Thursday, August 13, 2015

අපි වෙනුවෙන් අපේම හඬ කරලියට......


දේශපාලනය පිළිබඳ කතා කරන විට ශ්‍රී ළංකාව අමතක කල නොහැකි තැනක ලා සැලකිය හැකි බව ඔබ ද මා ද දන්නෙහි ය. ඊට නවතම ප්‍රවේශයක් ලබා ගත් පිරිසක් පිලිබඳ අපට අසන්නට ලැබේ.
ඔබ තවමත් නොදන්නවා විය හැකි ය. එම පිරිස මේ රටේ ජීවත් වූ ප්‍රජාවක් බවට මෙරට කලින් කල රට පාලනය කල කිසිඳු දේශපාලුවෙකුට අන්ශු මාත්‍රයක අවබෝදයක් නොවුනා විය යුතු ය. මා එසේ කියනුයේ අන් කිසිවක් නිසා නොව ඔවුන්ගේ තේමා පාටය ම ඉතා සරලව විමර්ශනය තුළින් එය පැහැදිලි වන බැවිනි. (අපි වෙනුවෙන් අපේම හඬ) මින් ඔවුන් වෙනුවෙන් වෙනත් හඬක් තිබුනාය යන්න ගැන යමෙකුට තර්ක කළ හැකිය. නමුත් ඔවුන් මේ පාඨයත් සමග දේශපාලනය ට අවතීරන වන්නේ වෙනත් හඬක් නොවූ නිසා ය. ඊට හොඳම නිදර්ශනය වන්නේ ඉතා මෑත කාලයේදී කෙටි කාලීන ප්‍රතිපත්ති ප්‍රකාශනයක තිරිසන් සතුන් පිලිබඳව පවා සඳහන් කර තිබුනද ආබාද සහිත ප්‍රජාව පිලිබඳව අකුරක් හෝ නොයෙදීමට ඔවුන් ප්‍රවේසම් වුන නිසා ය.
මෙලෙස බලන කල ඔවුන් ඉතා නිවැරදි ය. ඒ මන්දයත් අන් අයගෙන් තමන්ට කිසිවක් කර ගත නොහැකි නම් තමන් ම හෝ එය ලබා ගැනීම කල යුතු නිසා ය. එසේත් නැතිනම් පාලකයන්ගෙන් කිසිඳු සහයෝගයක් නොමැති කළ තමන් ම තම අවශ්‍යතා වෙනුවෙන් පාලනයේ කොටස් කරුවකු වී හෝ මෙය කල යුතු නිසාවෙනි. කොලඹ සහ ගම්පහ යන දිස්ත්‍රීක්ක වෙනුවෙන් තම ස්වාදීන කන්ඩායම් ඉදිරිපත් කිරීමට ඔවුන් කටයුතු කරන්නේ මෙකී කාරනා නිසා ය.
රටක ආබාධිත පුරවැසියන් වෙනුවෙන් කටයුතු සම්පාදනය කිරීම එන ඕනෑම රජය ක යුතුකමක් විය යුතු ය. එනමුත් සතුන් තරම්වත් සැලකිල්ලක් නොමැති මේ රටේ පුරවැසියන් දේශපාලනය නැමති නරා වලට ඇද දැමුවේ මන්ද යන ප්‍රශ්නය මෙතෙක් සිටි සියලු පාලකයන්ගෙන් අප ඇසිය යුතුව ඇත.
දැන් දේශපාලනය නරා වලක් යැයි කීම ගැන වාද විවාද කල හැකි ය. මෙය අද අප රටට පමනක් අදාල වන තත්වයකි. එංගලන්තය වැනි සංවර්ධිත රටවල පාර්ලිමෙන්තුවේ අධ්‍යාපන ඇමති වරයෙකු ද ආබාධ සහිත පුරවැසියෙකු හොබවා ඇති බව ඔබ නොදන්නවා ද ඇත. නමුත් මෙරට දේශපාලනයට නොපැමිනෙන්නැයි අප සෑම සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ මෙය දේශපාලනය සඳහා සුදුසු වාතාවර්නයක් නොවන බැවිනි. මුදලට ජඩ කමට ජය ගත හැකි මෙවන් වාතාවර්නයක් තුල මේ ආබාධ සහිත තැනැත්තන් කුමක් කරමුද? මේ පිරිසේ සිටින්නේ උපාදි ධාරීන් ය, විශ්රාමික හමුදා නිලධාරීන් ය, එසේත් නැතිනම් විශ්රාමික ගුරු සේවයේ සිටින්නන් ය. මොවුන්ට එකී මැර කම්, ජඩකම්, බලු කම් නැතුවාට සැක නැත. එපමනක් නොව රජයේ සේවකයන් ලෙස සිටි මොවුන් ට එතරම් මිල මුදල් යහමින් නැතිවාට කිසිම සැකයක් නැත. ඒ මෙරට රජයන් තමන් හැදුනා මිස රාජ්‍ය සේවකයා හැදීමට උත්සාහ නොකල බැවිනි.
එබැවින් මේ පිරිසට නියත ජයක් නොමැත. එනමුත් එන පාලකයන් අවබෝද කරගත යුතු දෙයක් ඇත. එනම් මෙම පිරිස ද තම පාර්ශව කරුවන් ලෙස බාර ගැනීම ය. එසේත් නැතිනම් ඔවුන් නගන හඬ ඇසීම ය, එයට සංවේදී වීම ය. මා මේ ලිපිය අවසානයේ මේ ප්‍රාර්තනාවත් කිරීමට සතුටු ය. මේ ඡන්දයෙන් මේ පිරිසේ එක් අයෙකුට හෝ මන්ත්‍රී දුරයක් ලැබේවාය යන්න ය. ඒ කිසිඳු හේතුවක් නිසා නොවේ. එවිට හෝ ශ්‍රී ලංකාවේ ආබාධ සහිත ප්‍රජාවට හොඳ කලක් යාහැකි බැවිනි.
වැඩි විස්තර සඳහා www.rovfu.org වෙත පිවිසෙන්න.

6 comments:

  1. ඔබ අා පාර දිගේම අැවිත් බ්ලොගය හොයා ගත්තා.... අගෙයි. දිගට ම ලියමු... අපේ සින්ඩියටත් දා ගත්තා... ගිහින් බලන්න.....

    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete
  2. ස්තුති කුරුටු. සින්ඩියට දැම්මාට, මේ පැත්තේ ආවාට.

    ReplyDelete
  3. ආබාධිතයින් ගේ ප්‍රශ්ණ ගැණ කිසිම ප්‍රධාන පක්‍ෂයක් සැළකූවේ නැතිය කියා ඇසීම කණගාටුවට කරුණක්!

    අලුත් බ්ලොගයට සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තුති රසික මේ පැත්තෙ ආවාට..... ඔබටත් ඒ ගැන කනගාටු හිතෙනවානම් ආබාධිත අයෙකු වන මා ඒ පිලිබඳ කෙතරම් කනගාටු විය යුතුද? නමුත් සත්‍ය මෙයයි.

      Delete
  4. ස්වාදීන කණ්ඩායම 15 , ලකුන නලාව , ඔන්න එහෙනං , මගුල් පොකුණ මධ්‍යස්ථානයෙන් ඡන්ද දෙකයි

    ReplyDelete
  5. thanks අටමයියා. ඡන්ද දෙකට ආයෙත් thanks! 15 කන්ඩායමේ ප්‍රසන්න කුරුප්පු ට එකක් දෙන්න. එයා තමයි මේ වැඩේ ලොකුම බර ඇද්ද කෙනා.

    ReplyDelete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.