Wednesday, April 27, 2016

නූතන යශෝදරාවක්

තුරුණු වියේ දඟ දෙන හැඟුමන් යායේ
සොඳුරු පෙමක් පිදුවා නුඹ පෙර දිනයේ.
පවුරු බිඳ දමා ජයගත් ආදරයේ
මියුරු රසක් වින්දා අපි පෙර දිනයේ

මගේ ලොවට නුඹ හිරු ලෙස පෑවූවා
නුඹේ ලොවට මා සඳ බව නුඹ කීවා
අපේ ලොවට අරුන්දතිය එක්වූවා
මගේ ලොවේ හසරැල් මල් සිනාසුනා

සෙනෙහස පිරුණු තැන කඳුලැල් සුසුම් නැතී.
හසකැන් නගන්නට මා සිත ලෝබ නැතී.
මේ හැම දේම අතීතයට උරුම වෙතී
කඳුල සුසුම දැන් මා ලඟ තනි රකිතී.

සිදුහත් කුමරු ගිහි ගේ හැර දමා ගියේ
දුකින් මුදන්නට ලෝ සත ඇතිව සිතේ
නුඹ මේ රැයේ මා හැරපියා ගියේ
මේ සසරේ මා තනි කර හිමි සඳුනේ.

රුව ගුණ කිසිත් මාගේ අඩුවූ වාද
 මාගේ සෙනෙහසේ අඩුවක් වූවාද
හිතේ සතුට පෑල දොරින්  පිට උණිද
 නුඹේ සතුට තව සෙවණක  සැගවුණිද

පහන් කන්ඳ සේ බැබළුණු සොඳුරු විය
 ගිනි කන්ඳක් සේ  දවනා ජීවිතය
හිම කන්ඳක් සේ දිය වී යන අරුම
මන්ද හිමියනේ නුඹ මේ ලෙස අරුම

අව්වෙ තියන රැස් මාලා අඩු වෙන්න
ගව්වෙන් ගව්වදිව මාලිග සෑදෙන්න
කුසුම් කැකුලු මේ ලොව තනි නොකරන්න
 තවත් හදක් මේ ලෙස ඔබ නොපෙලන්න

44 comments:

  1. සිදුහත් ගියේ තමන්ගෙ බිරිඳයි දරුවයි වගේ සිය දහස් ගණනකගෙ ජීවිත දුකින් මුදවන්න.. නූතන යශෝදරාවත ගයන්න වෙන්නෙ ඒ වගෙ සිදුහත්ලා ගැන නොවීම තමා කණගාටුව.

    ReplyDelete
    Replies
    1. සිදුහත්ලා නොදුටු පමණින් ඔවුන් නොමැතියැයි උපකල්පනය නොකරන්න.......එකෙකු දෙන්නෙකු යසෝදරාවන් උවත් බහුතරය යසෝදරාවන් නොවන බවද සලකන්න...

      Delete
    2. වැසි
      ඔව්.. මට මේක කියව්නේ මේ වගේ සිද්ධියක් නිසා...

      රසික

      ඒ වගේ එක යශෝදරාවක්වත් නැත්නම් කොච්චර හොඳද?

      Delete
  2. නොකියාම එදා ඇසළ මහේ
    සඳ ඇති පායා
    මහ රෑක මොකෝ යන්න ගියේ
    මා හැර දාලා

    නින්දේය එදා හිමි ඔබ යන
    විට මා උන්නේ
    දැනුණා නම් ඔබ යන බව නෑ
    යන්නට දෙන්නේ

    මේ මාළිඟයේ මට දැන් මොන
    සැපත ද ඇත්තේ
    මම තාම නැතේ සඳළු තලෙන්
    පහළට බැස්සේ

    පොඩි රාහුල පුතු හා මට
    දුක්ගින්දර දීලා
    ගියේ ඇයි ද තපස් රැකුමට
    සිදුහත් හිමි රාජා

    ReplyDelete
    Replies
    1. පත්තරේට ඒ සිංදුව මතක් උනාද??

      ස්තුතී සිංදුවට...

      Delete
    2. සිදුහත්ට ගිහිගෙය එපාවුනේ ෂොපින් ගිහිල්ලම තමයි කියල ඉතාලියෙ විශේෂඥයෙක් හොයාගෙන තියනව

      Delete
  3. රුව ගුණ කිසිත් නුඹගේ නැත අඩු වීමක්,

    සෙනෙහසෙ නුඹේ දැනුනේ නැහැ කිසි වෙනසක්,

    සිතේ සතුට තිබුනු බවක් නැහැ මතෙකක්,

    නුඹේ සෙනෙහෙ පරදන්න ලැබුනි කෙනෙක්.....

    ReplyDelete
    Replies
    1. අද ගොඩක් දෙනා අභිනිශ්ක්‍රමනය කරන්නේ අන්න ඒ හේතුව නිසා තමයි..
      ඒකට එක පැත්තක වරදක් බලපාන්නත් පුලුවන්.. දෙපැත්තෙම වරදක් තියෙන්නත් පුලුවන්.. කොහොම උනත් අන්තිමට අසරණ වෙන්නේ පොඩි දරුවෝ..

      Delete
  4. නූතනයේ දී මේ කවි මේ විදිහට රචනා වුනත්, එහි යශෝදරාවත කවි පන්තියේ අදහස් ගැබ්ව තිබෙන බව වැටහුනි. නූතනයේ මානව මානවිකා සම්බන්දතා තුල මා දකින්නේ එක ගෙදර එක තැන සිටියත් ඔවුන් සිත් වලින් අභිනිෂ්ක්‍රමනය කර ඇති අයුරුයි. ඒ සියල් සත දුකින් මුදවන අභිනිෂ්ක්‍රමනයක් නම් නොවන බව පැහැදිලිය. මා කැමතියි සිදුහත් කුමරු අභිනිෂ්ක්‍රමනය කලේ ලෝ සත දුකෙන් මුදවන්න ඒත් ඔබ ගියේ ... කියා අපිට හිතන්න ඉතීරි කරන එකට... කියවන්නා ඔහුට ගෝචර ලෙස හිතා ගත හැකි සහ තර්කයේ පැටලෙන කවි ලිවීම පැසසිය යුතුයි !

    ReplyDelete
    Replies
    1. ස්තූතී වෛද්‍යතුමියණි.. එකඟයි..

      Delete
    2. නිර්මාණී මම රෝහලේදී පමණයි වෙදකම... එනිසා අක්කා හෝ නංගී හෝ නමින් මා අමතන්න

      Delete
    3. නිර්මාණී මම රෝහලේදී පමණයි වෙදකම... එනිසා අක්කා හෝ නංගී හෝ නමින් මා අමතන්න

      Delete
    4. හා අක්කේ.. ඔන්න හරි නේද?

      Delete
  5. නිර්මාණිගෙ නිර්මාණෙ අපූරුයි!.
    සමහර තැන්වලදි පද ගැලපීමේදි තව පොඩ්ඩක් සැලකිලිමත් වුණානම් රසය තවත් වැඩි වෙනවා කියලයි මට හිතෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඔව් සඳ මටත් තේරුනා පොඩි පොඩි දෝශ ටිකක් තිබුන කියලා... ස්තුති අඩුපාඩු කියුවට..

      Delete
  6. සඳ වියමන්ට එකගයි
    අපූර්ව රසයක් දැනෙන්න තිබ්බ කවියක් සුළු දෝෂයක් දෙකක් නිසා රස මැරෙන එක කණගාටුයි

    ReplyDelete
    Replies
    1. දැන්නම් මටත් කනගාටුයි...

      ස්තුතී මහේශ්...

      Delete
  7. දිගටම ලියන්න නිර්මාණි. ලියන්න ලියන්න අඩුපාඩු මැකිල යනව. නමත් නිර්මාණි වෙච්චකොට අනිවාර්යයෙන් නිර්මාණ කරන්නෙපැයි.
    ජයවේවා...

    ReplyDelete
    Replies
    1. ඔව් ලේ පාට හීන.. ස්තුී..

      Delete
  8. මෙවැනි අද්දැකීම් ඇති නූතන යශෝධරාවන් අද බොහෝමයක් ඉන්නවා...

    අපූරු නිර්මාණයක් නිර්මාණි...

    ReplyDelete
    Replies
    1. ස්තුතී තුශානි...

      මේ වගේ සිද්ධි වලින් අසරණ වෙන දරුවන් සමාජය තුළ දී තවත් අසරණ වෙන අවස්ථා තියනවා.. මේක ලියවුනේ ඒ වගේ අවස්ථාවක තුශානි...

      Delete
  9. අර පත්තරයා කියලා තියෙන සින්දුව මතක් වුණා... බලද්දි පත්තරයා කොටලා....

    ඔය විදිහට ම අතීතය වෙනස් ඇසකින් දැකපු තවත් ගීතයක් තමා නවදැළි හේනක දෑව වැදිරි රුව කියන ගීතයත්..... මේක නිර්මාණකරුවාගේ හැකියාව. වෙනත් කොණයකින් ඒ සිදුවීම දිහා බැලීම... ඒ නිසා ඔබේ මේ දැක්ම ගැන ඇත්තට ම සතුටුයි.....

    ජයවේවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතී කුරුටු...

      Delete
    2. ආව මෙතන මගුලක් කොටන්න :D

      Delete
  10. සිදුහත් දාලා ගිය යසෝදරා රජ දියණියක්, එත් අද ඉන්න යසොදරාලා ???
    යසෝදරාව දාලා ගිය සිදුහත් ගියේ සියලු සත්වයන් දුකින් මුදවන්න . අද සිදුහත්ලා ???
    එහෙම වුනාම මේ වාහන දෙක පාවිච්චි කරන්න පුලුවන්ද කියලා හිතෙනවා

    ReplyDelete
    Replies
    1. අද ඉන්න යශෝදරාලා කොයිතරම් අසරණද??

      ඔව් එහෙම ගැටලුත් සිතේ ඇති වෙනවා...

      Delete
  11. ඔන්න පාර හොයාගත්තා.... මේ පැත්තට එන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතී ආවට..
      දැන් පාර දන්න නිසා එන්න..

      Delete
  12. මට හිතාගන්න බැරි තමන්ගේ ලෙයින්  උපන් දරු පැටියා අමතක කරලා ඉන්නේ කොහොමද ? ඒ දරු පැටියා දස මසක් කුස තුල තියාගෙන තමන්ගේ හැම දෙයක්මත් නොපිරිහෙලා කරලා දූන්න සහකාරියව අමතක කරලා ඉන්නෙ කොහොමද ? ඒ තරන්  හිත් ගල් වෙන්නේ කොහොමද ? නිර්මාණි ඔයා හරිම සංවේදිව පද ගලපලා..

    ReplyDelete
    Replies
    1. චතූ දික්කසාදය කියලා පෝස්ටුවක් ලියුවට පස්සේ මං කොමෙන්ටුවක් දැම්මා මතකද මීට සම්බන්ධ සිද්ධියක් නිසා මට කවියක් ලියන්න හිතුනා කියලා..

      ඒ මේක තමයි..
      ඔයාගෙ පෝස්ටුවයි ඒ සිදුවීමයි දෙකම හේතු උනා..

      Delete
    2. මට මතකයි ඔයා එහෙම කිව්වා, තවත් ඒ හා බැදුණු පොස්ටුවක් ලියාගෙන යනවා ලගදීම දාන්නම්...

      Delete
    3. ඕකේ චතූ... එහෙනම් ඒකත් ලියලා දාන්නකෝ...

      Delete
  13. ////////නුඹේ සතුට තව සෙවණක සැගවුණිද////////
    මෙන්න මේක තමයි මේ නාටකවලට මූලික හේතුව.

    ReplyDelete
    Replies
    1. ඔව් අරුණ අයියේ.. අහින්සක නොදරුවෝ ඒ නාටකවලින් විඳවන්නේ...

      Delete
  14. අද ඉතින් ගොඩක් වෙලාවට වෙන්නෙ ඔය වගේ දේවල් තමයි.. :)

    ReplyDelete
    Replies
    1. ඔව් අද වෙනකොට මේ තත්වෙ ටිකක් වැඩී..

      Delete
  15. සිදුහත් ලා යසෝධරා ලා අද ද සිටිති. සමහර යසෝධරා ලා සිදුහත් චරිතය රඟපාති. සමහර සිදුහත් ලා එවිට යසෝධරා මෙන් වැලපෙති.

    වෙනස තිබෙන්නේ, කුමන පරමාර්ථයෙන් ක්‍රියා කරන්නේද යන්න මත ය.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි විචාරක... මේ දෙවිදිහම වෙන්න පුලුවන්..

      Delete
  16. තමන්ගෙ දරුවා පියා ලඟ දාල වගේ වගක් නැතුව යන අම්මලත් ඉන්න එකේ.. අනේ මන්දා.. ගස්ලබ්බට මතක් උනේ 'ලා දළු බෝ පත්' සින්දුවයි 'පවනට සැලෙනා..' සින්දුවයි.අගෙයි කවි ටික.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතී ගස්ලබ්බෝ...

      Delete
  17. මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ!

    ReplyDelete
  18. නිර්මාණය හරිම අපූරුයි. නික්ම යාම් වලදී සමහරු බොහෝ හිතනවා. සමහරු ක්ෂණික තීරණ ගන්නවා. ඒ හැම කතන්දරේකම දෙපැත්තක් තියනවා. හැබැයි එක පොදු දෙයක් වෙනවා. ඔය පාර්ශ්ව වල අතරමැද ඉන්න අය, බොහෝ විට දරු පැටව්, ඒ අයගේ අනාගතේම අඳුරට වැටෙන්න පුළුවන්. ඒත් දරුවෙක් විදියට නොගැලපෙන දෙදෙනෙක් අතරමැද දිවි ගෙවීමත් ඒ වගේම අසීරු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් පොකුරු.. ඔයාගේ කතාව හරි..

      Delete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.