Wednesday, March 16, 2016

ඉර බැස යන හැන්දෑවක, වැව් දිය මත හාදු තියන්න!


මීට මාස කිහිපයක ට පෙර මට සරසවියේ සිසුවෙකු විසින් ගීතයක ට යැයි කියාගත් වචන ටිකක් පෙන්නුවා. නමුත් ඒ වෙලාවේ මා වෙනත් වැඩක යෙදී සිටි නිසා එය උඩින් පල්ලෙන් කියවා හොඳ නිර්මානයක් බව කියා සිටි නමුත් ඔහු එතනින් නැවතුනේ නෑ. මෙන්න තවත් ටික දවසකින් ඒ වචන ටික ට තනුවක් දාගෙන ආවා. ගයිඩ් එකකුත් එක්ක. ඒ වෙලාවේ මා එය හොඳින් අසා බැලුවා. තනුව යම් හුරු පුරුදු, සමීප බවක් දැනුනා. මෙන්න තවත් ටික දවසකින් සංයුක්ත තැටියක් මා අත තැබූ ඔහු මෙන්න මේක අහලා හොඳ නරක කියන්න කීවා. මා ඒ ගැන ඔහුට ඒ මොහොතේම කීවා. ඒ වෙනකොටත් මා නොදැන හිටි දෙයක් වුනේ මේ ගීතයේ සංගීත නිර්මාණ ෂිල්පියා ගැනයි. මා ඒ ගැන විමසුවා. ලැබුනු පිලිතුර මගේ සතුට ට හේතු වුනා. ඒ අන් කිසිවක් නිසා නොවෙයි. මේ නිර්මාණ කරු මගේ සාමාන්‍ය පෙල සංගීත ගුරු තුමා නිසා.

නමින් අමිල ඉන්ද්‍රජිත් නම් ඔහු සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ උපාදිධරයෙක්. සංගීත ක්ෂේත්‍රයේ අති දක්ෂයෙක්. බොහෝ වාද්‍ය භාන්ඩ වාදනය සහ ඕනෑම ගායන ශයිලියක් ගැලපෙන ඔහු විසින් කළ ප්‍රතම නිර්මාණය මෙය නොවෙයි.

මේ ගීතයේ ගායන ෂිල්පිනියගෙත් ප්‍රතම ගීතය මෙය නොවුනත් ඇයගේ ගීත අතරින් මා සිත් ගත් ගීතය මෙයයි. මේ ගීතයේ ගී පද ලියූ වරුනගේ පෙම්වතිය වන සනාලි සේනානායක විසින් මෙම ගීතය ගයා තිබෙන්නේ.

ගීපද වරුන කපිල ජයසුන්දරගෙන්. ඔහු ගැන යමක් නොකියා මේ ගීතය ගැන ඔහු විසින්ම ලියූ සටහනක් ඉදිරිපත් කරන්නම්.


“මෙම ගීතය ලිවීම ට ප්‍රධානතම හේතුව වූයේ ගීත ලිවීමේ ආසාවයි. වැව් දිය යනුවෙන් මෙම ගීතය ගැමි ආරකින් ලිවීමට හේතුව වූයේ ගැමි පරිසරය ට මගේ ඇති ආසාවයි.ගැමි යුවතියක් තමාට තරුණයෙකුගේ ආදරය ලැබීමේ ප්‍රහර්ෂය මෙම ගීතයෙන් උත්කර්ෂයට නැගීම ට මා යම් උත්සහයක් ගතිමි.වර්තමානයේ බිහිවෙමින් පවතින හරසුන් ගීතය ට යම් පිලිතුරක් දීමට මා මෙයින් උත්සහ ගත්තෙමි. එය යම් දුරකට හෝ සාර්තක වූයේ යැයි මා සිතමි. අප රටේ සිටිනා දැවැන්ත කලාකරුවන් ඉදිරියේ මා දූවිල්ලක් බඳුයැයි මට සිතේ. මා සිතේ එක් වරම උපන් මෙම ගී පද දුරකතනයේ sms එකක් ලෙස ලියා මගේ පෙම්වතිය ට යැවුවෙමි. ඇය ද එය ට කැමති විය. ඇයගේ හඬින් ම ගායනා කරවීමට මා කටයුතු කලෙමි. මෙම ගී පද සංගීතයෙන් හැඩ කලේ අමිල ඉන්ද්‍රජිත් නම් අති දක්ෂ සංගීතවේදියා විසිනි. ඔහුද මෙම ගීතයට ගැමි ආරක් සහිත තනුවක් අප හට නිර්මානය කර දුන්නේය. වර්තමානයේ නිර්මානය වන ගීත වලට වඩා මෙම ගීතය යම් වෙනසකින් නිර්මානය කිරීමට අප කටයුතු කලෙමු. ගීතයක යම්කිසි හෝ සාහිත්‍යමය රසයක් තිබිය යුතුයැයි මට සිතේ. අතොරක් නැතුව බිහිවන ගීත කලාවක ට වඩා ඉදහිට හෝ යම් හොඳ නිර්මානයක් ඉදිරිපත් කිරීම වඩා යහපත් යැයි මා සිතමි. මෙම ගීතය ඔබටත් රස විඳිය හැකි වනු ඇතැයි මම සිතමි.




17 comments:

  1. ගීතය අහන්න නම් විදිහක් නැහැ දැන්.පස්සෙ අහන්න ඕන.පද ටික මිහිරියි.. ඉඳලා හිටලා හරි හොඳ අලුත් ගීතයක් අහන්න ලැබෙන එක සතුටක්..

    ReplyDelete
  2. ලස්සන වචන.හරි අගේට පද බැඳලා . අපි ඔහුට සුබ පතමු

    ReplyDelete
  3. කටහඬ ලස්සනයි නැවුම් ගතියක් තියෙනවා... මියුසික් බර මදි. මේ වගේ සින්දු වල තියෙන අතිශය සාමාන්‍ය මියුසික් එකක් තමයි ඇහෙන්නේ.. සින්දුව ඇඟට දැනෙන්න මදි.. ඉස්සරහට තව හොඳ නිර්මාණ කරන්න ලැබේවා..

    ReplyDelete
  4. උඹටත් බ්ලොග් එකක් තියනවා කියලා මතක්වෙලා තියෙන්නේ.....

    ගීතය ඇහුවා.ලස්සන වගේම අඩුපාඩුත් තිබුනා.ඒ වුනාට උත්සහය සාර්තකයි.පලවෙනි අඩියෙන් හඳට යන්න බෑනේ.මොකක්වුනත් මේ උඩුගං බලා පිහිනීමට මම කැමතියි. ජයවේවා මේ ගීතයට දායක්වූ සැමටම.

    ReplyDelete
  5. කටහඬ මිහිරියි , කල්යානගේ අදහස සමග එකඟ වෙනවා , සියලු ශිල්පීන්ට සුබ පැතුම් ,කසුන්ට ත් ඇතුළුව

    ReplyDelete
  6. ගායිකාවගේ කටහඬ හරිම ලස්සනයි. පදවැල් ටිකත් ඒ වගේමයි. සංගීතයත් නරකම නෑ. හැමෝටම සුබ පතනවා.

    ReplyDelete
  7. අහස් කූර්, මේක අහන්න වෙන්නෙ ගෙදර ගිහින් ඊට පස්සෙ මම කියන්නම් මගේ අදහස.

    ReplyDelete
  8. පට්ට. මං මේක කොහොම හරි අහනව. උඹට කරදර කරන්නැතුව.

    ReplyDelete
  9. කසුනෝ..............

    ලස්සන පද ටිකක්.... ගීතයත් අගේට ඇති.... පස්සේ තමා අහන්න වෙන්නේ..... සුභපැතුවාය කියන්න.....

    ReplyDelete
  10. සිංදුව ඉස්සෙල්ලම ඇහුවේ දැන්.

    ReplyDelete
  11. ලස්සන වචන ටිකක්...සුබපැතුම්..

    ReplyDelete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.