Friday, May 19, 2017

නොමියෙන මතක

නෙක් විසිතුරු ඇති මේ බිම වේ සොඳුරු
සිත්පිත් නැති රකුසන් නැසුවා රුදුරු
ලෙයින් තෙත් කළා කරමින් රට අඳුරු
සිහල දෙමල මිතුරන් උනි පසමිතුරු

මිහිකත දැවූ යුධ ගිනි දැල් නිවන්නට
 හදේ නැගෙන සංතාපය නසන්නට
වීර දූ පුතුන් එඩි බල ගෙන සිතට
ගියා පෙරට අවි ගෙන රුපු නසන්නට

ගුවණ දෙරණ සාගරය ද එකතු වෙලා
හිරුත් සඳුත් සමගින් නිති වෙහෙසීලා
අත් පා ඇස් ද තම ජීවිත දං දීලා
යුධ ගිනි නිවා දැම්මා ජීවිත පුදලා

වීර දූ පුතුන් වැදු මව් පියන් හට
ජීවිත පුදා සාමය දුන් විරුවන්ට
මව් බිම රැක්ක විරුවනි නිති ඔබ හැමට
සදා පුදමු ,උපහාරය ඔබෙ නමට



33 comments:

  1. ඇදටත් පාරේදී දැක්කත් මගේ හිතේ එයාල ගැන ලොකු බක්තිය්ක් ඇති වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත... අපි ඒ හැමදෙනාටම ගරු කරන්න ඕනේ මේ ලබන නිදහස වෙනුවෙන්.. ඒත් දැන් ඔව්න්ට නිසි ගෞරවය ලැබෙනවාද කියන එක ප්‍රශ්නයක්....

      Delete
  2. අපි අද බයක් නැතිව බස් එකක යන්නේ මොවුන්ට පින් සිද්ධ වෙන්න

    ReplyDelete
  3. සියලු ආරක්ශක හමුදා සාමාජිකයින්ටත්, මහින්ද රාජපක්ශ හා ගොටාභය රාජපක්ශ මැතිතුමන්ලාටත් සරස තුමා ගේ උපහාරය!


    නිර්භීතව තම බ්ලොගේ මෙවැනි දෙයක් පලකිරීම ගැන කසුන් ටත් නිර්මාණී ටත් සරස තුමාගේ ස්තූතිය!


    ReplyDelete
    Replies
    1. + සරත් ෆොන්සේකාටත්

      Delete
    2. @ සාරස
      යුධ ජයග්‍රහනයට සම්බන්ධවුණු හැමෝටම රටේ සියලුම ජනතාවගේ උපහාරය ලැබිය යුතුයි... ඒත් රටක් විදිහට ඒ උපහාරය, ගෞරවය ලබා නොදීම ගැන කනගාටුයි...

      @ ඇනෝ
      ++++++++++++++

      Delete
  4. මේ පැදි පෙළ ගොඩක් වටිනවා නංගි. ඒ විරුවන් අපි වෙනුවෙන් කරපු කැපවීම කවදාවත් අමතක කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත අක්කේ... ඒ මෙහෙය කවදාවත් අමතක කරන්න බෑ... අමතක කළ යුතුත් නෑ...

      Delete
  5. යුද්දේ ඉවර වෙච්චි එකට නම් සතුටුයි.එත් තමා අනෙකා ගැන තියෙන සැකය,අවිශ්වාසය නැති කර ගන්න බැරි වෙච්චි එක ගැන දුකයි.

    ReplyDelete
    Replies
    1. ++++++++++

      ගොඩාක් හදවත්වල සුව නොවුණු තුවාලය තමයි අන් අය ගැන තියන සැකය...

      Delete
  6. මෙ යුද්ධයේ සටන් වැදුනු සියළුම හමුදා සෙබළුන්ටත් දිවිපිදූ අතපය අහිමිකරගත් සෙබළුන්ටත් අප සැමදා ණය ගැතියි. මේ සටනේදී දිවිපිදුවේ බොහොමයක් සිංහල සොල්දාදුවන්. ඒවගේම විවිධ ආගම් විවිධ භෂා කථා කරන සියළුම ජාතීන් වල අය හිටියා. ත්‍රස්තවාදී අතින් මුලින්ම ඝාතනය වුණ පොලිස් පරීක්ෂක සෙබස්ටියන් පිල්ලේ ගේ සිට 1996 මුලතිව් කඳවුර බේරාගැනීමේදී පැරශූට් වලින් බැසගත් විශේශ කාර්‍යය බළකා කණ්ඩාමට අණ දී එහිදීම දිවි පිදූ කර්නල් ලාෆීර් වැන්නවුනුත් සිහිකල යුතුමයි. එමෙන්ම 1987 වඩමරච්චි මෙහෙයුම කල ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ විජය විමලරත්න වැන්නවුන්, යාපනය සහ වැළිඔය බේරාගත් ජානක පෙරේරා සහ අවස්ථාව තිබුණත් රට හැර නොගොස් සටන් බිමේ සිටි සරත් ෆොන්සේකා වැනි අයත් වීරයන්. අවසාන යුද්ධයට දේශපාලන නායක්වය දුන් හිටපු ජනාධිපති තුමා සහ ආරක්ෂක ලේඛම් තුමා කර කාර්‍යය භාරය තීරණාත්මකයි. එම නිසා මේ යුද්ධය දිනීම පක්ෂ, පාට, ජාතීන් ආගම් වලින් බැහැරව සියළුම ත්‍රස්ත විරෝධී සහ බෙදුම්වාදීන්ට විරෝධී ජයග්‍රහණයක්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ඉයන්... යුද්ධයට සම්බන්ධ වුණු බහුතරයක් සිංහල සෙබලුන් අතරේ වෙනත් ජාතීන් වෙනත් ආගමිකයන් ද සිටියා... අපි දන්නේ ඒ අතරින් බොහෝම ටිකදෙනයි... යුද්ධය මුල සිට අග දක්වාම මෙහෙය වූ සියලුදෙනාට අපි ගෞරව කළ යුතුයි... උපහාර දැක්විය යුතු ය.....

      Delete
  7. හිතක් එඩිතර වූව ලක්බිම පුතුන්ගේ හදවත් උතුම්
    රටක් වෙණුවෙන් පෙරට ආවේ අවිදරා නිදහස් පැතුම්
    හෙටක් වෙනුවෙන් ඉවසුවා ඒ පුතුන් අපමණ වූ රිදුම්
    මතක් වෙනකොට තිබුණු යුද්දය අදත් පිච්චෙයි හද සුසුම්.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. රටක්, ජාතියක් වෙනුවෙන් දිවි දුන් ඔව්න්ට මුලු ජාතියම ණයගැතී.....
      කවියට තුති දුමී...

      ජයවේවා...

      Delete
  8. රටේ ජනතාවගේ පිනට යුද්ධය අවසන් කරන්න හැකි පිරිසක් එකට එක් වුණා. කොළඹ ආනන්දය හදපු දවසේ ඕල්කට් තුමා කියල තියනවා මම මේ බොදු පාසල් පද්ධතියක් මේ රටේ ස්ථාපිත කරන්නේ අනාගතයේ දවසක මේ රට ආක්‍රමණයකයකට ගොදුරුවෙනවා. ඒ ආක්‍රමණයෙන් රට මුදාගත හැකි පුතුන් බිහිවෙන්නේ මේ පාසල් තුළින් කියලා. එදා එතුමා ඒ කිව්ව කතාව යුද්ධය අවසානයේදි ඒක් වු පිරිසෙන් ඉතා හොදින් පැහැදිලි වෙනවා. යුද්ධය නිමා කරන මොහොතේ යුද්ධයට නායකත්වය දුන් බහුතරයක්ම ආනන්ද නාලන්දා විදුහල්වලින් බිහිවු දරුවන්.

    ReplyDelete
    Replies
    1. ////රටේ ජනතාවගේ පිනට යුද්ධය අවසන් කරන්න හැකි පිරිසක් එකට එක් වුණා.////
      +++++++++++++++++++++++

      Delete
    2. ඔව් අනිත් ඉස්කෝලවල මුතු,මැණික් ටික ශිෂ්‍යත්වෙනුයි, ඕලෙවල් වලිනියි. ස්පෝට් වලිනියි අරවගෙනුයි මෙවගෙනුයි අරන්. අන්තිමට බිහිකරනවා

      Delete
  9. ++++++++++++++ (අවුරුදු අටක් ගිහිල්ලත් මතක තියෙන එකම ලොකු දෙයක්.. :)

    ReplyDelete
    Replies
    1. අපිට නම් අමතක නෑ... ඒ වගේ ඉන්න කොටසකුත් රටේ ඉන්නවානේ....

      Delete
  10. අවුරුදු අටකුත් වෙලා අක්කේ... මිනිස්සුන්ට නම් එච්චර ගානක් නැති පාටයි

    ReplyDelete
    Replies
    1. අපේ ජාතිය හරි ඉක්මනින් හැමදේම අමතක කරන ජාතියක්නේ මල්ලි... ඒකයි:D

      Delete
  11. සියලූම යුධ වීරයින්ට තිබිය යුතු ගෞරවය හැමදාමත් අපේ හදවතේ තියෙයි

    ReplyDelete
  12. ජ ය වේ ව ා !!1

    ReplyDelete
  13. මේ මතක කවදාවත් අපට අමතක වෙන එකක් නෑ. මේ ජයග්‍රහනය නොවන්නට මේ කොමෙන්ට් එක ලියන්න මාත්, කියවන්න ඔබත් නොසිටින්න ට තිබුනා. ඔව් බොහෝ විට එහෙම වෙන්න තිබුනු සම්බාවිතාව වැඩියි.

    මේ මගේ එක් කලෙක හීනයක් වෙලා තිබුනු සේවාවක්. බැඳෙන්න පුලුවන් වුනා නම් මම බොහොම ආසාවෙන් යන්න තිබුනා දැනටත්.

    රටක් වෙනුවෙන් තම ජීවිත, අත් පා, ඇස් හිස්, ලේ අහිමි කරගත් විරුවානනි. ඔබට අප දිවි ඇති තෙක් නයගැති වන්නෙමු.

    මගේත් නොමියෙන උපහාරය සදා ඔබටයි!

    ReplyDelete
  14. ත්‍රිවිද හමුදාවටම මගේ හදවතින්ම ප්‍රනාමය පුද කරනව.
    මට එයාල ගැන තියෙන්නෙ ලොකු කෞරවයක. හරිම වටිනව නිර්මානි මේ කවි ටික.

    ReplyDelete
    Replies
    1. ස්තුතී කටකාරි... ඔව්න්ගෙ කැප කිරීම නිසා අද රටක්ම නිදහස්...

      Delete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.