Tuesday, May 31, 2016

එදා පෙම් කළ ලෙසට වෛර කරමි අද ඔබට




සොඳුරු වීය මට නුඹ,
මිහිරි වීය මට නුඹ,
සැනසුම වූයේ ද මට නුඹ,
 ජීවිතයට ජීවය පෙව්වේ ද නුඹය

ලොවම එරෙහි වන විට
නුඹේ ආගමනයට
 මා නතර විය නුඹ ලඟ
වැලඳ ගත්තෙමි මම නුඹ
හදවතින්ම
හදේ පැණ නගින
දුක සතුට වෙන වෙනම
ඒ හැම මොහොතකම
නුඹයි මා ‍ලඟ උන්න

නුඹ දකින විට
ආශාවෙන් පිරේ හද
පොපියන දෙතොල මත
නතර විය නුඹෙ සුවය
නිව්වාය දැවෙනා මා ගත,
නැතිව බැරි විය නුඹ මට
නුඹ මගේ තුරුල්ලේමය
එහෙත්
මොහොතින් මොහොත
දිනෙන් දින
නුඹ සොරා ගති මගේ ජීවය

සිත මලානික වේය
කය දිරාපත් වේය
මියෙදෙමින් සිටී මම
ඇයිද මට කළේ මෙලෙස

 එදා පෙම් කළ ලෙසට
වෛර කරමි
මම
අද ඔබට

39 comments:

  1. දිරාපත් වන බව දැනම
    විෂ බවත් දැන දැනම
    මත් බවින් පොහොසත්ව
    තුරුලු කර ගත්තේ කිම්ද ?

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ... සිගරට්ටුව පැත්තෙන් ලියුව එක්ක ලියුව.. ඒක මේකට සමානයි...

      ස්තුතී...

      Delete
  2. පවු ජෝන් තාමත් සිගරට් බොනව. හැක්..

    නියමයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ පව් අයියෝ...
      ස්තුතී ප්‍රසන්න...

      Delete
  3. අදාළ නෑනේ.......... අදාළ නෑනේ................

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි නේ.... අහන්නත් සතුටුයිනේ...

      Delete
  4. නොදෝකිං මමත් ඕකිව ආස්සරේ කොරා 1979 ඉඳලා 1994 වෙනකල්. නිකං නෙවෙයි දවසකට 42 වතාවක්. එකපාරටම එපාවුනා. අත්හැරියා ජීවිතේටම එපා කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින්.. ආමි එකට නිකන් දුන්න නේද? පස්සෙ කෝටා එකක් වගේ ?

      Delete
    2. අම්මෝ අවුරුදු 15 ක්, දවසට 42 ගානේ... සතුටුයි... ගොඩක් හොඳයි.. ඒ විදිහට තාම පාවිච්චි කළානම්???

      Delete
    3. අෆරාදෙ බන්ඩලයක්ම ආරන් ගෙවල් පැත්තෙ එන්ඩ හිටියෙ....

      Delete
    4. @ ලබ්ස්. අපොයි ඔව්. සෙබලියන්ටත් ලැබුණා. සමහර සෙබලියන් දුම්බොන්න පුරුදුවුනා කියලත් කියනවා. සමහර සෙබලියන් ඒවා වික්කා, පෙම්වතාට, තාත්තාට, සහෝදරයන්ට දුන්නා,

      @ නිර්මාණි. නෑ නෑ නිර්මානී පටන්ගත්ත කාලේ දවසකට දෙක තුනක්. අවුරුදු දහයක් වගේ ගියාට පස්සේ තමයි 42 වුනේ.

      @ රසික. හැක්. බණ්ඩලේම කරගහගෙන උඹට ආපහු යන්ඩ වෙනවා.

      Delete
    5. ආමි එකේ අක්කලාට මං හරි කැමති... මං චූටි කාලේ ඉදලා හරි කැමති.. අන්තිමට මට ඒ අයව ලඟින් ආශ්‍රය කරන්න ලැබුනා..

      මේකට අදාල නැතත් විචාරක සෙබලියෝ මතක් කළ නිසා ඒක මතක් උනා....

      කොහොම හරි දැන් විචාරකට එපා වෙලා ඉවරයිනේ... ඒක ලොකු දෙයක්...

      Delete
  5. පොටෝ කෑල්ල අමුණන්න තිබ්බෙ අන්තිමේට... කැරකිල යන්න. හැක්... අනේ අපිනං නෑ ඔන්න ඕවට

    @විචාරක
    දවසට 42ක්....? බුදු අම්මෝ..... පෙනහළු වැඩ කරනවැයි තාම? හැක්

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත.. මට ඕනෙ උනෙත් ඒක තමයි... ස්තුතී..

      Delete
  6. මේකට පිංතූරයක් දැම්මෙ අපරාදෙ...අන්තිමට දාන්න තිබ්බෙ "වෛර කරමි...මම අද ඔබට...දුම්වැටිය කියලා.

    මටනම් ඔය එක එක දින ඒ හැටි මතක නෑ. ඔයාගෙ පෝස්ට් එක දැක්කමයි මතක් උනේ, එතකොටම Statistics එක්කම ඉකොනොමැට්ටගෙ පෝස්ට් එකත් ආව නිසා දිනේ කන්ෆර්ම් වුණා.

    ඔහොම වෛර කරන අයත් ඇති නේද ඔය විචාරක වගේ. ඉස්සර මිනිස්සු බස් වලත් බොනවා. දැන්නම් ඒ අතින් හොදයි. මොකට බොනවද මන්දා ගඳ ගගහා

    ReplyDelete
    Replies
    1. ඒකනේ අක්කේ.. එහෙම උනානම් හොඳයි තමා.. දැන් ඉතින් මොකෝ කරන්නේ...

      ඔව් අප්පා.. ඒ දුම කොච්චර අමාරුද.. කොහොම බොනවද මන්දා..

      ගොඩක් දේ ගැන කතා කරන්නේ ඊට අදාල දිනේට විතරයි.. හැබැයි දුම්වැටි ගැනනම් නිතර කතාබහට ලක්වෙනවානේ... බොන හැමෝම ඒ වගේ වෙනස් වෙනවනම් කොච්චර එකක්ද??

      Delete
  7. වයිරයෙන් වයිරය නොසන්සිඳේ දරුවා.
    අවයිරයෙන්ම වයිරය සන්සිඳේ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මේ වගේදේට වෛර නොකළ ආදරේ කළොත් මොනවා වෙයිද??

      Delete
    3. ආදරයයි, වෛරයයි පොඩි කෙස් ගහකින් එහා මෙහා වෙන්නේ. තේරුම් ගන්න පුලුවන් නම් හොඳයි. වෛර කරලා මොනවා ගන්නද..අපි නම් සිගරට් බොන්නෙත් නැහැ...දන්නෙත් නැහැ.

      Delete
    4. ආ ඒක හොඳයි අරුන අයියේ... එහෙම තමයි ඉන්න ඕනේ...

      Delete
  8. සිගරට් බීමයි කම්මැලි කමයි අතරේ මොකක් හරි ලොකු බැඳීමක් තියෙනවා බං..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒකනම් මං දන්නේ නෑ ගස්.. ඔයාට අද්දැකීමක්වත් තියෙනවාද??
      ජය වේවා..

      Delete
  9. ඇත්ත කියන්ඩෙපෑ මං නං සිගරට් බොනවා..
    අයිනක් අල්ලං දුමක් පත්තුකරගත්තම පොඩි ලල් එකක් නැතුවම නෙමේ .. හැබැයි ජරා පුරුද්දක් !!!!

    ReplyDelete
    Replies
    1. හොඳ පත්තරයා.. ඇත්ත කියුවනේ.. ඉතින් නතර කරන්න බැරිද??


      Delete
  10. තරුණ කම පෙන්නා
    බූරු රැල සිගා බොන්නා

    ReplyDelete
    Replies
    1. ඒ්ක අැත්ත.. දුම්වැටි භාවිත කරන අය තම භාවිතයට දක්වන ඒක ෙහ්තුවක් තමයි ඒ්..

      Delete
  11. දුක හිතෙන , කලකිරෙන දේ.. අද ඉස්කෝලෙ යන 6,7 පොඩි උන් පවා මේ වස කූරට ලොල් වී සිටීමයි... අනේ අපොයි...

    ReplyDelete
    Replies
    1. හැබෑවකි.. ඒය මහා අපරාධයකි..

      Delete
  12. ආදරේ වෛරයකට පෙරෙළුනාම ඒකත් පිස්සුවෙන් වගේ දිගටම කරන් යනවා. අවසානයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ආදරයයි වෛරයයි අතර කෙස්ගහක වෙනසක් තියනවා කියන්නේ ඒකනේ....

      Delete
  13. නිර්මාණි ධුමපානය කළාද?? හැක්

    ReplyDelete
    Replies
    1. මගෙ අනුමානෙ හරියටම හරිගියා... මං හිතුවා කවුරු හරි මෙහෙම අහයි කියලා... මට නිකමට හිතුනා ඒක ඇහුවොත් අහන්නේ දේශක කියලත්... හැකි හික්...


      මං නම් පාවිච්චි කරල නැ.. හැබැයි අක්‍රීය දුම්පානයනම් කරන්න වෙලා තියනවා....

      Delete
  14. සිගරැට් බොද්දි මටනන් ඔලුවෙ කැක්කුමක් එනව ඒ හිංද බොන්නෑ...

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි.. බොන්න බැරි විදිහට මොකක්හරි වෙන එක...

      Delete
  15. දුම් වැටියේ....දුම් වැටියේ
    දෙතොල රැඳී දුම් වැටියේ
    සන්තෝසේ සන්තාපේ ...
    ඔබ නොවෙදෝ ලග හිටියේ දුම් වැටියේ ....

    හද කැලබී ඇති මොහොතේ
    ඔබ දෙතොලේ රඳවනවා
    ඒ මොහොතේ ඔබ ඇසුරේ
    සිත මාගේ සැනසෙනවා ....
    දුම් වැටියේ ....

    අද මිතුරෝ හෙට හතුරෝ
    දුක් දෙනවා එරෙහි වෙලා
    ඒවාගේ මතු දවසේ
    ඔබ එයිදෝ සතුරු වෙලා ...

    දුම් වැටියේ ....

    ගායනය - මේරියන්ස්

    ReplyDelete
    Replies
    1. මේ ක හරි අපූරු ගීතයක්.. ස්තුතී සිංදු....

      Delete
  16. දුම්පානය , මත්පැන්පානය ඇතුලු මත් වන දේට හුරු වීම තනිකම නිසා වෙන දෙයක් වෙන්න ඕන මට හිතෙන්නේ.. කියාගන්න කෙනෙක් නැති උනාම හිතේ ශක්තිය නැත්නම් දරාගන්න මෙවැනි දේට ඇබ්බැහි වෙනවා. අනිත් එක කම්මැලිකම, ජීවිතෙ අලුත් නොවීම.. එක තැන පල් වීම... අලුත් අදහස් නැතිකම හෝ ක්‍රියාත්මක කිරීමට ඇති නොහැකියාව.. මොනව උනත් තමන්ගෙ ඇඟට සල්ලි දිලා විස දාගෙන අහක ඉන්න අයව පෝසත් කරනවා..

    බොන කෙනෙක්ට තමන්ගෙ හිතේ තියන බොන්න හිතෙන හේතුව අඳුර ගන්න උදව් කරල සුදුසු දේකට යොමු කරනව නම් ඔහුගේ හෝ ඇයගේ ආදරණියයන් ඒක ලොකු උදව්වක් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් චතූ.. දුම්වැටි මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්න මූලිකම හේතුතමයි ඔයා මේ කියලා කියෙන්නේ... මුලින් ඒ විදිහට පාවිච්චි කළත් පස්සේ ඒකට ඇබ්බැහි වෙනවා..

      ලඟදී සිගරට් මිල ගොඩාක් ඉහළ යනවා කියනවා... ඒක ගොඩක් හොඳයි.... ඒකත් භාවිතය අඩු කරන්න ගොඩක් හොඳ ක්‍රමයක්....

      Delete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.