Wednesday, January 31, 2018

උපාසිකාවෝ




පනහ පැන්න ගමන් ගැහැණු
යනවා සිල් ගන්න කියා
ඒ ගැහැණුන්ගේ පිරිමින්
අවිවාහක දරුවන් සැම
සීලෙ රකී ගෙදර ඉදන්
දානෙ ලැබෙයි නෑයන්ගෙන්
නැතහොත් අල්ලපු ගෙදරින්
සිල් රකිනා
 උපාසක මව
දානේ පත අතට අරන්
අරය කෑවද දන්නෑ
පුතා කුසගින්නෙද මන්දා
සිතමින් දානය බුදිනා
ඒ අතරේ
ලතාගෙ කොමලේ බලහන්
ලයිසාගේ තාලේ හැටි
ඉදන් ඉන්න හැටි දැක්කද
මාලාගේ කෙල්ල අතන
කොල්ලෙක් සමගින් බජනේ
සිල් මුදවා ගිහින් ගෙදර
දවල්ට කෑවේ කොහොමද
උයා ගත්තෙ නැත්තෙ මොකද
උංගෙන් කෑවේ මොකටද
දන්නෙ නැද්ද උංගේ හැටි
අද දානේ කොහෙන් ලැබුනෙ
සැමියා මග වෙනස් කරයි
කතා කරල වැඩක්ම නෑ
කටේ තියන්නට බෑ ලුණු
බතත් ඇට්ටකුනා වෙලා
කිසිම රසක් නෑ දානේ
මාලාගේ කෙලි පොඩිත්ත
පංසලේදි මගුල් විසේ
ලතාගෙ තියෙනා කොමලේ
ලමිස්සියක් වාගෙ දඟේ
ඔහේ මොකෝ කලේ ඉතින්
උදේ ඉදන් ගෙදර ඉදන්
කියුවට කෝ
අහනවාද
සිල් ගන්නෑ
පංසලකට යන්නෙම නැ
බුලත් හැපුව
නිදා ගත්ත
රේඩු ඒකෙ බණත් ඇහුවා
සිල් ගත්තට වඩා හොඳයි
ගෙදර හිටපු එක කදිමයි