Thursday, April 21, 2016

අමුතු කතාවක් 2: ටිකිරිබන්ඩාරගෙන් ලියමනක්

 ඒ සිදුවීමෙන් සඳමිණීගේ ගත හා හිත ගැහෙන්නට උනා. අම්මාට හරි අප්පච්චීට හරි කතා කළ යුතු වුවත් තමාගේ හඬ පිට නො වෙන බවක් ඇයට හැඟුනා.
““සලසලාස්
බිය වී සිටි සඳමිණී ඒ ශබ්ධයෙන් තවත් භියට පත් උනා. ඒ ශබ්ධය ඇසුනේ ජනේලයෙන් එලියේ. සඳමිණී ජනේලය ලඟට ගොස් බැලුවේ මොකක්ද ඒ කියලා. මේසය උඩ තිබුණ සියල්ල මිදුල පුරා විසිරී තිබුනා.
“ලොකූ මොකද මේ පොත් පත්තර විසිකළේ?. ඇයි ඉස්කෝලේ ගිහින් ඉවරද? එහෙම නැත්තන් පිස්සු හැඳීගෙන එනවද?””

““ඇයි නිලමේ?””

“මේ බලන්ට හාමිනේ පොත් පත්තර සේරම මිදුලට විසිකොරලා මේ ලොකුගේ පොත් නේද?””

සඳලතා කුමාරිහාමි සහ නිලමේ සඳමිණීට දොස් නගමින් සියල්ල යලිත්  අස්කරන්නට උනා. ඒත් සඳමිණී උණු කිසිවක් ඔව්නට කියුවේ නෑ. ඇය හිතුවේ තමාට පිස්සු ඇයි ඔව්න් සිතාවි කියලා. සමහරක් පොත් පත්තර තිබුනේ කැබලි වශයෙන්. සඳමිණීට දුක හිතුනේ තමන් ආදරය කරන පොත් පත්තර වලට එක වර පන ආවා වගේ මේ  මොකද උනේ කියලා තාම හිතාග්න බැරි නිසයි.
රෑ 8 පහු වෙනකොටම සියළුදෙනා නින්දට යන එක අවුරුදු ගානක් තිස්සේ පුරුද්දක් වෙලා. කාටවත් කරදරයක් හිරිහැරයක් නැතත් ඉදහිට එහෙ මෙහෙ පාවෙන අඳුරු සෙවනැලි වලට සඳමිණීත් දෙවුමිණීත් භියක් දැක්වීම ඊට ප්‍රධානතම හේතුව උනා. විවිධ දේ පෙරලෙන ශබ්ධ අඩි ශබ්ධ ඇසුනත් ඒවා දැන් සාමාන්‍ය දෙයක් වෙලා. නමුත් සෙවනැලි වලට නම්  දැක්වූයේ ඊට වඩා වෙනස් ප්‍රතිචාරයක්.
පහුවදා උදෑසන සඳලතා කුමාරිහාමි පාසල් ගෙන යාමට කෑම පාත්සල් බැඳ සූදානම් වීමට පෙර මෙසේ කීවා.

“ලොකූ පොඩී මේසෙ උඩ කෑම ඇරන් බෑග් වලට දාගන්ට. නිලමේ මං දවල්ටත්තෙක්ක උයලා තියෙන්නේ.

“කෝ අම්මේ ? කොහෙද කෑම පෙට්ටි තියෙන්නේ?

මේ වන විට සඳලතා මූණසේදීමට යන්න මිදුලට බැස උන්නේ.

“ඔය මේසෙ උඩ තියෙන්නේ ආයෙ මං එන්ට ඕනෙද ඕක අතට දෙන්ට?”

“නෑ අම්මේ මෙතන නෑ.

“හරි ඉන්ට මං මූණ හෝදන් ඇවිත් අතට වඩම්මන්නම්කෝ.

සඳමිණීට සිහි වුයේ පෙර දා තමන් අද්විදි සිදුවීමයි. කෑම පෙට්ටිත් ඒ වගේ නැති උනාද කියන සැකේ සඳමිණීට මතු උනා.
මූණ සෝදා ගෙන එන සඳ ලතා කුමාරිහාමි දුටුවේ කෑම සියල්ල කුණුකූඩයට හලා ඇති බවයි. සඳලතාට මාරාවේස උනා.

“ඇයි මේ කෑම කුණුකූඩෙට දැම්මේ. කඩචෝරු කන්ට හිතුනද?

“නෑ නෑ අම්මේ අපි දැම්මේ නැ.

සඳලතා කුමාරිහාමි ඉන් එහාට කිසිවක් කීවේ නැත. ඇයට මේ හැම දේකම යම් අමුත්තක් ඇති බවක් දැනෙන්ට උනා. දියණියන්ට යලිත් කෑම බෙදුවොත් නිලමේට මදි වෙන බව දත් කුමාරිහාමි දියණියන්ට සල්ලි දීමට තීරණය කර තමන්ගේ බත් මුල ඇද්දැයි බැලුවා. ඇයගේ සැකය තවත් වැඩි උනා. ඇයගේ බත් මුල ද නැහැ. මේ කාරණාව ගැන නිලමේ සමග කතා කළ යුතු බව සිතූ ඈ දියණියන් හා පිටත් උනා.
නිලමේට දැඩි කුස ගින්නක් දැනී බත් බෙදා ගන්න සිතා බත්  ඇතිලිය ඇර බැලූ ඔහු දුටුවේ හැලියේ බත් වලට අමතරව වැලි ද ඇති බවයි. ව්‍යංජන ඇති නම් බතක් උයා ගත හැකි නිසා ව්‍යංජන ඇතිලි ඇර බැලූ ඔහුට පුදුමයත් ජුගුබ්සාවත් ඇති උනා. ව්‍යංජන සෑම එකක්ම  අනා කලවන්කර ඇත්තේ ඇගිලි පාර ඉතිරි කරමින් බව ඔහු දුටුවා.   මීට පෙර අවස්ථා වල දී  බැදුම් වර්ග පිළී දෑ උයන්නට බැරි බවත් එසේ ඉව්වහොත් පිරිනි වන බවත් දන්නා නිසා උයන්නේත් නැහැ. ඒත් අද පිළී දෙයක් උයලත් නැහැ. මෙසේවූයේ ඇයි යන්න නිලමේට පුදුමයි. නිලමේ යලිත් උයන්නට සූදානම් උනා.

“නිලමේ නිලමේ.,

“ආ බණ්ඩ වරෙන් වරෙන්. ඇයි මේ තකහනියේම?

“පොඩි නිලමේ පනිවිඩයක් එව්වා අපෙ නිලමේට කියන්ට කියලා.

“මොකක්ද බං?


“එන බුරහස්පතින්දා උදේ නිලමේ නුවරින් ගත්තු අලුත් බංගලාවට පදිංචියට යනවා කීවා. මේංමේ ලියමන නිලමේට දෙන්ට කියුවා.

  තමන්ගේ මල්ලි දුරකථන ඇමතුමක් දී හෝ මේ බව නොකියා පනිවිඩකරුවෙකු අතේ මෙවන් පනිවිඩයක් එවීම පිළිබඳ නිලමේට පුදුම සිතුනා.

“හරි බණ්ඩෝ උඹ පලයං එහෙනම්. මං බලන්නම්කෝ.

“හොඳා නිලමේ එහෙනම් මං යනවා.
කියමින් ගැමියා පිටත් උනා.
 මහ වලව්වට අයත් අක්කර 50 ක විශාල ඉඩමක් තිබුනා. ලොකු හාමු එහෙමත්නැත්නම් නිලමේගේ පියා වත්තේ අලුත් නිවසක් තැනුවා. ඔහු මිය යන තෙක් උන්නේ ඒ නිවසේ. එය කවුරුත් හැඳින්නුවේ අලුත් වලව්ව කියලා. ඒ ඉඩම තුනට බෙදන්න්න නියම උනත් පොඩි නිලමේ අවසානයේ එය තනියෙන් අයිති කර ගැනීම පිළිබඳ ලොකු නිලමේ උන්නේ නොමනාපෙන් .   ටිකිරි බණ්ඩාර එවා තිබුණ ලිපියේ සියල්ල සඳහන් උනා. ඒත් ඒ ලියමනේ තිබුණු එක් දෙයක් ගැන නිලමේ කලබල උනා.
“අයියේ අපි නුවර පදිංචියට යනවා. මේ ගෙදර තවත් ඉන්න පුලුවන්කමක් නෑ. පප්පා ඇවිත්. මැරිලාවත් පාඩුවේ ඉන්නෙත් නෑ. අපිට ඉන්න දෙන්නෙත් නෑ. තන්හාවෙන් ආසාවෙන්නේ මැරුනේ. නංගී අපි එක්ක එන්න කැමති නෑ. එයාටත් එච්චර සනීපයක් නෑ. අන්තිම කාලේ වලව්වේ ඉන්න ඕනෙලු.  එයාගේ තනියට  ලයිසා ඉන්නවා. පුලුවන් වෙලාවට ඇවිත් එයා බලා යන්ට මාත් පුලුපුලුවන් වෙලාවට එන්නම්.

මතුසම්බන්ධයි.

47 comments:

  1. අපේ අම්මලා තාත්තට කිව්වේ පප්පා කියලා. ඒ නිසා ම අපි කිව්වෙත් පප්පා කියලා.... අපිට තේරුමක් නැහැ ඒ ගැන. ඒත් අපි කියන්නෙත් පප්පා කියලා.. දවසක් ඉස්කෝලෙදී සීයාගේ නම ඇහුවා.... මං කිව්වා එක සීයෙක්වත් නෑ කියලා. එතකොටත් තාත්තගේ තාත්තා නැති වෙලා. ඒත් පප්පා හිටියා... ඒ ගැන ඇහුවා ම මං කිව්වා ඒ ඉතින් සීයා ඈ.... ඒ පප්පානේ කියලා..... පන්තියම හිනාවුණා....

    ReplyDelete
    Replies
    1. මං පොඩි කාලේ තාත්තා ඉන්නවාද ඇහුවම තාත්ත කෙනෙක් නෑ අප්පච්චි නම් ඉන්නවා කියුව වගේ තමා ඒකත්...
      හික් හික් හික්

      Delete
  2. හම්මේ දැන්නම් ඉවරවෙනකන් කිසිම දෙයක් හිතාගන්න බැරි පාටයි

    ReplyDelete
    Replies
    1. ආ බලමුකෝ... සමහරවිට හිතාගන්න පුලුවන් වෙනනත් පුලුවන්....

      Delete
  3. Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඇයි කමියට එහෙම හිතුනේ... කාලෙත් එක්ක එහෙම වෙන්න පුලුවන්...

      Delete
  4. Replies
    1. ස්තුතී. උත්සහ කරන්නම්...

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. අඩෝ කව්ද මෙන්ඩගෙ කොමෙන්ට් එක මැකුවෙ?

      Delete
    4. අර කියන්න වගේ ඇයි බන් මගේ කෙමෙන්ට් ඒක මැකුවේ මම වැරදි දෙයක් ලිව්වේ නැහනේ

      Delete
    5. නෑ නෑ මචං මේ බ්ලොග් එක ලියන අනිත් එකීට පිස්සු හැදිල. ඒකිගෙ කොමෙන්ට් එකක් කියල උඹේ කොමෙන්ට් එක මකල. මොනව කරන්නද මචෝ සමාව ඉල්ලනව හැර.
      උඹ වරදක් කියල තිබුනෙ නෑ.

      Delete
    6. අනේ මෙන්ඩෝ සොරි එකෙන්ම... මගෙ එකක් කියලා මං ඩිලීට් කලේ. මේ යාලුවෙක් ඇවිත් පොඩි අව්ලක් උනා....
      උඩ ස්තුි කළේ උත්සහ කරන්නම් කියුවේ ඔයාට....
      ඕන් සොරිත් කියුවා...
      තෑන්ස් කළා... තරහා නැනේ...

      Delete
    7. පිස්සුද මචෝ මේවගෙන් අපිව එලවන්න කාටවත් බැහැ මේවා අපේ බ්ලොගනේ

      Delete
    8. ඒකනේ....පොඩි එකාට උනු පොඩි වරදක්නේ...

      Delete
  5. බුදු අම්මෝ ට ට ගගා බය කරන්න එපෝ....

    ReplyDelete
    Replies
    1. බය වෙන්න දෙයක් නෑ.........

      Delete
  6. මල පෙරේත දිෂ්ඨියක්ද බොලේ හිතා ගන්න බෑ යමුකෝ ඊ ලග කොටහටත්

    ReplyDelete
    Replies
    1. මළ පෙරේත, බූත, හොල්මන් කියලා දැන්ම හිතන්න බය වෙන්න එපා කිබුලියෝ...

      Delete
  7. අඩෝ මගේ ඉස්කෝලේ යන කලේ ආදර කතාවක් තියනවා ලියලා දෙන්නම් උබගේ බ්ලොග් එකේ දාන්න පුලුවන්ද

    ReplyDelete
  8. ඕං... කට්ටුං බුට්ටුං කුරු කුට්ටුං..... ඊලඟ පෝස්ට් එක ඉක්මනට වරේ.....න්... ඒස්වා....හ්ඃ..!!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හා හා ඒව එහෙම ගෙන්නන් බෑ...
      ස්තුතී...
      ජයවේවා..

      Delete
  9. අදයි කියෙව්වෙ.. කොටස් දෙකම කියෙව්ව ඕන්න.. ඉක්මනට ඉතුරු කොටසත් ලියන්න..

    ReplyDelete
    Replies
    1. ස්තුතී... ලියන්නම්කෝ..

      Delete
  10. හප්පේ හොල්මන්ය...? බය කොරන්ට එපා හොඳේ, තනියෙන් දොයියන්ට වෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. තාම බය වෙන්න එපා... ලියුමේ තිබුනට තාම ැත්තද දන්නෙ නෑනේ....
      හැබැයි ඔහොම බය උනොත් ඉතුරු ටික කියනනේ නෑ ඕන්...

      Delete
  11. අඩෝ හොල්මනක් එක්ක ඉන්ටවිව්ව එකක් සෙට් කරල දියංකෝ..
    අනේ....................
    පවං බං මං...
    හා..ද... හා නේ..
    ඔන් මං එනෝ හොඳේ

    ReplyDelete
    Replies
    1. පොඩක් ඉන්නකෝ මහේශ්... කලින් කොටසෙ නම් හොල්මන් 3 ක් ආවා.. මේ කොටසට තාම ආවේ නෑ... ආවහම සෙට් කරලා දෙන්නම් කෝ.....



      මේ ටිකට හොල්මන් ගැනත් හිතලා ඉවරයි නේ...

      Delete
  12. දැන් මෙතන හොල්මන් කරන්නේ නිර්මාණිද...කසුන්ද...නැත්තන් දෙන්නමද?

    කොටස් දෙකම එකපාර බැළුවේ.අවුරුදු කාලා හුස්මගන්න බැරුව හිටියනේ.කතාව මරු හොදේ....

    ReplyDelete
    Replies
    1. ආ ස්තුතී කටුසු....
      අපි දෙන්නම නෙවෙයි අනේ.... හොල්මන් කියලද ඔයත් හිතන්නේ???

      ආ සෑහෙන කාලයක් අවුරුදු කාලානේ.... ඒකනේ මේ ටිකේ කවියක් සිංදුවක් නැත්තේ....

      Delete
  13. Replies
    1. ශෝයි නම් ශෝයි..
      ස්තුතී..

      Delete
  14. හප්පේ මෙයා අපිවත් බය කරනවා...

    ReplyDelete
    Replies
    1. අයියෝ දැන්ම භය වෙන්න එපෝ...

      Delete
  15. ikmanta thawath kotasak api balaporoth wenawa. aththatama godak baya hithena puduma kathawak meka.

    ReplyDelete
    Replies
    1. ඉක්මනින් ලියන්නම්..
      බොහොම ස්තුතී...

      Delete
  16. වචනවල අකුරු නිවැරදි කරනවනං අපූරුයි.

    ReplyDelete
    Replies
    1. අදහසට ස්තුතී අයියේ... ඊලඟ කොටසෙන් පස්සේ වැරදි අඩු වෙවී...
      ඇත්තටම අඩුපාඩුවක් තිබුනොත් කියන්න...


      Delete
  17. ඊලග එකත් දාන්ටකෝ..

    ReplyDelete
    Replies
    1. හා හා.. ඉක්මනින් දාන්නම්කෝ...

      Delete
  18. ඊලඟ කොටස ප්ලීස් ....

    ReplyDelete
    Replies
    1. හරි මෙතු... ඉවසන්නකෝ...

      Delete
  19. අද තමයි කියවන්න ආවෙ.මේ වගේ කතා මං අහල තියනවා මේවා සමහර අය භූත දෝෂ කිව්වට සමහර අය නම් කියන්නෙ ඔය වැලි දාන ඒවා ගල් විසිකරන ඒවා කරන්නෙ පවුලේම ඉන්න කවුරුහරි කෙනෙක් මානසික ව්යාකුලතාවයට පත්වෙලා කියල ..අපි බලමුකෝ මේ කතාවෙ අවසානය :)

    ReplyDelete
    Replies
    1. ස්තුී ආවට හංසි...
      ඔව් මාත් ඒක අහලා තියෙනවා... අපි බලමුකෝ නේද???

      Delete
  20. මට නං පැහැදිලියි මේ වගේ සිද්ධියක් මාත් දන්න කෙනෙකුට වුනා.

    ReplyDelete
    Replies
    1. රාජ් කැමති නම් ඒ කොහෙද කියලා කියන්න පුලුවන්ද?? ප්‍රදේශය..

      Delete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.