Thursday, January 21, 2016

ස්පීකරයෙන් තිරය කියවීම හෙවත් Use a Computer



මේ පෝස්ට් එක ලියන්න හිතුනේ කිහිපදෙනෙක්ම අහල තිබුනු ප්‍රෂ්නයක් නිසා. ඒ මේකයි.“ඔබ බ්ලොග් කියවන්නේ, ලියන්නේ කොහොම ද? පරිගනඛය භාවිතා කරන්නේ කොහොම ද? කියලා. මා ඒ හැමෝට ම බොහොම කෙටියෙන් පිලිතුරු දුන්නත් මේ ගැන අහන්න බැරි වෙච්ච, අහන්න බලං ඉන්න හැමෝට ම දැනගන්න මේ ටික දාන්න හිතුවා.

මා බාවිතා කරන්නේ ඔබ බාවිතා කරන දැනට වෙලඳපොලේ දැකිය හැකි ලැප්ටොප් පරිගනඛයක්. එහි කිසිඳු වෙනසක් සිදු කර නැහැ. (වෙනසකට ඇත්තේ අදික ලෙස අතගෑමෙන් අවර්න වීම පමනයි.) නමුත් ඔබ මෙන් මා මව්ස් භාවිතා කරන්නේ නෑ. ඒ වෙනුවට කීබෝර්ඩ් විධානයන් (මාෂල් විදානයා නොවේ) භාවිතා කරමින් ක්‍රියා කරනවා.ඒ අතරින් බොහෝ විධානයන් ඔබට ද බාවිතා කල හැකි සාමාන්‍ය වින්ඩෝස් මෙහෙයුම් පද්දතියේ ඇති විධානයන්මයි. ඊට අමතරව තිර කියවනය (screen reader) මගින් ලබා දෙන විවිධ විධානයන් බාවිතා කරනවා.
මෙහි කියවුනු “screen reader” විෂේශ ම කාර්ය සිදු කරනවා. ඔබට පරිගනඛ තිරයෙන් (Moniter) විසින් සිදු කරන සේවාව මේ මගින් කෙරෙනවා. ඒ තිරයේ ඇති සෑම දෙයක්ම ඉංග්‍රීසි, සිංහල, දෙමල, හින්දි ආදී භාෂා තිහකට වැඩි ප්‍රමානයක් දැකිය හැකි වනවා. එහිදී තිරයේ වැටෙන අකුරු (Text) ස්ක්‍රීන් රීඩරය විසින් ලබාගෙන හඬ බවට පත් කර ඇසීම ට සලස්වනවා. එනිසා දෘශ්‍යාබාධිත තැනැත්තා ට මොනිටරයේ සේවාව ස්පීකර් මගින් ලබා ගත හැකියි. උදාහරනයක් ලෙස අප යම් ලියවිල්ලක් යතුරු ලියනය කරනවා යැයි සිතමු. එහිදී අප යතුරුලියනය කරන සෑම අකුරක්ම ඒ මොහොතේම ඇසීමට හැකි වනවා. සහ කියවීමට හැකි වනවා. ඒ විදිහට නොකියවන්නේ පින්තූර වැනි දේ පමනයි.
සරලව ම කියනවානම් මේක මෘදුකාංගයක්. මේ මෘදුකාංගය ද විව්ර්ත සහ මිලදී ගත යුතු ලෙස දෙවර්ගයක් දැකිය හැකියි. ඒ අතරට JAWS, NVDA, IVONA වැනි මෘදුකාංග අයත් වනවා. ඉතා පහසුවෙන් සිංහල සහ වෙනත් බාෂා විශාල ප්‍රමානයක් සහිත NVDA ඔබට වුවත් පහසුවෙන් බාගත කර ගත හැකි අතර මෙය නොමිලේ ලබා දෙන්නක්.
ඒ සමග බාවිතා කර හැකි විවිද TTS (Text To Speech) ද නිෂ්පාදනය වී තිබෙනවා. ඊට සිංහල ද ඇතුලත්. එහි ඇති විෂේශත්වය වන්නේ මානව හඬ ට සමීප ලෙස නිෂ්පාදනය කර තිබීමයි. උදා: සිංහල-තවමත් පරීක්ෂන මට්ටමේ ඇත. හින්දි-ලේකා TTS. ඉංග්‍රීසි-ඉවෝනා TTS. වැනි TTS දැකිය හැකිය.
එපමනක් නොව අද වනවිට බෙහෙවින් ජනප්‍රිය ටච් උපකරන ද දෘෂ්‍යාබාධිත අය සඳහා බාවිතයේ පහසුකම් ලබා දී ඇත. මෙයනම් විවිධ භාෂාවලින් තිබුනත් සිංහල කියවීම සඳහා TTS නොමැති වීම දැනට දැකිය හැකි විෂාල අඩුපාඩුවක්. එයනම් ඔබේ දුරකතනයේ, ටැබ්ලට් එකේ වුවද ඕනෑම අවස්තාවක ක්‍රියාත්මක කර හැකියි.
මේ බාවිතය පිලිබඳ ඉතා සරල සහ ඉතා කෙටි පැහැදිලි කිරීමක් පමනයි. මේ ගැන කියනකොට බ්ලොග් කරන්නේ කොහොමද කියල අහපු අය කල්පනා කරන්න පුලුවන් එතකොට මේක කරන්නේ කොහොමද කියලා. මේක HTML ටෙම්ප්ලේටයක් නිසා පෙර කී රීඩර් මගින් මෙහි ඇති දෑ කියවනවා. එනිසා මෙය යම් ඉවසීමක් සහිතනම් කල හැකියි. ඉවසීම නැති අයෙක්නම් යම් යම් අඩුපාඩු විය හැකියි.
එහෙනම් මේ කෙටි පැහැදිලි කිරීම ඔබට ප්‍රයෝජනවත් ඇතැයි සිතනවා. තවත් වැඩි දුර යමක් දැනගන්න කැමතිනම් මේලක් මගින් කතා කරන්න පුලුවන්.
එහෙනම් අලුත් එකක් ලියනකල් හැමෝටම ජයෙන් ජය ම වේවා.

33 comments:

  1. බොහොම ස්තූතියි මචං මේ විස්තරයට. මම දැන ගෙන හිටියේ නැහැ.

    ReplyDelete
  2. නියමයි... මම පට්ටෙට කල්පනා කර කර හිටියෙ.උඹ කලින් කිව්ව උනාට මට මෙව්වා ග්‍රීක්.පොඩ්ඩක් බැහැල හෙව්වට කමක් නෑ වගේ මේක නම්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හොයන්න හොයන්න. මටත් මේව මුල් කාලෙ ග්‍රීක් තමා. දැන් හුරු වෙලා.

      Delete
  3. ස්තුතියි කසුන්.. ලෝකයේ තාක්ෂනය ඕන තරම් තිබුනත් අවශ්‍ය පුද්ගලයින්ට ඒ තාක්ෂනය භාවිතා කරන්න පුළුවන් වෙන්න දැනුවත් කිරීම් කරන සේවාවන් අපේ රටේ බොහොම අඩු නිසා මේ දේවල් මිනිස්සු අතරට යන්නේ නැහැ. එතන තමයි අපේ සිරි ලංකාවේ තියන දුර්වලකම..

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් මේ වගේ තාක්ෂනික දේ ගැන දන්නේ නෑ. ඒ නිසා මගේ පැත්තෙන් කරන්න පුලුවන් දේ කලා. ස්තුති ආවට, කියෙව්වට.

      Delete
  4. මෙහෙම දෙයක් ගැන දැනන් හිටියේ නෑ.
    ලියපු එක වගේම මෙහෙම දෙයක් මගින් උඹ අපි එක්ක එකතු වෙන එකත් සෑහෙන්න වටිනවා මචං.

    ReplyDelete
  5. ඇත්තමයි මචන් මෙහෙම දෙයක් මාත් දැනගෙන හිටියේ නෑ..
    මමනම් හිතන්නෑ මේ මෘදුකාංගය උනත් දෘශ්‍යාබාදිත කෙනෙකුට ලේසියි කියලා. ඔබගේ ඉවසීම අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. මුලින් ම පුරුදු වෙන කෙනෙකුට අමාරුයි. විෂේශයෙන් මෙය තේරුම් ගැනීමේ අපහසුතාව තිබෙනවා. හේතුව අප හුරු වී ඇත්තේ මානව හඬටයි. මෙය සින්තටික් හඬක් නිසා කනටත් යම් අපහසුවක් තියෙනවා. කාලයක් යනකොට හරිගියත් එක දිගට අහං ඉන්න අපහසුයි.

      Delete
  6. සිංහල යතුරු ලියන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඒ සඳහා ඔබ විවිධ ක්‍රම භාවිතා කලත් අපට වඩා පහසු ක්‍රමය වන්නේ විජේසේකර යතුරුපුවරුව බාවිතා කිරීමයි. ටයිප් කරන අකුර කියවනවා. නමුත් සමහරවිට සමහර අකුරු වැරදියට උච්චාරනය වනවා. එවන් අවස්තාවකදී වෙනත් අයෙකුගේ සහය ලබා ගැනීම හෝ වෙනත් ක්‍රමයක් සඳහා යොමු විය යුතු වනවා. අනෙක් ක්‍රම මගින් ටයිප් කිරීමේදී මීට වඩා ගැටලුවලට මුහුන දීම ට සිදු වනවා.

      Delete
  7. ඇති යන්තම් එකක් ලිවුවා... ඔය මෘදුකාංගය වුනත් සම්පූර්ණ දෘශ්‍යාබාධිත කෙනෙකුට වැඩ කරන්න ටිකක් අමාරුයි නේද මචෝ? එහෙම කරන්න ඒ කෙනා ලඟ ලොකු ඉවසීමක් තියෙන්න නම් ඕනෙ. දැන් ඔය තාක්ෂණයන් වේගෙන් දියුනු වේගෙන එනවා. ලඟදි හඳුන්වලා දුන්නා අළුත් තිර තාක්ෂණයක් ඒකෙ මතුපිට අවශ්‍ය විදිහට හැඩගස්වන්න පුළුවන්. ඒ කියන්නෙ ටච් ස්ක්‍රීන් එකක් උනත් අපිට අවශ්‍ය නම් සාමාන්‍ය ස්විචස් වගේ දැනෙන්න ඒ තැන් ඉහලට ඉලිප්පෙන්න හදා ගන්න පුලුවන්. ඒකෙදි පුළුවන් බ්‍රේල් ක්‍රමය පහසුවෙන් යොදා ගන්න. ඔය වගේ දේවල් ඉක්මනට දියුණු වෙනවා මචෝ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. නමුත් ඒ තාක්ෂනය ලංකාවේ අයට බාවිතා කිරීමේ අපහසුතාවක් තිබෙනවා. ප්‍රදාන හේතුව අදික මිල ගනන් යටතේ විකිනීම. මා දන්නා තරමින් මේ තාක්ෂනික උපකරන අතරින් සමහර ඒවා ලංකාවට ම එකයි.
      ඇත්ත කැමා. ඔබ තරම් ලේසියෙන් දෘශ්‍යාබාධිත කෙනෙකුට පරිගනකය භාවිතා කරන්න බෑ. සමහර වෙලාවට ස්ක්‍රීන් රීඩර් කියවන්නැතුව හිර වුනාම අනාතයි.

      Delete
  8. මොකද අනේ පරිගණක කියලා ඔච්චර පහසුවෙන් ලියන්න පුළුවන්කම තියෙද්දී පරිගනඛ කියලා ලියලා තියෙන්නේ?

    මේ ක්‍රමයට සිංහල අකුරු කියවනකොට සමහ ඒවා නිවැරදි හඬින් උච්ඡාරණය වෙන්නේ නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්. නමුත් දැන් ඒ සඳහා විසඳුමක් අත්හදාබැලෙමින් පවතිනවා. එය සාර්තක නම් උච්ඡාරන ගැටලුව මග හැරේවි. වැරැද්ද පෙන්නුවට ස්තුති.

      Delete
  9. උඹ කියනවට මං ඕක අරං බැලුවා. යකෝ ඌ කියෝනවා කියන්නේ.................ලොවෙත් එපා වෙන්න..හැක් හැක්. උඹ කන කට්ටෙ හැටියට උඹට සම්මාන දෙන්න වටිනවා.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්. උඹ දාගත්ත ද? කොටි වල්ගෙ අල්ලගත්ත වගේ නේද? සිංහලත් කියවලා බලහං. මොන සම්මාන ද වස්තුවේ. ඕව ගත්තම ඇනෝල බනිනවනෙ. අර මාතට හෙම බනින්නෙ. හපෝ මටනම් එපා.

      Delete
  10. :) මමත් මේ ගැන අහන්න හිටිය කෙනෙක්.. ස්තූතියි ඔබේ පැහැදිලි කිරීමට

    ReplyDelete
    Replies
    1. හා දැන් හරිනේ? දැක්ක නේද අහන්න හිටපු ඒවට කලින් ම උත්තර දීපු හැටි?

      Delete
  11. Just got it.. for me you are a legend!! Keep up the good work. Cheers!!

    ReplyDelete
  12. මම මේ ගැන උඹෙන් අහන්න කියලා හිටියෙත්.දැන් අහන්න දෙයක් නෑ පෝස්ට් එකේ විස්තරේ තියනවනේ.
    උඹ මට කෝල් එකක් ගත්තද ?

    ReplyDelete
  13. ඇන්ඩ වලත් TTS තියෙයි. එත හෙන ස්පීඩ් සිංහල කියවන්නෙ නෑ. මං හිතන්නෙ සිංහල කියන්නෙ තාම අනතර්ජාලයට අලුත් හින්ද වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. ඇන්ඩ්‍රොයිඩ් වලත් තියෙනව. ඉංග්‍රීසි හොඳටම හොඳයි. සිංහල කියවන්නෙ නෑ.

      Delete
  14. උඹට වෙනම සම්මානයක් දෙන්න වටිනවා කසුන්. මම වගේ ඉවසීම අඩු එකෙක් උනානම් ලැපත් පොළවෙ ගහලා මෙලහට.

    ReplyDelete
    Replies
    1. හැක හැක හැක. ඒකනෙ බොට මෙහෙම නොව්නෙ. මොන සම්මානද බං මට දැන් සම්මාන ලැබිල තියෙන්නෙ.

      Delete
  15. කසුනා හැමදාම බැන්නත් අපි තාම අරක හදාගන්න බැරිවුණා..... ලිපිය කියවලා බලද්දි විදින අපහසුව වටහාගත්තා........

    ReplyDelete
  16. කියවන දෙය ටයිප් වෙන මෘදුකාංගයක් තිබුණනං තවත් ලේසියි කියා හිතෙනවා. 3001 පොතේ තිබුණ ඒ වගේ මයින්ඩ් රයිටර් එකක් ගැන... හිතට එන දේ ඔක්කොම ලියන.

    ReplyDelete
    Replies
    1. වොයිස් ඉන්පුට් සොෆ්ට්වෙයා තියෙනවා. හැබැයි ඒව හැමතැනදි ම පාවිච්චි කරන්න බෑ. හේතුව තමා උච්ඡාරනය කරන විදිහ, බැග්ග්‍රව්න්ඩ් නොයිස් ලෙවල් එක වගේ දේවල් මේකට බලපානව. ඒ නිසා මේ වැඩේ අසාර්තකයි තවම.

      Delete
  17. මේ පැහැදිලි කිරීම ගොඩක් වැදගත්. වින්ඩොව්ස් වල අක්සෙසරිස් වල‍ට ගිහාම TTS තියනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්. නමුත් ඊට වඩා මේ ටූල් ටික හොඳයි. වින්ඩෝස් නැරේට තවම ඒ තරම් දියුනු වෙලා නෑ. 10ට එද්දිත් සංවර්දනය වුනත් මං කියල තියෙන සොෆ්ට්වෙයා දෙකට ලං වෙන්න අසමත්.

      Delete
  18. මේ පොස්ටුව අදයි දැක්කෙ.කසුන් මමත් හෙව්ව සිංහල (TTS ) මම දැක්ක මොරටුව විශ්වවිද්‍යාලෙ අය AMoRA කියල එකක් හදනවා
    මේ ලින්ක් ඒකෙන් තමා මම දැක්කෙ ...
    http://lms.uom.lk/sf/shantha/Project-web-sites/2009-10/PI-58-AMoRA/index.html

    ඇත්තමයි කසුන් මේ ලිපිය කියෙව්වම මට පුදුම හිතුන.කසුන්ට නම් වෙනම සම්මානයක් දෙන්න ඕන.මෙහෙම යාලුවෙක් අඳුරගන්න ලැබුන එකත් සතුටක් :)

    ReplyDelete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.