Thursday, September 10, 2015

ආදරය




දෑසින් නොකී ආදරය
සුසුමින් නොදැනුනු ආදරය
සවනින් නොඇසුනු ආදරය
මුවින් නොකී ආදරය
අන්දය කියනා ආදරය
මුලා වෙනා ආදරය
සිහින දකින ආදරය
සුසුම් හෙලන ආදරය
ඔබ නොසිතූ ආදරය
ඔබට තිබුනු ආදරය
හැබෑවක්ය ආදරය
ඔබේ තමයි මේ ආදරය

47 comments:

  1. ප්‍රවේශමෙන් කළ යුුතු ආදරය

    ReplyDelete
    Replies
    1. ප්‍රවේසම් නොවුනොත් ඉවරයි ආදරය.
      ඔන්න රසිකයියේ වැරදි හැදුවා. ස්තුති.

      Delete
  2. මෙහි-
    "සවනින් නොවැසුනු ආදරය"
    යන පදය
    "සවනින් නොඇසුනු ආදරය"
    ලෙස වෙනස් විය යුතු නේද?

    "අන්දයි" යන්න ද "අන්ධ ය" ලෙස යොදන්න.

    ReplyDelete
  3. ආදරේ නම් අන්ධයි තමා. ඔප්පු කරලත් තියෙනවා ආදරේ කරනකොට මොළේ තර්කන හැකියාව නැති වෙනවා කියලා.

    ReplyDelete
    Replies
    1. උඹ වෙන්ටැති ඕක ඔප්පු කොරංට ඇත්තෙ.

      Delete
    2. මචං කැමා ඔය කතාව කියන්නේ කැමාගේ අත්දැකීමෙන්මයි.මට ආරංචි උන විදියට සිහියක් පතක් නැතිව දවස් ගානක් හොස්පිටිල් එකේ ඉදලා තියනවා.ඇස් පෙනීමත් ටිකක් අඩු වෙලා තිබිබෙ කියලා කියන්නේ.ඒකනේ ඔය අන්ධ කතාවක් කීවෙ.දැන් බබා වගේ වෙන කාටද උනා වගේ කමෙන්ටි කරන්නේ.කැමා අපිට ඇත්තම කියපං බං

      Delete
    3. මධු,
      මං කියෙවුවා බං මෙඩිකල් රිසර්ච් ගැන තියෙන ආර්ටිකල් එකක තිබිලා.
      මං ඕක ඔප්පු කොලේ උඹෙ අරඋදේට වැඩ කරන හැටි ගැන තියෙන කමෙන්ට් එකෙන් මගෙ පෝස්ට් එකට දාලා තියෙන.

      මනෝ,
      යකෝ පත්තරේ දාලා තිබුනාවත්ද සීන් එක...?

      Delete
    4. මේවට උත්තර දීපං යකෝ... දැන් දවස් කීයක්ද...? කොහෙ මකබෑවිලාද මන්දා.... මේ කමෙන්ට් එක බැලුවට පස්සෙ මකලා දාලා උත්තර දීහං. මේක තිබුනොත් උඹෙ බ්ලොග් එක කැත වෙනවා.

      Delete
    5. යකෝ කැමා, මං මැරුනත් උඹලට කොමෙන්ට් වලට උත්තර දෙන්න ඕනෙ නේද හෑ?

      හරි හරි බං. මේ පැත්තෙ එන්න වෙලාවක් තිබුනේ නැ. දැන් තමයි නෙට් කනෙක්ට් වෙන්න ලැබුනෙ. උඹලට පනිවිඩයක්වත් දාන්න බැරි වුනා බං. සමාවෙයන්.

      මනෝ,
      මමත් ඔය කැමා කියන රිපෝට් එක බැලුවා.

      මදුවෝ, මනෝ,
      උඹලා කැමාට මොකුත් කියන්න එන්න එපා හරිද? ඌ විතරයි තවම බැඳපු නැති එකෙක් ඉන්නේ.

      Delete
    6. ඔන්න උඹ කැමා සුද්ද කරපං.නොබැද හිටියට අහල පලපංකෝ බැදපු අපිටවත් නැ කැමාට ඇති අත්දැකීමි සමිභාරය.

      Delete
    7. //බැදපු අපිටවත් නැ කැමාට ඇති අත්දැකීමි සමිභාරය.// මනෝ අැරහං කට ‍ඩොලර් පනස්පහක් වක්කොරන්ට... හැක්

      Delete
    8. dila තව පොඩි මඩ පාරක් ගහන්නමි ඩොලර් සීයක්ම දියන්

      Delete
    9. බලහං මේ අහිංසක මට කියන කතා...

      Delete
  4. මචං දැන් උදේ අවදිවෙලා මූන අතපය සෝදාගෙන මුලින්ම PC එක දාලා බලන්නේ කවුද අලුත් පෝස්ටි එකක් දාලා තියෙන්නේ කියලා.ඔන්න කසුනාගේ පෝස්ටි එක උදේම දැක්ක නිසා ආවා.ආදරයේ මිහිර වගේම විදපු වෙදනත් අප්‍රමානයි.දැන්නමි පවුලක් පන්සලක් වෙලා මට පොඩි දුවකුත් ඉන්නවා.එත් පලමු ආදරය අදටත් හිතේ තියනවා.අපි ගොඩක් ආදරයෙන් හිටියත් කොහොම හරි එකතු වෙන්න බැරි උනා.වෙන්වීමෙ වෙදනාව අවුරැදු ගනනාවක් ගියත් අදටත් යන්තමින් හරි හිතට දැනෙනවා.

    ඔය කැමා කියලා තියනවා නේද ආදරේ කරන කොට මොලේ තර්කන හැකියවා නැති වෙනවා කියලා.ඒකනමි සහතික ඇත්ත.ඒ කාලේ කරපු සමහර දේවල් දැන්නමි මෙවගේ වැඩත් කලාද කියලා හිතෙනව.මට පේන්නේ ඔය වැඩෙ කැමාටත් වෙලා තියනවා වගේ.

    ReplyDelete
    Replies
    1. //එත් පලමු ආදරය අදටත් හිතේ තියනවා//
      අනේ දෙයියනේ මේ කමෙන්ට් එක මනී මන්දිරීට පෙනිලා මේකාට නැක පුතිවෙන්න වදීවා.

      උඹ දන්නවද? උදේට මොලේ රිෆ්‍රෙෂ් වෙන්න කියාපු බේතක් බ්ලොග් බලන එක. හැබැයි සංකීර්ණ කේස් බලන්න ඕනි රෑ දෙගොඩ හරියෙ ගෙදර උන් නිදාගත්තම.

      Delete
    2. මෙකනේ මචං,මෙවගේ කොමන්ටි එකක් දාන්න කලින් ආරක්ෂාව පිළිබදව සෑහෙන සැලකිලිමත් වෙනවා.මොනව උනත් දවස් දෙක තුනක් කොහොමද බං වතුර කනවා වගේ කෑම කන්නේ.හිටපං මම බලාගෙන ඉන්නේ උඹ මෙ වගේ කොමන්ටි එකක් දානකමි.ස්ක්‍රින් සොටි එකක් අරගෙන ගෙදරට තැපැල් කරලා එවන්න.

      Delete
    3. මනෝ,
      උඹලගෙ ගෙදර විස්තරෙත් මෙතනම දාපං. නැත්නම් මට මේල් කරපං. ඔව් ඔය බ්ලොග් බලන එක හරිම ෆන් වැඩක්. මමත් දැන් මේකට පුරුදු වෙලා.

      Delete
  5. මට හිතෙන්නෙ මචෝ ආදරය දෑසෙන් සුසුමෙන් ඔය ඔක්කොගෙන්ම කියවෙනවා. රාගයත් ඒ වගේමයි.
    ආදරය අන්ධයි කියන එකත් ඇත්ත. මොකද වටපිටේ කවුරුත් නෑ, අපිව දකින්නෑ, අපි ගැන හොයන්නෑ කියලා විශ්වාස කිරීමයි අනිකා අපිව කවදාවත් දාලා යන්නෑ, අපිව අමතක කරන්නෑ, අපි ගැන විතරයි හිතන්නේ කියලා හිතීම නිසා. මොනා උණත් උඹ දෙන්න ඕනි අදහස කවියෙන්ම දීලා තියෙනවා ලෙසටම.

    මේ ළඟින් යන කතාවක් තියෙනවා. මෙතන දානවට වඩා කවියෙන් දැම්මම ඉෆෙක්ටිව්. මට මතක් කරපං අමතක වුණොත් “දෙකෙන් එකයි“ කියලා.

    ReplyDelete
    Replies
    1. අඩෝ මදුවෝ,
      උඹ අනිත් බ්ලොග් කවියන්ගෙන් වෙඩි කන්න වෙන කතා කියන්න එපා යකෝ. මේක කවියක් ලියන්න කරපු ට්‍රයි එකක් විතරයි. උඹට මේකේ කවි ගතියක් තියෙනවද බං. අනේ මට එහෙම එකක් මේකේ පේන්නෙ නෑ. අනිත් උඹ කියපු එකට මම එකඟයි.

      Delete
    2. මධූවෝ අර කවිය දාපං මම නිවාඩු දවසක.උඹලගේ කවි කොමන්ටි බලලා වෙලාවකට තනියම හිනා යනවා බං.එතකොට නිවුඩිවෙ තනියම හිනාවෙවි ඉන්න පුලුවන්.

      Delete
  6. ආදරේ ගනු දෙනුවකි...

    ReplyDelete
  7. ආදරේ ...... ආදරේ ...... මේ ආදරේ ....හැටි තමයි

    ReplyDelete
    Replies
    1. ආදරේ........... ආදරේ......
      මේ ආදරේ හැටි තමයි නිහිම්සා.

      Delete
  8. මුවරද බර පිපි මල් ගොමු අතරේ නැත ආදරේ
    දේදුන්නේ පැහැ රේඛා අතරේ නැත ආදරේ
    හඳ පානේ ගඟ දිය රැළි අතරේ නැත ආදරේ
    ඝන අඳුරේ හුදෙකලාව නැගි කඳුළකි ආදරේ

    තුරු වදුලේ ඇල් හෙවණැලි අතරේ නැත ආදරේ
    රත ලවනේ පෙම් හසරැලි අතරේ නැත ආදරේ
    යුග නයනේ නිල් මිණි කැට අතරේ නැත ආදරේ
    ඝන අඳුරේ හුදකලාව නැඟි කඳුලකි ආදරේ

    පද රචනය - මහාචාර්ය විමල් දිසානායක
    තනුව සහ ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

    ReplyDelete
    Replies
    1. ස්තුති සින්දුවෝ. ඔයාගේ සින්දු එකතුව තව තවත් පොහොසත් වේවා.

      Delete
  9. නිර්මාණයත් සුන්දරයි..........
    ආදරයත් සුන්දරයි...............
    http://hudekalasithuwili.blogspot.com/

    ReplyDelete
  10. අහස් දැන් කවිත් ලියනවා නොවැ... ජයවේවා

    ReplyDelete
    Replies
    1. තවම ට්‍රයි කරනවා කුරුටු. ඔයාලා වගේ කවි ලියන්න තව ගොඩක් කල් යයි.
      ස්තුති.

      Delete
  11. මේ මෙන්ඩෙ, මේකෙ මොකක්ද බං එල? අරුංගෙ කොමෙන්ට් ටික ද?

    ReplyDelete
  12. මෙන්ඩා උඹ මොකද අපේ බිලොග් එක පැත්තේ නිකමටවත් එන්නේ නැත්තේ.
    ඇයි අපි කලුද
    අපිව එපාද
    රන් කද අපි කලුද

    ReplyDelete
  13. කසුන් හදිසියේම යමක් කියන්න තියනවා.මම බිලොග් අවකාශයට අලුත් ඇවිත් තවම මාස දෙකක්වත් නැ.නමුත් මෙ ටික කාලයට බොහෝ මිතුරන් මා සමග එකතු වුනා.කරැටු සින්ඩි නිතරම මාව අගේ කලා.ඔය අතරේ මට මුන ගැහුන බිලගෝ මිතුරන් පිරිසේ කැමා,මධුවා,,ඩ්‍රැකි,සුරංග වගේම උඹ මට බොහෝ සමීප වුන මිතුරන් වුනා.අද මම කොලඹ ගමයගේ පොස්ටි කියවනකමි උඹ දෘෂ්‍යාබාධිතයි කියලා දැනගෙන හිටියේ නැ.මට ඇස්වල කදුලක් ආවා.උඹ මෙ ටික දවසට මට ගොඩක් සමීප වුන මිතුරෙක්.අපි විහිලු කලා,හිනාවුනා,මඩ ගහගත්තා,විනෝද වුනා.

    කසුන් අපේ මිත්‍රත්වය සාදාකාලීකව පවතීවි.උඹට ජය

    ReplyDelete
    Replies
    1. පවතීවි බොහෝ විට මුණ නොගැහී හිටියොත්. (විහිළුවක් බං කලේ)
      මම දවසක් දෘශ්‍යාබාධිත කෙනෙක් සම්බන්ධව දාපු කවියකටයි කසුනා ඉස්සෙල්ලම කමෙන්ට් කලේ.
      කසුනා, උඹට ලෝකෙ පේනවා බං අපිට වඩා.

      Delete
    2. මධුවෝ මම තව ටිකකින් ක්ලාක් එකට යනවා.අදත් එන්නේ හවස.හිටපං ආවම උඹෙ අනිත් බිලොග් එක පැත්තට එන්නමි මඩ බාල්දියක් එහෙම අරගෙන

      Delete
    3. මනෝ, මදුවෝ,
      උඹලා ඕවා අමතක කරපල්ලා බං. ඔය ඇස් පේන්නෙ නැතු එක අපේ යාලු කමට වැඩක් නෑනෙ බං.

      හරි හරි අපි කවදා හරි හම්බෙනකල් මේ යාලුකම එහෙම ම තියේවි.

      Delete
  14. ආ...මෙන්ඩෝ. අන්න උඹේ ඉල්ලීමක් ඉටුකොලා.
    http://visitor-v.blogspot.com/2015/09/01.html

    ReplyDelete
  15. ආදරයත් කවියත් දෙකම නියමයි හොඳද
    ජයවේ කසුන්!

    ReplyDelete
    Replies
    1. හා වර්නයා උඹ ආයෙත් වැඩ පටන්ගත්තද? දැන් අවුලක් නෑනෙ?

      Delete
  16. එයි,

    ඔන්න මාත් ආව මේ පැත්තේ..

    පද පේලිය නම් නියමයි..එත් ටිකක් කොටයි වගේ...

    ReplyDelete
  17. අපි ජීවත් කරවන ආදරය..
    සොදුරු සුවබර මිහිරි මතකය ආදරය...

    ReplyDelete
  18. අහසින් එන්නා
    එල උඔගේ නිර්මාන හැකියාව
    මනෝ
    මධු මුව එල්ලපන්කා් රොලේ(සොයා යමි)
    මධු
    මට එ්ක තව දෙපාරක් කියවන්න ඔනේ

    ReplyDelete
  19. ආදරය චුවින් ගම් එකකි. මුලදී රසය. කොච්චර හැපුවත් එපා වෙන්නේද නැත. කොච්චර හැපුවත් රසයක්ද නැත. එහෙත් හැපීම නතර කරන්නේද නැත. අවසානයේ බඩට ගින්දරක් ඇත.

    ReplyDelete
    Replies
    1. එය එසේමය.
      ඉස්තූති සුදීකයියේ.

      Delete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.