Monday, September 7, 2015

පුංචි පුතා අපෙ ඉස්කෝලේ ගිය මුල්ම දවස අද නේ...

මම මොන්ටිසෝරි ගියේ නැත. ඒ වෙනුවට පාසලේ පුංචිම සිසුවා ලෙස වසර 5 දී පාසලේ 1 වසරට ඇතුළත් වූයේ සුමනා පතිරණ ගුරු මාතාවට මගේ මුන්ටිසෝරි සමය ද කවර් කරන්නට අවස්ථාව ලබා දෙමිනි.

අන් ළමුන් පාසැල් ගොස් ගෙදර පැමිණෙද්දී මට සිදු වූයේ පාසැල නිම වී වදකාගාරය නොහොත් නර්සරියට පැමිණීමට ය. එකී වදකාගාරය ගැන පසුවට ලියමි.

මා මුලින්ම පාසැල් එන්නේ වසර 4 දී ය. එවකට සිටි විදුහල්පති වරයා වූ මෙන්ඩිස් මහතා මා යළි ගෙදර යවන්නේ එවකට ඉතා කුදා ළමයෙකු වූ බැවිනි. වසරක ඇවෑමෙන් මා යළි පැමිණියේ 1995 ජනවාරි 4 හෝ 5 විය යුතුය. මා පැමිණි දවසේ මුලින් පොඩි කණගාටුවක් ඇති වුවද පසුව එය යථා තත්වයට පත්විය. එදා ඉරිදාවක් විය යුතුය. සවස රෑ කෑම කන්නට ලැබුණි. මා ගෙදර පුරුද්දට කෑම කන්නට පටන්ගත් විට ඒයි ඔහොම ද කන්නේ? ඔය ඔක්කොම අනාගන්නවා.යනුවෙන් කෑගසන හඩින් මම බය වීමි. ඒ නේවාසිකාගාරයේ මෙට්‍රන් කෙනෙකි. ඇය ද්‍රවිඩ කාන්තාවකි. වයස්ගත ය. මම බත් කට අනා අනේ ඔයා දන්න පුකක් බැරියැයිකියමින් එලෙසම කෑවෙමි.

පසුවදා උදා වූයේ මගේ සිත තුළ අමුතුම විදිහේ කණගාටුවක් සමග ය. උදෑසනින්ම නැගිටීමත්, බුරුසුවට දත් බෙහෙත් ගෙන පෝලිමේ මූණ සේදීමට යාමත් මට නුහුරු ය. ඒ මදිවාට 25 දෙනෙකුට පමණ තිබුණේ එක් වැසිකිළියක් පමණි. ඒනම් කම් නැත. ඉවසීමට නොහැකි වූයේ එයට ද පෝලිමේ සිටීමට සිදු වීම ය. කෙසේ හෝ එයද හමාර කළ මට එන්න එන්න ම කනගාටුව වැඩි වන්නට විය. ඒ එතැන තිබූ වාතාවරණය නිසා යැයි මට සිතේ. පොඩි දේට ද බනිති, කෑ ගසති, පහර දෙති. ඇරත් උදෑසන ආහාරයෙන් පසුව මා පන්තියකට ද නොගිය බැවින් මම බොහෝ සෙයින් කලබල වීමි.

ඔය ආකාරයට උදෑසන 9.00 පමණ වන්නට ඇත. මගේ සීමාව ඉක්මවා යන්නට ඇත. හඬන්නට පටන් ගත්තෙමි. මා වටා ළමුන් එකා දෙන්නා එකතු විය. විවිධ සැනසිලි වදන් කියන්නට විය. විවිධ සෙල්ලම් බඩු මා අත තබන්නට විය. නැත මා නැවතුණේ නැත..... කෙනෙක් ගොස් මේට්‍රන් ට ද කියා තිබුණි. ඇය ද පැමිණ වචනයක් දෙකක් කියා නැවත යන්නට ගියා ය. දහවල ගැන මතකයක් නැතත් හවස නම් සෙල්ලම් කිරීමට ළමුන් මා කැටුව ගිය මොහොතේ මා ඇඟේ චූ කරගෙන මේට්‍රන්ගෙන් ගුටි කෑවානම් මතකය. එම සිදුවීම පසුවදා දක්වා මගේ ඇඬීම කරන්නට මට ශක්තිය දුන් බව අලුතෙන් කිව යුතු නැත. එලෙස දින දෙකක් හෝ තුනක් දිගට ම ඇඬූ බවක් පමණක් මට මතක ය. පසුවදා සිට පන්තියට ගියේ මහා සැනසීමක් සමග ය. එය එතැන් සිට වසර තුනක් දක්වාම මගේ ඉරණම වේයැයි එදා මට සිතුණා නම්.....

ඒ කතා සියල්ල පසුව ලියමි. අද පටන් මගේ ඉස්කෝලේ කාලේ කතා කියන්නට සිතුණේ ඒ තුළ අනේක විද පීඩා සහ රස මුසු තැන් ද ඇති නිසා ය. අනෙක් හේතුව නම් (ආනන්ද බෝඩිමේ සැඟවුණු රස කතා) නමින් ගාල්ලේ දෙව්සිරි පී. හේවාවිදාන ඉන්ජිනේරු මහතා ගේ පොත කියවීමෙන් ලැබුණු උත්තේජනය නිසා ය.

අදින් ඇරඹි මේ ලිපි පෙළ ද කියවීමට මා ඔබට ආරාධනා කරන්නේ ගෞරවයෙනි. එසේ එන ඔබ මෙහි ඇති අක්ෂර දෝෂ පිළිබඳ නොසළකන්න.

දිගට ම කියවන්න!

48 comments:

  1. රායිට්...පටන් ගමු ලියමු
    අපි එනවා
    එල ද බ්‍රා

    ReplyDelete
  2. කමෙන්ට් වලට උත්තර ඔනේ

    ReplyDelete
    Replies
    1. රායිට් මෙන්ඩො, ලියනවා. සමහර කතා දාන්න එපා කියලා මට කට්ටිය sms කරලත් තිබුනා. මට මතක හැටියට ඒ කාලේ කතා සියල්ලම මේ ලිපි පෙලට එනවා. බොහෝවිට ඒවා සතුටු හිතෙන ඒවා නොවෙන්න පුලුවන්.

      මෙන්ඩෙ මම කොමෙන්ට් ඔක්කොටම උත්තර දුන්නා. එකම කොමෙන්ටුවකදී හැමෝටම ස්තුති කරලා වගේ එකක්. හරි මම ආයේ දාන්නම්.

      ජයවේවා මෙන්ඩෙ. දිගටම එන්න.

      Delete
  3. කදිම වැඩක් බොල
    අක්ෂර දෝෂයක් තියේ නම් මට මේලක් දාපන්කො පුළුවන් විදියට නිවැරදි කොරලා එවන්ට
    ජයවේ කස්!

    ReplyDelete
    Replies
    1. හරි මචං මම මේ දෙවනි එක ලියාගෙන යනවා. ඒකේ ඉඳන් මේල් කරන්නම්. තෑංක්ස් මචෝ.

      ජය වේ වර්න!

      Delete
    2. warnakulakaya@gmail.com මෙන්න මේල

      මචන් Ahasenenna කියන එකේ Ahasen enna ලෙස ස්පේස් එකක් දුන්නම් හොඳයි

      Delete
  4. මං පාවිච්චි කරන්නේ මේ සේවාවයි. සෑහෙන්න හොඳයි, නමුත් 100% ක් නම් නෑ.

    http://subasa.ambitiouslemon.com/spellerweb.py

    ReplyDelete
    Replies
    1. ඒකත් නිවැරදි ක්‍රමයක් තමයි රසිකයියේ. නමුත් මේක දෘශ්‍යාබාධිත අයට පාවිච්චි කරන්න බෑ. ස්ක්‍රීන් රීඩර් සපෝර්ට් කරන්නේ නෑ.

      ස්තුතී රසිකයියේ.

      Delete
    2. සමාවෙන්න, මට එය කල්පනාවට ආවේ නෑ.

      Delete
    3. ස්තුතී රසිකයියේ. මම මේක හදන්නම්.

      මේ ලිපියේ පාඨකයින් මේ කොමෙන්ටුව මකා දැමීම වරදවා වටහා නොගන්න.

      Delete
  5. අනිවා දිගටම එනවා කතා ටික ඔක්කොම කියවන්න. ප්‍රබන්ධ වලට වඩා ඇත්තම අත්දැකීම් ගොඩක් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඔව් යශ්, මේ කතා ඔක්කොම ඇත්තම ඇත්ත. කිසිම සිද්දියක් අතින් දාලා ලියන්න හිතන්නේ නෑ. මගේ අදහසක් තිබුනා මගෙ ජීවිත කතාව ලියන්න. නමුත් ඒක කරන්න බැරි වුනා. ඒ නිසයි මේ විදිහට ඒ ඒ සිදුවීම් කොටස් විදිහට බ්ලොග් සටහන් විදිහට තියන්න හිතුනේ.

      ජය වේවා කැමා. ....කැමා කිව්වට තරහා නෑ නේද බං?

      Delete
    2. හැක් හැක් හැක් කැමරා කටා.... හැක් හැක් හැක්

      Delete
  6. මමත් මොන්ටිසෝරි ගියේ නෑ.... මගේ නෝනත් ගිහින් නෑ.... ඒත් අධ්‍යාපනය තුළ කිසිදු අටුවක් වුණේ නැහැ....

    ReplyDelete
    Replies
    1. ඇත්ත කුරුටු, මුන්ටි සෝරියෙන් කරන්නේ සමාජයට හුරු කිරීමක් කියලයි මම දන්නෙ. ඇත්ත මුන්ටිසෝරි නොගියට ඉස්සරහට යන එකා යනවාමයි. ඔයත් එහෙමයි, මමත් හෙමයි.
      ජයවේවා කුරුටු.

      Delete
  7. ඉස්කෝලේ කතන්දර නම් ඉතින් කාගෙ උනත් අපිත් කියවන්න ආසයි.. ලියමු ලියමු..

    ReplyDelete
    Replies
    1. ස්තුතී දිනේශ් මේවා විනෝදයෙන් පිරුනු කතා සෙට් එකක් නෙවෙයි. එහෙම හොඳ කතා නැතුවම නෙවෙයි. ඇවිත් බලන්න.

      ජයවේවා!

      Delete
  8. නියමයි.. තෝරන්න දෙයක් නෑ .. උඹ ලියපං මචෝ... ගස්ලබ්බ නම් වැඩිපුර අවුරුද්දකුත් මොන්ටිසෝරි ගියා.. මොකද ගෙදර තනියම දාල යන්න බැරි නිසා.. හෙහ් හෙහ් හෙ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හැක් හැක් හැක්. ගෙදර දාලා ගියානම් අපිට තව තව හොඳ කතා ටිකක් අහගන්න තිබුනා.
      ස්තුති ගස්.

      Delete
  9. පුංචි කාලෙම බෝඩිමකට යනවා කියන්න හරිම දුක හිතෙන .දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත අජිත් අයියේ.ඒ කාලේ ගෙදර ආවම ආයේ යන්න හිතෙන්නෙම නෑ. ගෙදර සහෝදරයින් ගොඩක් හිටියා. ඉස්කෝලේ යාලුවෝ ගොඩක් හිටියට ඉන්න හිත දුන්නේ නෑ. 3 වසරේ මැදක් වෙනකල්ම එහෙමයි. ආයෙත් 4 වසරේ ඉඳලා 7 වසරට යනකල්ම අකමැත්තෙන් හිටියේ. ඊට පස්සේ ඒතරම් අවුලක් නෑ.
      ජයවේවා අජිත් අයියේ.

      Delete
  10. මම අදයි ආවේ. පරණ පෝස්ට් ටිකත් ඔක්කොම කියෙවුවා. කරගෙන යන්න. සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී ඉකොනොමැට්ටා. හැම පෝස්ට් එකක්ම කියවන්න ආරාදනා කරනවා. දිගටම එන්න.
      ජය වේවා!

      Delete
  11. මම මේ බ්ලොග් එක දැක්කේ අදනේ. ලියල තියෙන සටහන් රසවත්. ඔබගේ අත්දැකීම් කියවන්න ආසයි. මෙච්චර කාලෙකට බ්ලොග් තුලින් අපිට කියවන්න නොලැබුණු අත්දැකීම් වෙයි. ඔබ මේක ලියන්නේ කොහොමද? කියවන්න Text to Speech ටුල් එකක් පාවිච්චි කරනවද?

    ReplyDelete
    Replies
    1. ඔයාවත් සාදරයෙන් පිලිගන්නව පැතුම්.
      මම මේ ඔක්කොම කරන්නේ ටෙක්ස් ටු ස්පීච් එකක් පාවිච්චි කරලා. ලියන්න පාවිච්චි කරන්නේ සිංහල ටැමිල් IMe කියන ටූල් එක. ඒ කියන්නේ විජෙසේකර කීබෝර්ඩ් එක පාවිච්චි කරලා කෙලින්ම ලියනවා. පෝස්ට් වර්ඩ් එකේ ලියලා පේස්ට් කරනවා.
      ජයවේ පැතුම්. දිගටම එන්න.

      Delete
  12. ඔච්චර පොඩි වයසෙ නෙමේ හයේ පන්තියෙදි හොස්ටල් නැවතිලා මමත් ඇඬුවා බං. උඔ කොහොම ඉන්න ඇතිද?

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ගෙදර යන්න ලැබෙන්නේ මාස තුනකට සැරයක්. නිවාඩු මාසේ විතරක් ගෙදර ඉඳලා ඇවිත් හැමදාම හොඳට ම ඇඬුවා. සාමාන්‍යෙන් නර්සරිවල ඉන්න පාලිකාවෝ හරිම කරුනාවන්තයි. නමුත් අපට හිටියේ යක්ෂනියෝ දෙන්නෙක්. පස්සේ කාලෙක හොඳ මනුස්සයෙක් ආවා. හැබැයි අපිට පෙනුනෙ දෙවියෙක් වගේ.

      Delete
  13. දිගටම ලිවීමට සුබ පැතුම්.
    මං ලියන්නෙ නැතිවුනාට මට හිතෙන විදිහටනම් බ්ලොග් ලියන එකේ ප්‍රමුඛස්ථානය ලැබෙන්න ඕනෙ ලියන්නාගේ ආත්ම තෘප්තියට. කියවන අය වැඩි එක හා ඔවුන් රසවිඳීම ලියන්නාගේ සතුට වැඩිවීමට හේතුවෙනව. ඒත් පොත් සඟරා පත්තරවගේ විකිණීමට ලියන්නෙ නැති නිසා බ්ලොග් ලියන කෙනාගෙ සතුටට මුල් තැන දෙන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. මමත් මේ බ්ලොගය ලියන්නේ මගේ සතුට ට පමනයි. කවුරුහරි මේ ලිපි කියවලා කොමෙන්ටුවක් දාලා තිබුනාම පොඩි සතුටක් එනවා. මේ විදිහට කොමෙන්ට් වැඩි වෙනකොට ලියන්න ආසා හිතෙනවා. මේවා විකුනන්න හිතන්නේ නෑ. ඒ වගේම අනිත් අයගේ බ්ලොග් කියවන්නත් කැමතියි. ඒවායෙන් බොහෝදේ අපිට එකතු කරගන්න පුලුවන් වෙනවා නේද ප්‍රාජේ. ඔබ නොලිව්වට දැන් බ්ලොග් කියවලා පෝස්ට් ගානක් ඔබේ ඔලුවටත් පැමින ඇතැයි සිතේ.

      Delete
  14. අද සිට මම ද එමි. මේ ඉසව්වට.

    ReplyDelete
    Replies
    1. එන්න එන්න නලින් අයියේ.
      සාදරයෙන් පිලිගන්නවා.

      Delete
  15. ඔන්න මමත් ආවා . ඔබේ ලියන පිළිවෙල රසයි. දිගටම ලියන්න . ජය !

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා තිලකෙ අයියා. ඔබ වැනි රසවතුන් පැමිනීම මට සතුටක්.

      Delete
  16. මේ ලින්ක් දෙක දාල යන්න ආවේ ..
    http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/724-2015-09-09-13-07-05

    http://nelumyaya.com/?p=4171

    ReplyDelete
  17. ඔන්න අපි මෙ පැත්තේ නැගමි ඇවිත් යන්න ආවා.මම නමි ටිකක් ලියන්නේ 18 + මාතෘකා ඔස්සේ වගේම මනෝවිද්‍යාව පැත්තෙන්.ඒවා ලිවිවට කියවන්නේ මෙ වගේ ලිපි.මම FB එකේ දීර්ඝකාලයක් හිටියත් බිලොග් අවකාශයට තවම ආධුනිකයි.කොටින්ම මාස දෙකයි.තවම බිලොග් අවකාශයේ කිරි සප්පයෙක්.බිලොග් අවකාශයේ ඉන්න අපිත් හරියට එකම සහොදර පිරිසක් වගේ වෙනව ටික කාලයක් ගියාම.
    කොහොම උනත් මුල්ම පාසල් දවස බොහො දෙනෙකුට දුක්බර දවසක් උනාට මට නමි ඔක වෙනස් වුනා.හේතු කීපයක් උඩ.පලමු වෙනි එක තමයි විදුහල්පතිතුමා හිටියේ අපේ සීයා.මට උගන්වන් හිටියේ මගේම පුංචි අමිමා(අමිමාගේ නංගි).අනිත් හේතුව තමයි ස්කූල් එක තිබිබෙ තාත්තාගේ මහගෙදරට අල්ලපු ඉඩමෙ.ඒ වගේම ෆැමිලි එකේ කිහිප දෙනෙක්ම ඉගෙන ගත්තෙත් ඒ පාසලේමයි.මට ගෙදරයි පාසලයි කියලා ලොකු වෙනසක් දැනුනේ නැ ඉතින්.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මනෝමන්දිර. මමත් බ්ලොග් පටන්ගෙන මාස එදකයි වෙන්නේ. ඒ කියන්නේ අපි දෙන්නම කිරි සප්පයෝ.

      Delete
  18. ඔන්න මමත් හා හා පුරා කියලා මේ පැත්තට ආවා. පරණ පෝස්ට් කියවන්න නම් තාම වෙලාවක් ලැබුනෙ නෑ. මේ නේවාසිකාගාර කතන්දර මගේ ජීවිතේටත් බොහොම සමීප නිසා මං හිතන්නෙ මටත් අහසින්ම අතීතෙට යන්න පුළුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. ආවාට ස්තුති සඳ වියමන්. ඉතුරු කතා ටිකත් කියවන්න.

      ජයවේවා!

      Delete
  19. අදයි මං මේ පැත්තට ආවෙ කසුන්... දිගටම ලියපං මිත්‍රයා.. අපි එනවා හැමදාම බලන්න.

    ReplyDelete
    Replies
    1. හරි ඩිලා. සාදරයෙන් පිලිගන්නවා. මේ අර මදුවත් එක්ක කවි ලියන ඩිලා ද බං.

      Delete
    2. හා හා කෑගහන්න එපා බං

      Delete
  20. ඔන්න කසුන් අයියෙ මාත් ආවා... මගෙත් අතීතෙට යන්න පුළුවන් නේද මේ පෝස්ට් වලින් ම?

    ReplyDelete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.