Thursday, January 21, 2016

ස්පීකරයෙන් තිරය කියවීම හෙවත් Use a Computer



මේ පෝස්ට් එක ලියන්න හිතුනේ කිහිපදෙනෙක්ම අහල තිබුනු ප්‍රෂ්නයක් නිසා. ඒ මේකයි.“ඔබ බ්ලොග් කියවන්නේ, ලියන්නේ කොහොම ද? පරිගනඛය භාවිතා කරන්නේ කොහොම ද? කියලා. මා ඒ හැමෝට ම බොහොම කෙටියෙන් පිලිතුරු දුන්නත් මේ ගැන අහන්න බැරි වෙච්ච, අහන්න බලං ඉන්න හැමෝට ම දැනගන්න මේ ටික දාන්න හිතුවා.

මා බාවිතා කරන්නේ ඔබ බාවිතා කරන දැනට වෙලඳපොලේ දැකිය හැකි ලැප්ටොප් පරිගනඛයක්. එහි කිසිඳු වෙනසක් සිදු කර නැහැ. (වෙනසකට ඇත්තේ අදික ලෙස අතගෑමෙන් අවර්න වීම පමනයි.) නමුත් ඔබ මෙන් මා මව්ස් භාවිතා කරන්නේ නෑ. ඒ වෙනුවට කීබෝර්ඩ් විධානයන් (මාෂල් විදානයා නොවේ) භාවිතා කරමින් ක්‍රියා කරනවා.ඒ අතරින් බොහෝ විධානයන් ඔබට ද බාවිතා කල හැකි සාමාන්‍ය වින්ඩෝස් මෙහෙයුම් පද්දතියේ ඇති විධානයන්මයි. ඊට අමතරව තිර කියවනය (screen reader) මගින් ලබා දෙන විවිධ විධානයන් බාවිතා කරනවා.
මෙහි කියවුනු “screen reader” විෂේශ ම කාර්ය සිදු කරනවා. ඔබට පරිගනඛ තිරයෙන් (Moniter) විසින් සිදු කරන සේවාව මේ මගින් කෙරෙනවා. ඒ තිරයේ ඇති සෑම දෙයක්ම ඉංග්‍රීසි, සිංහල, දෙමල, හින්දි ආදී භාෂා තිහකට වැඩි ප්‍රමානයක් දැකිය හැකි වනවා. එහිදී තිරයේ වැටෙන අකුරු (Text) ස්ක්‍රීන් රීඩරය විසින් ලබාගෙන හඬ බවට පත් කර ඇසීම ට සලස්වනවා. එනිසා දෘශ්‍යාබාධිත තැනැත්තා ට මොනිටරයේ සේවාව ස්පීකර් මගින් ලබා ගත හැකියි. උදාහරනයක් ලෙස අප යම් ලියවිල්ලක් යතුරු ලියනය කරනවා යැයි සිතමු. එහිදී අප යතුරුලියනය කරන සෑම අකුරක්ම ඒ මොහොතේම ඇසීමට හැකි වනවා. සහ කියවීමට හැකි වනවා. ඒ විදිහට නොකියවන්නේ පින්තූර වැනි දේ පමනයි.
සරලව ම කියනවානම් මේක මෘදුකාංගයක්. මේ මෘදුකාංගය ද විව්ර්ත සහ මිලදී ගත යුතු ලෙස දෙවර්ගයක් දැකිය හැකියි. ඒ අතරට JAWS, NVDA, IVONA වැනි මෘදුකාංග අයත් වනවා. ඉතා පහසුවෙන් සිංහල සහ වෙනත් බාෂා විශාල ප්‍රමානයක් සහිත NVDA ඔබට වුවත් පහසුවෙන් බාගත කර ගත හැකි අතර මෙය නොමිලේ ලබා දෙන්නක්.
ඒ සමග බාවිතා කර හැකි විවිද TTS (Text To Speech) ද නිෂ්පාදනය වී තිබෙනවා. ඊට සිංහල ද ඇතුලත්. එහි ඇති විෂේශත්වය වන්නේ මානව හඬ ට සමීප ලෙස නිෂ්පාදනය කර තිබීමයි. උදා: සිංහල-තවමත් පරීක්ෂන මට්ටමේ ඇත. හින්දි-ලේකා TTS. ඉංග්‍රීසි-ඉවෝනා TTS. වැනි TTS දැකිය හැකිය.
එපමනක් නොව අද වනවිට බෙහෙවින් ජනප්‍රිය ටච් උපකරන ද දෘෂ්‍යාබාධිත අය සඳහා බාවිතයේ පහසුකම් ලබා දී ඇත. මෙයනම් විවිධ භාෂාවලින් තිබුනත් සිංහල කියවීම සඳහා TTS නොමැති වීම දැනට දැකිය හැකි විෂාල අඩුපාඩුවක්. එයනම් ඔබේ දුරකතනයේ, ටැබ්ලට් එකේ වුවද ඕනෑම අවස්තාවක ක්‍රියාත්මක කර හැකියි.
මේ බාවිතය පිලිබඳ ඉතා සරල සහ ඉතා කෙටි පැහැදිලි කිරීමක් පමනයි. මේ ගැන කියනකොට බ්ලොග් කරන්නේ කොහොමද කියල අහපු අය කල්පනා කරන්න පුලුවන් එතකොට මේක කරන්නේ කොහොමද කියලා. මේක HTML ටෙම්ප්ලේටයක් නිසා පෙර කී රීඩර් මගින් මෙහි ඇති දෑ කියවනවා. එනිසා මෙය යම් ඉවසීමක් සහිතනම් කල හැකියි. ඉවසීම නැති අයෙක්නම් යම් යම් අඩුපාඩු විය හැකියි.
එහෙනම් මේ කෙටි පැහැදිලි කිරීම ඔබට ප්‍රයෝජනවත් ඇතැයි සිතනවා. තවත් වැඩි දුර යමක් දැනගන්න කැමතිනම් මේලක් මගින් කතා කරන්න පුලුවන්.
එහෙනම් අලුත් එකක් ලියනකල් හැමෝටම ජයෙන් ජය ම වේවා.

Friday, January 1, 2016

සුබ ප්‍රාර්තනා සමග විරාමයක්!



සුබ ප්‍රාර්තනා:
මා මීට වසර ගනනාවක ට පෙර සිට බ්ලොග් ලෝකයේ කිහිප දෙනෙකු සමග පමනක් සිටියෙමි. ඒ නිහඬ කියවන්නෙක් ලෙස ය. නමුත් මේ වසරේ මැද භාගයේ සිට සක්‍රීය බ්ලොග් කෙරුවාවට එන්නේ මේකට ඇති ආසාව නිසාම ය. එකී ආසාව දෙගුන තෙගුන කළේ මේ බ්ලොගය කියවන, කොමෙන්ට් කරන ඔබ ය. එබැවින් මේ සුබ පැතුම ඔබට ය.
ඔබ සැමට සාමය, සතුට සපිරි, සියලු පැතුම් ඉටු වන ශ්‍රී සුබ නව වසරක්ම වේවා!

විරාමයක්:
මෙවැනි කෙටි පෝස්ටුවක් ලියා හෝ කනගාටුව ඵල කිරීමට සිත් වූයේ බ්ලොග් කරුවන් වන ඔබ කෙරෙහි ඇති හිතයිෂී භාවය නිසාම ය. හැමදාම එන, කොමෙන්ට් කරන, වලි දාගන්න, හිනාවෙන පිරිසක් සෑම බ්ලොගයක් වටාම ඒකරාශී වී සිටිති. මාගේ බ්ලොග් කරනයට පැමිනි දා සිට මේ බ්ලොගය කියවූ සහ මට හමු වූ සියලු දෙනාගේ බ්ලොග් කියවා හැකි සෑම වෙලාවක ම කොමෙන්ටුවක් දැමීමට අමතක නොකල මට දැන් මේ කාර්ය කෙසේවත් කරගත නොහැකි තැනට වැඩ සිදුවී ඇත.
එබැවින් කාරුනිකව මට සමාව දී තව කලක් ගතවන තුරු මගෙන් පෝස්ට්, කොමෙන්ට් බලාපොරොත්තු නොවන සේක්වා! හැකි විගහින් යලි කොමෙන්ට්, පෝස්ට් රැගෙන පැමිනෙන තුරු ඔබ සැමට වැඩි වැඩියෙන් පෝස්ට් ලියවෙන, කොමෙන්ට් වැටෙන කල දසාවක් උදා වේවා!