Sunday, June 5, 2016

විනාශය- ඡායාරූප සමග



මා 06-01 දා කියූ දොලුව ප්‍රදේශයේ කරන ලද පරිසර විනාශය සම්බන්ධ ඡායාරූප කිහිපයක් ලබා ගැනිමට මා හට හැකි විය.

පළමු ඡායාරූපයෙන් දැක්වෙන්නේ මෙම පරිසරය 2016-05-31 ට පෙර තිබූ ස්වභාවයයි.



මේ පළමු දින කළ හානිය



මේ ඉන් පසු හා දැනට පවතින තත්ත්වයයි...






මේ වන තුරු කුණු දැමීම වලකා ගැනිමට ප්‍රදේශ වාසීන්ට හැකි වී ඇත්තේ ඔව්නගේ එකමුතුව හේතුවෙනි.  එහෙත් සිදු වී ඇති විනාශය කිව නො හැකි තරම් ය. එසේම එම පරිසරය පෙර තිබූ තත්ත්වයට යලි පත් කර ගැනීමට හැකිවේද?
මෙම ස්ථානයේ ගඟට සම්බන්ධ වන මෝයක් ද ඇත. විශාල ජල කඳක් ගලන විට ගං ඉවුර කඩා ගෙන යාමේ අවධානමක් ද ඇති බව ගම් වාසීන් කියයි.. දැනගන්නට ඇති පරිදි මේ කුනු කොන්ත්‍රාත්තුව සඳහා කෝටි 5 ක් ලබා ගෙන ඇත.... එය වැරදි නැත... මන්ද මෙය බල්ලොත් මරා සල්ලි උපයන කලක් බැවින් ය...
මාධ්‍ය ආයතන වලට දැනුම් දුන්න ද ඔවුන් කියා සිටින්නේ “කුණු දමා නැති නිසා මේ බව ප්‍රචාරය කළ නො හැකි .“ බවයි. එහෙත් සිදුව ඇති හානිය කිසිවෙකුටත් නොපෙනේ ද යන්න අපට ගැටලුවකි.. එසේම ගම්පොළ කුනු ප්‍රශ්නය තවත් විසදී නැත...


යලිත් රටේ කුමන ස්ථානයක හෝ මෙවන් විනාශ නොවීමට ඔබගේත් සහය ලබා දෙ නු ඇතැයි අපේක්ෂා කරමි... ඔබටත් හැකි නම් මේ ඡායාරූප භාවිත කරමින් මුහුණු පොත ඔස්සේ හෝ වෙනත් ක්‍රමයන් භාවිත කර සමාජය දැනුවත් කරමින් සහයෝගය ලබා දෙන්න...

29 comments:

  1. කොච්චර කිව්වත්, කොච්චර වින්දත් අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ පරිසරය කොච්චර වටිනවා ද කියන එක.
    ප්‍රතිඵලය භයානකයි.
    උදාහරණ එමටයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත... අද පරිසර දිනේ දී ජනාධිපතිතුමා කියල තියනව පරිසර විනාශ ගැන තරාතිරම නොබලා හොයා බලලා තීරණ ගන්නවා කියලා... අපි බලන් ඉන්නේ... මේ ෆොටෝ එක්ක ලිපියක් මේල් කළා.. බලමුකෝ...

      Delete
  2. I shall post this in my FB page!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී සාරස... ලොකු උදව්වක්....

      කවුරු කොහොම කියුවත් කුණු දානවා කියලා තියනවා...

      Delete
    2. පොස්ට් කලා...

      වෛද්යවරුන් ගේ FB ෆොරම් එකකත් තව ගෘප් එකකත් ශෙයා කලා.....

      මටත් හරි දුකයි.... වසර ගානනක් නුවර පදින්චිව සිටි මම ඔය ගන් ඉවුර දිගේ ඇති අලුත් ගම්පොල පාරේ අනන්තවත් ගමන් කරලා ඇති...

      ඒ කාලේ ඔය පින්තූරේ තිබුනු හරියේ මඤ්ඤොක්කා වගා කරලා තිබුනා මතකයි...

      Delete
    3. බොහොම ස්තුති සාරස... පුලුවන්නම් මට ලිංක් එක දානවාද??

      ඔයා හරියටම හරි... එතන මඥොක්කා වගාවක් තිබුනා තමයි...


      හෙට අධිකරණ වාරණයක් ගන්නයි ඉන්නේ.... මොකද කියලා තියනවා.“අපි උන්ගෙ කටවල්වලට බය නෑ. කොහොම හරි අපි වැඩේ කරනවා“ කියලා තියනවා..

      සාරස නුවර කොහෙද???

      Delete
    4. https://www.facebook.com/groups/694666747329586/

      මගේ නිවෙස තිබුනේ අනිවත්තේ ගල්කන්ද පාරේ ය...

      Delete
    5. ආ ඒ පැත්තෙද????

      ස්තුති සාරස...

      Delete
    6. ජයන්ට් නිදිකුම්බා බෝවීම දැන් අඩුද?

      Delete
    7. ගොඩක් අඩුයි... කාලයක් ඒවා ගලවලා විනාශ කලා..

      Delete
    8. චිත්‍රපටි ගහන්න ගෙනා පිඹුරෝ පැනලා ගිහින් ඔය පලාතේ හිටියා නේද?

      Delete
    9. ඔව්.. දැන්නම් නෑ..... ඉස්සරනම් හරියට හිටියා...

      Delete
  3. බොහෝ මිනිසුන් පරිසරය ගැන හිතන්නේ පරිසරයට ආදරය කරන්නේ මහ විනාශයක් වූ පසුවයි. එතකන් මේ පරිසරය රැක ගැනීම ගැන උනන්දුවක් ඇත්තෙම නෑ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව්.. එතකොට පරක්කු වැඩි...

      Delete
  4. අපේ මිනිස්සු කවද මේවා තේරුම් ගනීද මන්ද...

    ReplyDelete
    Replies
    1. තේරුම් ගත්තත් ඒක ටික දවසයි.. එහෙම බැලුවම කවදවත් තේරුම් ගන්නෙ නැ...

      Delete
  5. තීරණය ගත්ත එවුන් ඔතන වල දමන්නයි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. විචාරක හරි... අපෙත් තීරණය ඕක තමයි...

      Delete
  6. ඔය කුණු ටික දාල වහපුවම ඔක්කොම ඉවරයි.සුළු දෙයක් කියල හිතන උන් නෙ මෙව්වගෙ තීරණ ගන්නෙ.ගිහින් කුණු දාන්න ඕනෙ මුඟෙ මිදුල් වල..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අනිවා ගස්... ගමේ අය කතා උනේ නම් ඔක කරන්න තමයි...

      Delete
  7. නෙළුම් යායෙත් දැම්මා මල්ලි. සටනක් ගෙනියන්න වෙයිද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී අයියේ...

      Delete
    2. අපි ගමේ සටන ආරම්ඹ කරලා තියෙන්නේ.. ඔයාලගෙත් සහය ලැබෙනවා නම් ලොකු ශක්තියක්.. සටන සාර්ථක කරගන්නත් පුලුවන් වෙයි කියලා හිතනවා...

      Delete
  8. නගර සභාවේ කුණු අදින්නවත් සුදුසු නැති පුද්ගලයෝ නගරාධිපති වුණාම ඔහොම වෙනවා.

    ReplyDelete
  9. හරි අපරාදයක් නේ..අපේ රට නාස්ති වෙන්නේ අපේම රටේ මිනිසුන්ගේ අදුරදර්ශි ක්‍රියා නිසා.. ඒවා මෙහෙම තැන තැන ඉන්න පරිසරයට ආදරය කරන මිනිස්සු නිසා එළිවෙලා ටික කලකට නතර වෙලා ආපහු පටන් ගන්නවා..සල්ලි දෙයියන්ගේ මල්ලි..

    ReplyDelete
    Replies
    1. ඔව් චතූ... සල්ලි දෙනව නම් මිනිස්සු ඕනෙම දෙයක් කරන්න දැන් ලෑස්තී...

      Delete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.