Friday, April 14, 2017

ඔබ සැමදෙනට සුභ නව වසරක් වේවා (happy new year!)





         

පිපී එරබදු තුරු හිස
ගයා කොව්ලන් ගී රස
නැගී රවි රැස් නුබ කුස
දිසෙයි ලෙවු සැනකෙලි ලෙස

තුරු ළිය සරසමින් නටනා ළපලු පෙළ
නිල් පැහැ වී හිනහෙයි නිති තුරු වදුළ
කන් පිනවා ගී නඳ දෙන සියොත් කැළ
අමුතුම හැඩයි දැන් දැන් මේ මිහි මඬළ

අතු අග පිපුණු මල් නහවයි මකරන්ඳ
හමනා මද පවන් ගෙන දෙයි මුදු සුවඳ
සවන් පුරා රැවු දෙයි රන් කොවුල් නඳ
සොම්නස් මල් පිපී ඇත අද සියල් හද

ගුවන් තලේ පාවී යයි සුනිල් වළා
පොඩි පැටවුන් පැද හිනහෙයි ඔන්චිල්ලා
බක්මී සමග රත් පැහැ එරබොදු පිපිලා
වසත් රැජින හට ඇත පාවඩ එලලා

කොව්ල් ගී ඇසෙයි වස්දඩු හඩ විලස
මනාලියක් සේ හිනැහෙයි ගම් පියස
මිහිතලයම සැරසීයි සැනකෙලි විලස
මගුල් සිරි ගනී වස්සානය මෙලෙස

ප-ලි
කව තුළ තිබෙන සිරිවිසිතු දැන් මෙහි නැතුවා
ඒ හැම දේම ටෙලිවිශනයෙ පෙන්වනවා
අහසෙන් අවුත් පනිවිඩයක් ගෙන එනවා
ඔබ සැමදෙනට සුභ නව වසරක් වේවා

11 comments:

  1. අලුත් ඉරක උණුහුමකින් නැහැවේවා
    අලුත් පැතුම් එකින් එකට ඉටුවේවා
    අලුත් අලුත් හොඳ හදවත් ළංවේවා
    අලුත් වසරෙ නිරෝගි සුව වැඩි වේවා......

    , සතුට, මුදල, නිරෝගිසුව වැඩෙන සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  2. සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  3. බොහොම ලස්සනයි. ඔබ දෙපළටත් සුභ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. ස්තඅතී අජිත් අය්යෙ... ඔයාටත් එසේම වේවා!

      Delete
  4. සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  5. ලස්සනයි නිර්මාණි..
    සුබ අලුත් අවුරුද්දක් ‍ෙව්වා

    ReplyDelete
    Replies
    1. ස්තුතී මහේශ්....
      ඔයාටත් සුභම සුභ නව වසරක් වේවා...

      Delete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.