Tuesday, December 8, 2015

පුත, ගිහින් යලි එන්න

නොසිතූ විලස
නොසිතූ වෙලාවක
මා කුස අරා
හිඳී ඔබ.
ස්නේහයෙන් පුරවා
මා ලය මඩල
පුතුනි,
අද යන්න
යලිත් හෙට එන්න
නොලද
පිය සෙනෙහේ
රැගෙන
යලි එන්න.

31 comments:

  1. ලස්සනයි
    ජයවේ කස්!

    ReplyDelete
  2. ඉයන් අහන එකමයි මටත් අහන්න තියෙන්නෙ.

    ReplyDelete
  3. ඉයන් අහන එකමයි මටත් අහන්න තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක හරි. මගෙත් අදහස එයමයි.

      Delete
  4. මා කුස අරා.. සහ පිය සෙනෙහේ කියන දෙක එකකට එකක් ගැලපෙන්නේ නා වගේ නැද්ද? නිමිත්ත ටිකක් වචනවලින් හයිලයිට් උනානම් වටිනවා.. කියෙව්වම හිතෙන්නේ ඉයන් අහපු එකම තමයි..

    ReplyDelete
    Replies
    1. කියන්නත් උත්සාහ කරේ ඉයන් අහපු එකමයි. ඒ වචන දෙක නොගැලපෙනවා වගේද දැනෙන්නෙ?

      Delete
    2. මේක කියන්නේ පියා නම් 'මා කුස අරා' වෙන්නේ කොහොමද? එක්කෝ මව් කුස අරා වෙන්න ඕනි.. නැත්නම් මව් සෙනෙහේ (මවක් කියන කවියක් විදියට) වෙන්න ඕනි.. මට හිතෙන හැටි.. :)

      Delete
    3. පියාට දැන්ම ඕනෙ නැති නිසා මව කියනව ගිහින් එන්න කියල?
      එහෙම නැත්නම් පියා අතහැර ගොස් නිසා?

      Delete
    4. එකපාර හිතාගන්න බැහැ. අර්ථය පොඩ්ඩක් අවුල් වෙලා ලියවිලා තියෙන්නේ.

      Delete
    5. මව කියන දෙයක්. පියාට දැන්ම දරුවෙක් උවමනා නැහැ. ඒත් මව දරුවෙකුට හරි ආදරෙයි.

      මේ අදහස හිතුනෙ ‘‘තවත් දරුවෙක්‘‘ කියන කෙටි කතාව කියවලා. පොතේ නමත් තවත් දරුවෙක්.

      Delete
    6. //මව කියන දෙයක්. පියාට දැන්ම දරුවෙක් උවමනා නැහැ.// ++++++++++++++

      Delete
  5. මාර අප්සට් අත්දැකීමක්
    මාර සුන්දර විදිහට ලියල
    කියල මට හිතෙනව

    (කොහොමද මගෙ කවිය?)

    ReplyDelete
    Replies
    1. අම්මටහුඩු
      රෙෂ්පට් කයිය
      හොල්මන්ද පොල්කොළ

      කොහොමෙයි මගේ එකත් :D

      ඇයි මගෙ කයිය

      Delete
    2. නයි කයිද රෝස් පාං
      මුන් දෙන්නම ලියලා
      කවදා කාපු ටකරංද කියලා
      මාත් ලියනවා එල ද බ්‍රා

      කොහොමද මගේ කයිය?

      Delete
    3. පත්තරෙයයි
      මෙන්ඩයි
      දෙන්නම එක මිටට
      උඩුකුරුඤ්ඤං...

      Delete
  6. කසුනත් දක්ෂ කවිකාරයෙක් වෙලා.

    ReplyDelete
  7. විචාරකට දීපු පිළිතුරෙන් තමා හරියට පැහැදිලි කරගත්තේ. ඇඩ්වාන්ස් කවි කියවන්න මම ටිකක් කම්මැලියි..

    ReplyDelete
  8. අපිට වුවමනා වෙලාවට එයාලා එනනෙ නෑ..දෙවියෝ එයාලව තනි අතින් අපිට දෙනකොට අපි අත් දෙකෙන්ම බාර ගන්න ඔනේ..
    ගබ්සා කරන එවුන් අකුලෝලම පල

    ReplyDelete
  9. ලස්සන නිර්මාණයක් කසුනෝ.......

    ReplyDelete
  10. අපූරු නිර්මාණයක් කසුන්. ජය !

    ReplyDelete
  11. පිය සෙනෙහස උරුම නොවීම දුකක්. ඒත් ඒ නූපන් දරුවට එහෙම කරන එක ඊට වඩා පවක්.

    ReplyDelete
  12. කලලයක් හැදෙන්න ඇරලා හෝදලා දාන එක මහා නරකයි.ඉපදුන දරුවන් කානුවට විසිකරන එක ඊටත් නරකයි.සිංගල් පේරන්ට් සංකල්පය නැති එක නරකයි.. ඕන නැත්තං හිටින්නැතුව වැඩේ කොරගන්න දැණුමක් නොදෙන සමාජය ඔක්කොටොම වඩා නරකයි.
    ජයවේවා..!!

    ReplyDelete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.