Sunday, April 24, 2016

අප අතරට පැමිනි දේවතාවිය 1: එක වසරෙන් දවසක්.


උදේම නැගිට්ට. කලින් පෝස්ටුවක කියපු විදිහට පුරුදු දවස පටන් ගත්තා. 7 ට පන්සිල් එහෙම අරගෙන කෑමට ඉඳගත්තා. කන්න පටන්ගත්ත වෙලාවෙ ඉඳලා කිසිම නිදහසක් නෑ. එහෙම කාපං, මෙහෙම කාපං, ඔහොමද කන්නේ, මුන්ට ගෙවල්වලින් මේව කිසිම දෙයක් පුරුදු කරල නෑ. වගේ ඒව කන දෙපැත්තෙන්ම ඇහෙනව. 

“ඒයි මොකද කරන්නෙ කන්නැතුව? කනව ඔක්කොම."

  වගේ ඒව නිතරම ඇහෙනව. බඩගින්න නිසාවත් කන්න ආස නිසාවත් නෙවෙයි බයට ම බත්, පාං නිකංම බඩ ට යනව.

ඔහොම කාල ඉවර උනා කියමුකො. දැන් තව ටිකකින් පන්තිය ට යන්න ඕනෙ. බෙල් එක ගැහුවම ටීචර් එන්නෙ 

“මගෙ ලමයි එන්න"

  කියාගෙන. යන්තං ඇති වගේ කල්පනාවකින් අපි පිනා යනව. ටීචගෙ පස්සෙන් කියව කියව යනව. ඔය අතරේ අපේ දුක් ගැනවිලි ටීචටත් කියනව. 

“හා මං එයාට කියන්නම්කො පැටියො. ඔයා දැං පන්තියට යංකො"

  කියල චාටුවෙන් පන්තියට එක්කං යනව. දවසේ සතුටු ම පැය හතරහමාරක් විතර පටන්ගන්නෙ ඔහොමයි.

ඔය විදිහට පන්තියට යන අපි බොහොම උද්‍යෝගෙන් වැඩ කරනව. මදිපාඩුවට සින්දුවකුත් කියනව. ටීචගේ ආරාධනාවක් නැතුවම මං මගේ ඒ දවස්වල ජනප්‍රිය ම සින්දුව කියනව.


“දෑසේ මල් විලේ
ආෂා රොන් සැලේ"

“මොනවද ලමයො ඔය කියන සින්දු? හා අපි එහෙනම් සින්දුවක් කියමු බලන්න ලමයි."
 
“පුංචි පුංචි තිත් වැටිච්ච පුන්චි මුවෙක් මං
කොල විතරයි කන්නෙ බබෝ අහින්සකයි මං
කාටත් කිසි කරදරයක් කරන්නෙ නෑ මං
අල්ලගන්න එපා බබෝ අම්ම සොයයි මං."
“හා දැන් අපි අකුරු ලියමු නේද ලමයි?" 

“හා ටීච."

  අපි බ්‍රේලට් කියන උපකරනයත් අරගෙන වාඩි වෙලා ටීච කියන විදිහට ලියන්න පටන්ගන්නව. වටේ ඇවිදින ටීච අපි ලියන ඒව බලල වැරදිත් හදවනව. ඔය අතරේ නිවැරදි චර්යාවලට ලමයිව හුරු කරවනව.  ඒ කියන්නේ ඔලුව වැනීම්, ඔලුව නවාගෙන හිඳීම වගේ ඒව ලමය ලඟට ම ගිහින් හුරු කරවනව.

දැන් ඉන්ටවල්. තේ බොන්න යනව. ටීච අපිව නේවාසිකාගාරයෙන් තියල ටීචත් තේ බොන්න යනව. දැන් ආයේ අපේ බැනුම් ඇහීමේ, ගුටි කෑමේ වෙලාව පටන්ගන්නව. ඇඳුමේ කුනු ගාගෙන තිබීම වගේ දේවල් නිසා බොහෝවිට මං ගුටි කනව. ඇයි? කොයි වෙලාවෙ බැලුවත් දඟලගත්ත ගමන් හිටපු නිසා. ඔය අතරේ ටීච ඇවිත් ආයේ අපිව එකතු කරගෙන යනව.

දැන් කතා කියන්න කියල අපි ටීචගෙන් ඉල්ලනව. 

“බෑ බෑ. තව ටිකක් අකුරු ලිව්වොත් මං කතාවක් කියල දෙනව. තව අලුතෙන් සින්දුවකුත් කියල දෙනව."

  “අනේ ටීච උදෙත් ලිව්වෙ." 

“බෑ බෑ ඩාලිං. ටිකක් ලියල කියවල අපි කතා කියමු." 

පැරදිච්ච අපි ආයේ ලියන්න කියවන්න පටන්ගන්නව. ඊලඟට අපේ වාරෙ. දැන් ටීච කතාවක් කියන්නකො. හා දැං අපි කතාවකුයි සින්දුවකුයි ඉගෙනගමු. අමර සල් ගස යට ට ගියපු කතාව ටීච අපිට කියනව. අපි සද්ද වහල අහං ඉන්නව. ඒ මොකෝ ආයෙ මේව වෙන කාගෙන් කියල අහගන්න ද? ගෙදර හිටියනම් ඔය හැටහුටහමාරක් ඉන්නවනෙ. මෙහෙ ඉතිං මේ ටීචගෙන් අහන කතාව විතරනෙ.

හිතේ හැටියට දඟලලා, සෙල්ලම් කරලා, දවසේ සුන්දරම කාලය ඉවර කරන්නෙ පුදුම දුකකින්. ඉස්කෝලෙ ඇරිල එනකොට නිකං එපාකරපු හැඟීමක් මොන හේතුවක් නිසාද මන්දා හැමදාම වගේ මගෙ හිතට දැනුන. මේ හැඟීම වැඩි දවස්වලට මට පන්තියෙ ඉඳල එනකොට ඇඬෙනව. හැමදාම දවල්ට කාල නිදාගන්න වෙලාවක් දෙනව. මේ වෙලාවෙත් මං හිතේ තරමට අඬනව.

රෙස්ටිං ටයිම් එක ඉවර වෙලා මූන හෙම හෝදගෙන ආවහම තේ එකක් ලැබෙනව. ඕක බිව්වම පැය එකහමාරක්, දෙකක් සෙල්ලම් කරන්න පුලුවන්. නැත්නම් සෙල්ලම් බඩුවක් අතින්වත් අල්ලන්න තහනම්. එහෙම උනොත් අම්බානක් කතහැකි.

සෙල්ලම් වෙලාව ඉවර වෙනකොට කෑම ගෙනත්. ඒ කියන්නෙ අපි හවස 5:30 විතර වෙනකොට රෑ කෑම කන්න ඕනෙ. ඔය දවල් රෑ කෑම ගැන තව තව දේ කියන්න තියෙයි. ඒ ගැන ඊලග පෝස්ට් එකෙන් කියන්නම්කො. දැන් අපි කාල හෙම පන්සිල් අරගෙන තමතමන්ගෙ ඇඳන්වලට යන්න ඕනෙ. තමන්ගේ ඇඳේ ඉඳගෙන පැත්තකින් ඇහෙන රේඩියෝවෙ යන වැඩසටහන්වලට කන්දීගෙන ඉන්න ඕනෙ. මෙතනදිනම් අපි ඒතරම් ආසාවෙන් අහපු වැඩසටහන් හැර අනිත් වෙලාවට  පොඩි කයියක් ගහනව. එක එක සෙල්ලම් කරනව. උදාහරනයක් විදිහට සෙල්ලම් ගෙවල් දානව. අම්මල, තාත්තල, සීයල, ආච්චිල, දුවල, පුතාල තමා මේ ගෙදර චරිත.

සෙල්ලම් ගේ ඉවර වෙනකොට නිදාගන්න වෙලාව හරි. ඒ කියන්නෙ අපි රෑ 8 වෙනකොට ඇඳේ නිදියගෙන ඉන්න ඕනෙ.

ඔන්න ඔහොමයි මගේ එකවසරෙ දවසක් ගෙවුනෙ. මීටවඩා වෙනස් දවස් එහෙමත් තිබුන. ඒ ගැනත් ඊලඟ පෝස්ට් එකෙන් කියන්නම්. ඒ විතරක් නෙවෙයි. අර දේවතාවියගෙ කතාවත් තියෙයිනෙ.  එහෙනම් දෙවනි කොටසින් ඒ ටිකත් කියවමු

50 comments:

  1. සැරපරුෂ පාලකයින් සිටි බෝඩිමක් සහ තම කාර්යභාරය හරියට දැනගෙන සිටි ටීචර් කෙනෙක් ගේ කතාවක්.. මගේ හතරේ පන්තියේ බයිලා කියපු සීන් එක මතක් වුනා කසුන් කියපු සිංදුව අහලා.. මගේ දෙවන පෝස්ටුව "1977 මැතිවරණය " බලන්න..

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ සැර කියල වැඩක් නෑ. ඒ තරම් සැර ගති කුඩා දරුවන්ට අමානුෂිකයි කියල මට තවමත් හිතෙන්නේ. ඔබ කියූ පෝස්ට් එකත් බැලුවා.

      Delete
  2. මම රත්මලානේ දෘශ්‍ය,කථන,ශ්‍රව්‍ය, අඩුපාඩු සහිත (නොදකින් මෙතනට සමහර මැට්ටෝ කියන වචනේ කියන්න මම කැමති නැහැ) දරුවන්ගේ පාසලට දෙතුන් වරක් ගිහින් තිබෙනවා පරිත්‍යාග රැගෙන. හරිම ලස්සනයි බලා ඉන්න, එතන වැඩ කෙරෙන හැටි.

    කසුන් ඔයා බ්ලොග් ලිවීම සඳහා පාවිච්චි කරන තාක්ෂණික ක්‍රම අපටත් විස්තර කරලා දෙන්න.

    ReplyDelete
    Replies
    1. විචාරක,
      හෙහ්. ඒ කාලෙ මගෙ මූන මතක නැතෙයි? ඔය හමුදාවෙ අය සැරෙන් සැරේ එනව. මට මතකයි.

      Delete
  3. කෝ........

    ඔයාගෙ සුන්දරම අද්දැකීම ලියල නැනෙ....

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්. ඒව ලිව්වොත් මගෙ රෙදි ගැලවෙනව.

      Delete
    2. ඇ මචං මේ කවුද බං

      Delete
    3. මන්දා මචං මේ තරහකාරයෙක්ද කොහෙද. මේ උං කොහොමද ඒ කාලෙ දන්නෙ. ඒව දන්නෙ මංනෙ.

      Delete
    4. අටං අයියෙ.. අපේ බුද්ධි අංශ සීරුවෙන් නේ ඉන්නෙ.. හැංගි හැංගි වෙස් බැන්දට...

      Delete
  4. රෙදි මක්කෙට්යි බං අපි උබ නොදන්නා එකෙක්යි ලියපං උබගේ අත්දැකීම

    ReplyDelete
    Replies
    1. ගෑණු ළමයි 7 කට හිටපු එකම පිරිමි ළමයා තමයි ඔය... ඉතින් මෙන්ඩා ඔයාට එහෙම උනානම් සුන්දර නැද්ද????
      ඒකට තමයි ඔය රෙදි ගැලවෙනවා කියන්නේ...

      Delete
    2. අම්මටහුඩු !!!
      අතක් පයක් නොකැඩි කසුනා මෙහෙම ඉන්න එක ලොකු දෙයක් !! ඕ යේස්

      Delete
    3. නැතුව නැතුව මචං. වෙලාවට හිච්චි එකා කාලෙ උනේ.

      Delete
    4. හිතාගන්ඩ පුලුවන් කසුන කතා නැතිව 50 ඒව ලග නමන විදිහෙන්ම. ඉන්ඩ ඇති කුක්කු ...කූක් කියාගෙන.

      Delete
    5. හැක හැක. මේ කාලෙ උනානම් එහෙම ඉන්න තිබුන. මොනව කරන්නද කම්මලේ හිච්චි එකා කාලෙ නේ මේව උනේ.

      Delete
  5. කසුනෝ...................

    උඹ කියන්නේ අපේ බ්ලොග් ලෝකයට මැණිකක් මචං...... අපිට අනුව නං ගිය වසරේ විතරක් නෙමෙයි අදටත් මේ බ්ලොග් ලෝකයේ හැබෑම වීරයා උඹයි මචං. බ්ලොග් එක ලියන්න උඹ දරන මහන්සිය අනුව අපි කවුරුත් ඒ ළගින්වත් තියන්න බැහැ මචං.... සම්මාන උළෙලට ඇවිත් උඹ හිස්අතින් ගිය එක තමා අපේ හිත රිදවපු ලොකුම දේ..... අපි කතා කරපු දේවල් තිබුණා. අපි යෝජනා කරපු දේවල් තිබුණා. ඒත් මචං සමහර දේවල් තියෙන්නේ අපිට බලපෑම් කළ හැකි මට්ටමින් ටිකක් දුරින්. ඒ වගේ ම නිර්මාණය විය යුතු හැබෑ අනාගතයක් වෙනුවෙන් සමහර වෙලාවට අපි අපේ අදහස් ටිකක් සැර බාල කරන්න වෙන තැන් ජීවිතේ හම්බෙනවා මචං...... මං හිතන්නේ උඹට මං කියන දේ තේරෙනවා....

    උඹ මේ කියන ජීවිතය ඔස්සේ ගියාට උඹව මනින්න මේ ලෝකය යොදා ගන්නෙත් අපිව මනින මිම්මම තමා. නමුත් උඹ ඒ මිම්මෙන් උනත් ජීවිතේ ජය අරන් ඉවරයි මචං... ඉතින් මීටත් වඩා සම්මාන උඹට අවශ්‍ය නැහැ කියලත් අපිට හිතෙනවා. මොනවා වුණත් උඹේ මේ ධෛර්‍යය තමා උඹෙන් අපි ඉගෙන ගන්නා දේ......

    බලමු මචං වදින්න ඕන තැන් වලට මේක වැදුනොත් ඒකත් ලොකු දෙයක්නේ.......

    ReplyDelete
    Replies
    1. මං මේ ගැන මෙතන කොමෙන්ට් නොකර උඹට මේලක් හරි, කෝලක් හරි දාන්නම්.
      (මේ තුෂාරය කියලයි මං හිතන්නෙ. එහෙම නෙවෙයිනම් තුෂාරගෙන් මගෙ දුක ඉල්ලගෙන පනිවිඩයක් තියහං.)

      Delete
    2. නෑ අපි මේක ගැන කතා කරන්න ඕනේ නැහැ. එතකොට ඒක පුද්ගලික දෙයක් වෙනවා. මේක පොදු දෙයක් කරන්න ඕන නිසයි මෙතැන කිව්වේ...... මචං අපි ගොඩක් දේවල් කතා කරන්න බයයි. එහෙම වෙන්නේ අපිට ආත්මාර්තකාමී කුහකකම් තියෙනවානං විතරයි. ඒත් මචං කියන්න ඕනේ දේ එතැනදී කියන්න ඕනේ...... හැබැයි පොඩි දෙයක් ගැන තර්ක කරලා ලොකු දෙයකට හානියක් කරනවානං ඒක වැරදියි......

      මට දැනෙන විදිහට දැන් මේක තමා ලොකු දේ.... ඒ නිසා මේක ගැන කතා කරාට කමක් නැහැ.

      Delete
    3. හරි මචං. එහෙනම් මං මෙතනම මේ ගැන මගේ අදහස කියනවා.

      මොන විදිහකින් හෝ එදා සම්මාන ලැබුනේ නෑ. ඒ ගැන මට සතුටුයි. එදා අවසාන මොහොතේ හෝ සම්මානයක් ගැන පොඩි හෝ හෝඩුවාවක් ලැබුනනම් මං එන්නේ නෑ. අඩුමතරමේ මං පිටිපස්සට යනකොට හරි ඉස්සරහ ඉඳගන්න කිව්වනම් මට පොඩි හෝ සැකයක් එනවා. එහෙම උනානම් මං මාරු වෙනවා. හේතුව මං යායේ පිපුනු නෙලුම් සුවඳ කියන පෝස්ට් එකේ කියල ඇති. දැති හුලහගෙ කොමෙන්ට් එකයි මගෙ උත්තරෙයි මෙතනින් බලන්න.

      මේ ගැන කට්ටිය කතා උනත් මගේ අදහසක් කිව්වේ නෑ. එහෙම උනොත් ඒ අයගේ හිත රිදේවි කියල හිතපු නිසා.

      Delete
    4. උඹ හරි කසුනෝ............... ඒක නිසා තමා උඹට මෙච්චර ගමනක් යන්නටත් හැකි වෙලා තියෙන්නේ. උඹේ තර්කය ගැන වුණත් තවත් කතා කරන්න හැකියි. ඔය කියන ප්‍රෙව්ශයෙන් වුණත් උඹව අගයන්න තිබුණා. ඒත් ඒ ගැන මෙතැන කතා කරන්න විදිහක් නැහැ. ඒකට තැනක් විවෘත වෙයි කියලා අපි බැලුවා. නමුත් මොන කරුමයකට ද මන්දා ඒක බලෙන් වත් ඇති කරවන්න හැකි වුණේ නැහැ. ඒ නිසා නෙලුම්යායෙන් පස්සේ සිද්ධ වුණේ ආතල් ගැන තලුමැරීමක් පමණයි.

      මෙහෙම දේකුත් තියෙනවා මචං. බ්ලොග් කියන්නේ සම්මාන විතරක් නෙමෙයි. ඊටත් වඩා ගොඩක් දේවල්.. ඒ නිසා මේ සාකච්ඡාව එක විදිහක මෝඩ කතාවක් තමයි. හැබැයි බ්ලොග් ලියැවිල්ල පටන් ගත්තු දා ඉදලා අපිටත් දැනුණ දෙයක් තමා කමෙන්ට්ස්, හිට්ස්, අගය කිරීම්, ඉතා සාර්ථක සංවාදයන් වගේ ම මෑතක සිට සම්මාන කියන්නේ බ්ලොග් ලියන්නෙක්ට උත්තේජනයන්..... ඒක අපි කවුරුත් දන්න ඇත්ත....

      අපි මෙහෙම කරමු.. මේ සංවාදය ප්‍රශ්ණාර්ථයක් තියලා ඉවර කරමු මචං. සමහර දේවල් කතා කිරීම හොදලු.... තවත් සමහර දේවල් කතා නොකිරීම හොදලු.... අපි මෙහෙම කරපු සමහර දේවල් බාගෙට කතා කරලා ප්‍රශ්ණාර්ථයක් එක්ක නැවැත්වීම හොදයි කියලා හිත හදාගමු........ (මොකද මේක උඹේ බ්ලොගය)

      Delete
  6. උඹලගේ ටීචර්ට බොක්කෙන්ම රෙෂ්පට් එක !!!

    වන සිව්පාවුන් - වැනි මිනිසුන් මැද
    දෙවි දේවතාවුන් - වැනි මිනිසුන් ඇත …

    ReplyDelete
    Replies
    1. නැතුව මචං. අදටත් ටීච හම්බුනහම මට හිතෙන්නෙ මං අර දඟල දඟල ටීචගෙ පන්තියෙ හිටපු පොඩි එකා කියලමයි. ටීචත් එහෙමයි. තාමත් අපිට හරිම ආදරෙයි. හම්බුනහම එකක් ගහල “හප්පේ මේ ඒ කාලෙ කොහොම හිටපු කොල්ලොද“ කියල ඉතිං එතනින් පස්සෙ මගෙ පොඩි කාලෙ ගැන අහ ගත හැකි.

      Delete
  7. කසුනා උඹට අමාරු නැත්තං චේදවලින් එලියට අරං දෙබස් ලියහං

    ReplyDelete
  8. ටීචර් හරිම හොඳ පාටයි. චාටුවෙන් වුණත් කමක්නෑ ඔක්කොම වැඩ ටික සමබරව කරල. මං විස්වාස කරන්නෙත් ගුරුවරු එහෙම විය යුතුයි කියල. දැන් බොහෝ දෙනෙක් ඒම නෑ. කසුන් වාසනාවන්තයි, ඔබ අද ඔහොම ලියන්නෙත් ඇය නිසා වෙන්නත් පුළුවනි. අපේ foundation එක වැටෙන්නෙ ඇත්තටම පාසල් කාලෙත් මුල්ම අවධියෙ තමයි කියල මට හිතෙන්නෙ. ඉක්මණට ඉතුරුටික දාන්ටකො.
    ජයවේවා...

    ReplyDelete
    Replies
    1. මේ ඇත්තමයි ලේ. මගෙ සාර්තකත්වයේ පස්සෙ ඉන්නෙ ඇය කියල මට හිතුනු වාර බොහොමයක් තියෙයි. ඒ ගැන තව පෝස්ට් ගානක් ලියන්න පුලුවන්. මං ඊලඟ පෝස්ට් එකෙන් පස්සෙ ටිකක් ෆන් අද්දැකීම් ලියන්නයි හිතං ඉන්නෙ. එන්නකො බලන්න.

      Delete
  9. කසුන්ට එක වසරෙ වෙච්ච දේවලුත් හොඳට මතකයිනේ. මට නම් ඕ ලෙවල් කාලෙ වෙච්ච දේවල් වත් මතක නෑ ඔන්න..

    ටීචර් කෙනෙක්ට තමයි ප්‍රධාන වගකීම තියෙන්නෙ ළමයෙක්ව හැඩගස්වන විදියෙ. දෙමව්පියන්ට තියෙන වගකීමට විතරයි ඕක දෙවනි වෙන්නෙ. ඉතින් හොඳ ගුරුවරයෙක්ගෙ තියෙන වගකීම කියල නිම කරන්න බැහැ.. :)

    තව ලියවෙයි නේද මේ ගැන ඉස්සරහට!

    ReplyDelete
    Replies
    1. මට එක වසරට කලින් ඒවත් මතකයි සිතූ. අව්රුදු දෙකේ තුනේ කාලෙ සමහර සිද්දිත් මතකයි.

      ඇත්ත ඔය විදිහෙ ටීච කෙනෙක් හම්බුනේ නැත්නම් විනාසයි. තමන්ගේ වැඩේ 100% හරියට ම කරපු ගුරු මාතාවක්.

      Delete
  10. මේක කියවද්දී හරි ආස හිතුන.තවත් කොටස් තියනවා නේ එහෙනම් කසුන් කරපු වැඩ එහෙම අහගන්න පුළුවන්. කෝ මේ නිර්මාණි ....නිර්මාණි , කසුන් කීවෙ නැතොත් ඔයා කියන්න හොඳේ ..හික්ස් .. ඊයෙ අපි ඇහුව කෝ කසුන් නිර්මාණි කියල.කොහෙද කසුන් නිර්මාණි කිව්වා ගමන් හිනාවෙනවා බොහොම අමාරුවෙන් තමා විස්තර අහගත්තෙ :D

    ReplyDelete
    Replies
    1. හෙහ් ඔය නිර්මානි දන්නෙ මගෙ 11 වසරෙන් පස්සෙ ඒව තමා. ඊට කලින් ඒව ගැන මගෙන්ම විතරයි. අපි එහෙමයි ඕන දේකට හිනා වෙනවා.

      Delete
    2. අපි රජ කාලෙ ගැන දන්නේ ඒ කාල හිටියද නැද්ද කියලවත් නො දැනනේ... දැන ගන්න එක එක ක්‍රම තියනවා.. ඉතින් ඔය අවුරුදු ගාන මොකක්ද??

      Delete
  11. සොඳුරු සටහනක් . හදවතට තදින් දැනුණා . ඊලඟ කොටස කියවන්න නොඉවසිල්ලෙන්!

    ReplyDelete
    Replies
    1. ස්තූතී. ඉතුරු ටිකත් කියවන්න.

      Delete
  12. මං මේකෙ ටයිට්ල් එක දැකපු ගමන් දාන කමෙන්ට් එක හිතාගෙනමයි ආවෙ...

    මට එක වසරෙදි හිටියෙ අපායෙන් ආපු යක්ෂණියක්.... ඔව් හලෝ... ඉස්කෝලෙ පළවෙනි දවසේ අනිත් එවුන් අම්ම නෑ කිය කිය අඬ අඬ ඉන්නකොට මං පන්තියෙ පිටිපස්සට වෙලා බජව්වක් දාගෙන හිටිය කියල මේ ගෑණි මාව දණගස්සල තිබ්බනෙ... ( මට මතක නෑ කියපු සින්දුව මොකද්ද කියල.. මොන්ටිසෝරියෙ උගන්නපු එකක් වෙන්නැති.. නැත්තං මඩේ ලඟින තාරාවුන් වෙන්නැති.. ඒ දවස්වල මගේ ෆේවරිට් ඒක තමයි..) ගෙදර ගිය ගමන් යුද්ධ ප්‍රකාශ කළා මං ආයි යන්නෙ නෑ ඉස්කෝලෙ කියල... අපෙ අම්ම හොල්මන් වෙලා... උදේ අගේට ඉස්කෝලෙ ගිය එකා ගෙදර එනකොට ඔපීනියන් එක සම්පූර්ණයෙන් කණපිට හරෝගෙනනෙ... හි හි... ඔය තුවාලෙ හින්දම මගේ පළවෙනි අවුරුද්දම මෙලෝ රහක් නැති උනා...

    ReplyDelete
    Replies
    1. ටීචර්ල නිසා ඒ වෙලාව සතුටින් හිටිය. මට හොස්ටල් එක තමා එපාමකරපු තැන. හිරුටත් තියෙන්නෙ හොඳ අද්දැකීම්නෙ.

      Delete
  13. ඔය වගේ ගුරුතුමියක් මට නම් කවමදාවත් මුණගැහිලා නෑ. ඒවගේ මුණගැහුණන් අද මම ඉන්නේ මෙතන නෙවෙයි
    පළමු වතාවට අහසෙන් ආවේ. අපි පොළවෙන් අහසට එනකොට කසුන් නම් අහසේම රැඳිලා ඉන්නවා වගේ.. විශිෂ්ටයි

    ReplyDelete
    Replies
    1. වෙල්කම් බැක් කිව්වා රොටියෝ.

      ඇත්ත මේ කාලෙ ඔය වගේ ටීචර් කෙනෙක් හම්බුනානම් ආයේ කියල වැඩක් නෑ. ඒ නැතත් වෙන ක්‍රමේකට හරි මේ දැනුම, ආදරය වගේ දේවල් ගන්න පුලුවන්. නේද?

      Delete
  14. හොරට උඩින් උඩින් කියගෙන ගිහින් නේද ... සමහර දේවල් ගැන තව විස්තර කිව්ව නම් හොඳයි කියලයි මට හිතුනේ...

    මොන්ටිසෝරියේ, එක වසරේ ටීච ගෙන් ගොඩක් වෙලාවට ළමයි ඉගෙන ගන්න දේට වඩා අම්මා කෙනෙකුගේ වගේ ආදරයකුයි බලාපොරොත්තු වෙන්නේ.. දැනුන විදිහට නම් කසුන්ටත් හොඳ ටීච කෙනෙක් ඉඳලා වගේ... :)

    ReplyDelete
    Replies
    1. තුෂානි කියන්නෙ මොනවගේ දේවල් ගැනද තව කියන්න ඕනෙ? අපේ එක වසරෙ ටීචර් ගැනනම් ආයෙ කියල වැඩක් නෑ.

      Delete
    2. කන්න ලැබුනු කෑම ගැන , ටීචගේ රූපෙ ගැන නේවාසිකාගාරේ ඉන්න සැරම සැර එක්කෙනාගේ රූපෙ ගැන, අනිත් යාළුවො ගැන වගේ විස්තර තව ටිකක් ලිව්වා නම් හොඳයි කියලා හිතුනා...

      මොකද මම මේ පොස්ට් එක කියවනකොට හිතේ ඇඳ ගත්ත චිත්‍රෙ ඒ තැන් හරියටම ඇඳ ගන්න බැරි වුනා..

      Delete
  15. ටීචර්ට වගේම හොස්ටල් එකේ එවුන්ටත් පිං දීපන් තියාගෙන හිටිය එකට , මොකෝ උඹ කියල එසේ මෙසේ පුතයෙක් නෙමේනෙ . හෙක්..
    පුංච් කාලෙ සමහර ටීචර්ල විතරයි සුරංගනාවියො වගෙ මතක. 5 වසරෙදි තරම් ගුටි දෙන ටීචර්ල දෙන්නෙක් කවදාවත් ඉදල නෑ. හැබැයි අත් අකුරුයි, චක්කරෙයි , පිරිසිදු කමයි හැදුවෙ ඒ දෙන්න තමයි. තාමත් අතේ නියපොත්තක් වැවෙනකොට කපනව , සපත්තු දෙක පොලිෂ් කරනව

    ReplyDelete
    Replies
    1. //ටීචර්ට වගේම හොස්ටල් එකේ එවුන්ටත් පිං දීපන් තියාගෙන හිටිය එකට , මොකෝ උඹ කියල එසේ මෙසේ පුතයෙක් නෙමේනෙ// හැක්. නැතුව නැතුව. ඒ ගැන මොකට කියනව ද? ඔය නියපොතු වැඩේනම් අපෙත් තිබුන. හැමදාම උදේට ටයිඩි බලනව. නියපොතු වවාගෙන හිටියොත් ඇඟිලි ටිකට අඩි රූලෙන් වදිනව. එහෙම නැතුව මුංව හදන්න බෑ අප්ප.

      Delete
  16. ///////ඉස්කෝලෙ ඇරිල එනකොට නිකං එපාකරපු හැඟීමක් මොන හේතුවක් නිසාද මන්දා හැමදාම වගේ මගෙ හිතට දැනුන. මේ හැඟීම වැඩි දවස්වලට මට පන්තියෙ ඉඳල එනකොට ඇඬෙනව. හැමදාම දවල්ට කාල නිදාගන්න වෙලාවක් දෙනව. මේ වෙලාවෙත් මං හිතේ තරමට අඬනව.////////////////

    මමත් පාසල් කාලයෙන් අඩකටත් වඩා ගෙදරින් පිටව හැදුනු කෙනෙක්. මට මේ හැඟීම තාමත් මතකයට එනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් අරූ අයියෙ. ඒක හැමදාම දැනෙන හැඟීමක්. මේ ලියන වෙලාවෙත් මට ඒ කාලෙ මැවෙනව.

      Delete
  17. ආ... නියමයි.. උඹ ආයෙ ඉස්කෝල කතා ලියන්න පටන් අරන්.ආතල් කතාද දුක් සීන්ද කියන එකෙන් වැඩක් නෑ උඹට දැනෙන දේවල් ලියපන් මචං.. මොකද පොඩි දේටත් හොටේ එල්ලගන්න එවුන්ට ජීවිතේ මෙහෙම දේවලුත් තියෙනවා කියල පෙනෙන්න.උඹවගේ ගේම නං ගේමට ඉන්න කොල්ලෙක් ලියන්නැතුව ඔය අත්දැකීම් වෙන කවුරු ලියන්නෙයි බං?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. තවම පොඩි කාලෙනෙ බං. ඒ කාලෙ වැඩිපුර ම තිබුනෙ දුක් සීන් තමා.

      ගේමට හිටපු සිද්දිත් තියෙයි. හිටහංකො ලියන්න.

      Delete
  18. කසුන්ගේ කතා එක දිගට කියවන ලද නමුත් ෆෝන් එකේ සිංහල නැති නිසා අදහස් දැක්වීමක් කරන්නට බැරි වීම ගැන ඇත්තේ කණගාටුවකි. අපේ ජීවිත තුල දෙවි දේවතා ලෙසින් ආශිර්වාදයක් ලෙස අප වෙත පැමිණෙන්නෝ සදහටම ජිවිතය වෙනස් කර යති. මා කසුන්ගේ ලියැවීම් තුලින් දකින්නේ ධෛර්‍යය යි, උපේක්ෂාව යි ඔබ වෙත උරුම වෙන්නට මෙවැනි උත්තම චරිත වෙතින් ලැබුනු මග පෙන්වීම විශාල යැයි සිතේ. මේ ලිවිම් අගෙයි කසුන් ... දිගටම ලියන්න ඔබට ශක්තිය ලැබේවා !

    ReplyDelete
  19. Kasun you are an inspiration !

    ReplyDelete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.