බිබිලි, කොස්
කට්ටා, ඔව් මං අහන්න අකමැතිම වචන තමයි ඒව. ඒ ඇයි කියල හිතාගන්නවත් කාටහරි
පුලුවන්ද. මාව දැකපු කෙනෙක්ට නම් පුලුවන් වේවි. මට තියෙන්නෙ තලඑලළු පැහැයට වඩා
ටිකක් පැහැපත් සමක්. ලස්සනනම් නෑ. ඉස්සරනම් මං මගෙ මූණ මොන හැඩේද කියලවත් බලන්න
වැරදිලාවත් කන්නාඩිය ළඟට ගියේ නෑ. ඒත් මං දැන් දන්නවා. මගෙ මූණ දිගටි මූණක්.
හැබැයි ඕන කෙනෙකුගේ මූණෙ තියන සුන්දර බව, ප්‍රියමනාප බව මගෙ මූණෙ නෑ. සම්පූර්ණ
බිබිළි ගොඩක්. ඉස්සර ඉස්කෝලෙ ළමයි කියුව වගේ කොස් කට්ටක් වගේ. ඔව්. හරියටම ඒ වගේ.
මගෙ විතරක් නෙවෙයි. මගෙ අක්කගෙ මූණත් ඒවගේ. අපි දෙන්නට ඉස්කෝලෙ ළමයි, ගමේ අය
කොයිතරම් නම් කතා කියුවද. අපි දෙන්න පුංචි කාලෙ කොච්චර ඇඬුවද.. අපි දෙන්න විඳින
අපහස දැකලා අපෙ අම්ම, තාත්ත කොච්චර දුක් උනාද. ඒ අතරෙ අපේ හිත නොරිද්දපු කොටසකුත්
හිටියා. ඒත් මූණට හම්බෙලා කතා කරලා යනකොට හිනාවෙනවනම්, අපිව දැකලා ඉඟිමරනවා නම්
හිතට කොයිතරම් දුකක් දැනෙනවාද.
මේ තත්ත්වෙ
මැද්දෙ උනත් අක්කයි මායි ඉස්කෝලෙ ගියා. කොහොම හරි කියන ඒවා ඉවසන් හිටියා. අපේ
අම්මයි, තාත්තයි කළේ ගොවිතැන් වැඩ. අනුන්ට උදව්වක් උපකාරයක් මිස කාටවත් කරදරයක්
කළේ නෑ. ඒත් පස්සෙ ඉස්කෝලෙ ළමයි අතරෙ තව කතාවක් පැතිරුනා.
ඉස්සර අපේ තාත්තා හොරකම් කළාලු. අම්මට අක්කයි,
මායි ලැබෙන්න ඉන්නකොට අම්මට කන්න දුන්නේ හොරකම් කරලලු.. ඒ නිසාලු අපිට මෙහෙම වෙලා
තියෙන්නේ. අපිට ඒවා ඵල දුන්නේ එහෙමලු. ඉතින් මේ කතාවෙන් පස්සේ ළමයි අපිට බිබිලෙ
කොස් කට්ට වගේ නම් වලට අමතරව තව නම් එකතු කළා. හොර පැටව්, හොරි පැටවු ඒවගේ නමුත්
තව තව දේවලුත් කියන්න ගත්තා. ඒක මොනතරම් අසාදාරණ කතාවක් ද . ගමේ රා මදින ජයතිලක
මාමගෙ පුතා හිටියෙත් අපේ පන්තියේ. එතකොට කැලේ මදු ගහන සුනිල් මාමගෙ දුව හිටියෙ අපිට
උඩ පන්තියේ. ඒ අය කරන ඒවා පව් වැඩ නෙවෙයි ද. ඉස්කෝලේ මේ කියන කතා අපි කවදාවත්
අම්මගෙන්වත්, තාත්තාගෙන්වත් ඇහුවෙ නෑ. මොකද කවුරු කොහොම කියුවත් අපිට ඒ දෙන්නව
විස්වාසයි. ඉතින් මේ වෙනකොට අක්කටයි, මටයි ඉස්කෝලෙ ගමන එපාවෙලයි තිබුනෙ..
ඉස්කෝලෙදි, ගමේදි දකින දකින තැනදි ළමයි මේ
දේවල් කිය කියා ඔච්චං කරනකොට ඉස්කෝලේ යන්නෙ කොහොමද? එහෙම කියන එකවැරදි
කියුවෙ සමහරක් දෙමාපියෝ විතරයි. සමහර වැඩිහිටියොත් අපිට ඔය වගේ කතා කියුවා. ඉතින්
ලොකු අය එහෙම කියනකොට ළමයි කියන ඒවා වැඩි උනා.. තව එකක්,කට්ටිය අපිට කතා කරනකොට
අපේ නම අගට බිබිලෙ කියන වාසගමත් එකතු කළා. බිබිලෙ කියන්නෙ වාසගමක් උනාට අපේ වාසගම
ඒක නෙවෙයි. කට්ටිය අපිට ඒකත් කියුවේ ඔච්චමට. දවසක් ඉස්කෝලේ ඇරලා ඇවිත් අපි දෙන්නා
අම්මට මෙහෙම කියුවා.
“අම්මේ අපිට
ආයෙ ඉස්කෝලෙ යන්න බෑ.”
ඇස් දෙකේ
කඳුලු පුරවා ගත් අම්මා මෙහෙම කියුවා.
“කමක්නෑ පුතේ.”
කියාගෙන
චීත්තෙන් ඇස් පිහ පිහා අම්මා ගෙට ගිය හැටි මට තාම මතකයි. එදා හවස තාත්තා කවදාවත්
නැතුව බීලා ඇවිත් පිල්කඩ උඩ වාඩි වෙලා දොඩවන්න පටන්ගත්තා.. තාත්තා වැඩිපුරම ඇහුවේ එකම
දෙයයි.
“ඇයි
මේ ගමේ ඉන්න
එව්න් මගෙ දරුවොන්ට ඉන්න දෙන්නෙ නැත්තෙ? උන්ට පාඩුවේ ඉගෙණ ගන්න දෙන්නෙ නැත්තෙ ඇයි.”
අපි දෙන්නම
ඉගෙණ ගන්න දක්ෂයි කියලා තාත්ත දන්නවා.. ඒත් ඒ හැම දේම අපි අත්තැරියා.
ඊට පස්සේ මං
අනුරාධපුරේ බාප්පා ළඟට ගිහින් වඩුවැඩ පුරුදු උනා. අක්කා වීවින් ඉස්කෝලෙට ගියා.
එතකොටත් අපිට අහන්න වෙච්ච දේවල්නම් බොහෝමයි. සමහර අය අපිව දැක්කම මගහැරියේ බෝවෙන
ලෙඩෙක් දකිනවා වගෙ. මේක ලෙඩක් තමයි. ඒත් බෝවෙන ලෙඩක් නෙවෙයි. මොකද අපේ අම්ම තාත්තා
රට හැම තැනකම ඉන්න වෙධ මහත්තරු, දොස්තර මහත්තුරු ළඟට ගියා මේ ලෙඩේ හොඳ කරන්න. ඒත්
කාටවත් පුලුවන් උනේ නෑ.
මං ඉලංදාරි
වයසට එනකොට මේ ප්‍රශ්නෙන් පුංචි නිදහසක් ලැබුනා. මොකද මං එතකොට රැවුල වවන්න ගත්තා.
එතකොට මූණෙ බිබිලි ගතිය පේනවා අඩුයි. ඒත් අක්ක? මං අදටත් දුක්වෙන්නේ අක්ක ගැන. මට
වගේ තාවකාලික සැනසීමක්වත් අක්කට ලැබුනෙ නෑ. අක්කට කසාද බදින්න කොච්චර යෝජනා
ගෙනාවත් මේ බිබිලි ප්‍රශ්නෙ නිසා ඒ එකක්වත් කෙරුනෙ නෑ.
මේ පව්කාර
ලෙඩේ නිසා අක්කයි මායි දුක් වින්දත් අක්කත් එක්ක බලනකොට ගමේ අයගෙ වචනවල හැටියට මං
පුංචි හරි පිනක් කරල ඇති කියලයි එදා හිතුවේ. මං කසාදත් බැංදා. එයා නමින් කුමාරි.
මේ තත්ත්වෙ ගැන හොඳින් තේරුම් ගත්ත කෙනෙක් එයා. ඒත් අපේ විවහයට එයාලගේ ගෙදරින්
කැමති උනේ නෑ. එයාගෙ ගෙදර අය කියුවෙත්
“උඹට ඔය කොස්
කට්ට එක්ක යන්න පිස්සුද? උඹට ඇස්පේන්නැද්ද ඕකත්තෙක්ක යන්න?”
වගේ කතා තමයි
කියුවෙ. ඒත් එයා මා එක්ක ආවා. අක්ක තාමත් තනිකඩව.
කුමාරිටයි, මටයි පළවෙනි දරුවා ඉපදෙනකොට මං
පුලුවන්තරම් පංසල් දේවාල ගානේ ගියා. බාර උනා. පිනක් කියා හිතූ හැමදේම කළා. ඒ මට
වෙච්ච දේ මගෙ දරුවටත් වෙයි කියන බයට. දෙයියන්ගෙ පිහිටෙන් මගෙ දරුවට එහෙම දෙයක් උනේ
නෑ. අපිට දෙවෙනි දරුවත් ලැබෙන්න ආවා. කලින් වතාවෙ වගේම මං පුලුවන් තරම් පිං කළා.
බාර උනා. ඒත්? ඒත් මගෙ දරුවාට තිබුනේ කුමාරිගෙ මූණ. හැබැයි ඒ මූණේ බිබිලි පිරිල.. මගෙ
වගේ.. කොස් කට්ටක් වගේ මූණක්..
කියෙවුවා
ReplyDeleteඑහෙනම් හරි:D
DeleteX 2
Deletexxx
Deleteමන් හිතුවේ බිබිලේ කිව්වම සේනක බිබිලේ ගැන කියනවයි කියලා..අපේ ගෙවල් හරියේ ඉන්නවා ..එයාගේ පිටේ නිකන් කොරපොත් වගේ..කට්ටියනම් කියන්නේ එයා හම්බවෙන්න ඉද්දි ඒ අම්මා ඌරු මස් කාල ලු ..ඒක නිසා ලු ඌරගෙ පිට වගේ තියෙන්නේ..
ReplyDeleteමං හිතුවා එහෙම හිතාවි කියලා...
Deleteඒ වගේ අසනීප ගැන මිනිස්සු ඒවගේ කතා කියනවා තමයි... තාර්කික නෑ...
මට මේක කියව ගෙන යන කොට මතක් වුනේ ස්වයංජාත කතාව
ReplyDeleteඔව්.. ඒ කතාවෙ යන්නෙත් ඒ වගේ දෙයක් තමයි..
Deleteඅනේ මංද මොනව කියන්නද කියල ඒත් උත්පත්ති වරූපතා වලට වෙනත් අර්ථ කථන දීම නං හරි කුහක වැඩක්.. අපේ සමාජෙ හුග දෙනෙක් අතර තියෙන මහ නරක පුරුද්දක්
ReplyDeleteඔව් මහේෂ් හරිම කැද ගතියක්... තමාටත් ඒ දේ උනත් කියලා කවුරුත් හිතන්නෙ නෑ...
Deleteඋපතින් ගේනදේවලට කවුරුත් වැරදි නෑ... ඒවඑට කරන්න දේකුත් නෑ.. මිනිස්සු ඒක තේරුම් ගන්නැති එකයි වරද...
ඉශානි කිව්වා වගේ මටත් "ස්වයංජාත" මතක් වුණා මේක කියෙව්වම. අපූරුයි නිර්මාණී.
ReplyDeleteජයවේවා!!!
ඔයාටත් ඒ කතාව මතක් උනාද... මේ සිද්ධිය උණු දෙන්නා අපේ ගමේ ඉන්නවා... ඇත්තටම මේ නම් ඒ අයට සමහර ගමේ අය කියනවා... ඒක හරිම වැරදි..
Deleteඇත්ත.... නමුත් ඒ කට්ට කාගෙන ඉන්න අය ඉන්නවා. ජීවිතේ තියන ලස්සන ඒකම තමයි.
ReplyDeleteජයවේවා..!!
ඒක ඇත්ත ගස්.. ජීවිතේ ලස්සන එක තමයි.. ඒ වගේම ඒ අයට අත දෙනවා නම් තවත් ලස්සනයි නේද..
Deleteජයවේවා...
අපි හැමෝම මිනිස්සු අක්කේ... පිට පොත්තකින් වහගත්තු.. පේන්නෙ නැති ශරීර තියෙන මිනිස්සු..
ReplyDeleteඔයා හරි මල්ලි:D
Deleteමිනිස්සු ගැන මිනිස්සු වගේ හිතන මිනිස්සු නෑනෙ . ඒකනෙ ඔක්කොටම මුල
ReplyDeleteමිනිස්සු ගැන මිනිස්සු වගේ හිතන මිනිස්සු නෑනෙ . ඒකනෙ ඔක්කොටම මුල
ReplyDeleteඇත්ත ඇත්ත... එහෙම හිතුවනම් මීට වඩා ගොඩක් දේ වෙනස් වෙන්න තිබුනා....
DeleteThis comment has been removed by the author.
ReplyDelete