Friday, April 27, 2018

කුමාරයා ඇවිත් ගිහින්



 යාලුවනේ මොකදැයි මේ
ඉස්කෝලේ මහ සැනකෙලි
සැරසිලි කරමින් හැම තැන
සිංදු කියනවා ලොකු අය
නැටුම් නටනවා ඇහුනද
මොකක්ද මේ සිද්ධ වෙන්නෙ
තේරෙන්නේ නෑමට නම්
ඒක ඇත්ත යාලුවනේ
හිතා ගන්න බෑ මා හට
ටීචර් දැන් එනවා ඇති
අහල බලමු ටීචර්ගෙන්
ඔන්න එනව අපේ ටීචර්
අඩි සද්දේ ඇහුනා මට
දැනෙනවා ටීචර්ගෙ සුවඳ
ඔව් මගෙ පොඩි පැටවුනේ
මං ආවා ‍මං ආවා
ආයුබොවන් මගෙ පැටවුන්ට
ආයුබොවන් ටීචර්
උදේම පොඩි ප්‍රශ්නයක්නෙ
ඒ මොකක්ද ඒ මොකක්ද
කියන්න මගෙ පොඩි දරුවනෙ
ඉස්කෝලේ ලොකු වෙනසක්
සැරසිලි කරනව හැම තැන
අක්කලා අය්යලා එක්ව
සිංදු පුරුදු වෙනව නිතර
නැටුම් පුරුදු වෙනව ඇහුනා
මොකක්ද සිද්ධ වෙන්නෙ ටීචර්
ඕකද ප්‍රශ්නේ දරුවනෙ
අනේ ඒක තමයි ටීචර්
අපි ඇහුවා ලොකු අයගෙන්
කුමාරෙයෙක් එනවාලු
තේරෙන්නේ නෑ කියුවට
ඔව් දරුවනෙ ඒක ඇත්ත
අද මං ඒ ගැන කියන්න
තමයි ආවෙ ඔයාලාට
එංගලන්තෙ මහ රැජිනගෙ
 පුතා ඇවිත් ලංකාවට
එයා තමයි එඩ්බඩ් කුමරු
කුමාරයා හෙට එනවා
අපේ ළමයි බලල යන්න
කුමාරෙයෙක් කියන්නෙ කවුරු
ටීචර් තේරෙන්නේ නෑ ඒ වග
සුරංගනා කතා පොතේ
 ඉන්නා කුමරුන් වාගෙද
එයා ගොඩක් ලස්සනයිද
අස්ස පිටේ නැගී එයිද
ඔවු මගෙ පොඩි දරුවනේ
කුමාරයා ලස්සනයි
හෙට ඇවිදින් කතා කරයි
හා හා හා ඒක හොඳයි
කුමාරයාගේ හඩ අහන්න හැකි
ඒක හොඳයි ඒක හොඳයි
අපි හෙට ගෙදරට යන්නේ නෑ
කුමාරයා බලන්න ඉමු
ගෙදරට යමු ලබන සතියෙ
 කුමාරයා බලන්න ඉමු

සඳුදා දිනදී
කුමාරයා ඇවිත් ගියා
අපිට කතා කලේම නෑ
හඩක් ඇහුනේම නැහැ
ඇයි ටීචර් පුංචි අපට
 කුමාරයා කතා නොකලෙ
අනේ එයා ආවා නම්
අල්ලලා බලන්න හිටියෙ
කුමාරයා ගැන කියුවට
තේරුමක්ම නෑ ටීචර්
අනේ ටීචර් කියන්නකෝ
කුමාරයා මොනවගේද
ගෙදර නොගිහින් හිටියේ
කුමාරයා බලන්නනේ
කුමාරයා ඇවිත් ගිහින්
අපිට නොකිය ඇවිත් ගිහින්


ප-ලි. ලංකාවේ 70 වන නිදහස හෙවත් (30) වන නිදහස සැමරීමට පසුගිය පෙබරවාරි මස බ්‍රතාන්‍ය මහ රැජිනගේ එඩ්බඩ් පුතු ලංකාවට පැමිණියා. ඔහු ලංකාවේ බොහෝ ස්ථානවල සංචාරයක ද නිරතවුනා. මොහු රත්මලාන අන්ධ විද්‍යාලයට ද ගියේ එය එංගලන්තය විසින් ලංකාවේ පිහිටුවන ලද ස්ථානයක් වගේම තවමත් එහි සබඳතා පවතින බැවිණි. ඒ සඳහා පාසලේ විවිදප්‍රසංගයක් ඇතුලු විවිධ අංග සංවිධානය කර තිබුණි. මෙම පාසල තුළ පෙර පාසලේ සිට සාමාන්‍ය පෙළ දක්වා පන්ති පැවැත්වේ. පෙර පාසල තුළ වයස අවුරුදු තුනේ සිට ළමුන් හිදී. එම ළමුන් බොහෝදෙනෙකු නේවාසිකව සිටින අතර ඇතැම් දරුවන් සිකුරාදා හවසට නිවෙස් කරා යයි. දරුවන්ගේ දෙමාපියන් අවුත් දරුවන් රැඟෙන යයි.
මෙහි පෙර පාසැල් දරුවන් හා 1-2 පන්තිවල ඉගෙණුම ලබන සිසුන්ට එම පන්ති බාර ගුරුවරිය එඩ්බඩ් කුමාරයාගේ පැමිණීම ගැන දැනුවත් කර ඇත. කුමාරයා පාසලට පැමිණ ඇත්තේ සෙනසුරාදා දිනක ය. එම නිසා දරුවන් නිවෙස්වලට ද නොයා කුමාරයා බැලීමට සිට ඇත. කුඩා දරුවන්ගේ අපේක්ෂාව වී ඇත්තේ කුමාරයාගේ හඬ ඇසීමටය. ඔහු අල්ලා බැලීමට ය. ඒ නොදරුවන්නේ අහින්සක සිතුවිලිය. ඔවුනට යමක් හොදින් ග්‍රහනය කරදීමට පහසුවන්නේද ඒ ලෙසය. නමුත් සිදුව ඇත්තේ වෙනම දෙයකි.
කුමාරයා පාසලට පැමිනෙන දිනයේ පාසලේ පාලක මණ්ඩලය විසින් තීරණය කර ඇත්තේ කුඩා දරුවන් නේවාසිකව තැබීමට ය. මීට පන්ති බාර ගුරුතුමිය විරුද්ධ වී ආරක්ෂක නිලදාරීන්ගෙන් ඊට කරුණු විමසා ඇත. ඔවුන් කියා ඇත්තේ දරුවන් සිටියාට ගැටලුවක් නැති බව ය. නමුත් පාසල් පාලක මණ්ඩලය ඊට එරෙහි වී ඇත. නිහඬව පාසල තුළ කුමාරයා සංචාරය කොට ගොස් ඇත. දෑස් අන්ධ කුඩා දරුවන්ට මෙය ප්‍රෙහේලිකාවකි. සඳුදා පන්තියට පැමිණි ගුරුතුමියගෙන් දරුවන් අසා ඇත්තේ
කුමාරයා ඇවිත් ගියාලු. අපි දන්නෑ ටීචර්. ගෙදර නොගිහින් හිටියේ කුමාරයා බලන්න. ඒත් එයා ඇවිත් ගිහින්.””අපිට තේරෙන්නේ නෑ. එයා මොන වගෙධ?
මෙය මොන තරම් අසාදාරණයක්ද? විහිලුවක්ද? මේ සිදුවීම පිළිබඳව ඔබ මදක් සිතා බලන්න....

13 comments:

  1. මෙය මේ සිසුන්ගේ විශේෂිත තත්ත්වය මත සිදුවූ අසාධාරණයක් කියනවාට වඩා වැඩිහිටියන්ගේ ලෝකයේ ළමයින්ට ලැබෙන තැන පිළිබඳ පොදු ප්‍රශ්නයේ කොටසක් කියා කිව හැකියි. හරියට දරුවන්ගේ උපන්දින සාද වැඩිහිටියන් විසින් ඔවුන්ගේ මිතුරු මිතුරියන් සමඟ සමරනවා වගේ. පවු පොඩි එවුන්!

    ReplyDelete
    Replies
    1. //හරියට දරුවන්ගේ උපන්දින සාද වැඩිහිටියන් විසින් ඔවුන්ගේ මිතුරු මිතුරියන් සමඟ සමරනවා වගේ. ///
      ++++++

      Delete
  2. මෙතන හැබෑ අන්ධයො කවුද?

    ReplyDelete
    Replies
    1. සිතිය යුතු කාරනය එයයි.....

      Delete
  3. //මොහු රත්මලාන අන්ධ විද්‍යාලයට ද ගියේ එය එංගලන්තය විසින් ලංකාවේ පිහිටුවන ලද ස්ථානයක් වගේම තවමත් එහි සබඳතා පවතින බැවිණි. // ඒ පිහටවපු කාලයටත් වඩා ආපසු ගමනක් ගිහින්නේ පාලක මණ්ඩලය. දරුවන් නොමැති නම්, පාලක මණ්ඩලයේ ලක්ෂයක් හිටියත්, එය පාසලක් වන්නේ නැති වග නොතේරීම කියන්නේ, විශේෂ අවශ්‍යතා ඇත්තේ, ඇත්තටම දරුවන්ට, නොව එම පාලක මණ්ඩලයේ මහත්ම-මහත්මින්ටමය කියා. ඔවුන් ඔබගේ සටහන බැලුවොත් හොඳයි.

    ReplyDelete
  4. සංවේදී සටහනක්.....

    ReplyDelete
    Replies
    1. me kathawa ahanakota math godak sanwedi una sadawathii...

      Delete
  5. මාත් එල්ලා වගේ ඇවිත් ගියාම ඕං

    ReplyDelete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.