Wednesday, March 30, 2016

දිනන මග



අපේ රටේ විවිධාකාර තරඟාවලි පවත්වනවා. එහෙමත් නැත්නම් ජාත්‍යන්තර මට්ටමින් පවත්වන තරඟාවලි සඳහා අපේ රටින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගී කර වනවා. පවත්වන තරඟ අතරේ තියන එක තරඟයක් තමයි (ඉලක්කයට වෙඩි තැබීම) ඒත් මේ තරඟවලින් අපේ රටට පදක්කම් අඩුයි. මං මේ කියන්නේ ඒ ක්‍රීඩාව තරඟ අංශය දියුණු කරන්න පුලුවන් වැඩ පිළිවෙලක්.

දැන් මාසෙක විතර ඉදලා රටේ ප්‍රෙදේශ ගනණාවකම වෙඩි තැබීම් සිද්ද උනා. ගොඩාක් වෙඩි තැබීම් සිද්ද උනේ යතුරුපැදියකින් ඇවිත් වෙඩි තියලා යනවා. එහෙමත් නැත්නම් යතුරුපැදියේ යනගමන් ධාවනේ වෙන තවත් වාහනයක ඉන්න කෙනෙකුට වෙඩි තියනවා. බලන්න ධාවනේ වෙන වාහනයකට ධාවනය වෙමින් ම වෙඩි තියනවා කියන්නේ මොන තරම් හැකියාවක්ද? 

මම අර කලින් කියාපු තරඟාවලි වලට සම්බන්ධ වෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා පුහුණු, හොඳ ආහාර, බේත්හේත්, ශරීර සුවතා වගේ හැම දේම ලැබෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න මේ අනිත් කොටසට මොනවද ලැබෙන්නේ? ඒත් ඒ අය මොන තරම් දක්ශද? අර විශේෂ වරප්‍රසාධ ලැබෙන පිරිසට වඩා කොයිතරම් විශේෂ දක්ශතා පෙන්වනවාද? ධාවනේ වෙන වාහන වල පුද්ගලයන්ට වෙඩි තියනවා, වෙඩි තියලා දුවනවා. අංශ කිහිපයකටම ඒ අයගේ දක්ෂතා පෙන්වනවා. වැදගත්ම දේතමයි මං කියපු ඔබ දැනට අහලා තියන මේ යක්ෂ දක්ෂයන්ව තාමත් පොලිසියටවත් අල්ල ගන්න බැරි වෙලා තියනවා. පොලිසියෙන් සැඟවී සිටීමේ හැකියාවත් ඒ අයට හොඳට තියනවා.

මේ අය හොයාගෙන තැනකට ගන්නවා නම් ඉලක්කයට වෙඩි තැබීමේ තරගාවලියේ රන් රිදී, ලෝකඩ කියන පදක්කම් 3 ම අපේ රටට ගන්න පුලුවන්.  අනික ජාතික හා ජාත්‍යන්තර පුහුණුකරුවන් විදිහට උනත් මේ අය සහභාගී කර ගන්න පුලුවන්නම් හොඳ වෙඩික්කාරයෝ බිහි වෙයි.

පැරණි කියමනකුත් තියනවානේ (කැලේ පිපුණු මල් කැලේට ම පර වෙන්න දෙන්න හොඳ නෑ) කියලා. ඒකයි මං කියුවේ. අපි සුදුස්සාට සුදුසු තැන දෙන්න ඕනෙ නේද? 

මං මේ ලියන්න පැය කීපයකට කලිනුත් අකුරැසසේ දී තවත් වෙඩි තැබීමක් වෙලා තියනවා. බලන්න අපේ රටේ තියන මාණව සම්පත් කොයිතරම් වටිනවාද? ඒවායින් ප්‍රයෝජනයක් ගන්න තාම සූදානමක් නෑනේ.


35 comments:

  1. අම්මපා අන්න අදහස නේද?????????? නිර්මාණීටත් හිතෙන දේවල්...... අම්මපා මුන් එකතැනකට ගන්න බැරිම කමක් නැහැ. බන්ධනාගාර වල මුලින් ම තරග වටය තිබ්බානං ගොඩ තමා...... හැක්

    ReplyDelete
    Replies
    1. උත්සහ කලොත් බැරි නෑ කුරුටු. ස්තුතී අදහසට.

      Delete
  2. වැඩේ හොඳයි. පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ, උන් ඔය ෆයර් රේන්ජ් වලට ඇවිත් මේ වැඩේ කොරන්න කැමති වෙයිද කියන එක. ප්‍රැක්ටිස් වලටත් මහපාරම ඉල්ලයිද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. එහෙම ඉල්ලුවොත් කියමු මෙච්චර කල් පුරුදු උණු විදිහටම පුරුදු වෙන්න කියලා. කියුවත් වගේ ඒ අයටත් තැනක් දුන්නට පස්සේ ලංකාවේ අනිත් අය වගේ ඉල්ලීම් ඉල්ලයිද දන්නේ නෑ.........

      Delete
    2. මෙච්චරකල් පුහුණු වූ ආකාරයටම පුහුණුවීම සඳහා ටාගට් හැටියට දෙන්නේ මොනවාද? පාර්ලිමේන්තුව පැත්තේ පුහුණුවෙන්න කියමු.

      Delete
  3. යකෝ අපිට හීනෙකින්වත් හිතුනේ නැහැනේ බන් මෙහෙම දෙයක්...
    රටක් විදියට ඉස්සරහට යන්න මේ වගේ අලුත් අදහස් තමයි අද ගොඩක්ම අවශ්‍ය වන්නේ...

    ------------
    //මේ අය හොයාගෙන තැනකට ගන්නවා නම්//
    -----හොයන්නත් කට්ටිය ඉන්නවා, ගන්න තැනකුත් තියෙනවා, එත් මේ එකෙක්වත් එහෙම ගන්න බැරි එකනේ ප්‍රශ්නේ බන්...

    ReplyDelete
    Replies
    1. ස්තුතී විභීෂණ.... කවුරුත් මේ ගැන හිතලා නෑනේ තාම. එහෙම උනොත් ඔයාගේ ප්‍රශ්න වලට උත්තර හොයා ගන්න බැරි වෙන එකක් නෑ.....

      Delete
  4. හැක්.... හැක්..... හැක්.....
    ඒකත් නරක නෑ. ට්‍රයි කරල බලමු.

    ReplyDelete
    Replies
    1. ක්‍රයි කරමු. හැක් හැක්.......

      Delete
  5. මූවින් ටාගට් කියන්නෙ ලේසි ගේමක් නෙමෙයි.අනික නිර්මාණි ඔය වෙඩි තියන හාදයො තුවක්කු වලට පොඩි පොඩි මොඩිෆිකේශන් එහෙමත් කොරනවා.හමුදා විශේෂ පුහුණුව ලබල පැනල ගිහින් තමයි ඔය සමහර කට්ටිය ඉන්නෙ.
    මැරුම් නොකා කරගන්න පුළුවන් නම් හොඳ අදහස.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ආමි එකෙන් පැනපු අය ඉන්නවා කියන එක නම් මාත් අහලා තියනවා. සමහර අයගේ නම් වලට (ආමි) කියන කොටසත් තියනවානේ. ඒක ආමි එකටත් හරි නෑ

      Delete
  6. අපේ රටේ හැම ක්‍රීඩාවකම තත්වෙ ඔහොම තමා ...
    කැලේ පිපුණු මල් කැලේටම පර වෙලා යනව ....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ඇනෝ. බලධාරියෝ නියම දක්ෂයෝ අදුනගන්නේ නෑ.

      Delete
  7. ඔයාට හිතෙන කං අපිට මේක හිතුණෙ නැති එක නොවැ වැඩේ.. මරු අදහස..!!

    ReplyDelete
    Replies
    1. මට මේක හිතුනේ දෙමටගොඩ චමින්දට වෙඩි තියපු දවසේ වැසි දැරිය.

      Delete
  8. කතා කලොත් නෑවිත් ඉන්න එකක් නැහැ...
    නමුත් ඉලක්කෙට වෙඩි තියන තරංග වලදී වෙඩි තියන්නේ ඒ අය වෙඩි තියනවා වගේ ෆයර් ආම් වලින් නෙමෙයි නිසා එන්න කැමති වෙයිද...
    ලොකු ලොකු බුලට් වලින් පණ තියෙන මිනිහෙකුට වෙඩි තියලා ගන්න වින්දනය මුං ඇටයක් සයිස් පෙලට් එකකින් රවුමකට වෙඩි තියලා ගන්න බැහැ කියලා පණ තියෙන මිනිහෙක්ගේ ඇඟේ රවුම් ඇඳලා ඉල්ලයිද දන්නේ නැහැ ටාගට් එක විදිහට...

    ReplyDelete
    Replies
    1. ඔව්. එහෙමත් කියයිද දන්නේ නෑ. අපි බලමුකෝ නේද?

      Delete
  9. ලංකාවේ ටැලන්ට් එකකට කවද්ද ඉතින් හරියට තැනක් ලැබුනේ. හෙහ්.

    ReplyDelete
  10. වෙඩි තැබීමේ සෙල්ලම් කරපු හොදම ක්‍රීඩකයෙකුට එකෙකුට මතක මැතිව ගියා, ඊට පස්සෙ අනික් ක්‍රීඩකයන් හැම තැනම විසිරුනා.

    ReplyDelete
    Replies
    1. විසිරිලා ඉන්න මේ අය එකතු කරන්න පුලුවන්නම් කොයිතරම් හොඳද.... ස්තුති අදහසට කම්මල.

      Delete
  11. catch me if you can ෆිල්ම් එක මතක් උනා..

    හැබැට කවුද මේ නිර්මාණි? කිව්වේ නැත්නම් කසුන්ට වෙඩි තියලා දුවනවා..

    ReplyDelete
    Replies
    1. ඇයි කමී මේ නම තියෙන්නේ...... මම නිර්මාණී........

      Delete
  12. මම ඒ අදහසට තව අදහසක් එකතු කරනවා.. පිටකොටුවේ පොකට් ගහන එවුනුයි ගමේ ගොඩේ මාල කඩන එවුනුයි ඔලිම්පික් යව්වනම් උසේන් බෝල්ට්ලා කැලේ බන්.. අපේ ක්‍රීඩා පාලක නිලධාරීන් දක්ෂයින් සොයන්නේ පාසල් ඇතුලෙන් විතරයි.. ඒකයි ඇත්තටම ප්‍රශ්නය..

    ඔය මාල කඩන එකෙක්ව අරන් ගිහින් ඔලිම්පික් රේස් එක පටන් ගන්න තැනින් තියන්න ඕන.. අපේ පොලිස් රාලහාමි කෙනෙකුත් ඒ අහලින් පහලින් ඉන්දන්න ඕන පෙනෙන්න්න නොපෙනෙන්න. ඊට පස්සේ වටිනා කියන රත්තරන් මාලයක් දාපු නෝනා කෙනෙක් අර දුවන්න ලැස්ති කරපු එකා ගාවින්ම තියන්න ඕන.. ඒ වගේ පරිසර තත්වයක් ඇතුලේ තරඟය තිබ්බොත් දුවන එකා කෙලින්ම නවතින්නේ පළවෙනිය වෙලා.. හැබැයි පදක්කම දෙන්න වෙන්නේ උගස් කඩේට ගිහින් ඌව අල්ලාගෙන ඇවිල්ල තමයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී අදහසට..... මේ ගැනත් හිතන්නම පුලුවන්.
      මේකත් ක්‍රියාත්මක කරනවානම් අර කියුවා වගේ පදක්කම් ගන්නත් පුලුවන්. උකස් කඩේට යන්න වෙන එක තමයි අව්ල. ඒ ලඟම උකස් බඩු කඩයක් දැම්මනම් ඒකත් හරි.....

      Delete
  13. // පැය කීපයකට කලිනුත් අකුරැසසේ දී තවත් වෙඩි තැබීමක් වෙලා තියනවා. අපේ රටේ තියන මාණව සම්පත් කොයිතරම් වටිනවාද? ඒවායින් ප්‍රයෝජනයක් ගන්න තාම සූදානමක් නෑනේ // කියලා තියෙන දේ නම් සහතික ඇත්ත...

    ReplyDelete
  14. හෙහ් හෙහ් ඇයි කසුන් පිටකො‍ටුවෙ ඇපල් විකුණන උන් ඉන්නවා මැජික් ශූරයෝ. බස් ඩ්‍රයිවර්ලා ඉන්නවා F1 තරඟ වලට යවන්න. එතකොට අපේ පොලිසියේ...

    ReplyDelete
  15. හැක් කසුන් අයියටත් හිතෙන ඒවා, එදා නෙලුම් යායේදී දැකලා කතා බහ කරලා කසුන් අයියව අඳුන්වලා දීපු අපේ මහේෂ් ගොය්යටයි හංසිටයි තම ස්තුති කියන්න ඕනා, හරි මේකයි වැඩේ මේකේ මූවින් ටාගට් නැහැනේ ඔය තරංග වල, ඊළඟට ටාගට් එකක් මරලා වැඩක් නැහැම එකේ කිසි අතල් එකක් නැහැ, ඩීල් එකක් අවම එකේ කාලි ගානට මරල ගතමන්ට් එක අරන් පේමන්ට් එකෙන් සන් සන් ගලා පොලිසියටත් වැලි ගහල පිසින් වෙන්න කොට තමා අතල්. ඒ අතල් එක ඔය තරංග වල නැහැ කසුන් අයියේ, පදක්කමකට පුලුවන්ද ආතල් එකක් දෙන්නම අනික රට ජාතිය ගැන හන්ගීමකට පුලුවන්න එහෙම ආතල් කුඩු කරන්න, හෙක් ජය වේවා කසුන් අයියේ.

    ReplyDelete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.