පිය සෙනෙහස ට කව් ගී ලියවුනා මදී කියන කාලයක, ප්‍රේමයේ
විරහවේ අඳෝනාවන් අහන්නට ලැබෙන කාලයක මේ වගේ ගීතයක් හෝ අහන්න ලැබෙනවානම් හොදයි නේද?
මේ හඳුන්වා දෙන්න යන ගීතයටත් මම හරි ආදරය කරනවා. ඒ වෙන
කිසිම හේතුවක් නිසා නෙවෙයි. පද වැල,(සරල) සංගීතය, ගායනය යන තුනම මනාව ගැලපෙන නිසා.
අනික මෙහි ගායකයා, පද රචකයා මගේ හොඳ මිතුරන් වන නිසා.
මේ ගීතයත් මං කලින් ඔබට විස්තර කියා ඇති විකසිත සිත්
කියන ගී තැටියේම එන එක් ගීතයක්. මෙහි රචකයාව කුඩා කල සිට ම ආදරයෙන් රැක බලා ගන්නෙ
පියා සමග වැඩිමල් සොහොයුරියො දෙන්නා. ඒ ආදරය අප්‍රමානව ඔහු විඳගන්නවා. ඒ නිසාම මේ
අය තම පව්ලටත් පෙරලා ඒ වගේම සෙනෙහසක් දක්වනවා. තම මවගේ අකල් වියෝවෙන් පසු දරුවන් ව
තම පනසේ රැක බලා ගනිමින් තම බාල පුතු ගුරුවරයෙකු ලෙස තම සේවාව අරඹන තුරු, තම පුතු,
දියනියන්ගේ දූ පුතුන් ද දැක බලාගෙන සතුටින් මිය යන්නට වාසනාවන්ත වූ පියෙකු වෙත
පිදුනු පිය ගුන උපහාරයකි මේ ගීතය.
ගායකයා ද තම පියාට සහ මවට මෙන්ම පව්ලේ සියලු දෙනාට
අසීමිතව ආදරය කරන අයෙකු නිසාත්, ඔහු ද පියෙකු වන නිසාත් මේ ගීතය මේ විදිහට ගැයෙන්න
ඇති කියල මට වගේම ඔයාලටත් හිතෙයි.
සරත් කුමාර මඩුගස්වත්ත ලියා අෂෝක වීරවර්දන ගයන මේ ගීතයේ
සංගීත හැඩතල එකතු කලේ ඩැනිස්ටර් පෙරේරා කියන සංගීත වේදියා විසිනුයි. දැන් අටුවා
ටීකා ටිප්පනි තියල මේ ගීතය අහන්න. හොඳින් අහන්න. මට වගේම ඔයාලටත් මේ ගීතයේ ප්‍රවීන
බව දැනේවි.
සිරිමහ බෝ පත් මුමුනන නාදය
ඔබගේ කටහඬ අප්පච්චී
මහ දාගැබ් කොත් ඈත පෙනෙන ලෙස
නුඹ පෙනුනා මා අප්පච්චී
තිසා වැවේ නිල් දියවර පීරා
සිහිල ගෙනාවේ අප්පච්චී
විහාරයේ බෝ මලුවෙන් පිස එන
සුවඳ වගේ
මා අප්පච්චී
සිරිමහ බෝ පත්//
හිමිදිරියේ සුබ දවස රැගෙන එන
ලා හිරු මඬලයි අප්පච්චී
නිවනට යන දා මට අඬගහපන්
පුතේ කියා මා අප්පච්චී
සිරිමහ බෝ පත්//
ප.ලි.
මේ සංයුක්ත තැටිය දොරට වැඩි දවසේ ගැයුනු ගීතයේ වීඩියෝවකි.
හරිම සංවේදී ගීතයක්
ReplyDeleteස්තූතී ඉයන්!
Deleteලස්සන පදමාලාවක් එක්ක සංවේදි සිංදුවක්
ReplyDeleteමමත් බොහොම ආස සින්දුවක්.
Deleteගීතය අගෙයි මචෝ...
ReplyDeleteඅන්දර යායේ මතක් උනා..
ජ ය වේ වා !!
හරිනෙ විදානයෝ. මටත් අන්දර යායේ මතක් වෙනවා. මේක අහපු කීපදෙනෙක්ම එහෙම කිව්වා. ඒකට හේතුව මේ ගායකය ට දිව්ල්ගනේගෙ හඬ එන නිසා ද දන්නෙ නෑ. එච්.එම්. ජයවර්දනගෙ සංගීතය ට ටිකක් ලඟින් යන තනුවක්.
Deleteජීවිතයේ කවමදාවත් අත් නොහැරෙන සෙනෙහස....සිංදුව පට්ට....
ReplyDeleteඔව් කටුසු. අපි හැමෝටම අත නොහැරෙන සෙනෙහසක්.
Deleteහැමදෙයක්ම සමබර වෙන්න හැදිච්ච ගීතයක්. සංගීතය, පදමාලාව, ගායනාව, අන්තර්ගතය සියල්ලම එකිනෙකා සමවෙමින් තියෙන ගීතයක් කියලයි මට දැනෙන්නෙ..
ReplyDeleteඑහෙම හිතල ම තමා දැම්මෙ. හොඳයිනෙහ්?
Deleteපියා මිය ගිය පසු මේ වගේ සංවේදී දේවල් තව තවත් සංවේදීව දැනෙනවා.
ReplyDeleteදැනට ඔහුගේ පියා මියගොස් උවත් මේ ගීතය ලියන කාලේ ඔහු ජීවත් ව සිටියා. ඔහු මේ ගීත අහන්න ඇති.
Deleteපිය සෙනෙහස ගැඹුරින්ම අවබෝධ කරගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මේ ගීය හඳුන්වන්න පුළුවන්.
ReplyDeleteඑහෙමයි තුමනි!
Deleteසුන්දර පදවැලක්.. කසාය පරාදයි වරදෙදි සැර ඔබේ.. වගේ බාල පෙලේ ගීත ඇහෙන කාලෙක මේ ව්‍යායාමය ලොකු දෙයක්..
ReplyDeleteහිමාලෙට වඩා උසයි
Deleteසෙනෙහස පපු කඳේ..
කසාය පරාදයි වරදෙදි සැර ඔබේ..
ඇහැ ගහගෙන සිටී සමාජෙ ගැන කියයි..
හොද මිනිහෙක් වෙයන් නිතරම මට කියූ..
ආදර මගෙ තාත්තේ...////
දරදඬු හිත මගේ - අයාලෙ ගිය දිනේ..
කඳුලැල් මොනතරම් - පිරුනද ඔය නෙතේ..
ඒ ඔවදන් මා සුමඟට - ගෙන මිස නෑ හැර ගියේ..
අද මා සිටිනා තැන දැක - සතුටින් අවවාද දේ..
හොද මිනිහෙක් වෙයන් - නිතරම මට කියූ..
මතු සසරෙත් පතන්නෙ - ඔබමයි තාත්තේ
කරදර ආ මගේ - නොබියව ලඟ හිදී..
දියුණුව දැක මගේ - ආශිර්වාද දේ..
නොදකින දෙවියන් වැන්දද - ඔබමයි දෙවියන් වුනේ..
උපදින හැම භවයකදිම - වෙන්නද මම පුතු ඔබේ..
හොද මිනිහෙක් වෙයන් - නිතරම මට කියූ..
මතු සසරෙත් පතන්නෙ - ඔබමයි තාත්තේ..
………………………………………………………
මට දැනෙන හැටියට නම් මේක බාල පෙලේ ගීතයක් නෙමෙයි...
මාත් ආස සිංදුවක්.
DeleteThis comment has been removed by the author.
Deleteවැසි.. මේකත් මගේ ආසම සින්දුවක්. මටනම් හිතටම වදිනවා..
Deleteගායනය : ජූඩ් රෝගන්ස්
Deleteපද රචනය : ඩිලාන් ගමගේ
සංගීතය : අශාන් ප්‍රනාන්දු
මටත් මේ ගීතයේ පද මාලවේ බාල බවක් දැනෙන්නේ නැ ..පිය සෙහෙහස කොහොම කිව්වත් එය පිය සෙනෙහසම තමයි ..එහෙම නම් ජිප්සිස්ලාගේ තත්තා මට ඇනපු ටොක්ක කියන එක ....
ඇය එසේ කියන්නට ඇත්තේ සමහර විට එහි බාවිතා කරන සංගීත බාන්ඩ නිසා වෙන්ට ඇති. එහි ඇත්තේ පරිගනක ආශ්‍රයෙන් කල සංකලනයක්. මෙය එවැන්නක් නොවේ. මමත් ඒ ගීතයේ සරල බවට ආසා කරනවා. ද්‍රවිඩ ගී තනුවක් යොදාගෙන කල ගීතයක් නිසා ඒ තනුවට ගැලපෙන්න වචන දාන්නත් එපායැ නේද?
Deleteඑකිනෙකා ගීත විඳින විදිය වෙනස්... මට හොඳ දෙය ඔබට නරක වෙන්න පුළුවන්.මට නරක දෙය ඔබට හොඳ වෙන්න පුළුවන්.ලෝකය භින්නරුචිකයි නෙව..))
Deleteපුද්ගලික ව මං මේ ගීය ප්‍රිය කරන්නෙ නැහැ.එකක් තමා කසාය කියන්නෙ සැර දෙයක් නෙමේ.තිත්ත දෙයක්.කසාය සැරයි කියන පදයත්,පපු කඳ වගේ වචනත් නිසා ගීතයේ මිහිරි බවට බාධාවක් වුණා කියලා හිතෙන්නෙ.අනිත් අතට මට හිත යටින් මේ වගේ ගීතයක්, //දොලේ දියයි මට කෙතේ නිලයි ගහ වැලේ මලයි මට අප්පච්චී// වගේ ගීයක පදරචනයත් එක්ක සංසංන්දනය වෙනවා.තවත් හේතුවක් තමයි මේ පදවල තියෙන වාර්තාමය ස්වරූපය.දොලේ දියට, කෙතේ නිලට තාත්තා සමාන කිරීමෙන් කියන්නේ මහා විශාල කතාවක්.. ගීයකින් ඇති වෙන්න ඕන චමත්කාරය ඔය ගීයෙන් ඇති වෙන්නෙ නෑ කියා හිතුණ නිසයි ඒක නිදසුනට ගත්තේ..
නමුත් මං හදවතින් ම පිළිගන්නවා තව කෙනෙක්ට ඒක මිහිරි ගීයක් වෙන්න පුළුවන්.ලෝකය භින්නරුචික නොවුණා නම් අපිට ජීවත් වෙන්නත් හරි අසීරු වෙන්න තිබුණා..))
කසුනා.................
ReplyDeleteහරිම ලස්සන පද වැලක්... ලස්සන සින්දුවක්...... වැඩේ ගැනත් විස්තර දන්නවානං කියන්න..ජයවේවා
තැංකියු වේවා කුරුටු.
Deleteඑල ද බ්‍ර
ReplyDeleteඔව් බ්‍රා..
Deleteදුවෙකුගෙ පලවෙනි ආදරය තාත්ත..හිතට දැනෙන සින්දුවක්.
ReplyDeleteහා ගෙම්බි මෙහෙ ආපු එකට ස්තූතී. සාදරයෙන් පිලිගන්නවා! ඔයා ඉතින් දුවෙක් නිසා ඒක හොඳටම දන්නවා, දැනෙනවා ඇති.
Deleteඒයි සිංදු ඇනෝ.....
ReplyDeleteමේකෙ එම්පීත්‍රී එකක් හොයල දියෝ....
කසුනා උඹට එව්වම මටත් එවපන් මචෝ ...
Deleteමේක කොහොම හරි අහන්න ඕනෙ. අපට යූටියුබ් බලන්න දෙන්නෑ අපේ ඇඩ්මින්.
ReplyDeleteහරි සින්දු වො පුලුවන්නම් මේකෙ ඔර්ජිනල් mp3 එක මූට හොයා දියෝ.
Deleteමොනව ද ඔට්ටු බෑ.
(ඩ්‍රැකියට රහසින්) හිටහං මං උඹට එවන්න.
මටත් එවපන් කසුනෝ ....හැක්
Deleteහරි අද එවනවා.
Deleteහරිම ලස්සන ගීතයක්... කාලෙකින් තමයි මේ වගේ ගීත අහන්න ලැබෙන්නේ..
ReplyDeleteඒකනෙ මචං.
Deleteලස්සනයි කසුන්.. හිතට හීනියට දැනෙන අපූරු ගතියක් තියෙයි..
ReplyDeleteස්තූතී, ස්තූතී.
Deleteලස්සන පද පෙලක්.. සංවේදී ගීතයක්
ReplyDeleteතැංකිව් බොක්කෝ !!!
ඒක තමා මල්ලියේ. තෑංක්යූ අහල බැලුවට.
Deleteමෝටාර්.. මේක මට මිස් වෙලා තිබ්බෙ... රෝලේ එල්ලන්නම්..
ReplyDeleteහප්පටසිරි මෙන්න සජ්ජත් ඇවිත්. සාදරයෙන් පිලි ගන්නවා. දාගං, දාගං. ආයේ නොගැලවෙන්න දාහං.
Deleteලස්සනයි කසුනෝ.. අම්මපා...
ReplyDeleteස්තූති කැමරාවෝ.
Deleteඑළ මචං. මේ වගේ සිංදු ලස්සන වෙන්නේ ගොඩ වෙලාවට බොක්කෙන්ම කියන නිසා වෙන්න ඕනේ...
ReplyDeleteතාත්තල ගැන කියවෙන මම ආසම සිංදුවක් තමයි කසුන් කල්හාරගේ "සියක් උල්පත් මවා දී නිසලවම හිඳිනා... නමක් නැති මහ කන්ද, ඔබ... අප්පච්චි..." සිංදුව...
ඒ සින්දුවත් මම බොහොම ආසා සින්දුවක්.
DeleteSupiri..
ReplyDeleteසිංහල ට මොකද උනේ? thanks.
Deleteපහු ගිය ටිකේ ගමනේ යා.. පෝන් එකෙන් තමයි ලොග් වුනේ.. නෝ සිංහල දෙයාර්.. :)
Deleteඇත්තටම ලස්සන නිර්මානයක් ..
ReplyDeleteපිස්සු විකාර වෙච්ච සින්දු වගේ රචනා ඇහෙන මේ කාලේ වේ වගේ සින්දුවක් ඇහෙන කොටත් ලොකු සැනසීමක් දැනෙනවා...
තැනක් යූ , මේ වගේ දෙයක් අපිට ගෙනාවට...
ආවට සින්දු ඇහුවට බොහොම ස්තුති විබියෝ.
Deleteතවත් අලුත් පියගුණ ගීතයක් අපිට දායාද කල උඹලා හැමෝටම ස්තුතියි මචෝ ....
ReplyDelete"හිමිදිරියේ සුබ දවස රැගෙන එන
ලා හිරු මඬලයි අප්පච්චී
නිවනට යන දා මට අඬගහපන්
පුතේ කියා මා අප්පච්චී"
මේකෙ MP3 එක එවන්නම්. තැංක්‍යූ සින්දුවෝ.
Deleteබොහොම ලස්සනයි. අහල තිබ්බේ නැහැ.
ReplyDeleteඅද නම් සිංදුව ඇහුව. ලස්සනයි :)
ReplyDeleteමමත් ආවා බලල යන්ට.
ReplyDeleteපිය සෙනෙහස තේරුම් යන්නෙ පියෙක් වගේ හිතුවොත් විතරද මන්දා..
ReplyDeleteජයවේවා..!!
වචන ටිකනං මරු තාම සිංදුව ඇහුවේ නෑ නිදහසේ අහන්ට ඕනා (තිතක්)
ReplyDeleteජයෙන් ජය