පොත් ඇතුලේ පිටු අතරේ
ඇති
දේ අපමණ
මුතු අකුරින් අමුනා එහි
ලියනා දේ හැඩ
කියවන්නට නොව අහන්න
බලා
හිදී
අප
ගී පදවැල් කවි පබැදුම්
ලියමින් රස කර
නවනලු රස පිරුණු කතා
මවතී රග හල
සොඳුරු ලොවක් සිතුවම් කර
හැම
පිටුවක් තුළ
අහස මුහුද ඉර හද තරු
දකින තැනක් පොත
මුල සිට අග තෙක් රසදුන
දෙමින් නොවඩුව
පොත කියවන දෑසට පින්
මොනවා දෙනු වෙන
ගෙවිලා යන නිමේෂයේ
වන
අරුමය නම්
පොත් කියවන්නේ අප නොව වග
නොහැගී යාම