Friday, October 16, 2015

පාලුයි, නිසන්සලයි. අහමුද ගීතයක්?

පෝස්ට් එකක් දාලා සතියක් යනකොට මෙන්න ආයෙත් පොඩි නිදහසක් ලැබුනා. ඊයෙ වෙනකල් බ්ලොග් බලන්නවත් නිදහසක් නැතුව හිටපුකොට පෝස්ට් කොහේ දාන්නද? තවමත් කලින් නිදහස හොයාගන්න බෑ. මේ දවස්ටිකේ බොහොම වැඩ නිසා මේකෙ පාලු මැකෙන්නත් එක්ක ආයෙත් සින්දුවක්ම දාල යන්නම්.

අද ගෙනාපු පාලු නිසන්සල කියන ගීය රචනා කලේ මගේ හොඳ මිතුරෙක් වෙච්ච, දැනට කොච්චිකඩේ ඉස්කෝලෙක උගන්වන, NVTA හිටපු IT උපදේශකයෙක් වෙච්ච කැලුම් ප්‍රසන්න සූරියගේ සහෝදරයා. මේ ගීතය කැලුම් අයියගෙ අද්දැකීමක්ද කියන්න මම නොදැන හිටියත් ඕඩියෝ අහපු අයනම් කිව්වෙ තමන්ගෙම අද්දැකීමක් වගෙයි කියලා.

මේ ගීතයට සංගීතය දුන්නේ නාලක අන්ජන කුමාර කියන සංගීත වේදියා. ඔහු ගැන සංගීතය ගැන දන්න අයනම් දන්නව ඇති. මම ඒ ගැන අලුතෙන් කියන්න ඕනෙ නෑ කියලයි මට හිතෙන්නෙ. වචන හොඳින් තෝරා බේරාගෙන සංගීතය මුසුකල බව මට හොඳින් දැනෙනවා. මේ ගීතය ආපු දවස්වල මම අදට වඩා මේකට ආසයි.

ඊලඟට ගායනය. මේ ගායනයත් මම කලින් පෝස්ට් එකේ ගායකයා විදිහට හඳුන්වා  දුන් තිස්ස ජයරත්නමයි. මේ ඔහුගේ දෙවැනි ගීතය.

ඔන්න දැන් මට කතෘ බාග ගෙවන්න කියන්නෙපා. මම මේ තුන්දෙනාගෙම නම් ප්‍රසිද්ද කරලා ඉවරයි.

මේ ගීතය ඇතුලත් වන සංයුක්ත තැටිය ගැනත් වචනයක් හෝ කියන්නම ඕනෙ. මම කැම්පස් ඉන්න කාලෙ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාදිධාරී මන්ඩලය විසින් ගී නිර්මාන එකතු කළා. පසුව ගායකයින්ටත් ආරාදනා කළා.නිර්මාන අතරින් හොඳ නිර්මාන 16ක් එකතු කරගෙන ගායකයන් 17ක් විතර එකතු කරගෙන CD තැටියක් නිර්මාණය කලා. එය (විකසිත සිත්) නමින් දොරටවැඩුනා. මේ එකී CD තැටියේ 11වන ගීතය.

අහල බලලා හොඳ නරක කියන්න. මට නෙවෙයි. කැලුම් අයියටයි, තිස්සටයි, නාලක අයියටයි.


පාලු නිසන්සල කඳු වැටි යායේ අප හමුවූවා මතක තියේ
සෙනෙහස උස් කඳු මුදුනින් බැහැලා සුලඟ වගේ ඔබ වෙන්ව ගියේ.

කඳු පාමුල පිපි සමන් පිච්ච මල් මතක සුවඳ ඇත එදා වගේ
විකසිත වූ ඔබ සුවඳ විහිදුවා නෑඹුල් සුවඳකි ලය මඩලේ

පර මල් දෝතට ගත්තාදෝ මා වෙන්වී යනතුරු නැහැ හැඟුනේ
හමුවී දවසක හිනහෙමු දෙන්නා එක පොකුරේ මල් දෙකක් වගේ.


27 comments:

  1. මේ මද්දහනේ මොන පාළුද නිසන්සලද, හැබැයි සින්දුව ඇහුවා........ ලස්සනයි

    ReplyDelete
    Replies
    1. මේ වෙලාවටනම් හරියන්නෙ බයිලයක් තමයි. ඒත් හවසක රෑක මේක අහල බලන්න.

      Delete
  2. //සෙනෙහස උස් කඳු මුදුනින් බැහැලා සුලඟ වගේ ඔබ වෙන්ව ගියේ//
    නියම ගැලපීමක්

    ReplyDelete
    Replies
    1. ඒ ගැලපීම නිසාද දන්නෑ ඉයන් මම මේ සින්දුවට හරි ආසයි.

      Delete
  3. //පාලු නිසන්සල කඳු වැටි// කියාගෙන යනකොට අමරදේවගේ සින්දුව මතක් උනේ..

    කටහඬ හොඳයි.. නාලක අංජන කුමාරගේ සංගීතයත් හොඳයි.. එත් තව ටිකක් "බරට' දැනෙන්න හදන්න තිබුනා කියල හිතෙනවා.. මේ වගේ සින්දු කනට මිහිරකට වඩා වේදනාවක් එකතුවෙන්න තමයි නිර්මාණය වෙන්නොනේ කියල මට පුද්ගලිකව හිතෙනවා..

    ReplyDelete
  4. මට අහන්න විදිහක් නෑ බං..

    ReplyDelete
    Replies
    1. මේකත් කල්පගානක් ගිහින්හරි අහන්න ඕනෙ මෙන්ඩෙ. දවසක අපි හම්ඹුනාම මම ඒ ගැන අහනව හරිද?

      Delete
  5. හිතට සමීප උපමා යොදලා තියන හින්දා සිංදුව අහන්න ආසාවක් හිතෙනවා.
    ..//පර මල් දෝතට ගත්තාදෝ මා වෙන්වී යනතුරු නැහැ හැඟුනේ//..

    ReplyDelete
  6. අද හොද සිංදු අහන්න ලැබුන දවසක්. අද සිංදුවේ නම් මට කිසිම දොසක් නෑ.ආසාවෙන් ඇහුව. නාලක අංජන කුමාරගෙ සංගීතය කියන්නෙ සුපිරිම තමයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති කම්මලේ. මම මේ කොමෙන්ට් අනිත් දෙන්නට මේල් කරන්නම්. නාලක අන්ජන කුමාරගෙ පුද්ගලික සම්බන්දයක් නැහැ. නැත්නම් කම්මලයා කිව්වා කියන්න තිබුන.

      Delete
  7. සින්දුව අහලම කියන්නම් කසුනෝ...

    ReplyDelete
    Replies
    1. හරි කැමා. සින්දුව ඇහුවෙ නැතත් අව්ලක් නෑ. උඹ සින්දු අහන එකෙක් නෙවෙයිනෙ. ඇවිත් ගියපු එක ඇති.

      Delete
    2. උඹ දන්නවනේ මං නිකමට හරි ගොඩ වෙලා යනවා කියලා... ඒක නෙවෙයි උඹ මීට වඩා ලියන්න පුළුවන් එකෙක් කසුනෝ...

      Delete
    3. ලියනවා ලියනවා. ටිකක් ඉවසහං. තව ටික දවසකින් නතර නොවී ලියනවා. අර උඹ කියපු වැඩේ ගැන දැන් මොකද තත්ත්වෙ?

      Delete
    4. කසුනා හොර වෙලා ඉන්නේ දැන්...

      Delete
    5. කසුනා, මේ පෝස්ට් එකේ කිසි අවුලක් නෑ. ඒ වුණාට, පිට පිට එක වගේ ඒවා නොදා වෙනස් දෙයක් දාපං. උඹ මං වගේ නෙමේ විවිධ මාතෘකා ගැන ලියනවානෙ. ඒ නිසා ගීතයක් හඳුන්වා දීම වගේ දේවල් දිගටම නොකර වෙනත් දෙයක් දාපං. අලියා දන්නේ නෑ උගේ තරම. උඹත් එ් වගේ.

      Delete
    6. මං ඕක කලිනුත් මූට කිවුවා මධු. වැඩක් නෑ. මු කියන දෙයක් අහන්නෙම නෑ.

      Delete
    7. මදුවෝ, කැමෝ,
      හරි හරි. පිලිගත්තා. ඊලඟ එකේ ඉඳල වෙනස් වෙන්නම්කො. ඉස්තුති වෙන්න ඕනෙ ඉස්සරහට තල්ලුකරනවට.

      Delete
  8. දැංනං අහන්න විදියක් නැ. පස්සෙ අහන්නං. පදමාලාවනං ලස්සනයි..............

    ReplyDelete
    Replies
    1. පස්සෙ අහල හොඳ නරකත් කියන්නකො.

      Delete
  9. පද මාලාව, තනුව, ගායනය ඉතාම අනර්ගයි.. මට ආසයි මේ ගායකයාගෙන් මිල්ටන් මල්ලව ආරච්චිගේ සින්දුවක් අහන්න.. එයා කියපු මිල්ටන්ගේ සින්දු තියනවනම් link එක දාන්න.. මට ඇහෙන්නෙම මිල්ටන්ගේ හඬ මෙයාගේ හඬ ඇතුලේ..

    ReplyDelete
    Replies
    1. මිල්ටන්ගේ සින්දු තියෙනවද කියල මතකයක් නැහැ. මම හොයල බලන්නම්. තිස්ස ලඟ තිබුනොත් දාන්නම්.

      Delete
  10. ඉයන් පොස්ටුවක දාපු සිංදුවකුත් අහල මේ එන ගමන් :) ලස්සන සින්දුවක් කසුන්.ගායනය,පද රචනය ,තනු නිර්මාණය කල මේ හැමෝටම දිගටම හොඳ නිර්මාණ කරන්න සුබපැතුම්

    ReplyDelete
  11. මම නම් ඕක ගොඩක් කලින් ඇහුවෙ හිතට දැනෙන ගීයත් අපේ කොල්ලෙක්ගෙ කටහඩකින්
    ජයවේවා කස්
    මේ වගේ තව ඒවා නැද්ද?

    ReplyDelete
    Replies
    1. තව අපේ නුවන් කියල කොල්ලෙක් ලියපු සින්දුවක් තියෙනව. තව ටික දවසකින් දාන්නම්.

      Delete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.