දිනය, 2015/08/17 නාගොඩ රෝහලට වයස අව්රුදු හතරක පමන
කුඩා පිරිමි දරුවෙකු ගෙන ගියා. තම පියා සමග මොටෝ සයිකලයේ ගමන් කරමින් සිටියදී
සිදුවූ අනතුරක් නිසා ඔහුගේ පාදයක් බිඳී තිබුනා. එය නිරීක්ෂනය කළ වෛද්‍ය වරු වෙලුම්
පටි යොදා තැබිය යුතු බවට නිගමනය කර යලි සති දෙකකින් පැමිනෙන ලෙස දන්වා පිටත් කර
යවා තිබුනා. එලෙස මාස දෙකහමාරක් පමන දරුවා සිට තිබුනා. නමුත් මේ දරුවා වේගයෙන්
ගමන් කිරීමේදි හෝ දිවීමේදී පාදය ඉදිරියට පමනක් නොවදෙපසට ද නැවෙන බව දෙමාපියන්
නිරීක්ශනය කර තිබුනු අතර ඒ පිළිබඳව අදාල සායනයේ වෛද්‍ය වරුන් ද දැනුවත් කර තිබුනා.
නමුත් ඔවුන් ඒ පිලිබඳ කියා ඇත්තේ මෙවන් දෙයක්. ‘‘මේක හදන්න ආයේ ඔපරේශන් එකක් කරන්න
ඕනේ‘‘ කියලයි. නමුත් පසුව සොයාගත් කරුනු අනුව මේ දරුවාගේ පාදය කැඩුනු තැනින් පමනක්
යලි සකසා දනිස ඒ අවස්තාවේ නොතකා හැර ඇති බවයි.
මට මේ කතාව අහන්න ලැබුනු වෙලාවේම මේ සිදුවීම් කිහිපයත්
මතකයට ආවා. ඔබ දන්නා පරිදී දෘශ්‍යාබාධිත වීම විවිදාකාරයෙන් සිදු විය හැකියි. ඉන් දොස්තරලාගේ
නොසැලකිල්ල, නොදැනුවත්කම හෝ අති පන්ඩිතකම, වැරදි රෝග විනිෂ්චය නිසා සිදු වනවා. ඒ
අතරින් තෝරා ගත් අද්දැකීම් කිහිපයක් මෙලෙස ලියා තැබීමට හිතුනා.
1. රටේ
එක්තරා ප්‍රසිද්ධ රෝහලක මාස අටකින් ඉපදුනු දැරියක් වනවා. මට හමු වන විට ඇය පූර්න දෘශ්‍යාබාධිත
තත්ත්වයෙන් සිටියා. ඇයගේ මව ඉංග්‍රීසි ගුරුවරියක්. අඩු මාසෙන් ඉපදුනු දරුවන් සාමාන්‍යෙන්
වීදුරු පෙට්ටියක තබන බව ඔබ දන්නව ඇති. එහිදී යම් විදුලි ආලෝක ප්‍රමානයක් එම වීදුරු
පෙට්ටියට ලබා දෙනවා. එහිදී දරුවාගේ දෑස් වසා දැමීම සිදු වනවා. නමුත් කුමන හේතුවක්
නිසා හෝ මේ දරුවා තබා තිබූ වීදුරු පෙට්ටියේ ආලෝකය ලබා දී තිබුනත් දරුවාගේ දෑස් වසා
තිබුනේ නැහැ. ඒ නිසා කුමන කරුමයකට හෝ මේ දරුවාට සදාකාලිකව ම අඳුරේ සිටීමට සිදු
වුනා.
2. මැය
උපතේදී කිසිඳු ආබාධයකින් තොරව සිටියා. නමුත් වයස අව්රුදු 4 දී පමන ඇයගේ ද ඉරනම එක්
කටුවකින් වෙනස් කරන්නට එක්තරා වෛද්‍ය වරයෙකුට හැකි වුනා. ඒ ඇයට සෑදී තිබූ උන රෝගයකට
කිසිඳු වග විභාගයකින් තොරව එන්නතක් ලබා දීම නිසයි. එකී එන්නත ඇයගේ ඉරනම වෙනස්
කරන්නට තරම් සමත්කමක් පෙන්වා තිබුනා. ඒ ඇය ද සදාකාලික දෘශ්‍යාබාදිත තත්ත්වයට පත්
කරමින්.
3. මැයත්
ඒ විදිහට ම දොස්තර ගේ උවමනාවට ඇස් අහිමි කරගත් දැරියක්. ඇය වයස අව්රුදු 11 දී පමන
රෝහල් ගත වන්නේ ඇසේ අදි රුදිර පීඩන තත්වයක් නිසා. නමුත් ඒ සඳහා කල යුතු නියමිත ප්‍රතිකාරයන්ගෙන්
බැහැර ව වෛද්‍ය වරයා පීඩනය පාලනය නොකර සැත්කමක් කර තිබෙනවා. සාමාන්‍යෙන් එලෙස පීඩන
තත්ත්වයකදී එය පාලනය නොකර සැත්කම් සිදු නොකරන අතර මේ වෛද්‍ය වරයා කල යුතු නොවන
සැත්කමක් කළ බවයි මෑතකදී ද කළ පරීක්ෂන මගින් තහවුරු වී ඇත්තේ.මේ නිසා යම්තාක් හෝ
පෙනුම තබාගත හැකි දැරියක් සදාකාලික අඳුරට ඇද දැමුනා.
4. ඇස
ට තම සොහොයුරියගේ නියපොත්තක් වැදීම නිසා රෝහල් ගතවූ පුතෙකුට ද සිදු වී ඇත්තේ නිය
වැදුන ඇසත් සමග තම අනෙක් ඇසත් අහිමි කරගෙන නිවසට යාමටයි. ඒ සැත්කම් කාමරයේදී වෛද්‍ය
වරයාට ඇස මාරු වීම නිසා කිසිඳු හානියක් සිදු නොවූ ඇස සැත්කමකට ලක් කර තිබුනා. ඒ පිලිබඳව
විමසූ විට කියා ඇත්තේ එම ඇස ද ස්නායු ගැටලුවකින් බේරා ගැනීමට සැත්කමක් කල බවයි. එය
සැබැවින් ම එසේනම් නියපොත්තක් වැදුනු ඇස සැත්කමට ලක් කල යුතු බව කියා සැත්කම්
කාමරයට ගත්තේ කුමට ද යන්න වෛද්‍ය වරුන් පැහැදිලි කළ යුතුව නොතිබුනේද? කෙසේ වුවත්
ඉන් සිදු වූයේ තවත් දරුවෙක් මෙලොව එලිය දැකීමේ වාසනාව වෛද්‍ය වරයෙකු ලවා අහිමි කර
ගැනීම නොවේද?
ඒ සිදුවීම් කෙසේ වුවත් වඩා සැලකිල්ලෙන් තම සේවාව නිවැරදි
ව ඉටු කරන වෛද්‍ය වරුන් මෙරට නොමැති බවට කාට නම් තර්ක කළ හැකි ද? මා දන්නා පමනින්
තම සේවාව ද නිසි ලෙස සිදු කරමින් ඉන් එහා ගිය විශාල සමාජ වගකීම් සම්බාරයකට ද තම
කාලය, ධනය, ශ්‍රමය කැප කරන වෛද්‍ය වරුන් සිටිති. ඒ අතර මගේ මතකයට නිරායාසයෙන්ම වෛද්‍ය
සමන් සේනානායක, වෛද්‍ය කපිල එදිස්සූරිය යන දෙපල මතකයට එයි.
ඉහත මුලින් සඳහන් කල මාදිලියේ වෛද්‍ය වරුන්ටනම් මට
කියන්නට ඇත්තේ තවත් ඉස්ට්‍රයික් කරන්න කියා පමනි. මුලු ජීවිත කාලයම ස්ට්‍රයික් කලාට
රටේ රෝගීන් අමනාප නොවනවා ඇත.
ඒ අතර යහපත් වෙදුන් ඊලඟ ආත්මයේ ද යහපත් ජීවියෙකු ලෙස
ජීවත් වන්නට වාසනාවන්ත වනවාටනම් කිසිඳු සැකයක් නැත.
ප/ලි.
මෙහි වෛද්‍යවරුන්ට අපහාස නොකිරීම අරමුන නොවුනත් මේ
වැරදි ඔවුන් අතින් සිදුවන බව මතකයේ තබා ගන්න. ඉදිරියටත් එය එසේ වනු ඇත. ඔබ ප්‍රවේසම්
වන්න. මෙය කියවන වෛද්‍යවරුන් අමනාප නොවන්න, හිත් රිදවා නොගන්න.
මේ සිදුවීම් මීට වසර 10 ට පෙර සිදු වූ සිදුවීම් කිහිපයකි.
මීට සම්බන්ද වෛද්‍ය වරුන් බොහොමයක් දැන් මා දන්නා පරිදී සේවයේ නොමැත.
දොස්තරලාත් මනුශ්‍යයෝය..
ReplyDeleteහැබැයි... එයාලත් ඒක තේරුම් ගන්න ඕනෙ.අනික අපිත් දැනගන්න ඕනෙ අපි ගැන සැලකිලිමත් වෙන්න පුළුවන් තරමින්.බෙහෙත් ඩබල් ඩෝස් වදින්නැති වෙන්න,හරි බෙහෙත ඉල්ලගන්න වගේ ඒ අවධානය වැදගත් වෙනවා.ඒත් ජොබ් එක කරන හැටි කියල දෙනවා කියල හිතුවොත් මල කෙලියයි.දැලි පිහියෙං කිරි කනවා වගේ වැඩක් මචෝ...
ජයවේවා..!!
දොස්තරල තරහ කරගෙන කොහොමද ගස්. බුදුහාමුදුරුවො කියලත් තියෙන්නෙ දොස්තරල තරහ කරගන්න එපා කියලනෙ.
Deleteවෛද්‍යවරු උනාම මීට වඩා කල්පනා කාරී වෙන්න ඕන. දොස්තරලාත් මනුශ්‍යයෝය කියලා බැහැර කරන්න බෑ. ඔවුන් වැඩ කරන්නේ තව ජීවිතයක් එක්ක. රෝගියාගේ නොසැලකිල්ලට ඔවුන් පලි නෑ. ඒත් වෛද්‍යවරයෙක් හැම තිස්සෙම සැලකිල්ලෙන් ඉන්න ඕන.
ReplyDeleteසෑම වෛද්‍ය වරයෙක් ම මේ ගනයට ගන්න බෑ. හොඳම සේවයක් කරන අතරේ ඉන් එහා ගිය සත් කාර්යන් කරන වෛද්‍ය නිලධාරීන් මා අසා තිබෙනවා. අතලොස්සක් වෙදුන් මේ යහපත් සේවාව හෑල්ලුවට ලක් කරනවා. ඒක එදත්, අදත්, හෙටත් එහෙමයි.
Deleteබුදු අම්මෝ.................!!!
ReplyDeleteරසිකලොජිස්ට් බය වෙලා වගේ!
Deleteහා හා දොස්තරලාට විතරක් දොස්කියල පොස්ට් දාන්න එපා .. ඒ උත්තමයලා බොහොම දුක් සහිත ජීවිත ගෙවාගෙන තමයි ඔය රැකියාව කරන්නේ. ඒ කරන්නෙත් කැමැත්තෙන් නෙවෙයි. රජයේ සහ අපේ බලකිරීමට. ඒ හින්ද මෙහෙම දොස් කියන එක වැරදියිලු... හැක..හැක් ..
ReplyDeleteඅපේ රටේ මිනිස්සු දොස්තරල ට වැඳගෙන ඉන්නකල් මේව වෙනස් වෙන්නේ නෑ. සමහර දොස්තරලාට වැන්දත් පව් නෑ. පිටරට වගේ මෙහෙත් ඒ තත්ත්වෙ නැති උන දවසට මේවා වෙනස් වේවි.
Deleteමෙහි ඇති කරුණු අනුව කොපමණ දොස්තරලා වරදක් කලත් ඔවුන් අතින් එම වරද වුනා කියලා පිළිගන්නේ නැතිව වරද වෙනකකු පිට පටවා ඔවුන් පැන යාමයි නේද කරන්නේ. එවන් වරදට දඬුවම් ලැබුණු දොස්තරලා ලංකාවේ ඉන්නවද ?
ReplyDeleteඇනෝ, බොහෝ විට එහෙමයි. මා දන්නා තරමින් දඬුවම් ලැබුනු දොස්තරලා නැහැ. පුලුවන්නම් හොයල මෙතන දාන්න.
Deleteමගේ අම්මගේ නිංගි මැරුනෙත් ඩොක්ටර්ස්ලගේ වරදින්.දරුවෙක් ලැබෙන්න ඉන්නකොට නොසැලකිල්ලෙන් කටයුතු කරලා වැරදි එන්නතක් ලබාදුන්නා.ඉන් පස්සේ සැරින් සැරේ පුංචි අම්මාගේ සිහිය විකල් වෙන්න පටන් ගත්තා.ඒ වගේම නිතරම දැනෙන වේදනාවකින් දුක් වින්දා.මේවා දරාගන්න බැරිවුන තැන අන්තිමට එයා සියදිවි හානිකරගනෙ තිබුනා.
ReplyDeleteහැබෑටම මෙය කේදවාචකයක්.කිසිඳු නිලදරුවෙකුට මේවා නොපෙනීම රටේ අවාසනාවක් මනෝ.
Deleteසංජීව මෙන්ඩිස් එල ද බ්‍රා මෙන්ඩා ආගියඅතක් නැත
ReplyDeleteබොල්ණයක් ලෙස කපාහැරියානම් අංක 1ද
නැවතමුදල් පියවාගත්තේනම් අංක 2ද
ණයට නොදුන්නානම් අංක3ද
තවමත් මුදල් නොලැබුනානම් අංක 4ද
e l b හිස්තැනක් අදාල අංකය යොදා 1919 send කර වටිනා ජංගියක් දිනාගන්න
මෙන්ඩ ඇනෝ ඇවිත් ද මන්දා.
Deleteඕකා හිටියනම් තව කතන්දර ටිකක් අහගන්න තිබුනා. ඌ නැතුව පාලුයි වගේ නේද ඇනෝ?
දොස්තරවරු සහ දොස්තර හොරු හැමතැනම ඇත. මං පෞද්ගලිකව දන්නා වෛද්‍යවරයෙක් තමන්ගෙ පෞද්ගලික සායනයට එන ඇතැම් දුප්පත් අයට නොමිලේම බෙහෙත් දෙනවා පමණක් නොවෙයි ෆාමසියෙන් ගන්න බෙහෙත්ටික පවා අරන් දෙනවා. එතුමා තමන්ගෙ පුද්ගලික වියදමින් පාසල් දරුවන් රාශියකට පාසල් උපකරණ, ශිෂ්‍යත්ව ලබා දෙනවා. ඒ අතරෙ ආ රෝගියා පරමා ලාභා කියල හිතාගෙන වැඩ කරන දොස්තරලාත් අනන්ත මං දැකලා තියෙනවා. හැම ක්ෂේත්‍රයකම මේ වගෙ උදවිය ඉන්නවා. හැබැයි වෛද්‍ය ක්ෂේත්‍රය ඒ හැමටම වඩා වැදගත් එකක් නිසා මේ වැරදි කැපිලා පේනවා
ReplyDeleteඇත්ත ඩිලා. ඒ දොස්තරලා රට ට සම්පතක්. අන්න නියම සේවාව.
Deleteබුදු අම්මෝ කියල තමයි කියන්න වෙන්නේ.. රසික කියුවා වගේ..
ReplyDeleteහොඳ ඇස් දොස්තරෙක් හිටියා ගාල්ලේ අපේ වයිපරේ ගේ ඇස් බලපු.. ඩොක්ටර් තාරක කුසලධර්ම.. අනේ ගිය පාර නිවාඩුවට ගාලු ගිය වෙලෙත් හම්බුනා.. හොඳට හිටිය උන්දා දවස් දෙක තුනකින් මැරිලා.. වෙන මොකක්දෝ ලෙඩක් තිබිල ගණන් ගන්නේ නැතුව ඉඳල මන් හිතන්නේ.. කතාවට අදාල නැති උනත් මතක් වෙච්චි නිසා ලියුවා..
ඇත්ත කමි අයියෙ. මේ වගේ හොඳ ඩොකාල ඉන්නවා. එවන් දොස්තර වරුන් අඩු වීම කනගාටුවක්. මා ඔය වගේ කතාවක් වෙනත් දොස්තර කෙනෙකු ගැනත් අසා තිබෙනවා.
Deleteරස්සාව කරලා ම පිං කරගන්න හැකි රස්සා කීපයක් ම තියෙනවානේ... ඒකක් දොස්තරකම.... ඒ වගේ ම ඒක හරියට නොකළොත් ඒ පවම අැති ජීවිතයට ම විදවන්නත්.....
ReplyDeleteහරියටම හරි කුරුටු. මේක මේ වගේ විශ්වකර්ම රැකියාවක්.
Deleteදොස්තරලා සම්බන්ධව සහ ඔවුන් මගින් වෙන්න පුළුවන් වැරදි (සහ ඉදිරියේදී අපේ රටේ වියහැකි අකටයුතුකම්) වළක්වා ගන්න මෙන්න මේ දේ කරන්න පුළුවන්නම් හොඳයි...
ReplyDeleteඔපරේෂන් එකකදී රෝගියාගේ කාට හරි තියටර් එකේ ඉන්න ඉඩ දෙනවනම් සහ ඔහුට හෝ ඇයට ඒ ක්‍රියා අධීක්ෂණය කරන්න ඉඩ ලැබෙනවානම් හොඳයි...
ඒ වගේම සම්පුර්ණ සැත්කම වීඩියෝ මගින් රෝගියාට හෝ නෑදෑයින්ට ලබා දෙන්න පුලුවන්නම් වඩා හොඳයි...
එතකොට වැරදි ඇස් ඔපරේෂන් එහෙම වෙන එකක් නැහැ, ළඟ ඉන්න තමන්ගේ කෙනා නිසා...
ඒ වගේම ඉදිරියේදී රෝගීන්ගෙන් අවයව හොරෙන් ගන්න ඇති හැකියාවත් එයින් නැති වෙනවා යමක් කමක් දන්න කෙනෙක් රෝගියා වෙනුවෙන් තියටර් එකේ හිටියොත්...
ඒක කරන්න පුළුවන් ඔපරේෂන් එකකදී වගේ තමයි, වැරදි එන්නත්, බෙහෙත් වගේ දේකට ටිකක් අමාරුයි...
ගොඩක් රටවල බෙහෙත් ලුස් දෙන්නේ නැහැ, ෆුල් පැක් එක දෙන්නේ. ඒකෙ තියෙන කොලේ කියවලා අදාළ ලෙඩේට ඒ බෙහෙත ගැළපෙනවද කියල බලන එක කරන්නත් පුළුවන්...
එන්නත් වලට නම් කරන්න දෙයක් නැහැ...
මේ ක්‍රමය මා දන්නා තරමින් ලංකාවෙත් පුද්ගලික රෝහල්වල ක්‍රියාත්මකයි. රජයටත් මේ ක්‍රමය හඳුන්වා දීම වැදගත්.
Deleteසමහර විට වෛද්‍යවරු අතින් negligence සිදුවේ. ඒ ගැන වෛද්‍ය සභාවට පැමිණිලි කරන්න , පිටපතක් ජනමාද්‍ය වෙතද යවන්න. එම පැමිණිල්ලට සිදුවූයේ කුමක් ද කියා අසන්න ; මිනිසුන් දැනුවත් කරන්න
ReplyDeleteජන මාද්‍ය ැන විශ්වාස කරන්න බෑ. එයාල එයාලගෙ නියායන්ගෙන් පිට යන්නෙ නෑ. මේ දැනුවත් කිරීමත් ඒකට ගත්ත එක පියවරක්.
Deleteසල්ලි පස්සෙ දුවලා, යසට තිබුණු නම කැත කරගෙන ඉන්නෙ කට්ටිය. නැතිනම් ඉස්සර මෙහෙම දේවල් නොවුනා නෙමේ. අත් වැරදීම් අනන්ත වෙනවා. ඒ ඒ වෘත්තියෙ හැටියට බරපතල කම වෙනස් වෙනවානෙ. අනික දැන් මාධ්‍ය මගින් හැමදේම එළියට එනවා.
ReplyDeleteඑලියට නොඑන ප්‍රමානය ගොඩක් වැඩියි කියල මට හිතෙන්නෙ මදුවො. ඇත්ත දැන් සල්ලි කියන සාදකය වෙද නලාව වගේ දොස්තරල එක්ක ගැට ගැහිල ඉවරයි.
Deleteතමන් කරන වෘත්තියට ගරු කරන්න දන්නෙ නැති,ඒ වෘත්තිය පුහු ආබරණයක් කරගන්න දගලන දොස්තරලා ඉන්නකොට මෙවැනි දේවල් සිදු වෙනවා
ReplyDeleteඇත්ත වැසි. කවදා මේව වෙනස් වෙයි ද?
Deleteමමත් දන්න දෙතුන් දෙනෙකුට දොස්තර උන්නැහැලා හින්දා සදාකාලික ආබාධිත තත්වයට පත්වෙලා.
ReplyDeleteඒ සියලුම දෙනා විශේෂ දක්ෂතා ඇති පුද්ගලයන්....
සුබ නත්තලක්......
ඒක රටේ අවාසනාව.
Deleteසුභ නත්තලක් ඔබටත්!
අපේ පවුලට වුනු සිදුවීමකදී දොස්තරලට එරෙහිව නඩු යන්න එපා කිව්වා. කවුරුත් සාක්කි දෙන්නේ නැහැ කියල.
ReplyDeletehttp://nelumyaya.com/?p=4854
ඒකනෙ අජිත් අයියෙ. ඉතින් කාට කියන්න ද?
Deleteස්තුති නෙලුම් යාය සහයෝගය ට.
මිනිස්සු සුවපත් කරන්නෙත් දොස්තරලා. මිනිස්සු ලෙඩ කරන්නෙත් දොස්තරලා. අනික් දැන් එයාලාත් ලෙඩ වෙනවානේ. එයාලට බෙහෙත් දෙන්නේ කවුද?
ReplyDelete