Monday, August 31, 2015

අපූරුයි ජීවිතය!





සඳ ඈත දුර ගියත්
තරු මිලින වී ගියත්
නොයමි දුර වෙන් වෙලා
මිමිනුවා හදවතින්
ඒ සෙනෙහෙ බැමි කඩා
දයිවයේ සරදම ට
වෙන් වෙන්න සිදු වුනත්
කාලයේ ඇවෑමෙන්
ඔබේ දූ, මගේ පුතු
පෝරුවේ සුබ මොහොතෙ
සූවිසි වසකට පසු
ඒ මිහිරි අතීතයන්
යලි ඇඳුනි හද තුල
සිනාසී සමරන්න
අපූරුයි ජීවිතය


27 comments:

  1. අදයි මේ පැත්තේ ගොඩ වුනේ.. දිගටම ලියන්න ජය..

    ReplyDelete
  2. ඇත්තෙන්ම අපූරුයි , ජීවිතය මෙන්ම ..කවියත්.......... ජය

    ReplyDelete
  3. කළාතුරකින් කෙනෙකුට හිතෙන ඒ වගේම කළාතුරකින් හැබැහින් සිද්දවෙන මාරම ගති සිද්ධියක් පාදක කරගත්තු අපූරු පද බැඳීමක්. එළකිරි මචෝ!

    ReplyDelete
    Replies
    1. මචෝ මේ කවිය ලියලා දැන් ටික දවසක් වෙනවා. මේක සඟරාවකට දාපු කවියක්.
      ස්තුතී කොමෙන්ටුවට. ආයෙත් එන්න.
      ජයවේවා!

      Delete
  4. කලාතුරකින් වුවත් මේ වගේ දෙයක් වෙන්න පුළුවන් නේද? එහෙම දවසට ඒක මොන වගේ දැනේවිද ඒ හදවත් වලට. නියමයි කසුන්.

    ReplyDelete
    Replies
    1. මට හිතුනේ කැමා මේ සිද්දියට දෙන්නම ගොඩාක් සතුටු වෙයි කියලා. අපිට එකතු වෙන්න බැරි වුනත් අපේ ලමයිහරි එකතු වුනා නේද කියලා ඔවුන් හිතන්න ඇති කියලා හිතුනා.

      ආයෙත් එන්න කැමෝ. ජයවේවා!

      Delete
  5. ලස්සනයි යාළුවේ ...
    ඒත් දැන් ආදරේට වටිනාකමක් නැත්තේ ඇයි....මට හිතාගන්න බැ..

    ReplyDelete
  6. අද තමයි ආවේ
    මධු නිසයි දැන ගත්තේ
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ඔන්න මෙන්ඩෙ උත්තර.
      දිගටම එන්න. කියවන්න. කොමෙන්ට් කරන්න. ආයෙත් එන්න. දෙන්නටම ස්තුති.
      ඒකිව්වෙ මෙන්ඩටයි, පාර පෙන්නපු මදුවටයි.

      ජය වේවා මෙන්ඩො!

      Delete
  7. බොහොම අගෙයි යාලුවා.
    ඔන්න මමත් ආවා ඈ

    ReplyDelete
  8. මේක කවිය මට හොඳට මතකයි
    ලස්සනයි කසුනෝ
    ජයවේ අහසෙන් එන්නා!

    ReplyDelete
    Replies
    1. දිනේශ්, ඉවාන්, මදුවෝ, කැමා, මෙන්ඩා, තෙලිදිය,
      බොහොම ස්තුති කොමෙන්ටුව ට. ඊලඟ පෝස්ට් එකත් බලන්න එන්න.
      ජයවේ...

      මිත්‍ර,
      ඒ ගැනනම් මටත් හිතාගන්න හරි අමාරුයි. ස්තුති ආවාට. ආයෙත් එන්න.

      වර්න,
      මේ කවිය උඹට අමතක වෙන්න බෑ. අර සිත් ඇස සඟරාවකට මේක කියෙව්වේ උඹමයි. මතක ද?
      ජයවේවා වර්න!

      Delete
    2. මතකයි මතකයි මචන්

      ජයවේවා!
      මේල් එක දාපන්

      Delete
  9. අපූරුයි ජීවිතය.. ඇත්තටම..
    ජයවේවා..!!

    ReplyDelete
  10. හම්මෝ බං ලුමිනස් පාට.. වැඩියි..

    ReplyDelete
  11. අගෙයි අහස්... අන්න ඒහම කවිත් ලියමු හරිය?????

    ReplyDelete
    Replies
    1. හරි හරි මේකේ හැම දේම ලියනවා. ඉස්සරහට කතාත් එනවා. ඇවිත් බලන්න කුරුටු.

      Delete
  12. කසුනා කෙටි කතාවක් ලියන්න පොඩි ට්‍රයි එකක් දුන්න පුළුවන් නම් අහසෙන් එන්න
    http://ekomatheka.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බැලුවා. කෝ බං කතාව? ලියහං ලියහං

      Delete
  13. අහසෙන් එන්න ... ලස්සනයි කවිය. මගේ යහළුවකට මෙහෙම වුනා ඇත්තටම ... තවත් ලියන්න දෙයක් .තිබෙනවා. .මෙන්න මේ ලිපිය http://ahasenenna.blogspot.co.uk/2015/08/blog-post_15.html අපි නෙලුම් යායෙන් තෝරා ගත්ත මාසික තෑග්ගට ...(for august) අර ලිව්ව ජාතියේ ඕඩියෝ පොතක් තියනවා නම් ..කියන්න. ත්‍යාගය laba ගැනීමට කැමති නම් ඒ බව .දන්වන්න. editor@nelumyaya.om

    ReplyDelete
    Replies
    1. එහෙමනම් අජිත් අයියට මේ කවිය ම?ීටත් වඩා හොඳට ලියන්න පුලුවන් ඇති. අත්දැකීමත් තියෙනවනේ.
      ස්තුති අජිත් අයියේ.
      ජයවේවා!

      Delete
  14. warnakulakaya@gmail.com මෙන්න මචන් මේල

    ReplyDelete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.