මේ බ්ලොග් අඩවියේ දේශපාලනය නො ලීමට තීරණය කර ඇතිමුත් පවතින තත්ත්වය අනුව මෙය නොකියාම බැරි තත්ත්වයක් හේතුවෙන් ලියන්නට තීරණය කළෙමි..
පසුගිය දින කීපයේම කතාබහට
ලක්උනේ ගංවතුර හා නාය යෑම් ගැන ය. කාගේත් චෝදනාව වූයේ මේ තත්වයන් ඇති වීමට හේතුව
මිනිසුන් පරිසරය විනාශ කිරීම බවයි.. හරියට මේ ලංකාවේ පරිසරය විනාශ කළේ රටේ සාමාන්‍ය
ජනයා විතරයි වගේ තමා කතා කරන්නේ.. ඉතින් ඒ අතරේ මතක ඇති ගම්පොළ කුණු ප්‍රශ්නෙකුත්
ඉදහිට කතා උනා කියන එක... ගම්පොළ කුණු දාන්න ස්ථානයක් නැතුව පසුගිය දවස්වල
අම්බුලුවාවේ කුනු දාලා මහා පරිසර විනාශයක් කරන්න පාලන අධිකාරය සූදානම් උනා.. කොහොම
හරි ඒ ප්‍රදේශයේ මිනිස්සු ඒ අපරාධය වලකා ගත්තේ කෑගහලයි.. ඒ වගේ තැනකට කුණු දානවා
කියන්නේ ජාතික අපරාධයක් නෙවෙයි, ජාත්‍යන්තර අපරාධයක්.. මොකද අම්බුලුවාව කියන්නේ
ලෝක උරුමයක්.. ඊට පස්සේ මේ බත් කන හරක් ගඟසිරිපුර පාසල් ක්‍රීඩාංගනයට කුණු දාන්න
හදලා ඒකත් දෙමාපියෝ වලකා ගත්තා..දැන් මේ ඔක්කොම වෙලා ඉවරයි.. මේකට හේතුව කුණු
දාන්න තිබුණු ඉඩම් නගරාදිපති විකුනලා කියලයි කියන්නේ... ඒත් කුණු දාන්න තැනක් තාම නැතිකොට මෙන්න
ගත්ත විසදුම....
පේරදෙනිය හරහා යන නුවර ගම්පොළ
පාරේ දොලුව කියා ගමක් තියනවා.. මේක මගේ ගම වගේම වර්ථමාන යහපාලන ආණ්ඩුවේ පරිසර
නියෝජ්‍ය ඇමති උපන් ගම.. මේ ගමේ ගම්පොළ
පැත්තේ සිට එන විට හමුවන රජයේ ඉඩමක් 5 31 දා උදේ බැකෝ යන්ත්‍ර දමා වළවල් කපා හාරා තිබෙනවා... ඒ මීට කලකට පෙර එහි තිබුනා වගේ පොල්
කෙසෙල් වගා කරන්න නොවෙයි.. ගම්පොළ කුණු ගෙනත් දාන්න... මේක ගමේ තිබුණු පොඩි
පිට්ටනියක්...
මේ ඉඩම තියෙන්නේ මහවැලි ගං
ඉවුරේ.. ඉතින් ඒ වගේ තැනක කුණු දැම්මොත් ගමට විතරක් නෙවෙයි හානිය වෙන්නේ.. මුලු
රටටමයි.. දොලුව ගමේ සිට ඉන් පහල ට බොහෝදෙනෙක්, බීමට, නෑමට ආදී සෑම ජල අවශ්‍යතාවක්ම
සම්පූර්ණ කරගන්නේ මහවැලි ගං දියෙන්.. ගඟේ වතුර වැඩි උනාම මේ පිට්ටනිය වෙනකල් ජල
මට්ටම ඉහළ යනවා..... මැති ඇමතිවරු ගඟේ වතුර භාවිත නොකරට ගමේ රටේ මිනිස්සුන්ට ගඟේ
වතුර අවශ්‍යයි. මේ කුණු දැමීමට හදන ස්ථානයේ ඇති ස්වභාවික උල්පතකින් ගමේ බොහෝදෙනෙක්
ජලය පානය සඳහා ලබා ගන්නවා.. ඒ වගේම කටුගස්තොට තෙක් ඇති බොහෝ ස්ථාන වලදී ජලසම්පාදන
මණ්ඩලය ජලය ලබා ගන්නෙත් මහවැලි ගඟ ඔස්සේමයි.. මේ ස්ථානය අසළම ගම් රැසකට සෞඛ්‍ය පහසුකම්
ලබා දෙන ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානයත් පිහිටා තිබෙනවා.. ඒ වගේම මේ අවට නිවාස රැසක්
ම තියනවා.. හිතා ගන්න බැරි මේ මිනිස්සු මේ එකක්වත් දැක්කේ නැද්ද කියන එකයි??? සරලව
අහන්න තියෙන්නේ මුන්ට ඇස් පේන්නෙ නැද්ද කියලා.. ඒත් එහෙම කියන එක අපිට නිංදාවක්...
මැයි 30 සිට ජූනි 5 තෙක් පරිසර
සතිය විදිහට පෙරේදා පරිසර ඇමති නම් කර තිබෙනවා. මොකද ජූනි 5 ලෝක පරිසර දිනය නිසා..
මං හිතන්නේ මේ පරිසර දින සතිය සමරන හැටි වෙන්න ඇති... යහපාලන ආණ්ඩුවේ පරිසර හා
මහවැලි සංවර්ධන ඇමති කවුද කියලා මං කියන්න අවශ්‍ය නැ.. ඒ අමාත්‍යංශයේ නියෝජ්‍ය
ඇමති අනුරාධ ජයරත්න.. එතුමා තමයි මේ උතුම් කාර්යට අත පොවලා තියෙන්නේ.. මොකද පරිසර
ඇමති විදිහට.. ඒ වගේම තමන්ගේම ගමේ මිනිස්සුන්ට කරන ලොකු උපකාරයක්, සමාජ සත්කාරයක්
විදිහට..
30 රෑ තමයි නියෝජ්‍ය ඇමතිතුමයි
එතුමගෙ පියානෝවයි ඇවිත් මේ ස්ථානය නිරීක්සනය කරලා තියෙන්නේ.. පහුවදා උදේ ඉදලා ඉඩමේ
විශාල වළවල් කපලා හාරලා විශාල පරිසර හානියක් කරලා තියනවා.. මේ නිසා මහවැලි ගඟට,
පසට වගේම සමස්ථ පරිසරයටම ලොකු හානියක් වෙනවා... මේකට
නියෝජ්‍ය ඇමතිගේ ඉදලා මධ්‍යම පලාත් ඇමතිලා, ප්‍රාදේශීය මන්ත්‍රීවරු ආදි සියලු ජනතා
පුතුන් සහය වෙලා තියනවාකියන්න ලැබීමත් ලොකු සතුටක් .. මොකද ජනතා සේවය සඳහා කැප
වුණු ජනතා පුතුන් කරොත් කරන්නේ මෙහෙම සේවයක් තමයි ඉතින්... ඉතින් මේක ජෝන් ගෙන්
ගත්ත ආදර්ශයක් වෙන්නත් බැරිකමක් නැ..
මේ කට්ටිය කියන්නේ මේ වගේ
කතාවක්.. අර හාරලා තියන වළවල් වලට ඵළමුව කුණු දානවාලු.. ඊට පස්සේ ඒ උඩින් පස් දාලා
වහලා මේ ඉඩම ලොකු පිට්ටනියක් බවට පත් කරනවාලු.. ඇයි මොකෝ ජාත්‍යන්තර ක්රීඩාණ්ගනයක්
ගමට ගේන්නද??? ඒ සිගිති මොලවලට තේරෙන්නේ නැතුව ඇති කුණු ගොඩ පස්වලට යට කරනවා වගේ
වෙන පරිසර හානිය පස් දාලා යට කරන්න බෑ කියන එක.
මේ වෙනකොට ගමේ පංසලේ
ස්වාමීන්වහන්සේ , සෞඛ්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යතුමා සහ සියලු ගම් වැසියන් එකතු වෙලා
ඉන්නේ.. අද දවල් පළමු කුණු ටැට්ටරය ආවා.. ඒත් ගමේ අය රැස් වෙලා හිටපු නිසා කුණු
බෑවේ නෑ.. ගම්වාසීන්ගේ තීරණේ මේකයි.... කුණු ගෙනාවොත් කුණු දාන්න කියන්නේ නියෝජ්‍ය
ඇමතිගේ ගේ ඉස්සරහ හරි ඉඩම හාරන්න කොන්ත්‍රාක් ගත්ත කෙනාගේ මිදුලෙහරි... එතකොට
අනිත් අයට දැනෙන අපහසුතාව දැනෙයිනෙ.. .... උන්ටත් දැනෙන්න ඕනේ අනිත් අයට ඒකෙන් වෙන
අපහසුතාව... පහුගිය දවස් කීපයේ ගම්පොළ මිනිස්සු කියා සිටියේ “ආදෙන්කො ඔය පරිසර
ඇමතියා.. ගල් ගහලා එලවන්නේ..“ මේ සැරේ ගල් ගහලා නෙවෙයි මනුස්සයාට රෙදි නැතුව තමයි
යන්න වෙන්නේ.. ගම්පොළ පොලිසියත් දැනට නම් තදින් ක්‍රියාකරනවා.. අපි බලාපොරොත්තු
වෙනවා දිගටම එහෙම ඉදීවී කියලා..
මට හිතෙන්නේ පරිසර ඇමති,
නියෝජ්‍ය ඇමති ඇතුලු එතුමාගේ අමාත්‍යංශයේ සිටින කිසිම කෙනෙකුටවත් තමන්ගේ අමාත්‍යංශ
යටතේ කරන්න ඕනේ දේවල් ගැන අවබෝධයක් නැ කියලයි.. මොකද නැත්තන් මේ වගේ අපරාධයක් කරන්න පුලුවන්ද??
අනික මොලේ කලදක්වත් ඇති කියලා මං හිතන්නේ නැ.. නැත්නම් මේ වගේ හරක් වැඩක් කරයිද???
හරකෙක් නොවෙයි නම් ගමක්
මැද සෞඛ්‍ය මධ්‍යස්තානයක් ඉදිරියේ මහවැලි
ගං ඉවුරේ කුනු තැම්පත් කරයිද?? අමාත්‍ය අංශ වලට පරිසර අධිකාරියයි, මහවැලි
අධිකාරියයි දෙකම අයිති.. අපරාදෙ කියන්න බෑ දෙකටම සාධාරණ විදිහට අසාධාරනේ කරලා
තියනවා..
මට දැන් කීමට ඇත්තේ මෙපමණකි..
අර හිටන් උන්නැහෙගේ මඩු වලිගේ ගම්පොළ ජනතාවටත් අපේ ගමේ මිනිස්සුන්ටත් ගෙනත්
දුන්නොත් හොඳයි.. ඒ අය පළමුව මේ වගේ හරක්ට ඡන්දෙ දුන්න තමන්ටත්,..... ඊට පස්සේ මේ
වගේ අපත වැඩ කරන උන්ටත් ඒකෙන් සලකනු ඇති....