අපේ රටේ විවිධාකාර තරඟාවලි පවත්වනවා. එහෙමත්
නැත්නම් ජාත්‍යන්තර මට්ටමින් පවත්වන තරඟාවලි සඳහා අපේ රටින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ
සහභාගී කර වනවා. පවත්වන තරඟ අතරේ තියන එක තරඟයක් තමයි (ඉලක්කයට වෙඩි තැබීම) ඒත් මේ
තරඟවලින් අපේ රටට පදක්කම් අඩුයි. මං මේ කියන්නේ ඒ ක්‍රීඩාව තරඟ අංශය දියුණු කරන්න
පුලුවන් වැඩ පිළිවෙලක්.
දැන් මාසෙක විතර ඉදලා රටේ ප්‍රෙදේශ ගනණාවකම වෙඩි තැබීම් සිද්ද උනා. ගොඩාක් වෙඩි තැබීම් සිද්ද උනේ යතුරුපැදියකින් ඇවිත් වෙඩි තියලා යනවා. එහෙමත් නැත්නම් යතුරුපැදියේ යනගමන් ධාවනේ වෙන තවත් වාහනයක ඉන්න කෙනෙකුට වෙඩි තියනවා. බලන්න ධාවනේ වෙන වාහනයකට ධාවනය වෙමින් ම වෙඩි තියනවා කියන්නේ මොන තරම් හැකියාවක්ද?
මම අර කලින් කියාපු තරඟාවලි වලට සම්බන්ධ වෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා පුහුණු, හොඳ ආහාර, බේත්හේත්, ශරීර සුවතා වගේ හැම දේම ලැබෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න මේ අනිත් කොටසට මොනවද ලැබෙන්නේ? ඒත් ඒ අය මොන තරම් දක්ශද? අර විශේෂ වරප්‍රසාධ ලැබෙන පිරිසට වඩා කොයිතරම් විශේෂ දක්ශතා පෙන්වනවාද? ධාවනේ වෙන වාහන වල පුද්ගලයන්ට වෙඩි තියනවා, වෙඩි තියලා දුවනවා. අංශ කිහිපයකටම ඒ අයගේ දක්ෂතා පෙන්වනවා. වැදගත්ම දේතමයි මං කියපු ඔබ දැනට අහලා තියන මේ යක්ෂ දක්ෂයන්ව තාමත් පොලිසියටවත් අල්ල ගන්න බැරි වෙලා තියනවා. පොලිසියෙන් සැඟවී සිටීමේ හැකියාවත් ඒ අයට හොඳට තියනවා.
මේ අය හොයාගෙන තැනකට ගන්නවා නම් ඉලක්කයට වෙඩි තැබීමේ තරගාවලියේ රන් රිදී, ලෝකඩ කියන පදක්කම් 3 ම අපේ රටට ගන්න පුලුවන්. අනික ජාතික හා ජාත්‍යන්තර පුහුණුකරුවන් විදිහට උනත් මේ අය සහභාගී කර ගන්න පුලුවන්නම් හොඳ වෙඩික්කාරයෝ බිහි වෙයි.
පැරණි කියමනකුත් තියනවානේ (කැලේ පිපුණු මල් කැලේට ම පර වෙන්න දෙන්න හොඳ නෑ) කියලා. ඒකයි මං කියුවේ. අපි සුදුස්සාට සුදුසු තැන දෙන්න ඕනෙ නේද?
මං මේ ලියන්න පැය කීපයකට කලිනුත් අකුරැසසේ දී තවත් වෙඩි තැබීමක් වෙලා තියනවා. බලන්න අපේ රටේ තියන මාණව සම්පත් කොයිතරම් වටිනවාද? ඒවායින් ප්‍රයෝජනයක් ගන්න තාම සූදානමක් නෑනේ.