විස්වාස කරන එකක් නෑ මගෙ දරුවෝ.
“ඇයි පප්පේ එහෙම කියන්නේ?
“මං කලින් කියුව වගේ මං මැරුණම ඉස්සෙල්ලම ආවේ අලුත් වලවුවට. ඊට පස්සෙත් මං කීප වතාවක් ආවා. හැබැයි ඒ උඹලට කරදර කරන්ට නෙවෙයි. උඹලව බලල යන්ට. ඒත් මට පොඩි පුතා ගැන තිබුනෙ ලොකු කේන්තියක්. මොකද වංචා කරලා ඔක්කොම තනියෙන් ලියා ගත්තා. සිය දිවිනසා ගත්තා කියලා මට ලැජ්ජ කළා. මට ඕනෙ උනේ උන් දෙන්නව බය කරලා ටික ටික මරන්ට. මංඋන් දෙන්නට ඒ ගෙදර ඉන්ට දුන්නෙ නෑ. ඒකයි උන් ගියේ. මාව මරපු මිනීමරුවො දෙන්න මැරුනම උන් හොඳටම බය උනා. හැබැයි උන් ඉස්සර උනා. ලොකු පුතේ උඹ දන්නවද රූපගේ උපන් ගම.
“නෑ පප්පේ.
“ඒකි මාතර. ඒකිත් යන්තර මන්තර වැඩ ගැන ටිකක් දන්නවා. ඒ පැත්තේ ඉන්න කට්ටඩියෙකුට කියලා තමයි ඊට පස්සෙ වෙච්ච හැම දෙයක්ම උන් කළේ.
“ඒ මොනවද පප්පේ.
“උන් දැනගත්තා මං උන් පස්සේ එනවා කියලා. ඒ වගේම මං මැරෙනකොටත් උන් හිතුවා මාව යොදා ගෙන උඹලගෙන් පලි ගන්ට. ඒකට උන් කළේ මෙච්චරයි. මං මැරිලා ඇඟේ රස්නෙ යන්ට කලින් මගෙ කෙස්, නිය, හම දිව කපා ගත්තා. ඒක කළෙත් රූපා. මං උන් පස්සේ එන හින්දා උන්ට ඕනැ උනා මාව උඹල පැත්තට හරවන්ට. ඒකට උන් කළේ මාව බන්දනයකට අහු කරන එකයි. ඒ නිසා තමයි ඊට පස්සෙත් මගෙ මිනිය ගොඩ දාලා තිබුනේ. උන් මගෙන් නිදහස් වෙලා උඹල විනාශ කරන්ට මාව එව්වා.
“ඒක කළේ කොහොමද පප්පේ
“ඒක කළේ මෙහෙමයි ලේලියේ. මාව බන්දනය කලේ යකෙකුට. උඹල අහල ඇති කඩවර යකා ගැන. උන් කඩවරට පූජා පවත්වනවා උඹලව නැති කරන්ට. කඩවර ඒක කරවන්නේ මට කියලා. මොකද මං බැඳිලා ඉන්නවා එයාට ඕනැ දේ කරන්ට. හරියට ස්වාමියෙක් යටතේ ඉන්න සේවකයෙක් වගේ.
එහෙම කියලා පප්පා, එහෙම නැත්නම් පප්පාගේ ආවේශය ගෙන ඉන්න සිරිල් දිග සුසුමක් පිට කළා.
“ඉතින් පප්පේ පංසලේ හාමුදුරුවෝ කීවේ දුවල දෙන්නට බන්දනේ කරලා තියනවා කියලනේ.
ඒකෙ ඇත්තක් තියනවා. මට අන ලැබිලා තිබුනේ උඹලව මරන්ට. විශේෂයෙන් දුවල දෙන්න. එත් මගෙ දරුවො මගෙ අතින් මරන්නෙ කොහොමද? ඒ නිසා මං පුලුවන් හැම වෙලාවේම උඹලව ආරක්ෂා කළා. මට ඒකට කඩවර ගෙන් දඩුවම් ලැබුනා. ඒ වගේම උඹල එක එක පූජා තියනකොටත් මට දඩුවම් විදින්ට සිද්ධ උනා. මං උඹලට ගොඩක් කරදර කරපු දවස් තිබුනා. ඒක එහෙම උනේ ටිකිරි බණ්ඩාර බිළි පූජා අරක මේක කරනකොට මට එන බලපෑම වැඩී. ඒකයි එහෙම උනේ.
“දඩුවම්? ඒ කියුවේ.
“ඒව මගෙන් අහන්ට එපා. මට ඒවනම් කොහොමත් කියන්ට බෑ.
සඳලතාට මතක් උනේ එක දවසක් යාතුකර්මයකට යන්නට සූදානම් වන විට ලැබුණු පනිවිඩය.
“උඹල නම් රටේම තියන පංසල් පල්ලි, දේවාල ගානෙ යයි. මං එපැයි ඊට පස්සේ ඒවට විදවන්ට.
එසේ නම් ඒ විද වීම එයයි. ඇයට එහෙම හිතුනා.
“මතකද පුතේ ඉස්සර දවසක මං උඹලට ගොඩවෙලවත්තෙ දොල ලඟට එන්ට කියුවා. ඒ සැරේ විතරයි මං උඹලව මරන්ට තැනුවේ. ඒත් ඒ වෙලාවේත් මට උඹල මගෙ දරුවො කියලා සිහි උනා. මං උඹලට හානියක් කළේ නෑ. හැබැයි එදා මට ගොඩක් දුක් විදින්ට සිද්ධ උනා. ඊට පස්සේ හැමදාම කළේ උඹලව ආරක්ෂා කරන එකයි. දැන් මාස ගානකට කලින් උඹල සීනිගම දේවාලෙට යන්ට හදනකොට මං එපා කියුවේ ඇයි කියලා දන්නවාද
“නෑ පප්පේ
“උඹලට ගොඩක් දේවල් කරලා තියෙන්නෙ සීනිගම. එහෙම ගියා නම් උඹලට ආයෙ එන්ට වෙන්නෙ නෑ.
එතකොට මතකද මේ ලඟ දී මිනිහෙක් ආවා පුතා හම්බෙන්ට. ඒ මිනිහා එකපාරට දුවන්ට පටන්ගත්තා නේද
“ඔව් පප්පේ
“ඒ මිනිහා එවුවේ පොඩි පුතා. උඹව මරන්ට. ඇත්තටම ඒ මිනිහා දිව්වෙ නෑ. මං ඒකව ඇදගෙන ගියා. අලුත් වලවුවටම. ඌ බය කරන්ට විතරයි මට ඕනැ උනේ.
“එතකොට පප්පේ නංගිගෙ මිනිය ගොඩ දාලා මල්ලි මොකක්ද කළේ??”
“ආ, මට ඒක මතක් කළ එක හොඳා. උදුළාගේ මිනිය ගොඩ දාලා පිල්ලියක් හැදුවා. ලොකූවයි, පොඩීවයි මරන්ට. උඹල ඉස්සර උන නිසා ඒක වැලකුනා.
ඉතින් පුතේ මට තවත් බෑ උඹලට වද දෙන්ට. මාව මේකෙන් නිදහස් කරපල්ලා. උඹලට විතරයි ඒක කරන්ට පුලුවන්.
“මොකක්ද පප්පේ අපි කරන්ට ඕනෑ.
“වලව්වේ ඉස්සරහ දොරට දකුණු පැත්තෙන් හිස් කබලක් වළ දාලා ඇති. ඒක ගොඩ ගනින්. ඇරන් ඒකට පිරිත් පැන් ඉහලා. කනත්තක වළ දාපන්. මතක ඇතුව හිස් කබල තිබුන තැන අඩියක විතර ප්‍රමානෙක පස් අයින් කරපන්. තව වලව්වේ හතර කොනේ මිනි අලු වළ දාලා තියනවා. ඒවත් ඇරන් දාපන් පස් එක්කම. වලව්වේ හතර මායිමේ තියන්ට එපා. ඒ හැම තැනකටම පිරිත් පැන් ඉහපන්. ඒ හිස් කබල, මිනී අලු හැම දේම මගෙ. ඒව අයින් කළාම මට නිදහස් වෙන්ට පුලුවන් පුතේ.
“හොඳයි පප්පේ එහෙම කරන්නම්.
“එන පෝයට කලින් මේ ඔක්කොම කරපන්. වලවුවේ මැද සාලේ තියන ලොකු කුකුළා පහනේ කුකුළා කැඩිලා වෙන්වෙලා තිබුනොත් ඒ මං යනකොට තියන සලකුණ. ඒක මතක තියාගනින්. පුතේ ආයෙ මට මෙහෙම කතා කරන්ට වෙන්නෑ. ඒ නිසා මේ ටික හොඳට මතක තියාගනින්. මට පිං දීපන් පුතේ. හැබැයි එහෙම කියලා හැම වෙලාවෙම මාව මතක් කරන්ට එපා. එහෙම උනොත් ආයෙ මට එන්ට හිතෙයි. මං විතරක් නෙවෙයි මැරිච්ච ඕනෙම කෙනෙක්ට පිං දෙනවා කියලා හැම වෙලාවෙම පිං දෙන්ට, මතක් කරන්ට එපා.
“හොඳයි පප්පේ. අපි පප්පා වෙනුවෙන් දාන මාන කරන්නම්. ඉස්සරත් එහෙම කළා.
“මං දන්නවා. ඒත් මං බන්දනයකට අහු වෙලා හිටපු නිසා මට යන්ට බැරි උනා. පුතේ ලොකූවයි, පොඩීවයි හොඳට බලා ගන්ට. උඹලත් පරිස්සන් වෙන්ට. මං නැති උනාට ටිකිරි බණ්ඩාර උඹලට තව ගොඩාක් කරදර කරන්ට ඉට තියෙනවා. තව එකක්, පොඩීට වරමක් ලැබිලා තියෙන්නේ. ඒ ගැනත් සැලකිල්ලෙන් ඉන්ට. ඉතින් පුතේ මං යනවා. මෙච්චර කල් දුන්න කරදර වලට මට සමා වෙන්ට. මාව නිදහස් කරලා උඹලා සතුටින් ඉන්ට.
“පප්පෙ පප්පේ.
නිලමේ හඬගෑවේ පප්පා තමා ඉදිරිපිට ඉන්නවා වැනි හැඟීමකින්. ඒත් පප්පා ඒ වන විට ගොස් තිබුනා. කාගෙත් ඇසකට කඳුලක් ආවේ වැලලී ගිය අතීතයක් ගොඩ ගැනීම නිසා පමණක් නොවේ. ඒ තමා අසන්නට කිසිසේත් බලාපොරොත්තු නොවුණු දෙයක් හේතුවෙනුයි. ආවේශයෙන් ඉවත් උණු සිරිල්ට සිහි නැති උනා. පියවි සිහියට පත් වුණු වහා මළගිය ප්‍රාණකාරයා කරන්න කියූ දෑ අසා ගෙන නිවසට ගොස් කරන්න අවශ්‍ය දෑ වලව් වැසියන්ට දැනුම් දුන්නා. එදා සියල්ලෝම වලවුවට ගියේ කියා ගන්ට බැරි හැඟීමක් හිතේ තද කර ගෙන
කියුව වගේම කියපු හැම තැනකම හිස් කබල්, මිනීඅළු තිබුනා. ඒවා ඉවත් කරලා හැම තැනකටම පිරිත් පැන් ඉස්සා. තුන් වරු පිරිතක් වලවුවේ දේශනා කරලා දානයකුත් දෙන්න පුලුවන් උනා. ඊට පහුවදා උදේ මැද සාලයට ගිය සඳලතා දුටුවේ විශාල කුකුළා පහනේ කුකුළා කැඩී වෙන් වී ඇති බවයි.

වර්ථමානය සහ පසු සටහනෙන් හමු වෙමු..