Friday, October 9, 2015

ගීතයකි ඔබ...



ආයුබොවන්! ඔයාල බොහොම සතුටින් ඇති කියල හිතනවා. අද මම අරන් ආවෙ කතාවක්වත්, කවියක්වත්, අද්දැකීමක්වත් නෙවෙයි. අද ගෙනාවෙ ගීතයක්. මේ ගීතය මට දෙපැත්තකින්ම සම්බන්දයි. ඒ කියන්නෙ මේ ගීතය ගයන තිස්ස ජයරත්නත්, ලියපු ලාල් වේරගොඩත් මගේ බොහොම සමීපතමයන් නිසා.

තිස්ස කියන්නෙ මගෙ හොඳ මිතුරෙක්. ඒ වගේම බැචෙක්. දක්ශ ගායන ෂිල්පියෙක්. ඒගැන ඉතින් මගෙ මිත්‍ර බැචෙක් වන බ්ලොග් මිතුරු වර්නයාත් සාක්ශි. මේ ඔහුගේ ප්‍රතම ගීතය නොවෙයි. ඔහුගේ ප්‍රතම ගීතය වුනේ නාහල්ලේ වජිරඥාන හිමියන් විසින් ලියා, අසංක හෙට්ටිආරච්චි සහෝදරයා විසින් තනුව යොදා සංගීතය සැපයූ (නමාමි බුද්ධං) කියන ගීතය. මේ ඔහුගේ තුන්වැනි ගීතය.

ලාල් වේරගොඩ කියන්නෙ මගේ උසස්පෙල ගුරුවරයෙක්. ඔහු ගුවන්විදුලියෙත් ඔබ අසා ඇති හඬක්. දැනට ගීත රාශියක් ලියා ඇති තරුන ගුරුවරයෙක්.

මේ ගීතයට ස්වර රටා එකතුකලේ චන්ද්‍රරත්න ඉලේපෙරුම නම් සංගීත වේදියා. මා ඔහු ගැන එතරම් තොරතුරු නොදන්නානිසා මේ ඇති.

හරි එහෙම බලනකොට මේක ගුරුවරයා ලියා තම ශිෂ්‍යා ලවා ගායනා කරවන අපූරු ප්‍රේම ගීතයක්. මම තවත් නොලියා ඔබට ගීතය අහන්න අවස්තාව ලබාදෙන්නම්. මම මේ ගීතය ගැන මොකුත් නොකියම යන්නෙ ඔයාලට ඒ තැන ඉතුරු කරලා. එහෙනම් මේ ගීතය ගැන ඔයාලට හිතෙන දේත් මෙතනම කියලා යන්න.



ගීතයකි ඔබ මගේ තත්සර රාවයේ
තනුව ඔබමය මගේ පද වැල් මාලයේ
හදින් හද මුමුනනා
සවන් අතරේ රැවු දෙනා.
ගීය ඔබමය තනුව ඔබමය මිහිරියේ...

සොයා එමි මම සුමුදු ඔබ රුව
හිඳිනු මැන මා එන තුරා.
ඔ‍බේ හඬ මම අසා සිටියෙමි
විහඟ ගීයක රැවු දෙනා...

ඔබ මගේ වී මා ඔබේ වී
එකම සෙවනක තනි වෙලා
මදු මලින් මල් මාල ගොතලා
පලඳවමි ඔබ ගෙල වටා.

ගායනය: තිස්ස ජයරත්න
පද රචනය: ලාල් වේරගොඩ
සංගීතය: චන්ද්‍රරත්න ඉලේපෙරුම

49 comments:

  1. හෙට ක්ලාස් ගියාම එනකොට රෑ වෙන හින්දා ඔන්න කලින්ම ඇවිත් ගියා.
    ආවම තව මොනව හරි ටිකක් කොටා දාන්නම්කෝ එහෙනම්

    ReplyDelete
    Replies
    1. සින්දුව ඇහුවෙ නැද්ද බං?

      Delete
    2. ඊයේ රෑ වෙලාවක් තිපුනේ නැ බං.ක්ලාස් වල ටියුට් වගයක් හැදුවා.අදත් දැන් තමයි ආවේ.දැන් සිංදුව ඩවුන්ලෝඩ් කරගෙන අහුවා.

      කලින් අහලා තිබුනේ නැ.ටිකක් ගැඹුරැ කටහඩක් තියෙනවා නේද ගායකයට.ඒක වාසනාවක් කර ගත්තොත් අනාගතය සාර්ථකයි.අද ගොඩක් පිරිමි ගායකයන්ටත් තියෙන්නේ ගෑණු කටහඩවල්.මුල් කාලයේ ගායකයන්ගේ කටහඩේ හොද පවා ගාම්භීර බවක් තිබුනා.ඒක නිසයි ඔවුන් දීර්ග කාලයක් ක්ෂේත්‍රයේ රැදි හිටියේ.

      කසුනුත් සිංදුවක් ලියලා දෙමුකෝ තිස්ස ජයරත්න මහත්මයාට

      Delete
    3. කසුන් මොකද බං උඹ දවස් ගානකින් නැත්තේ

      Delete
    4. මනෝ, උඹ ආයා ඒ ලැවල් කොරනවද බං?

      Delete
    5. ආයා නෙමෙයි යකුනේ ‘ආයේ‘

      Delete
    6. A/L කරන්නැ බං.
      කැළණි,ජපුර බාහිර ලමයින්ට BC උගන්වනවා.
      අලුත් ලමයි ගන්නවා මේ මාස වල.ඒක නිසා වැඩවැඩියි

      Delete
    7. මනෝ, තව සින්දුවක් දැම්මා බලන්න. මට සින්දු ලියන්න පුලුවන් කියන්න කෙනෙක් නෑ. කියන්න පුලුවන් ලියන්න කෙනෙක් නෑ. ඉතින් මොකද කරන්නෙ.

      Delete
  2. අපුරැ ගීතයක්...ඔන්න මාත් ආවා මේ පැත්තට

    ReplyDelete
  3. සින්දුව ඇහුවා....... නියමයි.... කසුන්ගේ මාර යාළුවොනේ ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. ස්තුති බන්ඩා. තිස්ස ඇවිත් මේවට කොමෙන්ට් කරන්න කලින් මම රිප්ලයි කරා.

      Delete
  4. ලස්සන සිංදුවක් ආ............

    ReplyDelete
    Replies
    1. ස්තුති අවංක. (තිස්ස වෙනුවට)

      Delete
    2. හෑ මොකක්ද ඒ තිස්ස කතාව....? එවෙලෙ හදිස්සියට අහලා ලස්සනයි කිව්වට දැන් තමයි නිදහසේ ආයිමත් ඇහුවෙ. කටහඩ පට්ට. ගැඹුරුයි. පැහැදිලියි. පද මාලාව ගැනනං කියන්න දෙයක් නැ සුපිරියි. මියුසික් එකත් ඒ දෙකටම පට්ටෙටම ගැළපෙනවා. මේ මං කිව්වෙ මට හිතෙන හැටි හොදේ.................

      Delete
  5. උඹ ඉතින් ඔය මගෙන් හොඳවයින් දෙකක් අහගන්න හදන්නෙ. ඇයි යකෝ මං සින්දු අහන එකෙක් නෙවෙයි බොල...
    ලස්සනයි මචෝ.. ඇත්තටම....

    ReplyDelete
    Replies
    1. අනේ පලයං.උඹ කිව්වේ මම ජිවිතේට සිංදුවක් අහලා නැ කියලා.කනට කරලා සිංදු කියන්න නම් දන්නවා කියලා.

      Delete
    2. ඳෞඹනෙ බං ඩ්‍රැකියගෙ කනට කරලා හිමින් හිමින් සිංදු කිවුවෙ....

      Delete
    3. මධුවා අපි අල්ලගන්නම බෑනේ බං.හූනියමක්වත් පෑගිලද කොලුවට.

      Delete
    4. හූනියමක්ම තමා බොලව් එක අතකට බැලුවම. රස්සාව ගැන හොඳටම කළකිරුණු යුගයක මැද හරිය.

      Delete
    5. ඔන්න කැමා උඹ කැමති පෝස්ට් එකක් ආයෙත් දැම්මා.

      කියහං උඹේ දෙක බලන්න.

      Delete
  6. ගීතය නම් මනරම් කසුවෝ , සංගීතය සහ හඬ නියම පමණට , බොහෝ අලුත් ගීත වල වෙන්නේ සංගීතයෙන් ගීතය යටපත් වීම , නමුත් මේ ගීතය රසවිඳින්න හැකි පමණට සංගීතයත් සමහ යහමින් මුසුව තියෙනවා

    ReplyDelete
    Replies
    1. මගෙත් වැඩි මනාපය මේ වගේ වාද්‍ය බාන්ඩ වලට නිසා මම මේ ගීතයට ගොඩක් කැමතියි. ටිකක් තව ස්ලෝ උනානම් තවත් නියමයි.

      Delete
  7. මම නම් ඇහැව්වේ නෑ..
    නිවාඩු පාඩුවේ අහන්නම්..(ඒකට ඉතින් කල්පකාලාන්තරයක් බලාගෙන ඉන්න වෙයි).

    ReplyDelete
    Replies
    1. හරි මෙන්ඩො. එතකොට මේකෙ රසය තවත් වැඩි වේවි.

      Delete
  8. හොඳ හඬක්.. සංගීතයත් පමණට සංයෝජනය වෙලා.. වැඩිත් නෑ.. අඩුත් නෑ.. 'කන්වෙන්ෂනල්' සිංදුවක්.. මටනම් හිත ගියේම ඉතින් වචන ටිකට.. ජය!

    ReplyDelete
    Replies
    1. ඉස්තුති වේවා කල්යානේ. (තිස්ස වෙනුවට)

      Delete
  9. පද රචනය තමයි මගෙ හිතට ඇල්ලුවෙ , ගායනය වේගවත් වැඩියි වගේ දැනෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් කම්මලේ. තව ටිකක් ස්ලෝ උනානම් හොඳයි. මම ඒක සර්ටත් කිව්වා තිස්සටත් කිව්වා. දැන් මොනව කරන්නද?

      Delete
  10. ගීතය උපරිම හොදයි ...... ඉහල මට්ටමක රස වින්දනයක් තියනවා .... මේකට විෂුවල් එකක් දාන්න . ගායකයා තවත් ජනප්‍රිය වෙයි ...

    ReplyDelete
    Replies
    1. ඔව් නිහිම්සා. අපි උත්සාහ කරනවා. බොහෝවිට වේරගොඩ සර් විෂුවල් එකකුත් හදයි.

      Delete
  11. මම මේක කලින් ඇහුවා වර්ණ කුලකයෙන් ....නියමයි .තිස්ස ජයරත්නත් දෑස නොපෙනෙන සහෘදයෙක් .ඔහුට තව තවත් නිර්මාණ කිරීමට හැකිවේවා කියලා ප්‍රර්ථනා කරනවා කසුවෝ ...

    ReplyDelete
    Replies
    1. ඔව් වර්නයත් මේක දාල තිබුනා. වැඩි හොඳට මමත් දැම්මා.

      Delete
  12. ගීතය ලස්සනයි...

    එත් වචන ටික බලපුවාම නම් තේරෙන්නේ එක මීට වඩා ස්ලෝ මෙලඩියක් තියෙන්න ඕන කියලයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එහෙම උනානම් හොඳයි. ස්තුති සහෝ.

      Delete
  13. අපිත් තිස්සට චියර් එකක් දුන්නා කුලකයෙන්
    http://warnakulakaya.blogspot.com/2015/07/blog-post_14.html
    ජයවේවා කසුන්

    ReplyDelete
    Replies
    1. හා මේ තියෙන්නෙ. කොහොමහරි මේ සින්දුව ජනප්‍රිය වෙන එක හොඳයි.

      Delete
  14. ගීතයක් ලස්සන වෙන්න අවශ්‍ය පද වැල්, සංගීතය හා කට හඬ කියන මේ ත්‍රිත්වයෙන්ම පොහොසත් ගීයක්.....

    ReplyDelete
    Replies
    1. ස්තුති තුශානි. (තිස්ස වෙනුවට.

      Delete
  15. අසංකගේ ගීතයක් සේ මතුවෙයං මතක් වුණා. කෝ ඉතිං ඒ පාර මේ වල් කසුනා?

    ReplyDelete
    Replies
    1. ලැප් එකේ මොනවදෝ තිබිලා පොලිසියෙන් ගෙනියලා නෙලලා හොදටම.මම ඕකා බලන්න ගියා,ඔන්න ඇදේ දිගා වෙලා කෙදිරි ගගා ඉන්නවා.තව දවසක් දෙකක් යයි හොදවෙන්න.ලාච්චුවටත් දැම්මලු.ආයෙත් නම් මතක ඇති කාලේක ඒවා බලන්නේ නැ කිව්වේ..

      Delete
    2. //අහසෙන් එන්න(කසුන්)October 6, 2015 at 10:16 AM
      පොඩ්ඩක් ඉන්න සින්දුඇනෝ. මම හාර්ඩ් ඩිස්ක් එක පෙරලලා තව සින්දු ටිකක් ගෙනැල්ලා මෙතන දාන්නම්.//
      හුටා ...මම හිතුවා මු මෙහෙම කියන කොට මොනවා හරි කරගනී කියලා ........... ...සින්දු ටික අතරේ මු මොන මොනවා හරි හංගලා තියෙන්න ඇති ....

      Delete
    3. මදු, ඉන්නව බං මේ ඉන්නෙ.

      මනෝ,
      ඔව් මං අද ආවෙ. ඔක්කොම ලාච්චුවට දාලා ලැප විතරක් ඉල්ලං ආවා. නැත්නම් උඹලට කොමෙන්ට් කරන්න විදිහක් නෑනෙ.

      සින්දු,
      කොහෙද? සින්දුටික හොයාගන්න බැරි වුනා. වෙලාවක් නැතුව ගියා. පුලුවන් වෙච්චගමන් මම සින්දු ටිකක් දාන්නම්. ඒ අස්සේ එක එක ඒවා තිබිලා බැලුවා. පොලිසි ගියා. දැන් ඇවිත් කොමෙන්ට් කරන්නෙ.

      Delete
  16. මම මේ සින්දුව කලින් අහල තිබ්බ මතකයි හරිනේ මේ සින්දුව ගැන කලින් වර්ණ පොස්ටුවක් දාල තිබ්බනේ :)

    ReplyDelete
    Replies
    1. හා ඔයාලට මතකයි නෙ? මම මේ ඔයාලට මේ සින්දුව මතකද කියල බැලුවා.

      Delete
  17. වර්ණගේ පෝස්ටුවකත් තිබ්බා යාළුවේ. ඒත් එ්වා ගැන ආයෙ ආයෙ ලියවෙන එක ගොඩක් හොදයි

    ReplyDelete
    Replies
    1. ඒක තමයි සබරෙ. ඔන්න මමත් ඒක නිසා ලිව්වා.

      Delete
  18. ලස්සන සිංදුවක් බං

    ReplyDelete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.