නො සිතූ මොහොතක
නැවතුනු ජීවිතය
නිකරුනේ
මහ පොලොවට
එකතු වන්නට
දිරා යන්නට
ඉඩ නොදුන්නෙමි
මම
දෑස දෙන්නෙමි
ලොව දකින්නට
මගේ හද දෙමි
දිවි රැකෙන්නට
තවත් හැකි නම්
තවත් දෙන්නෙමි
ජීවිතය ඩැහැ ගත්
මාරයා හට
කරන සරදම්
ලෙසින්
උදුරා ගත්තෙමි
හුස්ම ගන්නා
ජීවිත තුනක්
මම
මගේ එක් ජීවිතය
වෙනුවට
ජීවය දුන්නෙමි
ජීවිත තුනකට
මම
ප-ලි
පසුගිය මස 24 වන දා මහ නුවර පිළිමතලාවේ පදිංචිව සිටි කුමාර සම්පත් නම්
වයස 22ක් හැවිරිදි තරුණයා රිය අනතුරකට පත්ව ඇත. එම අනතුරෙන් ඔහුගේ මොලයට
දැඩි හානි වී ඇත. ජීවිතය පිළිබඳව විශ්වාසයක් නැති ඔහු තම ශරීරයේ කොටස් දං
දීමට කැමති වී ඇත. ඒ අනුව ඔහුගේ හදවත, ඇස් හා වකුගඩු වෙනත් පුද්ගලයින්
තිදෙනෙකුට බද්ධ කර ඇත. පසුගිය දා ඔහුගේ අවසන් කටයුතු සිදු කර ඇත. ජීවිත
තුනකට ජීවිතය දුන් ඔහුට නිවන් සුව ලැබේවා!
නිකම් පොළවට පස්ව යන්නට නොදී ජීවිත තුනක් බේරා ගත් උතුම් තරුණයාටත් ඔහුගේ දෙමව්පියන්ටත් බෝම පිං...
ReplyDeleteමෙය සංවේදීව කවි කළ නිර්මාණීටත් බෝම පිං
ප.ලි. - කසුනා මං ටයිටලේ දැක්ක ගමං හිතුවේ බොලාට තුන් නිවුන්නු හම්බවෙලා කියලා... බලාං ඉතිං නේ... හැක්
ReplyDeleteහනේ යකෝ උඹටත් හිතෙන දේවල්.
Delete//තුන් නිවුන්නු හම්බවෙලා // මාස දෙකක් යන්නත් කලිං!
බුහැක්... ඔව් නේද? වෙන්ට බෑනෙ... හැක්
Deleteමටත් මේ හා සමාන අදසක් තමයි මාතෘකාවෙන් ආවේ
Deleteමටත් හිතුන...ඇයි බන් වෙන්න බැරි
Delete@ දිල්ශාන්
Deleteඅනේ ඇත්තට...
@ ප්‍රා
මොනව කියන්නද ඉතින්...
@ ඉයන් සහ මෙණ්ඩා
:D
හිතට දැණුනු සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ලියූ හොඳ නිර්මාණයක් මේක.
ReplyDeleteජයවේවා!!!
http://dumimda.blogspot.com/2017/05/blog-post_29.html?m=1
Deleteමටත් මේ සිදුවීම හිතට දුනුනා දුමී... මේකත් කියවන්නම්...
Deleteස්තුතී
ජයවේවා...
මෙම සිදුවීම මම මාධ්‍යයෙන් දුටුවෙමි . ඔබ ඒ පිළිබඳ දැක්වූ සංවේදීතාවට ගෞරව කරමි
ReplyDeleteස්තුතී අක්කේ...
Deleteහරිම ගෞරවයක් සහ ආදරයක් ඇතිවුනා ඒ අම්මලා තාත්තලා ගැන
ReplyDeleteඇත්තට ම අක්කේ... ඒ අයත් හරිම බුද්ධිමත් මිනිස්සු කොටසක්...
Delete