මේ ගම්පහ දිස්ත්‍රීක්කයයි. වසර 2016යි. දිනය ලෝක කාන්තා
දිනය හෙවත් මාර්තු අට වෙනිදායි. ස්තානය පොලීසියයි.කතාව කෙටියෙන් මෙහෙමයි.
ඇය ඉතා දුකසේ ජීවත් වන තරුනියකි. තමන්ගේ වසර 21 ක
ජීවිතය තුල එකඳු වචනයක් හෝ කතා කිරීම ට ඇය අසමත් වූවාය. නමුත් ඇය යම් අධ්‍යාපන
මට්ටමක් කරා ලඟා වූවා ය. පොහොර කවර ගැසූ නිවසක ජීවත් වෙමින් තම මවගේ ඉතා සුලු ආදායමින්
ජීවත් වූ ඇයට සිහින ජීවිතයේ නොතිබුනා නොවේ. ඇය විවාහ වී දරුවන් හදමින්, තම සැමියාට
හොඳ බිරිඳක, දරුවනට හොඳ මවක වන්නට සිහින දකින්නට ඇත. එහෙත් ඒ සිහින සියල්ල මේ සිදුවීම
නිසා බොඳ වූ බව දැන් අමුතුවෙන් කිව යුතු නැත.
තම මවගේ ඉතා සුලු ආදායමින් ලබාගත් මුදලින් තමන්
සාමාජිකත්වය දරන සංවිධානයක වාර්ශික සාමාජික මුදල් ගෙවා තම සාමාජිකත්වය යාවත්කාලීන
කරගැනීම සඳහා ඇය මාර්තු හත් වෙනිදා නිවසින් පිට වූවාය. අදාල මුදල් ගෙවා දැමීමෙන්
පසු ඇය නිවස ට පැමිනෙමින් සිටියා ය. මේ අතරතුරයි ඇයගේ ජීවිතය බිඳ දමන ඒ පාපතර
සිදුවීම සිදු වන්නේ.
මොටෝ බෛසිකලයකින් පැමිනි යම් පුද්ගලයෙක් ඇයගේ අතින් අල්ලාගෙන
ඇදගෙන යනවා. මේ මොහොතේ ලඟපාතක වෙන කිසිවකු හෝ නැතිනම් ඔබ හැකි වෙර යොදා කෑ ගසා
උදවු ඉල්ලා සිටිනවා. නමුත් ඇය? දැන් ඇයගේ තත්ත්වය ඔබට වටහා ගත හැකි වේවි. මේ ලිපිය
කියවන කාන්තාවකට විෂේශයෙන් මේ ගැන දැනේවි. ඒ මොහොතේ ඇයට කර කියාගත හැකි කිසිවක්
තිබුනේ නැහැ.
එලෙස වෙලක් ලඟට ඇදගෙන ගිය ඇයව වෙනත් පුද්ගලයෙකුට බාර දී
රූ.2000 ක් ලබා ගත් බව ඇය පවසනවා. දෙවැනි පුද්ගලයා විසින් ඇය ව ඇදගෙන යන්නේ වෙල
එහා කොනේ තියෙන යමක් සඳහා බාවිතා කල තැනිතලා කොංක්‍රීට් වැනි බිමකටයි. එතැනදී ඇය ඒ
තිරිසන් මිනිසා අතින් දූෂනය වනවා. නමුත් මේ සිදුවීමෙන් නොනැවතුනු මේ තිරිසනුන් යලි
කලින් ඇය රැගෙන ආ පුද්ගලයා ගෙන්වාගෙන ඇයව බලහත්කාරයෙන් පාලු නිවසකට ගෙන යනවා.
එහිදී ඇය විෂාල පීඩා රැසක ට මුහුන දෙනවා. එක් අයෙකු වෙනුවට
සිව් දෙනෙක් අතින් අතවරයට ලක් වන මේ තරුනිය එදා රාත්‍රිය නිදි වර්ජිතව ගත කරනවා. ඒ
අන් කිසිවක් නිසා නොවෙයි. මිනිස් වෙස් ගත් අදම තිරිසනුන් සිව්දෙනෙකුගේ කාම පිපාසාව
සන්සිඳුවීම සඳහායි. මේ සිව්දෙනා විටින්විට ඇයව කෙලෙසන අතරතුර විවිද තාඩන පීඩන
කරමින් ඇයගෙන් තම විකුර්ති කාම ආෂාවන් ද සන්තර්පනය කර ගන්නවා. එක් අවස්තාවකදී ඇයව
දෑතෙන් ඔසවා දෙපතුල් බිම වදින සේ වැරෙන් පොලවේ ගැසූ බව ද ඇය පොලිසිය හමුවේ කියා
තිබුනා. ඒ අවස්තාවේ දරා ගත නොහැකි වේදනාවක් කොන්දේ ඇති වූ බවත් ඇය විසින් කියා
තිබෙනවා.
පසුවදා කාන්තා දිනය උදා වන උදයේ තම වගකීම කාන්තාවක්
වෙනුවෙන් ඉටු කල මේ පාපතරයින් ඇයව නිවෙස අසල තැනක හැර දමා පලා යනවා. ගෙදර ගොස් මවට
මේ සිදුවීම කියන ඇය මව සමග පොලිසියේ පැමිනිල්ලක් ද දැමීමට තරම් නුවනැති වනවා.
දැන් සිදුවීම පිලිබඳ පොලිස් පරීක්ෂන ක්‍රියාත්මකයි. අදිකරන
ක්‍රියාමාර්ගයන් සඳහා යොමුවී ඇතිද යන්න මා නොදැන සිටියත් නිසැක වශයෙන්ම ඒ සඳහා යොමු
වේවි. නමුත් පොහොරකවරයෙන් වැසූ නිවෙසක සිටින ඇය ට යුක්තිය ඉටු කර ගත හැකි වේවි ද?
සියලු දේ හමුවේ මුදල් නමැති බාදකය ඇයගේ යුක්තිය වෙනුවෙන් හරස් වේදැයි මට සිතේ.
එහෙත් කාන්තා දිනයේ ඇය වෙනුවෙන් සමාජය දුන් දායාදය කොයි
තරම් අපූරු ද? යෝජිත විවාහයකින් තම ජීවිතයේ සිහින සැබෑ කරගන්නට පෙරුම් පිරූ ඇයට දැන්
මේ විවාහ සිහිනය ද අහිමි වී ඇති බවටයි ආරන්චි ලැබෙන්නේ. ආබාධ සහිත වූවන් සඳහා වන
කිසිඳු කතා බහකින්, සමුලුවකින්, නීතියකින්, පෙලපාලියකින්, ලේ වැගිරීමකින් ඇය
වෙනුවෙන් සැබෑ යුක්තිය ඉටු කල හැකි ද? සමාජ යුක්තිය යනු මෙය ද?