Tuesday, March 22, 2016

කෙලෙහි ගුණ නො දන්නා මිනිසුන් අතරේ සිටින කෙලෙහි ගුණ දන්නා සතුන්



අපි දන්නවා බුදුන් වහන්සේගේ චරිත ලක්ෂණ ගැන කතා කරනකොට බුදුන් වහන්සේ තමන්ට බුදු වීමට උපකාර කළ වෘක්ෂයට පවා කෙලෙහි ගුණ දැක්වූවා කියලා. ඒ වගේම කෙලෙහි ගුණ දැක්වීම උතුම් මිනිස් ගතියක් විදිහටත් දක්වලා තියනවා. පුරාණ මිනිසුන් අතර නම් කෙලෙහි  ගුණ දැක්වීම සාමාන්‍ය දෙයක් වගේම ඔව්න් තමන් ජීවත් වෙන පරිසරයට පවා කෙලෙහි ගුණ දැක්වුවා කියලා ඔබත් අහලා ඇති. නමුත් දැන් දැන් වෙනකොට මිනිසුන්ගේ මේ උතුම් ගුණාන්ග අනික් හැම දේම වගේ වියැකී යනවා කියන එකයි බොහෝදෙනා කියන්නේ. මිනිසුන්ට වඩා සතුන් ලඟ කෙලෙහි ගුණ දැක්වීම තියනවා කියලා අපි කටවහරටත් කියනවා. ඒකේ ඇත්තක් තියනවා නේද? බල්ලෙක්ට එක වරක් කන්න දුන්නත් ඌට ඒක උගෙ ජීවිතේටම අමතක වෙන්නෙ නෑ. කොතන දැක්කත් වලිගෙ වනනවා. සමහර වෙලාවට අහලා ඇති (ඌට උදව් කළාට වඩා හොඳයි බල්ලෙක්ට කන්න දුන්නනන්ම්. ඌ වලිගෙ හරි වනයි.) කියලා සමහර අය කියනවා.
මීට සමාන මීටත් වඩා වෙනස් දෙයක් මට අහන්න ලැබුනා. ඒ කතාව මේකයි.
ග්‍රීසියේ වෙරළබඩ ප්‍රදේශයක ඉන්නවා ජොවාබෝ කියලා වයස අවුරුදු 70 කටත් වඩා වයස් ගත මිනිසෙක්. ජොවාබෝ 2011 වසරේ දවසක වෙරළේ ඇවිදිනකොට දැක්කා බොර තෙල් නැවක් අනතුරට ලක්වෙලා මුහුදුකරේම විනාෂ වෙලා තියනවා. ඒත් එක්කම එයා දැක්කා ගල්පර අතර හිරවෙලා තෙල් වලින් නෑවිලා ඉන්න පුංචි පෙන්ගුයින් පැටියෙක්. බොර තෙල් වල විශට මේ සතාට මරණාසන්නවෙලයි හිටියේ. ඉතින් ජොවාබෝ මේ සතා ගෙදර අරන් ගිහින් තෙල් සෝදලා එයාට බෙහෙත් කළා. කෑම කැව්වා. පෙන්ගුයින්ට හොඳට ම හොඳ වෙනකල් ජොවාබෝ කෑම කවලා බේත්හේත් කළා. අන්තිමට පෙන්ගුයින්ට තමාගේ වාසස්ථානයට යන්න පුලුවන් දවස එනකොට එයාව යවන්න තීරණය කළත් ජොවාබෝන්ට ගොඩක් දුකහිතිලා. එත් පෙන්ගුයින්ගේ නිදහස් ජීවිතය තියෙන්නේ ඌට පුරුදු පරිසරේ කියලා අවබෝධ කර ගත්ත ජොවාබෝන් ඌව යැව්වා. ජොවාබෝන් කියන්නේ මහ සාගරේ පෙන්ගුයින් ඈතට ඈතට පීනලා යනකොට එයාගේ දරුවෙක් එයාගෙන් ඈත් උනා වගේ හැඟීමක් දැනුනා කියලා.
ජොවාබෝන් හිතුවේ පෙන්ගුයින් ආයේ කවදාවත් දකින්න ලැබෙන්නේ නෑ කියලාලු. ඔයාලාත් එහෙම හිතන්න ඇති. ඒත් ඒක එහෙම උනේ නෑ. තමාගේ ජීවිතය බේරගත්ත ඒ උතුම් මිනිසා මේ තිරිසන් සතාට කවදාවත් අමතක වෙලා නෑ.ඊට පස්සේ අවුරුද්දේ පෙන්ගුයින් ජොවාබෝන් බලන්න ඇවිත්. ඔහු කියන්නේ ඊට පස්සෙ හැම අවුරුද්දකම පෙන්ගුයින් තාමත් ජොවාබෝන් බලන්න එනවා කියලා. ඔහු විශ්වාස කරන්නේ ඉදිරියටත් මේ පෙන්ගුයින් ඒවි කියලා.
ජොවාබෝන් කියන්නේ සතෙකු වුවත් ඌ ලඟ උතුම් ගති පැවතුම් තියනවා කියලා. ඒ වගේම මේ ලෝකේ හැම කෙනෙක්ම ජීවත් කරවන බැදීමක් ඇති කරවන ආදරය අන්ඥ අවබෝධය මේ සත්වයාට හොඳින් දැනිලා තියනවා කියලා. ඒ කතාවේ සත්‍යක් තියනවා නේද?
මං මේක දැක්කේ ටීවී එකේ විදෙස් පුවත් අතරේ. ඇත්තටම මේ සත්වයා කොයි තරම් උතුම් ගුණ සහිත සත්වයෙක් ද? මිනිසුන්ට උනත් ආදර්ශයක්. අදමිනිසුන් අතර උනත් මේ ගුනධර්ම දකින්න නෑ. ඒ වගේ ලෝකෙක මේ වගේ සිද්ධි ගොඩක් විශේෂයි. 
දරුවන් රැක බලා ගන්නා දෙමව්පියන්ට අද දරුවන් තමන් ප්‍රති උපකාර කරන ආකාර අපි දැකලා තියනවා. බළු කූඩුවල දාලා, කන්නබොන්න නො දී ප්‍රති උපකාර කරන සමාජයක මේ සතුන් අර වගේ මිනිසුන්ටත් වඩා ශිෂ්ඨයි, බුද්ධිමත් කියලයි මම හිතන්නේ. කෙනෙකුට අපි උදව් කරලා අපි ප්‍රති උපකාර බලාපොරොත්තු වෙන්නේ නෑ. එහෙම ප්‍රති උපකාර බලාගෙන උපකාර කරන එක තේරුමකුත් නෑ. ඒත් නියම මිනිස් ගතිය වන්නේ මිනිස්කම් රැකීම ය. සතුන්ටත් මේ වගේ කෙලෙහි ගුණ දක්වන්න පුලුවන්නම් මිනිසුන් විදිහට අපි අපේ යුතුකම් මිනිස් ගුණ ධර්ම අමතක කරන එක මොනතරම් (සරලව) කැතද?



25 comments:

  1. අපි හැමවෙලාවෙම මිනිස්සු නරකයි කිව්වට කිසිම ලාබ ප්රෝය්ජන්යක් නැතුව සද්ද බද්ද නැතුව තව කෙනකුට උදව් උපකාර කරන මිනිසුත් අපි අතර ඉන්නවා මචෝ

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා කියන එකත් ඇත්ත. හොඳ මිනිස්සුත් ඉන්නවා. ඒ හොඳ ඔක්කොම ඉවරයි බහුතරයක් දෙනා කරන නරක වැඩ නිසා.

      Delete
  2. මෙහෙමයි නිර්මාණි..........

    මිනිස්සු සල්ලි පස්සේ දුවන ජාතියක් වෙලා. හැමදේකම ලාභප්‍රෙයා්ජන බලනවා. ඒක ජීවිතයත් එක්ක පටලාගෙන. සල්ලි ජීවිතය කියලා හිතාගෙන ඉන්නවා. මනුස්සකම් නැති වෙලා. ඒකයි ගැටලුව.......

    ReplyDelete
    Replies
    1. ඔයාලාගේ කොමෙන්ට් වලට උත්තර පරක්කු උනාට සමා වෙන්න. මිනිස්සුන්ගේ තියන මිනිස්කම් ඔක්කොම සල්ලි වලට යටවෙලා කුරුටු තියෙන්නේ.......

      Delete
  3. මනුසත්තු කියලා කියන්නේ ඒ නිසයි.

    මේ කතාවට අදාල වීඩියෝ එකකුත් තියනවා. මේ අඩවියේ කමෙන්ට් වලට වීඩියෝ සහ පින්තූර දාන්න පුළුවන් විදිහට හදාගන්න උත්සාහ කරන්න. ඒ සඳහා පහත දැක්වෙන සබැඳුමෙන් ගොස්, උපදෙස් කියවන්න. නමුත් ඒ වෙනස්කම් කිරීමට පෙර, බ්ලොග් අඩවිය බැකප් කරගන්න. එවිට යම් අවුලක් වුනත්, බැකප් එකෙන් යලි නිවැරදි කරගන්න පුළුවන්. මෙන්න සබැඳුම.

    http://helplogger.blogspot.com/2012/03/add-videosimages-in-bloggerblogspot.html

    ReplyDelete
    Replies
    1. .පුදුමයි !!!!!!!!!!!!!!!!!! මොකක් ගැනද ???????????????????

      Delete
    2. වීඩියෝ එක ගැන කියුවාට බොහොම ස්තුතී විචාරක.

      Delete
  4. ඔබගේ අදහසට මම එකග වෙමි. දැන් කාලේ සියල්ලට වඩා උතුම් දෙයක් ලෙස මුදල් පැමිණ තිබෙනවා. මනුස්සකම් යටවී ඒ වෙනුවට මුදල් ආදේශ වෙලා තියනවා.

    ReplyDelete
    Replies
    1. නිහතමානීව ඉන්න මිනිසුන්ට ධනය බලය වගේ දේවල් ලැබුනම වෙනස් වෙනවා. ඒ ලැබුණ ධනය බලය මිනිස්සුන්ගේ යහපතට පාවිච්චි කරනවා නම් කොච්චර හොඳද????

      Delete
  5. Replies
    1. රිවස් කරද්දී තප්පෙක හැප්පිලා නැති වෙලා

      Delete
  6. මාත් මේ කතාව කියෙව්ව කොහෙ හරි තිබිල.
    ඇත්තටම ඇහැට කඳුලක් එන කතාවක්..
    මනුස්සකං මිනිස්සුන්ට වඩා ඉිතිරි වෙලා තියෙන්නෙ සත්තු අතරේ ඒක ගැන විවදයක් නෑ

    ReplyDelete
    Replies
    1. මට මේක බලනකොට හිතුනේ ඊලඟ අවුරුද්දේත් මේ දෙන්නා මේ විදිහටම හම්බවෙන්න ඕනේ කියලා...

      Delete
  7. ඔය වගෙ වඩක් ගස්ලබ්බට උනෙ මෙහෙමයි.ඒ දවස් වල ගස්ලබ්බ රැකියා කරන කාලෙ.පොලොව මට්ටමින් මීටර් පහක් විතර යටට හාරපු වලක් ඇතුලෙ වැඩකට සහයකයො බස්සලා ගස්ලබ්බ හිටියෙ උඩ.එක පාරටම කොහෙන්දෝ ආපු බැල්ලියක් කෑ ගහගෙන වල වටේ යනවා.. මට බුරනවා.. එක කෙලියයි.. බලනකොට අර එක සහයකයෙක් ඒ බැල්ලිට පැටව් හම්බෙන්න ඉන්නකොට කන්න දීල.මෙයාට කරදරයක් වෙලා වලේ වැටිලා කියල මේ බැල්ලි උදව් කරන්නයි මේ කෑ ගහන්නෙ..
    ඔන්න සත්තු..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ගොඩාක් අයට සත්තු නිසා මේ වගේ මොකක් හරි අද්දැකීමක් තියනවා....

      Delete
  8. සත්තු එහෙම තමයි බන්..අපි ලඟට වත් යන්න බය කොටි වලස්සු වගේ උනුත් එහෙමයි..
    මිනිස්සු ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ.

    ReplyDelete
  9. ඕවා සන්සංදනය කරන්න යන්න එපා නිර්මාණි.එහෙම වුනහම පිස්සු හැදෙන්නේ අපිටමයි.තමන්ගේ අතින් වෙන්න තියන දෙයක්නම්, හැකියාව තියනවනම් කරන්න. කිසිම දෙයක් ඒ වෙනුවෙන් බලාපොරොත්තු නොවී.එහෙම වුනහම දුකක් නැතුව නිදාගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කටුසු.... එහෙම නොවුනොත් හිතට හරි අව්ල් තමා....

      Delete
  10. අපි ජීවත් වෙන ලෝකේ මිනිස්සු එක එක විදියයි..ඒ කිසි කෙනෙක්ව අපිට ඕනේ විදියට වෙනස් වෙන්නේ නෑ..මනුස්සකම් එන්න ඕනේ තමන්ගේම හිතින්,හැබැයි ගොඩක් මිනිස්සු මේවා තේරුම් ගන්නකොට කාලය හරි ඉක්මනට ගිහින් ඉවරයි...

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඊට පස්සේ තමයි දන්නේ ප්‍රමාදය පසුතැවිල්ලට මුල කියලා.

      Delete

  11. අපිත් එක්තරා සත්තු ජාතියක් නේ..

    ReplyDelete
    Replies
    1. අමතක කරන්න එපා යාලුවේ,,, සත්ව ලෝකේ බුද්ධිමත් ම සත්වයාලුනේ. නිකන්ම සත්වයෙක් නෙවෙයි.

      Delete
  12. හදවතක් තියෙන හදවතට කතා කරන වැඩක් කරන්න පුළුවන් අය අපි අතර අඩුයි මං හිතන්නෙ :)

    ReplyDelete
    Replies
    1. ඇත්ත යාලුවේ ඒක. එන්න එන්න ඒ වගේ අය අඩු වෙනවා මිස වැඩි වෙන්නෙ නම් නෑ වගේ.

      Delete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.