Saturday, September 19, 2015

ගෙදරින් ඇවිල්ලා....

මීලඟ පාසැල් වාරය ආරම්බ වන දවසේම මා පාසලට ගියේ පසුවදා සිට දින දෙක තුනක් යම් ප්‍රීති දායක තත්වයක් යටතේ අපට සිටිය හැකි නිසාය. ඒ මන්දයත් පාසල් ආරම්බක දින පාසැල් ප්‍රධාන දේව මෙහෙය  පැවැත්වෙන නිසා ය. මෙදිනට ඉගැන්වීම් නොකෙරුනු නිසා අප නේවාසිකාගාර තුලට වී සතුටින් විවිද දේ කතා කරමින්, ගෙදරින් ගෙනා දේ කමින් බොමින් සිටිති. ඒ සියලු ක්‍රිස්තියානි ආගමිකයන් පල්ලියට ගොස් දේව මෙහෙය සඳහා සහබාගී වන වේලාවේ අප නේවාසිකාගාර පාලිකාවන් ද නොසිටින බැවිනි.

ඔය ලෙසට දිනයත් ගෙවී තවත් දිනයක් එලඹෙන්නේ අප ඩෙස් පුටු පන්ති සෝදා පිරිසිදු කරගැනීමේ දවස ආරම්බ කරමිනි. එදින ද කිසිඳු ඉගැන්වීමක් නැත. අප පිරිසිදු කරන අතර තුර එකිනෙකා වතුර ගසාගනිමින්, කෙල්ලන්ගේ ඇඟට ඩෙස් ඇතිල්ලීමට ගත් තෙත රෙදි දමා ගසමින් සහ නොයෙකුත් උසුලු විසුලු කරමින් කාලය ගත කරන්නේ මේ සතුට දහවලට මේ සතියෙන් පසු නොලැබෙන බව දැන නොවේ. මේ වන විට සියලුම ලමුන් නේවාසිකාගාර වෙත නොපැමින සිටි නිසා අප ද යම් බුරුලක් ලැබුවෙමු.

ඔයාකාරයෙන් මේ පන්ති ටිකෙන් ටික දවසෙන් දවස ලමුන් ප්‍රමානය වැඩි වන විට බොහෝ විට හතරවන දවසේ පටන් ඉගැන්වීම ආරම්බ කරයි. දැන් අප වෙලාවට සෙල්ලම්, පාඩම්, නිදාගැනීම් කල යුතු ය. පලමු දින දෙක තුනේ මෙන් කටයුතු කල නොහැකි ය. එබැවින් මේ පාසැල් වාරයේ මුල්ම ප්‍රීතිමත් දින කිහිපය විඳ ගැනීමට මම ද ආරම්බක දිනයේ ම පාසැල් යාම පුරුද්දක් ලෙස කලෙමි.

මේ සතුට ටිකෙන් ටික නැති වී යන්නේ කෙමෙන් සති දෙක තුනක් යන විට ය. මේ වන විට මට ද ගෙදර මතක් වීමට පටන්ගෙන ය.අක්කලා, අයියා, නංගී, සෙල්ලම් කරනවා ඇති යැයි මට සිතෙයි. අම්මයි තාත්තයි මොනවා කරනව ඇතිද? මට සිතෙයි. බොහෝ විට මට මේවා මතක්වී ඇසට කඳුලු එන්නේ නිරායාසයෙනි. එය එන්න එන්න ම වැඩි වේ.ඊට ප්‍රධාන හේතුව නේවාසිකාගාරයේ පැවති වාතාවර්නය යැයි දැන් මට සිතේ.

ඔන්න දැන් සති තුනක් පමන ගත වී ඇත. ලමුන් සෙනසුරාදා, ඉරිදා වෙනකල් දින ගනිමින් සිටී. මම ද එසේ දින ගැන්නෙමි. නමුත් මට තවත් සති කිහිපයක් යනතුරුම එය එලෙසම කරන්න ට සිදු විය.අප මේ දින ගනින්නේ අපේ ගෙදරින් කවුරුන් හෝ එන තුරු ය. සෑම සෙනසුරාදා සහ ඉරිදාවකම රුවන් ඔයාගෙ ගෙදරින් ඇවිල්ලා. සුරංග ඔයාගෙ ගෙදරින් ඇවිල්ලා. යනාදී වෂයෙන් අසන්නට ලැබේ. මේ වෙලාවේ මට සිතෙන්නේ කවුරුහරි ලමයෙකුම පැමින කසුන් ඔයාගෙ ගෙදරින් ඇවිල්ලා යැයි දැන් දැන් කෑගසතියි කියා ය.

නැත එසේ වූයේ නැත. මාස තුනෙන් එකහමාරක්ම මම එසේ බලා ඉන්නට ඇත. මේ වන විට සමහර ලමුන්ගේ දෙතුන් වතාවක් ම අම්මා, තාත්තා, හෝ වෙනත් නෑයෙක් පැමින ඔවුන් සමග කතාබස් කර, මොනවාහෝ කෑමට බීමට දී යති. එවිට අපිට ද ඒවා ලැබෙන්නේ අද අපේ ගෙදරින් ආවා යැයි කියන උදාරම් වචනත් සමග ය. නමුත් මා කවදා එසේ කියන්නද?

තවත් ඉරිදාවක් උදා විය. මට කිහිප දෙනෙකුගේ ගෙදරින් කවුරුන් හෝ ඇවිත් ඇතැයි යන ආරන්චිය ලැබුනි. එහෙත් අපේ ගෙදරින් ආවා කියන ආරන්චිය මේ අතර නැත. මම තවත් බලා සිටිමි. දහවල් දොලහ ආසන්නයේදී මම නේවාසිකාගාරයෙන් පහලට බැස කොරිඩෝවේ ඇවිදිමින් කවුරුන් හෝ එන තුරු සිටිමි.

පුතේ මගේ අතින් අල්ලා ගත්තේ මගේ පියා ය. මගේ සතුට නිම්හිම් නැත. එවිට ම තවත් ලමයෙකු පැමින හා කසුන් ගේ ගෙදරින් ඇවිල්ලා යැයි කියමින් නික්ම යයි. මමත් පියාත් මවත් තනිවෙයි. ටික වේලාවක් කතා කරමින් සිට යාමට සූදානම් වනවිට යලි මා කඩා වැටෙයි. අනේ දැන් තව කොච්චර කාලයක් ගෙදර නොගිහිං ඉන්නද? මට හැඬුම් එයි. “අඬන්නැතුව ඉන්න. අපි ආයේ බලන්න එන්නම් කියමින් මගේ ඔලුව අතගාන මව ද හඬනා බව මට දැනෙයි. මම මේ ඉස්කෝලෙන් යනවා. මට නැවත නැවත සිතෙයි. අක්කලාට, අයියාට එකට ඉස්කෝලෙ යන්නට පුලුවන්නම් ඇයි මට ගෙදර ඉඳලා යන්න බැරි. එහෙම වුනානම් මේ කිසිවක් නැත. මා සතුටින් ගෙදර දුව පැන ඇවිදිමින් සිටිනු ඇත. අම්මා තාත්තා මෙලෙස කනගාටු වන්නේ මා ගැන සිතා විය යුතුය. ගෙනා පුන්චි බිස්කට් එකක් හෝ අම්මා අක්කා හැදූ දෙයක් මගේ අතට දී ඔවුන් නික්ම යන්නේ තව කොපමන කලෙකින් යලි එන්න ද? මම හඬමි.

යලිත් මේ විදිහට ම බලා සිටින කාලය ඇරඹේ. නමුත් කිසිවෙකු මා ඇමතුවේ නැත. මම නිදාගැනීමට ලැබෙන පැය දෙකේ පඩිපෙල අසලට වී නිදන්නෙත් එලෙස පැමින මට කොයි මොහොතේ හෝ කතා කරාවිය යන විෂ්වාශයෙනි. නමුත් නිවාඩු දෙන දවසේ දහවල් වන තුරු යලි කිසිවෙකු නොපැමිනෙනු ඇත.

57 comments:

  1. ඔන්න අද තමයි මේ පැත්තේ මුලින්ම ආවේ. කාරුණික ඉල්ලෙම් දෙක තුනක් කරන තියනවා.

    අකුරු මෙච්චරම ලොකු වීම අත්‍යවශ්‍ය නැහැ.

    බ්ලොග් පිටුවේ පළල වැඩි කරන්න.

    බ්ලොග් රෝලේ අකුරු කුඩා කර ඒ තීරුවේ පළල වැඩි කරන්න.

    හෙඩර් එක මීට වඩා ලස්සන කරන්න පුළුවන් නේද?

    ඉල්ලීම් එපමණයි. මම මේ අඩවිය මගේ බ්ලොග් රෝලට දාගත්තා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති විචාරක තුමා මේ පැත්තේ ආවට. මම මේ ඉල්ලීම් ගැන බලන්නම්. මම මේ ක හැදුවේ මගේ පෙනීමේ තරමට නිසා මේකෙ වැරදි ඇති. මම වෙනත් කෙනෙක් පාවිච්චි කරලා මේක ඩිසයින් කරන්නම්.
      ඔබට දැනුනු අඩු පාඩු කිව්වට බොහොම ස්තුති.

      Delete
    2. ඔව්වා මහා ලොකු වැඩ නෙවෙයි තනියම කරගන්න පුළුවන්. ජාලයේම හොයා බලන්න ඕනෑතරම් උදව් තියනවා.

      Delete
    3. ඔව් විචා තුමා මම ඒවා ගැන බැලුවා. නමුත් ඇහැට ගෝචර විදිහට මේක හදන්න මගේ ඇස් පෙනුම මදිඑකයි මට තියෙන ගැටලුව. වෙන කෙනෙක් ලඟ තියාගෙන මට මේ වැඩේ කරන්න වෙන්නෙ. මේ ගැන තියෙන දැනුමේ අඩුවක් නෙවෙයි.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. ඔබ දෘශ්‍ය ඌනතාවයකින් පෙලෙනවානම් කිසිම වෙනසක් කරන්න යන්න එපා. මේ හොඳටම ඇති.

      Delete
  2. කසුනුත් එහෙනම් කොන්වන්ට් එකක ලජ්ජා බයට හැදුන කොල්ලෙක්.......... දිගටම ලියමු. අපිත් එනවා මේ පැත්තේ......

    ReplyDelete
    Replies
    1. කොන්වන්ට්. හැක් හැක්. මේක කොන්වන්ට් එකක් නෙවෙයි බන්ඩා. ක්‍රිස්තියානි පාසැලක් නේවාසිකාගාර සහිත. ඒ ගැන වෙනම පෝස්ට් එකකින් කියන්නම්.

      ස්තුති මේ පැත්තට ගොඩවැදුනට. ආයෙත් එන්න.

      Delete
  3. කතාව මතුසම්බන්ධයිද ?

    මට හිතුනේ එහෙමයි

    ReplyDelete
    Replies
    1. හුටා. මේක ඉවර වෙලා නැද්ද? මට හිතුනෙ මේක එක වාරෙකින් ඉවර කරන්න. හැම වාරයක ම ඔය කාරනය ගැන තියෙන අද්දැකීම් ඔය වගෙයි ඉවාන්.

      Delete
  4. ඉස්කෝලේ කාලේ තරම් සතුට කදුල එකට විදපු කාලයක් නෑ බන්....හෙන රහ ජීවිතයක් ඒක....
    කොහොම නමුත් නේවාසික ජීවිතේ ගැන මට අත්දැකීම් නෑ....කසුන් ගෙ ලිවිල්ලෙන් තේරුන විදිහට නම් ටිකක් කටුක රහක් දැනුනේ.....කොහොම නමුත් දිගටම ලියන්න...ඉස්සරහට කතව රසවත් ඇති...

    ReplyDelete
    Replies
    1. මගේ ඉස්කෝලෙ කාලෙ රසවත් දේ ගොඩක් තියෙනවා. කවුරුවත් නීරස දේ කියන්න කැමති නෑ. මට පේන්නේ ඉස්කෝලේ කාලෙ රසවත් සිදුවීම් කියවන්න කට්ටිය වැඩිය කැමති කියලා. හරි හරි මම ඊලඟට රසවත් දේවල් ලියන්නම්.

      Delete
  5. පහසු වෙලාවක
    මේක කියවල බලන්න. You will not regret reading this.

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ට් එක ගැනත් මොනා හරි ලියලා යන්න වස්තුවෙ. මේක ලියපු එකා පව්නෙ නැත්තං.

      Delete
    2. ඒක දිග වැඩී බං. පෝස්ට් එක නම් වටිනවා වගේ දැනුනා කියවපු ටිකෙන්. ඒත් ඒකෙ දිග දැක්කාම කිය්වන එක පැත්තක දැම්මා.

      Delete
    3. මටත් ඔය වැඩේමයි වුනෙ කැමා.

      Delete
    4. යකුනේ මං කිව්වෙ ඉතාම පහසුයිට මේ කසුනාගෙ පෝස්ට් එක ගැනත් යමක් ලියන්න කියලා. ඔන්න ඒක මේකට සම්බන්ධනං ලින්ක් එක විතරක් දැම්මම ඒක නියම කමෙන්ට් එකක් වෙනවා.

      Delete
    5. ඔව් මදුවෝ. පෝස්ට් එක ගැන මොකක්හරි කොමෙන්ට් එකක් දැම්මනම් හොඳයි. එහෙම වුනානම් පොඩි කික් එකක් එනවනෙ නේද බං. අර හෙන කොමෙන්ට් තොගයක් තියෙන උඹේ පෝස්ට්වලට උඹට එන ආතල් එක උඹනෙ දන්නෙ. තැංක්ස් මදු.

      Delete
  6. ගෙදරන් ඈත් වෙන එකනම් දුකයි තමා කසුනෝ...
    කොන්වන්ට් එකේ ලැජ්ජා බයට හැදුනට කට නම් එහෙම හැදිලා නෑ වගේ...

    ReplyDelete
    Replies
    1. ඉවානයාට කියපු එකමයි කියන්න වෙන්නේ.ඒ කියන්නේ මූගේ ලජ්ජා බය ගැන
      බය තියෙනවා.ටිකක් හයියෙන් අඩිය හැප්පුවත් කලිසමෙ චූ යනවා,ඊට පස්සේ අඩනවා.ඒ තරමි බයයි.
      ලජ්ජාව.ලජ්ජාවක් නමි ඇත්තෙම නැ.කරන හරියක් කරලා තියෙන්නේ විලි ලජ්ජාවක් නැති වැඩ.

      Delete
    2. කැමා,
      මගේ කට හදන්න අපේ සර්ලටවත් බැරි වුනා බං. මේක මහ එපාකරපු කටක්. කැමරකටාගෙ කට ගැන අර මෙන්ඩයි, මදුවයි ආවනම් කියාදෙයි. හැක් හැක්

      මනෝ,
      එහෙනම් අඩිය හප්පලා බලහං. කාට ද චූ යන්නෙ කියලා. හැක හැක. ලැජ්ජාවනම් නෑ බං. මම ඒ නහරෙ කපල අයින් කරා. ඕක තිබුනම මහ වදේ බං.

      Delete
    3. ඒ.. මොකක්ද බං ලැජ්ජ නහරෙ කියන්නෙ?

      Delete
    4. එහෙම එකක් තියෙනවා. උඹ දන්නැද්ද? ඒක දන්නෙ අයින් කරපු උං විතරයි.

      Delete
    5. ඕං බලහං මං වගේ අහිංසකයෙකුට කියන කතා....
      මගෙ නම් පෙකනිවැල කපද්දිමලු නැජ්ජ නහරෙ කැපිලා තියෙන්නෙ...

      Delete
    6. හෑ හොඳ අහින්සක. වටේ පිටේ මිනිස්සුන්ගෙන් ඇහුවනම් කියයි අහින්සකකම. අර අහින්සක උපාසක අම්මලගෙ හුලු අත්තෙ රතින්ඤ ගැටගහපු එකා එනව මෙතන අහින්සක වෙන්න. පල හුලුඅත්ත යන්න.
      හා කැමා උඹේ ලැජ්ජ නහරෙ කපල තියෙන්නෙ එහෙමද? අපි හිතුවෙ ඉපදෙනකොට ම තිබිලා නෑ කියලනෙ බං. හැක්

      Delete
    7. අහලා බලහං. රත්තරං ටිකට ඉන්න කොලු පැටියා කියයි...
      කවුද බං ඒ රතිඤ්ඤ ගැටගහපු අසම්ජ්ජාතියා?

      මාත් හිතන් හිටියෙ එහෙම තමයි. ඒත් පස්සෙ දැනගත්තෙ එදා තමයි කැපිලා තියෙන්නෙ කියලා. දැන් නම් කටේ පොටත් ගිහින් බං.

      Delete
    8. ඔය තියෙන්නෙ බං බ්ලොග් එක ලස්සනට.....

      Delete
    9. මම විතරයි මෙකේ අහිංසක,ගුණකරැක,විනයගරැක,සත්පුරැෂ,දැහැමි,සීලාචාර,බුද්ධිමත්,නිහතමානි,මත්පැන් පොදක් තොලගාලාවත් නැති දැකලවත් නැති හොදහැදියාවක් තියෙන පුද්ගලයකුට ඉන්නේ.උඹලට ඉරිෂියා හිතෙයි කියලා මම ඔය ටිකයි ලිවිවෙ.මම චරිත සහතිකයක් ගන්න ගියාම ග්‍රාමසේවක මහත්තයට පේපර් එක මදි වෙනවා මගේ චරිතේ ගැන ලියන්න.අන්න ඓහම අපි වගේ හැදියල්ලකො.

      Delete
    10. ඔව්, ඔව් අපිට හිතාගත්තැහැකි. ග්‍රාමසේවකගෙ පේපර් එක මදි වෙන්නෙ මොනවට ද කියල.

      Delete
    11. //අහලා බලහං. රත්තරං ටික එල්ලගෙන ඉන්න කොලු පැටියා කියයි...// හුකෑස්.
      කසුනා...මචං කොන කියන්නෙ එකක්. ලැජ්ජා නහරෙ එකක්.
      මගුලක් කතාකරනවා. ග්‍රාමසේවක දැක්කම ඕකා දුවනවා. අම්මපා මම ග්‍රාම සේවකනං මං ලියන්නෙ දසම දස, නාහෙට නාහන, අවලං, අසත්පුරුෂ, අදරුමිස්ට, අසීලාචාර, මොට්ටමෝෙල්, නසරානි, බෝතලේ Oකෙත් ගහගෙන ඉන්න පුග්ගලයෙක් කියලා.

      Delete
    12. ඕකා එනකොට ග්‍රාමයා මේසෙ අස්සෙ හැංගෙනවලු චරිත සහතිකේ ලියන්න බැරි කමට.

      Delete
    13. හැබෑටම කැමාට මේ දෙක පැටලිලාද? හැක්.

      Delete
    14. යකෝ මෙ මදාවියයි කසුනයි කැමායි මෙචිචර සත්ගුණවත් මට නේද මෙ අපහාස කරලා තියෙන්නේ.කෝටි ගානක වන්දි මුදලක් දීපියවි මට දානව අපහාස නඩුවක්.

      Delete
    15. කෝ බලන්න සුදු මූණු පොඩ්ඩ... අම්මේ.... දුකේ බෑ...

      Delete
  7. මම නමි හොස්ටල් එකේ නැවතුනේ නැ.නිවසේ ඉදලා ස්කූල් එකට ගියේ.ඒ වුනාට හෝස්ටල් එකත් ගෙදර වගේ තමයි මට.හොස්ටල් එකේ ඉන්න කොල්ලෝ කියන දෙයක් තමයි හැමදාම කෑමට උයන්නේ එකම කාලාම ඒපා වෙනවා කියලා.අපි ගෙදරින් මොනව හරි අරගෙන යන වෙලාවල් තියනවා.හැමදැම හෝසටල් එකක ඉන්න එකනමි කොල්ලොන්ට එපා වෙලා තිබුන දෙයක්.

    ReplyDelete
    Replies
    1. තුවාලෙ තියෙන එකාලුනෙ ඒකේ අමාරුව දන්නෙ. ඔය හොස්ටල් හිටපු උන් තමයි ඒකෙ කට්ට දන්නෙ. හැබැයි පට්ට ආතලුත් ගත්තා.

      Delete
  8. ගස්ලබ්බගෙ පාසලෙත් හොස්ටල් එකක් තිබුනා.. පංතියෙන් පැන්නම ඕකට ගිහිං ඩයිනිං එකේ තියෙන කෑම බීම හිස් කරන එක නම් හොඳට පුරුදුයි.
    අපි කැමති දේ නෙමෙයි,උඹ කැමති දේ ලියපං... එතකොට මේක තවත් ලස්සනයි.දුකද සතුටද ඒ දේවල් හිතන්න එපා බං.. මොනව ලිව්වත් අපි එනවා. කියවනවා... බෙදාගන්නවා.. වරෙන් මට හග් එකක් දීපං..!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔන්න දුන්නා. හරි හරි. මම ඊලඟට කොහොමත් ආතල් කතාවක් ලියන්න හිටියෙ. හරි හරි අපි ඉස්සරහට ලියමුකො හොඳ හොඳ කතා. අර ගස් ලියලත් තිබුනෙ පට්ට කතාවක්.

      Delete
  9. අප්පද බොල! මෙන්න ඩිසයින් ටෙම්ප්ලේට් එක එළට ඇරං නිකං විසිටර්-වී වගේ. හොඳයි හොඳයි! ශ්‍රේෂඨ පුග්ගලයින් අනුකරණය කිරීමෙන් යහපතක් මිස කිසිදු අයහපතක් නොවේ දරුව.

    දැං මොකක්ද මේ පෝස්ට් එක? ආ හරි හරි.
    අනේ බං හොස්ටල් ජීවිතේ නං කියලා වැඩක් නෑ. දුකේ තිඹිරිගෙය. කෑමනං බල්ලොවත් කන්නෑ. හිරේ යනවා සැපයි. ජී එච් එකත් නොතිබුණානං මං හිටිය මාස දෙකවත් ඉන්නෙ නෑ. ඕ යේස්!

    ReplyDelete
    Replies
    1. මගෙ ජීවිත කාලෙන් වැඩිපුරම ඉඳලා තියෙන්නෙ හොස්ටල්. හපොයි කෑම නම් කතා කරන්න එපා. අර කැම්පස් හිටපු කාලෙ විතරයි ටිකක් හොඳට කෑවෙ. ඒත් අහල පහල කඩවලින්. හැමදාම කඩෙන්ම කන්නත් බෑනෙ.
      ඇයි උඹට GH එකට යන්න අවසර තිබුනද? හරි හරි අවසර දෙන්න ඇති. ගියාට වැඩක් නැතුව ඇතිනෙ. අපිනං දන්නෑ ඕං. අර කැමා ඒක අහන්න කිවුවෙ.

      අර මෙන්ඩා කොහෙ ගිහින්ද බං. කාලෙකින් දැක්කෙ නෑ.

      Delete
  10. අදමයි කමෙන්ට් එකක් දාන්නෙ කසුන්,

    මට නං පෝස්ටුව දිග වැඩි නෑ. එක හුස්මට කියෙව්වා. ගොඩක් හොඳයි මචං. දිගටම ලියමු, එක එක දේවල් ගැන...

    ReplyDelete
    Replies
    1. තැංක්යූ කිව්වා ඩ්‍රැකියා. දිගටම එන්න.

      Delete
  11. මට ද මගේ බෝඩිං ජිවිතය සිහි ගැන්වේ... ඔබ හා අප සියලු දෙනා අතර බෝඩිං ජිවිතවල වෙනසක් නැත. පාසල් හොස්ටල් කිත්‍යකර බෝඩිම මවුන්ට් මේරි බෝඩිම. වසරක කාලයක් තුළ බෝඩිං තුනක නීරස දිවියක් මටද ඇත.

    ReplyDelete
    Replies
    1. බෝඩිම් හිටපු එවුන් තමයි නලින් අයියේ ඒ ගැන දන්නෙ.

      Delete
  12. අඩෝ..මට බොක්කට වැදුනා..

    කමෙන්ට් ටිකට උත්තර දෙන්න එන්නම්

    ReplyDelete
    Replies
    1. හාාාාාාා.... මෙන්ඩයියා. සෑහෙන කාලෙකින්. මතක ඇතුව එන්න.

      Delete
  13. කසුන කියපු හොස්ටල් අත්දැකීම් දෙක තුනක් මටත් මතකයි
    නියමයි ඈ..
    ජයවේවා දිගටම ලියෝ.....

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව. හිටු හිටු මං උඹෙත් හොස්ටල් කතා ටික මේකෙම ලියල දාන්නම්.
      ජයවේ වර්න.

      Delete
  14. උඹේ බ්ලොගට කමෙන්ට් එකක් දාන්න හිටියට , කියවන්න තිබ්බ වෙලාවල් සීමා සහිත උනා. මතකනෙ අපේ කෙල්ල ශොක් වෙලා ඉන්නෙ අර සේයගෙ සිද්දියෙන් ඉතිං තවමත් එයාට වෙලාව වෙන්කරනඑඅ වැඩියෙන්.
    අපේ ඉස්කෝලෙ කොල්ලන්ගෙ හොස්ටල් එක 1970 කාලෙදි වහපු ගමන් තාමත් එහෙමමයි බිල්ඩිම වෙන වැඩවලට අරන්. 6 පන්තියේ ඉදන් හොස්ටල් එකේ හිටපු කෙල්ලො අපේ පන්තිවල හිටිය. පොඩි කාලෙ ඉදන්ම අපේ කෑම පංගුවෙන් කොටසක් උන්ට දෙන එක සිරිතක්.
    අපේ පංතියට මම ගිය දවසෙම ආව සුදුම සුදු කෙල්ලක් හොස්ටල් එකට බාර දුන්න කියල මරලතෝනි දීල ඇඩුව නලෝගන්න පුළුවන් උනේ මට . පස්සෙ මගෙන් ඇහුව '' ඔයත් ඉන්නෙ හොස්ටල් එකේද " කියල. ( සැක් ....එහෙම චෑන්ස් එකක් කොහෙද )
    ඒ කතාව මතු සම්බන්දයි.
    උඹ කොච්චර කල් හොස්ටල් හිටියද ? හැබැයි කතෝලික ඉස්කෝලවල හොස්ටල් හිටිය එවුන් පිලිවෙලට වැඩ කරන්න පුරුදු වෙනව.

    ReplyDelete
    Replies
    1. ඔව් කම්මලේ මට මතකයි උඹ ඒ ගැන කියල තිබුනා. මේ බ්ලොග් කටු නොබැලුවට කොමෙන්ට් නොකරට කමක්නෑ. ලමයි ගැනම හැඟීමක් තියෙන එකම මදෑ.ඒ ගැන කිසිම අමනාපයක් නෑ සතුටක් මිසක්.

      උඹට හෙන ආතල් එකක් යන්නැති නේද? ඒ කෙල්ලම ද බැන්දෙ? හය වසරෙන්ම වැඩේ පටන්ගෙන තියෙන පාටයි කොල්ල.

      මම එක වසරේ ඉඳලා එකොලහ වසර වෙනකල් හොස්ටල්. ඊට පස්සේ උසස්පෙල කරේ යාලුවෙකුගෙ ගෙදර ඉඳලා. ආයේ කැම්පස් අවුරුදු හතරක් හොස්ටල්. (ආචාර්‍ය වරුන්ට පින් සිද්ද වෙන්න)

      Delete
    2. ඈ කම්මලේ බොලාගේ පොඩි පංතිවල කෙල්ලොත් හිටියද?අනේ අපට නං ඒ ලෙවෙල් වෙනකල් නෑ.

      Delete
    3. යා ..යා හැලපෙ අපි එනකොට 1986 දි එහෙමයි, පටාන් අරන් තිබ්බෙ 1985 .
      අපි බෝයිස් හොස්ටල් එක සුද්ද කරද්දි බුලට් වගයකුත් හම්බ උනා. ඒකෙ තමයි 6 පන්ති තිබ්බෙ . ඔය කෙල්ල මාත් එක්කම A/L ඉවර වෙනකම්ම එකට හිටිය. A/ L කාලෙ අපේ ගෙදර ඉදන් ටියුශන් ගියේ. ජීවිතේට හම්බවෙච්චි සුපිරිම චරිතයක් , මාත් එක්ක බයික් එකේ ගිහින් වැටිල මාසයක් බේත් කලා ඒත් ඊට පස්සෙත් කිසිම කතාවක් නැතිව බයික් එකට නගිනව. එහෙම බොක්කෙ යෙහෙළියො ඉන්නව මේ කලවං කිරීම හින්ද

      Delete
  15. හොස්ටල් අත්දැකීමක් කවදාවත් විඳලා නැති නිසා හොස්ටල් ගැන කියවෙන හැම අත්දැකීමක්ම මට හරි නුපුරුදුයි. දෙමාපියන් සහ දරුවන්ගේ දුරස්ථභාවය නිසා ළමයි හුඟක් හිත ඇතුලෙන් දුකෙන් ඉන්න ඇති කියල හිතෙනවා.

    හොස්ටල් ගැන කියන කතා ඇහුවාම. වොර්ඩන් , මේට්‍රන්ලා , සේවකයෝ ළමයින්ට සලකන හැටි ඇහුවාම, හොස්ටල් වල හිටපු චන්ඩි පොරවල් ගැන ඇහුවාම, හොස්ටල් වල තියන තද නීතිරීති ගහ ඇහුවාම , හොස්ටල් එකක මම වගේ එකෙක් හිටියේ නැති එක හොඳයි කියලත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. අම්බලංගොඩ කියන කතාව ඇත්ත. නමුත් ඒ නිසා ඕන කට්ටක් කාගෙන ඉන්න හුරු වුනා. අපි ආතල් නොගෙන හිටියෙත් නෑ.

      Delete
  16. පොඩි අය නම් හොස්ටල් දාන්න හොද නෑ අනේ.....

    ReplyDelete
  17. බැරිවුන ඔක්කොම පොස්ට් ටික අද කියෙව්වා ආදරය ගැන ලියපු එකත් එක්කම. . ළමයෙක්ව හොස්ටල් එකක දාල තනි කරලා යනව කියන එක හරි අමාරු දෙයක්. මගේ පොඩි වුන් දෙන්නව දාල කොහොම ඉන්නද කියල හිතෙනවා. ඒ මදිවට දරුවට තියෙන දුක.

    ReplyDelete
  18. අප්පේ ඉතින් ඔය දුක පොඩි කාලෙ විතරනෙ නේද? ලියමු ලියමු. මගෙන් සුබ පැතුම්...

    ReplyDelete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.