“මං අය්යගෙ විස්වාසෙ රකින්නම්. අය්ය ඕනෙම දෙයක් කියන්න.”
“මගේ නම කෝලිත නෙවෙයි. කෝලි විතරයි. මං ජීවත් උනේ කැනඩාවෙවත්, ලංකාවෙවත් නෙවෙයි.”
“එහෙනම්.”
“මං ජීවත්වුණු ලෝකය තියෙන්නෙ මීට ආලෝක වර්ශ ගනණාවක් ඈතින්. තාම මේ විශ්වයේ කට්ටිය අපේ ලෝකෙ හොයාගෙන නෑ. ඒ ළඟටවත් ඇවිත් නෑ. සරලවම කියුවොත්, අර තරංග, තුශාර කියනවා වගේ මං පිටසක්වල ජීවියෙක්. ඒ වගේම මම විද්යාඥයෙක්.”
“අය්යෙ මොනවද මේ ඔයා කියන්නේ. මට මොකුත් තේරෙන්නෑ.”
“අහන් ඉන්න සමන්මලී. මං මේ කියන්නෙ ඇත්ත. මගේ ලෝකෙ නම විඩොරස්. විඩොරස් පෘතුවියට ගොඩාක් සමානයි. මගෙයි ඔයාලා අතරයි බැලූ බැල්මට ලොකු වෙනසක් නෑනෙ. ඒවගේ තමයි මේ ලෝක දෙකත්. පුංචි පුංචි වෙනස්කම් නැතුව නෙවෙයි. ඒත් ඒවා එච්චර වැදගත් නෑ.”
“ඉතින් අය්ය ඒ ලෝකෙ දාලා මෙහෙට ආවෙ ඇයි. “
“විඩොරස් මීට වසර ගනණාවකට කලින් පෘතුවිය වගේමයි. ගහකොල, සත්තු, ජලය, මේ හැම දේම තිබුන. හරිම ලස්සනයි. තාක්ෂනය අතින් බැලුවොත් විඩොරස් පෘතුවියට වඩා ඉදිරියෙන් ඉන්නවා. ඒ නිසාම මේ වෙනකොට විඩොරස් කියන්නේ ස්වභාවික දේවල් කිසිම දෙයක් නැති කෘතිම ලෝකයක් වගේ තැනක්. අපිට ඕනෙ උනේ විඩොරස්වල ඉතිරි ස්වභාවික සම්පත් රැක ගන්න ගමන් ඉස්සර වගේ ගහකොළ, සතුන්ගෙන් පිරුණු ලස්සන ලෝකයක් බිහි කරන්න. උද්යාන, වනාන්තර ඇති කරන්න. ඒකට අවශ්‍ය කරන පැලෑටි, සත්තු අපි විඩොරස්වලට අරන් ගියා. ලංකාවෙන් විතරක් නෙවෙයි. තවත් රටවලින්. අපි ඒකට ජාන ඉන්ජිනේරු තාක්ෂණය වගේම තවත් තාක්ෂණික ක්රම පාවිච්චි කළා. මට ඒව නම් ඔයාට පැහැදිලි කරන්න අමාරුයි සමන්මලී. මම මේ රටට එන්න කලින් සිංහල, ඉන්ග්රීසි භාෂා ඉගෙන ගත්තා. වෙද ගෙදරට එන්න කලින් කැලේ ඉදලා පැලෑටි, සත්තු ගැන හොයල බැලුවා. ඔයාව හමුවෙන්න කලින් මං මේ කැලේට ඇවිත් මාසයක් විතර හිටියා. දවසක් රෑ අර ගල උඩදී මට සතෙක් දෂ්ඨ කළා. ඊට පස්සේ මට ඔයාව හම්බුනේ.”
“ඉතින් ඇයි අය්යා අපි එක්ක ඉන්න ආවේ. මොකට ද වෙදකම ගැන ඉගෙන ගන්න හිතුනේ.”
සමන්මලීගේ හදවතේ වූ වේදනාව ඒ වදන්වල මුසුව ඇති බව කෝලිට දැනෙන්නට විය.
“ලංකාවට එන්න කලින් ලංකාවේ ඉතිහාසය ඉදන් හැමදේම ගැන මං හොයලා බැලුවා. එතකොට තමයි දැනගත්තේ දේශීය වෛධ්‍ය ක්රම ගැන. ආයුර්වේධය ගැන. මට ඉගෙන ගන්න ආසාවක් ඇති උනා. අනික ඒක ගොඩක් ප්රයෝජනවත් අපේ විඩොරස්වලටත්. මං ඒ ගැන හිත හිතා ඉන්නකොට තමයි ඔයාව හම්බුනේ සමන්මලී.”
“එතකොට අර දේවතා එලී, අය්යය් අතර තියන සම්බන්ධය මොකක්ද?”
“ඒ දේවතා එලියක් නෙවෙයි සමන්මලී.”
කියූ කෝලීට මඳ සිනා පහළ විය.
“එහෙනම්.”
“විඩොරස්වලට යවන පැලෑටි, සත්තු අරන් යන යානාව තමයි ඒ. ඒ යානාව කැලේ මැද ගල් තලාවට ගොඩබානවා. මම ගිහින් ඒ දේවල් ගිහින් දෙනවා. යන එන ඒ යානාවේ එලියට තමයි දේවතා එලිය කියලා ඔයාලා රැවටුනේ.”
“තරංගයි, තුශාරයි අය්ය පස්සෙන් ගිහින් මේ හැමදේම දැනගන්න ඇති.”
“ම්ම්. මාත් හිතන්නේ එහෙම තමයි.”
“දැන් ඉතින් අය්යා මොකද කරන්න හිතුවේ? එයාලා පොලිසියෙන් එක්කන් ඒවිද දන්නෑ.. කොළඹටත් දැනුම් දෙනවා කියුවා.”
“අපි බලමුකෝ සමන්මලී මොකද වෙන්නෙ කියලා.”
“ඔය විස්තර එලි කරන එක අය්යට ප්රශ්නයක් වෙයි නේද?”
සමන්මලීගේ පැණයට හිස වනා පිළිතුරු දුන් කෝලී කල්පනා කරන්නට විය.
“ඔයා හරි සමන්මලී, ඒ කිසිම දෙයක් මට හෙලි කරන්න බෑ. ඒකයි මං මුලින්ම ඔයාට කිවේ මගෙ විස්වාසෙ රකින්න කියලා. මට ඒ කිසිම දෙයක් එලි කරන්න බෑ. එලි කරන්න වෙන්නෙත් නෑ. බංටීට ඇහුනා කියුව නේද මං කෙනෙක්ව විනාශ කරන්න කතා උනා කියලා.”
“ඔවු. ඒ කවුද?”
“ඒ රෙබෝ. එයත් මං වගේ සත්තුයි, පැල ගැන හොයන්න තව රටක හිටපු කෙනෙක්. එයත් මං වගේ අහු උනා. අපි කතා උනේ එයා ගැන. සමන්මලි, විඩොරස්වල තියන තාක්ෂණය හැටියට අපිට පුලුවන් පෘතුවිය අල්ලා ගන්න ඒත් අපි කැමති නෑ යුද්ධයකට. කිසිම පෘතුවි වැසියෙකුට හානියක් කරන්න අපි කැමති නෑ. මොකද විඩොරස්වලට උදවු ගන්නයි අපි ආවේ. පෘතුවිය නිසා තමයි අපිට ඒ දේවල් ලබා ගන්න පුලුවන් වෙන්නේ. විඩොරස්වලට එහෙම උනේ විඩොරස් වැසියන්ගේ වරදින්. ඉතින් අපි පෘතුවියට අනතුරක් කරන එක අසාදාරණයිනේ සමන්මලී.”
“අය්ය ඔහොම කියනකොට මට හිතුනේ කවදහරි අපේ ලෝකයටත් ඔහොම වෙයිද කියලා.”
“ඔව් සමන්මලී. මාත් ඒ ගැන කල්පනා කළා. තාක්ෂණික දියුණුව, කාර්මීකරණය වගේ හේතු නිසා පෘතුවියෙත් ස්වභාවික පරිසරය දැන් ගොඩාක් හානියට පත්වෙලා තියෙන්නෙ. ඒ ගැන හිතනකොටත් දුඛයි.”
“අය්යට බැරිද බේරිලා යන්න.”
“ඔයා මට උදවු කරනවාද.”
“ඔව් අය්යේ.”
“මං දන්නවා ඔයා මට උදවු කරනවා. ඒත් ඒක ඔයාට ප්රශ්නයක් වේවි. සමන්මලී, සමහරවිට මට මෙතනින් යන්න පුලුවන්වේවි මොකද ඔයා ඒකට මට දැනටමත් උදවු කරලා ඉවරයි. එහෙම නැත්නම් රෙබෝට උණු දේ මටත් වේවි. සමන්මලී මං තව නොකියපු දෙයක් තියනවා.”
“ඒ මොකක්ද අය්යේ.”
“ඔයා මගෙ හිතට ගොඩාක් ළං උනා. විඩොරස්වල කෙනෙක්වත් මගෙ හිතට එහෙම ළං උනේ නෑ. මං දන්නවා ඔයත් මට ආදරෙයි කියලා. ඒත් මං හිතනවා දැන් මේ තත්ත්වෙ ඔයා තේරුම් ගනීවී කියලා. මොකද අපි දෙන්නා ලෝක දෙකක. කවදාවත් අපිට එකතු වෙන්න බෑ සමන්මලී.”
සමන්මලීගේ දෙකොපුල් තෙත් කරමින් කඳුලු වැල් ගලා එන්නට විය. තරු යුගලක් මෙන් දිදුලන කෝලීගේ දෑස ද කඳුලින් තෙත් නොවුනා නොවේ.
“මට තේරෙනවා අය්යේ. අපි දෙන්නා ලෝක දෙකක. ආයෙ කවදාවත් හමුවෙන එකක් නෑ. ඒත් අපි ඊළඟ ආත්මෙදි හරි හමුවෙමු.”
කියමින් ඈත අහස දෙස සමන්මලී බලා හිදින්නට විය.
“දැන් ඔයා යන්න සමන්මලී.”
“හොඳයි මං යන්නම් අය්යේ. ඔයා බේරිලා යන්න උත්සහ කරන්න.”
“ඔයා මට ගොඩක් උදවු කළා. මගෙ ජීවිතේ බේරා ගත්තා. මේ පුංචි තෑග්ග තියාගන්න මාව මතක් වෙන්න.”
කියූ කෝලී තම අත වූ අත් පලදනාව ගලවා සමන්මලීට දිගු කලේය.
“මේක විඩොරස්වල තියන ගොඩක් වටින ලෝහයක්. පෘතුවියේ මේ ලෝහය නෑ. ඒ නිසා හොඳින් පරිස්සම් කර ගන්න.”
“අය්යට මං මොනවද දෙන්නේ.”
“ඔයා මට ගොඩක් දේ දීලා තියනවා සමන්මලි. ඔයා මට දුන්න ගොඩක් පැල දැන් විඩොරස්වල. ඉතින් මට ඔයාව හැම වෙලාවෙම මතක් වේවි.”
“සමන්මලීගෙත් කෝලීගෙත් දෑස් අග කඳුලු බිඳු දිලිසෙන්නට විය.
******
මිදුලේ ලොවි බංකුව මත වාඩි වී ඉන්නා සමන්මලී ඈත අහසේ දිදුලන තාරුකා දෙස බලා හිදින්නේ කඳුලු පිරි දෑසින් ය. බරාදයේ සිටිනා තම පියා හා ගැමියන්ගේ කතාව ද මේ අතරේ ඇයගේ සවනට වැකුනේ මහා වේදනාවක් ලෙස ය.
“වෙන ලෝකෙකින් ආවත් හරිම හොඳ ළමයෙක් ග්රාමසේවක මහත්තයෝ. මේ ළමයාට මං සැලකුවේ මගෙ දරුවෙක්ට වගේ. මේ වගේ රැවැට්ටුව එකයි දුක.”
“මොනව කරන්නද වෙද මහත්තයෝ. බැලුවම අවස්ථාවදී මිනිස්සු කොයි ලෝකෙත් ඉන්නවා. මට පුදුම අච්චර බැදලා දාලා, එලියෙනුත් රැකවල් දාලා තියෙද්දී මේ මනුස්සයා පැනලා ගිය එකනේ.”
“හරියට වාෂ්ප උනා වගේ.”
“සමහරවිට මායාකාරයෙක් වෙන්නැති.”
“ම්ම්. වෙන්නත් බැරි නෑ.”
එය සත්යකි. සමන්මලී කෝලිතගේ කුටිය අසලින් ගොස් විනාඩි පහකින් පමණ ග්රාමසේවක මහතා හා තරංග ඇතුලු පිරිස සමග විශාල පිරිසක් වෙද ගෙදරට පැමිණියහ. ඒ අතර පොලීසිය හා තාරකා විද්යාඥයින්ගේ සංවිධානයෙන් විය. නමුත් කුටිය ව්යුර්ථ කළ ඔවුනට දැක ගත හැකිවූයේ හිස් කුටියයි. සියල්ලන් කැලබී අවට පරික්ෂා කළත් කිසිවක් සොයා ගත නොහැකි විය. හේතුහාමීද පුදුමවූයේ වුණු දේ හිතා ගත නොහැකිවය. නමුත් කෝලී තම ලෝකයටම ගිය බව දැන උන්නේ සමන්මලී පමණි. ඈ කුටිය අසලින් නික්මී තත්පර ගනණක් තුළ පෙර දිනක රාත්රියේ ඈ දුටු ආලෝකය එක් ක්ෂණයකින් දිස් වී අතුරුදහන් විය. යලි කවදාවත් ඔහු දකින්නට නො හැකි දුරකට ඔහු නික්මුණු බව හැඟුණු ඇයගේ හදවත ඉදිකටු තුඩකින් පාරන්නාක් මෙන් රිදුම් දෙන්නට විය. ඈ පැතූ ආදරය දැන් ඈගෙන් දුර ඈතකය. අහසින් එහා සිට පැමිණි ඒ ආලෝකය වාගේම එක් ක්ෂණයකින් දිස් වී තම ලෝකයෙන් අතුරුදහන් වූ කෝලිත නම් කෝලී දැන් සමන්මලීට ආකාසේ තාරකාවක් වැනිය. කෝලී මෙතෙක් කල් අකුරු ලියූ, සිතුවම් ඇදි පොත අතට ගත් සමන්මලී එහි එක් පිටුවක මෙසේ සටහන් කළාය.
ආදරේ පණිවිඩය ගෙන ආ තාරුකා නෙත් සැඟවිලා
දිදුල තරු කැට අතර මම ඔබ සොයනවා මං සොයනවා
සඳ පහන් රැය දෑස් දල්වා හිඳිනවා මං හිඳිනවා
නුඹ වඩින තුරු වළා අතරින් බලනවා මං බලනවා
පවන් රැල්ලක එතී එන්නට පතනවා මං පතනවා
රහසෙන් නුඹට පෙම් කළ සිත හඬනවා දැන් හඬනවා
අහසෙන් අවුත් මගේ හද නුඹ කැලඹුවා හද කැලඹුවා
පහසින් මිදෙන්නට මා සිත මැලි වෙලා දැන් මැලි වෙලා
අහසෙන් එහා ලෝකෙක නුඹ සැඟවිලා මා හැර දමා
නිමි...
මොනා කරන්නද නේද? කෝලී යන්න ගියා සමන්මලීට හරිම පව් ..ඒත් ආයේ මේ කතාවේ සිසන් 2 දී ගෙන්නන්න නිර්මාණි නංගී... මේ කතාවේ ශෛලිය හරිම අපුරැයි.. කියවන්න එපා වෙන්නේ නෑ ඇත්තටම නංගී දකෂයි .. තව කතාවක් ලියන්න පටන් ගමු සුබ පැතුම්!!
ReplyDeleteඔයා හොඳ යෝජනාවක් කලේ අක්කේ.... අපි බලමු නේද...ඩමේ අගය කිරීම් වලට ගොඩක් ස්තුතී... මොකද දිගටම කතාවක් ලියනකොට මේ දිරිගැන්වීම් වටිනවා...
Deleteඅනේ පව් සමන්මලී. කතාවේ අවසානය හරිම ලස්සනයි.
ReplyDeleteදුඛයි තමා කටකාරි... ඒත් ඉතින් මොනව කරන්නද... දිගටම කතාව එක්කරැඳී හිටියට ගොඩක් ස්තුතී ඔයාටත්...
Deleteඒ කියන්නේ එහෙත් ලංකාව තියෙනවද? ඇති යන්තම් බුද්ධ ධර්මය ගැන අහලා තිබුනේ නැහැ.. නැත්නම් උන්දා මෙහෙ ධර්මය ගෙනියන්න ගිහින් ඔහොම නෙවෙයි යන්න වෙන්නේ, හොම්බෙන්! දන්නවනේ අත තිබ්බොත් බුදු අම්මෝ??
ReplyDeleteකතාව නියමයි. අර දීපු ලෝහය අල්ලාගෙන මේ කතාව තව ඉස්සරහට ගෙනියන්නත් පුළුවන්. නැද්ද?
එහෙනම් ඉතින් තව හොඳ කතාවක්...
Deleteඅපි බලමු නේද එහෙම කරන්න පුලුවන් ද කියලා...
දිගටම කතාව එක්ක ඉදලා දිරිමත් කළාට එයාටත් ස්තුතී ලිඛිතෝ...
හැක්.. ඔය තියෙන්නෙ අගේට අවසන් වෙලා.
ReplyDeleteමොනව උනත් තව කාලයක් යද්දි විඩෝරස් වලින් මේ ලෝකෙට සත්තු ගෙන්නන්න වෙයි.
අර කියුවත් වගේ ඒකනම් වෙන්න බැරිකමක් නැ...
Deleteකො ක ස විදිහට දිගටම ආවට අය්යටත් ස්තුතී...
මේ වගේ ලස්සන, වටින කතාන්දරයක් අපිට කියවන්න දුන්නාට ඔයාට ගොඩාක් ස්තූතියි නංගි. කෝලි සමන්මලීට කියපු පණිවිඩේ ගොඩාක් වටිනවා. ඇත්තටම, අපේ ලෝකයටත් උදව් ඕන වුණ වෙලාවක ඒ වගේ උදව්ගන්න අපි වගේ තව කට්ටියක් ඉන්නවානම්. සමහරවිට ඇත්තටම ඇති නේද?
ReplyDeleteකතාව ලස්සනම ලස්සනයි. ඔයාගෙ ලිවීම හරිම අපූරුයි නංගි. :)
මටත් ඒක කල්පනා වෙනවා අක්කේ... පෘතුවියේ හැර තව මිනිස්සු ඉන්නවා ඇතිද... ඒ කොහෙද කියලා දැනගන්නත් ආසයි...
Deleteහැමදාමත් කතාව කියවලා මාව දිරිමත් කළාට ස්තුතී අක්කේ...්
මේ වගේ තව එකක් ලියන්න.
ReplyDeleteඅදහසට ස්තුතී මල් මල්ලී....
Deleteඔන්න 8 -9 දෙකම එකපාර කියවන්න උනේ... කියවන්නත් බැරි වෙගෙන් ලියන බ්ලොග් එකක් දැක්කමයි...
ReplyDeleteමරු මරු ඔහොම යං
අනේ එච්චර වේගෙන් ලියන්නෑ සමරෙ... මෙච්චර ලඟ පෝස්ටු දැම්්මයි... මොකද කතාව ලියල ඉවර කරලයි තිබුනෙ...
Deleteදිගටම කතාව කියෙවුවට, අදහස් පල කළාට ස්තුතී...
+++++හයියූ ඉවරයි ද??? සීසන් ටූ දාන්ඩ හොදේ
ReplyDeleteඒ ගැන හිතුවෙ නම් නෑ... උත්සහ කරමු හොඳේ...
Deleteඉතින් දිගටම ආවට ස්තුී හොඳේ...
කෝලි පිටසක්වලයෙක් තමයි කියලා හිතාගෙන හිටපු මමහිතුවා පිටස්ක්වලයෙක් මෙහෙම හිරවෙලා ඉන්නේ මොකද කියලා ?මේ ඉඳලා තියෙන්නේ ඒගේ ආදරේ කියන්නනේ සමන්මලීට.
ReplyDeleteපිටසක්වලයෙක් උනත් හිත හොඳ කොල්ලෙක්.
ඒක ඇත්ත මල්ලි. අර Koi Mil Gaya ෆිල්ම් එකේ ජාදු ඇරෙන්න මෙහෙම හොඳ පිටසක්වලයෙක් දැක්කාමයි මේ. අර භවත්‍රා කියලා නාට්‍යයක් ගියා මතකද? හාපෝ මටනං එපා වුණා.
Delete@ප්නෝජ්
Deleteපිටසක්වලයෙක් උනත් හරි අවංකයි නේද... දිගටම ඇවිත් අදහස් පල කළාට, දිරිමත් කළාට ගොඩක් ස්තුතී මනෝජ්...
This comment has been removed by the author.
Delete'භවත්‍රා' නම් මම ඉඳල හිටලා බැලුවා. කිසි ගතියක් නැහැ. නමුත් අර 'යාය 64' නම් නියමයි.
Deleteකෝ ඉතින් ඔක්කොම බලන්න බැරි උනානේ මට.
බවත්‍රා නම් මාත් බැලුවා... පිටසක්වලයොත් එපා වෙනවා ඒක බැලුවම... ළමා චිත්‍රපටයක් නම් බැලුව... ඒක හරි ෙශෝක්... නම මතක නෑ... කොයිමිල්ගයා ෆිල්ම් එකේ කතාව හරියටම දන්නෑ....
Deleteකොයි මිල් ගයා හරි ලස්සනයි නංගි. මම ඔයාට කතන්දරේ කියලා එවන්නම් පස්සෙ වෙලාවක. කෝ ඔයා මට මෙතන දාලා තිබ්බ රිප්ලයි එක? මේල් එකේ ඇවිත් තියෙනවා, මෙතන නෑනේ.
Deleteහානේ ඒක නම් හොඳ අදහසක් අක්කේ... ඔයාට වෙලාවක් තිබුනොත් ලියල එවන්න... ඒ ෆිල්ම් එකේ සිංදුවලට නම් හරිම කැමතී...
Deleteඒක පබ්ලිෂ් කළාට පස්සෙ දැක්කෙ අකුරු වැරදි ගොඩයි... ඒ නිසා ඒක මැකුව අක්කේ...
ඒකෙත් මං කියුවෙ කොයිමිල්ගයා බැලුවේ නෑ කියල තමයි අක්කේ...
'භවත්‍රා' නම් බලලා නැහැ.Koi Mil Gaya නම් බලලා තියෙනවා.එකේ ඉන්නෙත් හිත හොඳ කොල්ලෙක්නේ.
Deleteමං ඊයෙ කසුන් මල්ලිට කතන්දරේ ලියලා මේල් කළා නංගි, ඔයාගෙ ඊමේල් එඩ්‍රස් එකක් නෑනේ මං ළඟ.
Deleteඅනේ බොහොම ස්තුතී අක්කේ අද ඒක බලන්නම්... ඔයාට ගොඩාාාක් ස්තුතී...
Delete@ මනෝජ්
Deleteභවත්‍රා කතාව බැලුවම පිටසක්වලයොත් එපා වෙනවා... නිකමට වගේ පුලුවන්නම් හොයල බලන්න...
පේළි පද මත මගේ දෙනෙතම නිතර එහෙ මෙහෙ පාවුණා
ReplyDeleteකෝලි හා මේ සමන්මලියගෙ කතාවම දැන් නිමවුණා
කෑලි කිහිපය අපූරුවකට ලිවීමෙන් මෙය රහ වුණා
කෝලි ගැන මා හිතාගෙන සිටි ඉඟිය හරි බව වැටහුණා....
ජයවේවා!!!
අදහස කවි පදවලට කැටි කර මෙහි ලීවා
Deleteඒ පද මගේ සිත දිරිමත් කරමින් ලීවා
කවි අදහස් ලියමින් දුමියා ආවා
ඒ වෙනුවෙන් තුති මල් මං අද දෙනවා
ජයවේවා...
නියම කතාව
ReplyDeleteස්තුතී අරූ.. ඔයත් දිගටම කියවන්න ඇති නේද...
Deleteතව පොඩ්ඩක් කතාව ගියා නම් හොඳයි වගේ.. මේ විදියට එක සැරේ අතුරුදහන් වෙලා යන්න පුළුවන් නම් ඇයි අර අනිත් කෙනාව විනාශ කරන්න ඕනේ කිව්වේ?
ReplyDeleteකොහොම වුනත් කතාව ලස්සනයි. සීසන් 2 ලියන්න.
මම ඉස්සර ලියපු විද්‍යා ප්‍රබන්ධ මතක් වුනා. එකක් දෙකක් ආයේ බ්ලොග් එකේ දාන්නම්කෝ..
ආ ඒක හොඳයි... අපිට කියවන්න ලැබිලත් නෑනෙ.. හොඳ අදහසක්...
Deleteදිගටම ඇවිත් අදහසක් දැක්වුවාට ස්තුතී පැතුම්...
කතාව ලස්සනයි හැබැයි ඉක්මනට ඉවර කරලා.ඔක්කොම කියන එකේ දෙවනි සීසන් එකත් ලියන්න .
ReplyDeleteඒක තමයි බක්කරේ... බහුතර හතය පිළිගන්න එපාය නේද... බලමුකෝ එහෙනම්....
Deleteදිගටම ආවට ස්තුතී බක්කරේටත්...
+++++++++++
ReplyDelete++++++++++++++++++++++
Delete