බුලත් දෙමින් දෙපා වැන්දෙ නැතුවාට,
එක සෙවණක කිරි ඉතිරුවෙ නැතුවාට,
අහසින් ගොඩබිමින් මුහුදෙන් එන ඔබට,
නව වසරට සුභ පතනෙමු අපි ඔබට,
කිරි නැතුවත් සතුට යෙහෙන් ඉතිරේවා,
පැණි නැතුවත් නිරෝග සැප ඇති වේවා,
හැම ධන සිතේ සොම්නස් මල් පිබිදේවා,
බ්ලොග් අවකාෂෙ මිතුදම් තව වැඩි වේවා.
බ්ලොග් අවකාෂයේ ලියන, කියවන සැරිසරණ ඔබටත්,
ඔබගේ පවුලේ සැමටත්,
සියළු ශ්‍රී ලාංකිකයින්ටත්
ශ්‍රී සුභ නව වසරක් වේවා...
ඔන්න දැන් අවුරුදු කෑම මේසේ හැමෝටම ව්‍යුර්තයි.
කිරිබත් කතා, කැවුම් කවි, අතිරහ සිංදු, කොකිස් වගේ විස්තර හැමෝටම තමා. හා හා ඔය
කොහෙන් කොහෙන් හරි වාඩි උනානං. ඒ වගේම මේ හැම දේම අවුරුද්ද පුරාම රස විදින්න
පුලුවන් වේවා කියලා හිතාගෙන කන්න පටන්ගන්න....
අමතක නොකර ගෙනාව කොමෙන්ට්, බුලත්, තෑගිබෝගත් කොහෙන් හරි
තියන්න අමතක කරන්න එපා....
අහසෙන් එන අපි:
කසුන්
නිර්මාණි
කසුන්
නිර්මාණි
ඔබ සැමටත් සුබ නව වසරක් වේවා
ReplyDeleteස්තූතී අජිත්.
Deleteසෙනෙහස් වැසි වැටී පොහොණි ව දිවි කතර
ReplyDeleteදුකඳුරු මැකී එළි පෙහෙළි ව මග හසර
හද කෙත පුරා මනුදම් පීදෙන අතර
අරුණැල්ලක් ව ඇහැරේවා නව වසර
ස්තූතී වැසි. සුබම සුභ අලුත් අවුරුද්දක් වේවා!
Deleteසුභ අලුත් අවුරුද්දක් කසුන් ට සහ නිර්මාණිට !!!!
ReplyDeleteස්තූති කම්මලේ...
Deleteහැමෝටම සුභ ම සුභ අලුත් අවුරුද්දක්!
එහෙනං එසේම වේවා කිව්වා..!
ReplyDeleteජයවේවා..!!
ස්තූතී!
Deleteජය වේවා මචෝ!
බ්ලොග් අවකාෂෙ මිතුදම් තව වැඩි වේවා.!!
ReplyDeleteඑහෙමම වේවා
එහෙමයි එහෙමයි. නොවී කොහොමද නේද?
Deleteනිර්මානි ? බෝතලයක් ගහන්න කාරණයක්ද
ReplyDeleteඋබලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා
මෙනඩා සදු පොඩි මෙන්ඩ
බෝතල්නම් ගහන්න බැරිද මෙන්ඩෙ. කෝ උඹ එනවැයි.
Deleteසුභ අලුත් අවුරුද්දක් වේවා! (මෙන්ඩ, සඳු, පොඩි මෙන්ඩ)
සුබ අළුත් අවුරුද්දක් වේවා...!
ReplyDeleteමාතලන්ටත් එසේම වේවා.
Delete//අතිරහ සිංදු, කොකිස් වගේ විස්තර//
ReplyDeleteකෝ කිස්???
හිටහං බොට දෙන්න.
Deleteසුබ අළුත් අවුරුද්දක් වේවා...!!!!
ReplyDeleteඔයාටත් එසේම වේවා චතූ.
Deleteඔබ දෙපළටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
ReplyDeleteස්තුතී..
Deleteඒ වගේම ඔයාටත් සුභ අලුත් අවුරුුද්දක් වේවා...
අහසෙන් එන කසුන්ටයි අපේ නිර්මාණිටයි සුබම සුබ අලුත් අවුරුද්දක්. නෙලුම් යාය දවසෙ කසුන්ව හම්බවෙලා කතා කළා. නිර්මාණිවත් දැකගන්න ආසයි. ආයෙම කසුන් එන දවසක නිර්මාණි වත් එක්කන් එන්නකෝ :)
ReplyDeleteඑසේම වේවා ඔයාටත්.
Deleteආ අපි හම්බෙමුකෝ...
සුභ අලුත් අවුරුුද්දක් වේවා...
ReplyDeleteලලිත්ටත් එසේම වේවා...
Deleteඔබ දෙපලගේ සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා....
ReplyDeleteකටුස්සාගේත් සියලු පැතුම් ඉටු වන නව වසරක් වේවා.....
Deleteකසුනෝ............. උඹටත් නිර්මාණීටත් සුභම සුභ නව වසරක් වේවා..... ජයවේවා
ReplyDeleteකුරුටුටත් එසේම වේවා...
Deleteජය වේවා...
සුභ අලුත් අවුරුද්දක්ම වේවා !
ReplyDeleteඑසේම වේවා...
Deleteමොනවද කතා, බ්ලොග් අවකාශේ මිතුදම් සදාකාලිකං!
ReplyDeleteසුබ නව වසරක් වේවා!
එය එසේමයි.
Deleteඔබටත් එසේම වේවා...