කියවීමෙන් මිනිසා සම්පූර්න කරයි යන කියමන ඔබ අසා ඇත.ඔබ
ද දැනුම, රසවින්දනය ආදී වශයෙන් වූ විවිද අවශ්‍යතා වෙනුවෙන් පොත් කියවනු නොවනුමාන
ය. නමුත් ඔබ මෙන් ඇස ඉදිරියට ගෙන පොත් කියවිය නොහැකි පිරිසක් ද ඔබ සමගම ජීවත් වන
බව ඔබ නොදන්නවා ද වන්නට පුළුවන. එබැවින් අද පෝස්ටුව ඒ වෙනුවෙන් වෙන් කිරීමට මම
කැමැත්තෙමි.
ඔබ සමග ම මග තොටේ යන එන, කාර්යාලයේ සේවය කරන, බස්
රතයේ ගමන් බිමන් යන එන මේ පිරිස සුදුසැරයැටිය තම ඇස කරගත් දෘශ්‍යාබාධිත පිරිස ය.
මොවුන් ඔබ මහත් ආසාවෙන් කියවන පොත කියවීමට නොහැකිව විඳින අපමන දුක් පීදා ඔබ නොදැන
සිටීම විමතියට කරුනක් නොවේ. නමුත් ඔවුන් ද පොත පත වෙත අපමන ආදරය කරන බව නම් කිව හැකිය.
කෙතරම් පොත් මිලයට ගත්ත ද, ඒවා ආසාවෙන් ලඟ තබා ගත්තද කියවිය නොහැකිනම් ඉන් ඇති පළය
කුමක්ද?
මා ඒ ගැන සඳහන් නොකර ඒ වෙනුවෙන් සොයාගත් අපූරු
විසඳුමක් ගැන කරුනු ගෙන ඒමට කැමැත්තෙමි. දෘශ්‍යාබාධිත වූවන් අද වන විට තාක්ශනය තම
ගැලවුම්කාරයා බවට පත්කරගෙන සිටින බව ඔබ දන්නෙහිද? එය එසේය. දැනට ඇති හොඳම සහ මට
සිතෙන ලෙසට එකම විකල්පය මෙය වේ. එබැවින් එහිම එක් අවස්තාවක් ලෙස මේ තාක්ශනික ක්‍රමවේදයන්
බාවිතා කරමින් මුද්‍රිත ප්‍රකාශන කියවා ගත නොහැකි පාටකයන් වෙනුවෙන් අදාල ප්‍රකාශන
පරිශීලනය කළහැකි ආකාරයට නිර්මානය කිරීම ආරම්බ කර තිබේ.
එම තාක්ශන ක්‍රමවේදය “DAISY” (Digital accessible
Information System) යනුවෙන් හඳුන්වයි. ඒ හරහා ඔබ ඇස බාවිතා කර
කියවන්නාක්මෙන් ඔවුන් ද පරිගණකය හෝ වෙනත් ඒ සඳහා ඇති උපකර්නයක් බාවිතා කරයි. ඒවා ද
ශ්‍රවන (Audio) හෝ ශ්‍රව්‍ය දෘශ්‍ය (FullText
FullAudio) ක්‍රමයට හෝ නිර්මානය කල හැකිය.
1 ශ්‍රවන (Audio)
මෙම ක්‍රමයේදී යම් තැනැත්තෙකු විසින් කියවා එය
පරිගණක ආශ්රයෙන් පටිගත (Record) කර සංස්කරනය (Edit)
කර පිටු, පරිච්ඡේද, වාක්‍ය, සලකුනු කර පහසුවෙන් පරිෂීලනය කළ හැකි
පොතක් (Talkingbook, AudioBook) නිර්මාණය කරයි.
2 ශ්‍රව්‍ය දෘශ්‍ය (FullText FullAudio)
මෙම ක්‍රමයේදී මෘදු පිටපත (Softcopy)
ලබාගෙන එය යුනිකේත ක්‍රමයට පරිවර්තනය කර එය නැවත පටිගත කිරීම හෝ TTS
(Text To Speech) බාවිතා කර හඬ නිර්මාණය කළ හැකිය.
දැනට මෙරට තුල ඉහත පලමු ක්‍රමය බහුලව භාවිතා කරන අතර
2වන ක්‍රමය ඉතා අඩු වශයෙන් භාවිතා කෙරෙයි. ඊට හේතු කිහිපයක් ඇත.
1. Softcopy නොමැති වීම.
2. ප්‍රකාශකයන්
ප්‍රජාව පිලිබඳ දක්වන සැලකිල්ල අල්ප වීම
වැනි කරුනු පෙන්වා දිය හැකිය.
ඉහතින් සඳහන් කර ඇත්තේ එහි තාක්ෂනික ක්‍රමවේදය ය. නමුත්
මේ සඳහා විශාල පරිශ්‍රමයක් දැරිය යුතු ය. ඉතා ඉහල ගුනාත්මක බාවයෙන් යුතු නිර්මානයක්
ලබා දීම වෙනුවෙන් එම මහන්සිය ඉවසිය යුතු ය. එසේ නොවන්නේනම් තාක්ශනය හැසිරවිය
නොහැකි දෘශ්‍යාබාධිත ප්‍රජාව මහත් අපහසුතාවට පත්වනු ඇත. ඔබට පුස්තකාලයකින් පොත්
ලක්ශ ගනනකින් කැමති ලෙස තේරීමක් කළ හැකි වුවත් අප පොත් දහසක් හෝ දෙදහසක් වැනි අවම
ප්රමානයකින් අදාල තේරීම කළ යුතු බව ඔබ දැන සිටින්න ට නැත.මේ වසර දහයක ප්‍රතිපළය වේ.
නමුත් වසරකට ඔබට අලුතෙන් පොත් දහසකට වැඩි ප්‍රමානයක් අලුතෙන් එකතු වන අතර අපට කියවිය
හැකි වන්නේ ඔබට වසරකට ලැබෙන ප්‍රමානය තරම් සුළු ප්‍රමානයක් නොවේද?
මෙම පෝස්ටුව බලන විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන්
තමන් සිටින රටවල තොරතුරු ද මේ වෙත සපයන්නේනම් මම කැමැත්තෙමි.
මේ ලිපිය මම නෙලුම් යායටත් දමන්නම්.දමන්නම්.
ReplyDeleteස්තුති අජිත් අයියේ
Deletehttp://nelumyaya.com/?p=4003
ReplyDeletethanks.........
Deleteනෙළුම් යාය කියවපු වෙලාවේ තමයි මේ බ්ලොග් එක කියවන්න ලැබුනේ.
ReplyDeleteදිගටම ලියමු, අපි කියවන්න එන්නම්.
ජය වේවා...
මේ බ්ලොග් එක කියවන්න ආවාට ස්තුති ලොකු පුතේ. ආයෙත් එන්න.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteකසුනා වැඩේට සෙට් වුණාද එළ එළ
ReplyDeleteඅපේ පැත්තෙත් වරෙන්
සෙයිය
http://warnakulakaya.blogspot.com/
වටිනා ලිපියක් අහසින් එන්නා ...ජයවේවා !! දිගටම ලියමු .අපි එන්නම් ...
ReplyDelete"දෑස නොපෙනුනත් මගේ වැඩිය පාඩු නෑ
ඇගිලි තුඩින් අතගගා ඉගෙන ගන්නෙ මා"
සුදු සැරයටියක් දකින වාරයක් පාසා මට මෙන්න මේ සින්දුව මතක් වෙනවා ...මමත් හැම අවුරුද්දකම සුදු සැරයටි දිනයට රත්මලාන සහ සිදුව අන්ධ විද්‍යාල වලට යම් පරිත්‍යාගයක් කරනවා .
සින්දුඇනෝත් මේ පැත්තෙ ආවා එහෙනම්. ස්තුති ආවාට. දිගටම එන්න. ජයෙවේවා!
Deleteඅහසෙන් එන්න කියනවට වඩා කසුන් කියන එක ලේසියි වගේ.
ReplyDeleteදිගටම ලියමු. ප්‍රචාරයකුත් අනිවා දෙන්නං. ජයම වේවා!
ස්තුති මදුමාදවී... දිගටම ලියන්න අදහස් කරනවා.
Deleteමම දන්න විදිහට නම් කින්ඩ්ල් ඊ රීඩර් එකේ ඔය ඔප්ශන් එක තියෙනවා. ඒකට ඩව්න්ලෝඩ් කරගන්න ඊ බුක් ටික ස්පීච් කරන්න පුළුවන්. හැබැයි ඔතන තියෙන ගැටළුව තමයි සිංහල ඊ බුක්ස් නැති එක. ලංකාවෙ පොත් ප්‍රකාශකයො ඒ ගැන අවදානය දක්වනවා අඩුයි වගේ. පොත් විකිනෙන එක මේ කාලෙ ගොඩක් අඩු වෙලා නිසා එහෙම උනොත් වෙලඳාම අඩු වෙයි කියලා හිතනවාද දන් නෑ.
ReplyDeleteකැමරාවෙන් එහා ලෝකය
මේකයි කැමා. කින්ඩල් ඩිවයිස් එක මන් බලලා තියෙනවා. නමුත් ඒකේ ඇක්සසිබල් නෑ. මේකේ ස්පීච් කරන්නේ ප්‍රාතමික මට්ටමේ රීඩර් එකකින්. නමුත් ඉංග්‍රීසි පොතක් වුනත් ඒතරම් පැහැදිලි නැති ස්පීච් එකකින් ගොඩක් වෙලා අහන් ඉන්න අමාරුයි නේද? ඊට වඩා හොඳ රීඩර් තියෙනවා.
Deleteමට හිතෙනවා පොත් ප්‍රකාශකයෝ අප්ඩේට් වෙන්නේ නෑ කියලා. දැන් පිටරටවල් Ebook කරන්න පටන්ගෙන තියෙන්නේ.මේ ප්‍රශ්නේ එන්නේ සිංහල, දෙමල විතරයි.
මෙහෙම සීන් එකක් ගැන ඇහුවෙත් අදයි! ගූගල් ඩොයිස් සර්ච් එකෙත් තියෙන ප්‍රයෝජන බොහොමයි නේද?
ReplyDeleteමේක ගැන තව විස්තර කියන්න පුලුවන් රූපෙ. නමුත් ගොඩක් ලියන්න හිත දුන්නේ නෑ.
Deleteකසුන් - වර්ණගේ යාළුවේ දිගටම ලියන්න
ReplyDeleteආයෙත් බලන්න එනෝ
ආයෙත් එන්න සබරෙ ඇනෝ.
Deleteඔන්න මමත් අහසෙන් ආවා ... මේ තරම් තාක්ෂනය දියුණු වී තිබෙන යුගයක , දෘශ්‍යාබාධිත පුද්ගලයන වෙනුවෙන් තාක්ෂනය කැපවූ තරම මදි බව සිතේ. කෙසේවෙතත් මේ තරමින් හෝ ඒ දායකත්වයලබීම සතුටක්
ReplyDeleteආවාට ස්තුති සහෝ...මේ ලංකාවෙ තත්වෙ වුනාට ජපානය වැනි රටවල් මීට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්න බව දැනගන්න ලැබුනා. අපේ අසල්වැසි ඉන්දියාව අපිට වඩා ගොඩක් ඉස්සරහට ගිහින් තියෙනවා. තවමත් අපි මොරොක්කෝවේදී සම්මත කරපු (මැරකැශ්ට්රිවිටි) වත් අත්සන් කරලා නෑ. ඒක විශාල බාදාවක්.
Deleteවටින ලිපියක් අහසෙන් එන්නා... මෙතෙක් දවස් අන්ධව සිටි සමහර කරුනු දකින්න මගේ ඇස් ඇරෙව්වාට ස්තූතියි!
ReplyDeleteබස්, ෙමේ ගැන කියන්න තවත් ගොඩාක් දේ තියෙනවා. ඒ ගැනත් මේ බ්ලොගයේ ලියා තැබීමට මම කල්පනා කර තිබෙනවා. බොහොම ස්තුති අදහස ට.
Deleteඅහස්...............
ReplyDeleteහරිම සතුටුයි... නිකිනි මස නෙලුම් යායේ ත්‍යාගයට සුදුසුකම් ලැබීම ගැන.. ඒ වගේ ම කියන්න ඔ්නේ අහස්.. ඒ කියනකල් අපි දැනගෙන හිටියේ නැහැ ඔබේ අැසේ ගැටලුව ගැන... කොහොම වුණත් අපි ඔබ තුළින් ඒවැන්නක් කවදාවත් දැක්කේ නැහැ... ඒ නිසා ඉදිරියටත් ඔබ කලින් විදිහට ම දකින්න අපි කැමතියි.... ඔබ අැස් පෙනෙන බොහොමයක් දෙනාට වැඩිය ලස්සනට ලෝකය දකිනවා.... ඒක ගැන සතුටුයි....
ජයවේවා....
ඔව් කුරුටු මම කැමතිත් නෑ මින් ඉදිරියටත් වෙනස් වෙන්න.නමුත් මේ බ්ලොගය දෘශ්‍යාබාධිත අයෙකුගේ බ්ලොගයක් කියලා පෙන්වන්න මම බ්ලොග් නම බ්‍රේල් මාද්යෙන් තබා තිබෙනවා. නමුත් අන් කිසිවක් මා වෙනස් කරන්නේ නෑ. ඔබට මේ අඩවියට මල් මාලා දමන්නත්, ගල් මුල් ගහන්නත් අවස්තාව තියෙනවා. ඒ ඕනෑම අදහසක් තරහා නොවී බොහොම සතුටින් බාරගන්න සූදානම්.
Deleteඔබටත් ඇසල තෑග්ග ලැබුනු බව දැනගත්තේ අද. සුබ පතනවා කුරුටු.
ජය වේවා.
කළින් දවසක ඔබ මගේ බ්ලොග් අඩවියට ආවා. ඒ පාරෙන් ඇවිත් මම ඔබේ ලිපිත් කියෙව්වා. නමුත් නෙළුම් යායේ අද දුටු ලිපියෙන් තමයි ඔබ ගැන හරියටම දැනගත්තේ. හිතාගන්නත් අමාරුයි, ඒ වගේම ඔබේ ධෛර්යය ගැන ආඩම්බරයි. ඉහළින් කුරුටු දක්වා තියෙන අදහසට සම්පූර්ණයෙන්ම එකඟයි: "ඔබ අැස් පෙනෙන බොහොමයක් දෙනාට වැඩිය ලස්සනට ලෝකය දකිනවා...." මා අඳුනන කුඩා දරුවෙක් ඉන්නවා. ඔහුගේ දෙමාපියන්ට ඔබ ගැනත්, ඔබ කියා තිබෙන මේ තාක්ෂණය ගැනත් කියන්න සිතාගත්තා. බොහොමත්ම ස්තූතියි. සුබ පැතුම් සොයුර.
ReplyDeleteහා... මේ සිතුම් කවි පොත..
Deleteඔව් මම ඒ කතා කියෙව්වා හැබැයි කොමෙන්ට් කලේ නෑ. සාදරයෙන් පිලිගන්නවා.
ඔබ දන්නා ඒ පොඩි දරුවටත් කියන්න. උදවුවක් උවමනා වුනොත් කියන්න.
ස්තුති. ආයෙත් එන්න.