සංගීතය කියන්නේ විෂ්ව භාෂාවක්... ඒ භාෂාවට පුලුවනී හිතේ
හැඟීම් එක එක විදිහට වෙනස් කරන්න, පාලනය කරන්න.... අපි තුළ විවිධ හැඟීම්
පවතිනවා... ගීතත් එහෙමයි... විවිධ තේමා ඔස්සේ ලියවෙනවා... ඒ ගීත තුළ අපේ හැඟීම්
මුසු වෙලා තියනවා වගේ ගොඩක් වෙලාවට දැනෙනවා... ඒ හැම ගීතයක්ම නැතත් යම් යම් ගීත
අපිට සමීප වෙනවා... ඊට යම් යම් සිද්ධි, අද්දැකීම් බලපාන්න පුලුවන්... බැරි වෙන්නත්
පුලුවන්... ඒ වගේම කමී කියල තිබුන වගේ, ගීතයේ පද රචනය, තනුව, හඬ වගෙම සමහරවිට ගායන
ශිල්පියා හෝ ශිල්පිනියත් හේතු වෙන්න පුලුවන්..
හරි මේ වැල්වටාරම් මොකටද... ඉයන්ගෙ අබියෝගයට මූණ දීලා
මාත් කල්පනා කළා කැමති සිංදු ගැන ලියල බලන්න... මේ ඒ අතරින් කීපයක්... ඇතැම් ගීත
කලින් පල වුණු පෝස්ටුවල තියෙන්නත් පුලුවන්..
1.
සංගීත් ගායනය කරන
ගායෙන් මං මුදවලා
මවු ගුණ ගැයෙන ගීත
විශාල සංඛ්‍යාවක් තියනවා.. ඒ බොහෝමයක් ගීතයන්ට හිතේ ඉඩක් තියෙනවා... නමුත් වෙනස්
ආරකට ලියැවුණු මේ ගීතයට මගේ විශේෂ කැමැත්තක් තියනවා..
2.
හිමාලෙට වඩා උසයි...
පිය ගුණ ගැයෙන ගීතත්
අපමණයි... ඒ අතර මෑත කාලයේ පිය ගුණ ලියවුණු වෙනස් ගීතයක්... ඒ වගේම මෙහි රූප
රචනයත් ගීතයේ රුචිකත්වයට හේතුවුනා...
3.
කිරි දුන්නේ දරුවන්ටයි-
නිහාල් නෙල්සන්...
ගව ඝාතනය අද බොහෝ දෙනා
ප්‍රතික්ෂේප කරනවා... නමුත් එය නොවෙනවා නොවේ... එහෙත් කන අයටත්, නොකන අයටත්, කිරි
මවකගේ කාර්යබාරය, වටිනාකම මුල සිට ගැයෙන ගොඩක් සංවේධී ගීතයක්...
4.. සිහිනයකි
ඔබ-බණ්ඩාර අතාවුද සහ නෙරන්ජලා සරෝජනි..
මේ ගීතය මට ගොඩක්
සමීපයි.. ආදරය දැනෙන ගීතයක්... මේ ගීතයේ තියනවා එක පද පේලියක් “හිරුට තනි නැත සඳත්
ඇත ලං වී. එකම අහසක ලං වෙලා. ලොවම සසලව බලාහිදියාවේ, යලිදු අප ඇත හමුවෙලා.”
ඒ පද පෙළට මං ගොඩක්ම
කැමතී...
5.. රන් සමනළියක්
- දීපිකා ප්‍රියදර්ශනී සහ බාතිය, සංතූෂ්
මේ ගීතයේ අර්ථය
අපුරුයි.. ඒ වගේම මෑතකදී දීපිකාගේ හඪින් ගැයුණු තවත් විශිෂ්ඨ ගීතයක්.. ඈ හා බාතිය
සහ සංතූෂ්ගේ මුසුවත් අපුඍයි...
6.. විනේ කටින
උන්-ප්‍රදීපා ධර්මදාස
මේගීතයෙත් අර්ථය
සිද්ගත්තා...
7... ඔබේ සිනා
ලඟ-ජගත් වික්‍රමසිංහ..
ඉතා සරල පද පේලියක්
උනාට ආදරය කියන හැඟීම සුන්දරව ලියවී. ගැයෙන ගීයක්.. ඒ වගේම ජගත්ගේ හඬ, ගීතයේ රසය
වර්ධනය කරනවා...
8.. අත්වැල
ගිලිහී-අමරසිරි පීරිස්..
මගෙ මතකයේ හැටියට
කුමාරයානණි ටෙලියේ ගීතයක්ද කොහෙද... අමරසිරි පීරිස් මහත්මයාගේ ගීත හැම එකකටම වගේ
කැමැත්තක් තිබුනත් මේ ගීතය විශේෂයි...
9... දිය පොදක්
වෙමින්-ජෝති පාල..
ජෝතිපාල මහතාගේ ගීත
රැසක් තියනවා... ඒ අතරින් වැඩිය මේ ගීතය අහන්න ලැබෙන්නේ නෑ.. නමුත් ඒ ගී අතර මට මේ
ගීතය සුන්දරම ගීතයක්...
10.. සිනා පිපෙනා මේ
වසන්තය-සමිතා සහ ලක්ෂ්මන් විජේසේකර..
මේකත් ටෙලි නාට්‍ය
ගීතයක් වෙන්න ඕනේ... ඒ වගේම නිහඬ නිසන්සල මොහොතක අහන්න කැමති ගීතයක්.. ඒ වගේම ආදරයෙන්
ගැයෙන ගීතයක් වගේ දැනෙනවා..
11. අහසෙන් එහා උරේෂා
රවිහාරි, කසුන් කල්හාර
අලුත් චිත්‍රපටයක
ගීතයක් වන මේ ගීතයමා හිත තදින් බැඳගත් ගීතයක්.ඒ සඳහා සංගීතය සහ ගායක දෙපල තදින්
බලපාන්නත් ඇති.
12.. යාලු වෙලා ඉන්නත්
බෑ-සෝමතිලක ජයමහ..
ඔබ මේ ගීතය එතරම් අසා
නැතිවීමට පුලුවන... ආදරය, විරහව ගැබ් වුණු සුන්දර ගීතයක්...
13... යමුනා ගං
තෙර-නන්දා මාලනී..
මේ ගීතය කමීගේ
පෝස්ටුවෙත් තිබුනා.. මාත් ගොඩක් ඇලුම් කරන ගීතයක්.. රාත්‍රියේ නිහඬ බව මැද අහන්නට
ආසකරණ ගීතයක්..
14... තරු
අරුන්දතී-අමරදේවයන්...
ශ්‍රී ලාංකීය සංගීතය
පෝෂණය කළ මෙතුමාගේ ගී හැමකෙනෙක්ම වගේ ප්‍රිය කරනවා.. ඒ ගී අතර මේ ගීතය සිත සනසන
ගීතයක්...
15.. වෙන්පුරාවේ-නිරෝෂා
විරාජණි..
මේ ගීතය නිරෝෂා ගැයූ
දමිල ගීතයක්.. මේ ගීතය අනූ ගනන්වල ස්වාධීන රූපවාහිනියේ නිතර විකාෂය උනා මතකයි..
යුද්ධය තේමා කර ගත් ගීතයක්.. පෙර ගායනයක් තිබෙනවාද නොදනිමි.. මේ ගීතයේ රූපසටහන් මට
අද වගේ මතකයි.. ඒ රූප රචනයත්, සංගීතයත්, නිරෝෂාගේ හඩ පෞරුෂයත් මේ ගීතය මගේ සිත
පැහැර ගන්න සමත් උනා.. ඒ හඬ, සංගීතය තුළ යුද්ධයේ භිහිසුණු බව දැනෙනවා.. ඒත් අද ඒ රූප රචනය
හොයාගන්න බැරි වුනා.
16. මිදුලට උඩින්-
උරේෂා රවිහාරි.
ගැමි කතකගේ මුවින්
ගැයෙන මේ ගීතය වෙනස් පැතිකඩක් නිරූපනය කිරීමක්. ඒ කියන්නෙ සැමියාට තමන්ගෙන් දරුවෙක්
නොමැතිනම් වෙන තැනකින් හෝ දරු සුරතල් බලන්න මේ ගීතය අවස්තාව උදා කර දෙනවා. මගේ
විතරක් නොවෙයි, මෙය ඔබේත් ප්‍රිය ගීයක් වේවි. (සමා අවසර. මේ සින්දුවෙත් යූ බටේ ලිංක්
එකක් හොයාගන්න බැරි උනා. මෙතනින්
ඩව්න්ලෝඩ් කරගෙන අහන්න පුලුවන්.
තවත් ගීත බොහෝමයක්
තියනවා.. නමුත් තෝරා ගත්තේ මෙපමණයි...
ප-ලි.. පළමුව දුටු කමීගේ පෝස්ටුවෙන් පසුව ඉයන්ගේ
පෝස්ටුවත් කියෙන්වා.. කියෙව්වා නෙවෙයි.. ඇත්තටම රස වින්දා.. අබියෝගයක් කළාට ඇත්තටම
මේක නියම වැඩක්.. අපි කැමති ගීත ගැන මොහොතක් සිතන්න ඉයන් මාව යොමු කළා.. ඉයන්ට ඒකට ගොඩක් ස්තුතී...