මා
1995 වසරේ ජනවාරි සිට 1998 වසරේ පෙබරවාරි දක්වා නර්සරියේ සිටියා. ඒ කාලය තුල ලැබුනු
අද්දැකීම් බොහොමයි. ඒ අතරින් කිහිපයක් පමනක් මේ කතාව වෙනුවෙන් ලියන්නට මම කල්පනා
කලා. ඒ අප ඒ කාලයේ ජීවත් වූ නේවාසිකාගාර පරිසරය ගැන යම් අවබෝදයක් ඒ හරහා ලැබේවි
යැයි සිතන නිසා.
වමනේ
බත්
අපේ
හොස්ටල් එක බලා ගන්න හිටියේ පාලිකාවො දෙන්නෙක්. ඉන් එක් තැනැත්තියක් තරමක් උස,
මහත, කන්නාඩි පලඳින, වයසක ද්‍රවිඩ කාන්තාවක්. අනිත් තැනැත්තිය ඒ තරන්ම නූස් වුවත්
ඉතා සැර කාන්තාවක්. ඇය අතෙහි නියපොත්තක් ද වවාගෙන සිටි බවක් මතකයි. ඒ යම් යම්
අවස්තාවල ඒ නියපොත්ත ට මගේ කන ද හසු වී තිබීම නිසයි. මේ පාලිකාව නිතර ම සාය සහ
හැට්ට හැඳි අතර කලින් කී පාලිකාව සාරි හැඳීම ට හුරු වූ අයෙක්.
අප
නිතර කෑම කන වේලාවන් තුල බැනුම් අසමින් කෑම ගන්නා බව කලින් පෝස්ට් එකේ කිව්වා. මේ
කෑමත් අපිට දුන්නේ එක්තරා ක්රමයක ට. ඒ කියන්නේ සතියේ ඒ ඒ දින සඳහා ලැබෙන්නේ කුමන
ආහාර ද යන්න අපි හොඳින් දැන සිටියා. ඉරිද ට සැමන් හොදි සමග පාං රාත්‍රියටත්, දහවලට
බතල හොදි සමග හරක්මස්, ඒවා නොකන අයට වෙනත් දෙයකුත් ලැබෙන බව අප දැන සිටියා. මතක
හැටියට බදාදා දිනට වට්ටක්කා සමඟ සම්බෝලත් ලැබුනා.
සතියේ සමහර දිනවලදී අපි වේල් දෙකක් ම පතෝල,
වැටකොලු, පිපිඤා වැනි කෑමක් කෑ බවත් මතකයි.
මේ
සිදුවීම් සිදු වන්නේ ඔවැනි දවසටයි.
අපි
කෑමට ඉඳගන්නේම හරි අකමැත්තෙන්. ඔය තියෙන වැටකොලු, පතෝල වගේ ඒව නොකා බත් කන්න අපි
නොගන්න උත්සාහයක් නෑ. එතකොටම අර උස තඩි මිස් අපිට කෑ ගහනව. “ඈයි, ඔක්කොම අනාගෙන කනව. කිසිම දෙයක් පිඟානෙ ඉතුරු
කරන්නෑ තේරුනා ද? ” බයවෙන මම එයා ඉන්නකල් ටිකක් අනාගෙන අප්පිරියාවෙන්
කටේ දාගන්නව. ඒ අතරේ තවත් කෙනෙක්ට බනිනව.
දැන්
මට කන්න ම බෑ. බඩේ හෙන පෙරලිය ක් වෙනව වගේ දැනෙනව.
“ඕඕඕක්”
හෑ?
මෙන්න කාපු ඔක්කොම ආයෙ පිඟානෙ.
මං
දැං කෑම නතර කරල බලං ඉන්නව.
“මොකෝ
කන්නැත්තෙ. ඉක්මනට කනව.”
“මිස්,
මට වමනෙ ගියා.”
යස්සය
ආරූඩ කරගන්න මිස් මට බැනල අර පිඟාන ම ආයෙ මට කවනව. කවනව කියන්නෙ ඉතිං ආයෙ බැනුම් අහගෙන මට ම තමා
කන්න වෙන්නෙ. සැරෙන් සැරේ එන ඕක් සද්දෙත් එක්ක මං අමාරුවෙන් වමනෙ බත් ටිකත් එක්කම
ගිලිනව. (පස්සේ කාලෙක මේ වැඩේ කරන්න ගියහම නර්සරියේ අපේ මිස් හෙන ලෙඩක් ඇද්ද
මතකයි. “අපේ මිස් කිව්වෙ පස්සෙ අලුතෙන් ආපු මිස්.” ඊට පස්සෙනම් අපි කාටවත් වමනේබත් කන්න උනේ නෑ.)
අතුරුපස
ට තුවාලයක්
අපි
මේ නර්සරියේ ඉන්න කාලෙ එක එක අය ඇවිත් ඉස්කෝලෙට කෑම දෙනවා. ඒ දවසට අයිස්ක්‍රීම්
කන්නත් ලැබෙනවා. නමුත් අපි ට ඒකත් හෙනම කේස් එකක්.
ඔය
අයිස් ක්‍රීම් තියෙන දවස ට අර මිස්ල දෙන්නගෙන් කෙනෙක් ගිහින් ඒව ගේනව. ඒ ගේන ලොකු
ජෝගුව ම අපේ පිඟං එහෙම තියෙන රාක්කෙ උඩ තියල අපි හැමෝටම කතා කරනව. අපිත් ගිහින් එතන
තියෙන තාප්පෙ දිගට හිටගන්නව. ලොකු හැන්දක් අරගෙන අර ජෝගුවත් අරගෙන එන පාලිකාව
පෝලිමට ඉන්න අපේ කට ට අයිස් ක්‍රීම් හැන්ද ගානෙ ඔබාගෙන යනව. කන්න තියා කට
වහගන්නවත් බෑ. ඊලඟ වටේ එනකොට කාල ඉවර කරල තියෙන්න ඕනෙ. නැත්නම් අර පිත්තල හැන්දෙන්
ඔලුවට එකක් කතැහැකි. එහෙමත් නැත්නම් අයිස් ක්‍රීම් පිටින්ම කටේ ඔබන හැන්ද උගුරට ඇනගතහැකි.
ඒ හින්ද රසක් සීතලක් නොබලාම පුලුවන් ඉක්මනින් ගිලින්නයි අපි බැලුවෙ.
මට
තවමත් හොඳට මතකයි ගිලින්න පරක්කු උනු මගේ උගුරට හැඳි පාර වදිනව. ඇයි
“ඉක්මනට
කාපං”
කියල
ඔලුවත් බිත්තියෙ හප්පපු දවස් එහෙමත් තිබ්බ. (ඒ ඔලුව වැදුනු නිසා වෙන්නැති මගෙ හිතේ
තවම සැරෙන් සැරේ බුල කෙලින්නෙ. හැක හැක.)
හොරු
සමඟ
ඒ
කාලෙ අර සැර අක්කා ඒ කියන්නෙ අපේ අනිත් පාලිකාව. එක එක ජාතියෙ හොඳ හොඳ සුවඳ තියෙන
කෑම ජාති ගෙනත් අපිට මෙහෙම චුට්ටක් නොදී අපේ ඇඳන් ලඟම තියෙන හිස් ඇඳකින් තියල කෑම
වහන කූඩෙකින් වහනව.
දවසක්
මෙහෙම වහල තිබුනු අලිපේර, ඇපල් වගයක් නැති වෙලා. උදේ එක කෙලියයි. කව්ද කෑවෙ කියල
හැමෝගෙන් ම අහනව. ගහන්නත් හදනව. ඔය අතරේ මේ යක්ෂනීට එනව හොඳ අදහසක්.
“මේක
කාපු කෙනා මාව හම්බෙන්න ආවොත් තව ඇපල් ගෙඩියකුයි කේක් කෑල්ලකුයි දෙනව.”
මෙන්න
අපි එක්ක හිටපු කෙල්ලො දෙන්නෙක් නැගිටලා යනව. ටිකකින් චටාස් පටාස් සද්දෙත් එක්ක
හැඬුම් හඬකුත් ඇහෙනව.
“ආයෙ
කනව ද?” අහන පාලිකාව මේ දෙන්නට පාර හිටින්න දීල, ආයෙ
එවන්නෙ පාසැල් කාලෙට ම කියන්න නමකුත් එක්ක. දැන් අපිට මුං එක්ක තරහ ගියාම
“අලිපේර
හොරා”
කිව්වනම්
වැඩේ හරි.
ප/ලි:
මේ
විදිහට අද්දැකීම් ගොන්නක් මතක් වෙනව. ඒ අතරින් තුනක් විතරනෙ කියන්න ලැබුනෙ. අනිත්
ටිකත් හෙමින් කියන්නම්. මගේ නර්සරි කාලේ සතුටුම අවසානය සමග ආයෙ හමු වෙමු.
හුකෑස්... කසුනෝ හොස්ටල් එකේ අපිට හමුබුනේ නිතරම කෙහෙල් බොඩ ව්‍යාංජනයයි ,කුරිංඤාන් කොල මැල්ලුනුයි,මයියොක්කා දළු සම්බෝලෙයි ඇපූ.. ඕවා අපි ලව්වා වවන් අපිටම කැව්වා බං ...... :(
ReplyDeleteහුටා එහෙම ද? අපිත් වවපු කාලයක් තිබුනා. ඒවනම් ඉතින් හොස්ටල් මේට්‍රන්ගෙ ගෙදර ට තමා. හැක හැක.
Deleteකාලකන්නි තිරිසන්නු ඔකුන්ට පනුවො ගහල ඇති දැං
ReplyDeleteගනං ගන්න එපා මචං.
Delete'වහ' වුනත් අතීතය මතක් වෙද්දී රහයි නේද කසුන් ?
ReplyDeleteජයවේවා!!
කලකදි වහලු කලකදි වෙනවලු රහලූ
Deleteමෙහෙ කොමෙන්ට් කරේ මුල්ම වතාවට නේද? වෙල්කම් කිව්වා එහෙනම්.
ඇයි බං , හොස්ටල් එකේ කෑම චෙක් කරන්ඩ කවුරුත් එන්නෙ නැද්ද ?
ReplyDeleteඅපේ හොස්ටල් එකේ හිටියෙ කෙල්ලො විතරයි. ප්‍රින්සිපල් ඒකට හැමතිස්සෙම වගේ කවුරු හරි යවල කෑම ගෙනත් බලනව. දවසක් හොදි වගයක් ගෙනල්ල ග්‍රවුන්ඩ් එකේ හිටපු අපිට දුන්න කාල රස කියපල්ල කියල, කිසි අවුලක් නැතිව තිබ්බ.
රවුමක් ගිහින් එද්දි අයිස් ක්‍රීම් ටික ගිලගන්න බෑ ? එච්චර ලොකු කටවල්ද ?
//රවුමක් ගිහින් එද්දි අයිස් ක්‍රීම් ටික ගිලගන්න බෑ ? එච්චර ලොකු කටවල්ද//
Delete? කොහේ ගිලින්නද බං. අපි මහ ගොඩක් හිටියෙ නෑනෙ. ඒ නිසා ඉක්මනින් ඊලඟ වාරෙ එනව. මහ ලොකු කටවල් කියන්නෙ මහම මහ ලොකුයි. කට ට දාන්නෙත් හරි අමාරුවෙන්.
අපේ හොස්ටල්වල වෙන වෙන ම චෙක් වෙන්නේ නෑ. එකට තමා හැමෝටම උයන්නෙ. චුට්ටිම ලමයිට විතරයි හොස්ටල් එකට ම කෑම එවන්නෙ. අනිත් අය කෑම ෂාලාවට ගිහින් කන්න ඕනෙ.
අපේ කාලෙ නං හොස්ටල් එකේ කොල්ලොත් හිටියා.අපි ඉස්කෝලෙ ඉවරවෙලා මැච් ගහද්දි දවල්ට පාන් කන්න පරිප්පු හොදි හොස්ටල් කුස්සියෙන් පැන්නුවා.දියට තිබුණට බඩගින්නෙ වේලි වේලි ඉන්න වෙලාවට ඒකත් දිවියලෝක රහයි.
Deleteඒ ගැනනම් මොකට කියනව ද? අපේ කුස්සියෙන් පැන්නුවනම් සොරි ම තමා. හැම වෙලේම එතන අරක්ගත් බූතියො පස්දෙනෙක් හිටියනෙ. ඇරත් කුස්සිය තිබුනෙ කෙල්ලොංගෙ හොස්ටල් එක දිහාවෙ නෙ. ඒ පැත්තෙ යනවා දැක්කනම් හිතන්නේ කුස්සියේ යනව කියල නෙවෙයිනෙ.
Deleteකොල්ලන්ගෙ හොස්ටල් එක අපි යන කාලෙ වහල, ඒකෙ පන්ති තිබ්බ 6 සහ 7. දැන් පරිපාල ගොඩනැගිල වගේම මියුසියම් එකක් තව පොඩි තියටර් එකක් වගේ දේවල් තියනව. ඒ හොස්ටල් වල සැලසුම මාර ලස්සනයි නේද ? කෙල්ලන්ගෙ හොස්ටල් එකේ මැද මිදුලෙ තිබ්බ අනෝද ගහෙන් ටීම් දෙකක් බෙදිල ඔට්ටුවක් දාල් අනෝද කඩල එක ටීම් එකක් මාට්ටු , අපි පිරිමි හොස්ටල් එකේ ගේම ට්‍රේනිං කරල ,ගැහුව ගේමක් ' රේඩ් ඔෆ් එන්ටබේ ' වගේ.
Deleteහෙහ්. කම්මලයත් හොස්ටල් එකේ නිකං ඉඳල නෑ එහෙනම්.
Deleteඅප්පේ බං පට්ටම කුජිතයි නෙ
ReplyDeleteඋං නං මහ වසවර්ති මාර දූරුද කොහෙද
ළමයිට සලකන්න දන්න උං ඉන්න ඕන ඕ වගේ තැං වල මොකද ළමයි කියන්නෙ ලමයි මිසක් වෙන මොක්කුවත් නොවෙන හංද
ඔව් බං මාර දූවරුන්ගෙන් දෙන්නෙක් ඒ කාලෙ හිටියෙ. දැන් ඒකට. ඉන්න ආසාවෙ බෑ. අපරාදෙ කලින් ඉපදුනේ. තව අව්රුදු තුනක් පහුවෙලා ඉපදුනානම් බොහොම සැපට ඉන්න තිබුන.
Deletehttps://en.wikipedia.org/wiki/Sleepers_(film)
ReplyDeleteමතක් වුනා
එහෙමද? බලමු.
Deleteපිස්සු හැදෙයි... එහෙම හරි උඹලට කන්න බොන්න හම්බුනානෙ කියල හිත හදාගන්න තමයි වෙන්නෙ... මැවිල පේනව බන් උඩ බලන් ඉන්න පොඩි එකාට හැන්දෙන් ගහනවා... වමනෙ කවනවා.. මල්ටිබැරල් ගහල වත් කඩන්න බැරි වෙන්න හිත හයිය වෙන්න ඇත්තෙ ඔව්ව හින්ද වෙන්නැති මචං.
ReplyDeleteඉස්සර අපිත් යනවා හවසට හොස්ටල්.. උං කාල ඉවර වෙනකන් ඉඳල තමයි අපි බහින්නෙ.අර තඩි කල්දේරම් වල හෝදන්න දෙයක් නෑ අපි ආපහු එනකොට.. හෙහ් හෙහ්
ජයවේවා..!!
ඔව් මචං සමහර විට එහෙම වෙන්නැති. ඊටත් වඩා බොහොම දුක හිතුනු අද්දැකීම් තිබුන.
Deleteහොස්ටල් හිටියනම් ඉතින් බොහොම සුන්දරයි තමා.
ඈඈ.. වමනෙ බත් කවනව...? හරි අමානුෂිකයිනෙ. පොඩි දරුවොන්ට? පුදුම ගෑණුනෙ කසුන්.
ReplyDeleteනැතුව? කෑව කෑව. ඒකනෙ දැං ඌර වගේ ඕන එකක් කන්න පුලුවන්. දැන්නම් බොහොම මානුෂීයයි. හොඳටම හොඳයි. මං හිටපු කාලේ අවසාන කාලෙ ඉඳන් බොහොම හොඳට පොඩි ලමයි බලාගත්තෙ.
Deleteඅපේ හොස්ටල් එකෙත් කෑමනම් ඔහොම තමයි. ඒත් මේට්‍රන් නම් අම්මා කෙනෙක් වගේ
ReplyDeleteඅපිටත් අන්තිමට ම ආවෙ අම්මාකෙනෙක් වගේ මේට්‍රන් කෙනෙක්. ඒ මේට්රන්නම් ආයේ කියල වැඩක් නෑ.
Deleteඋඹේ ජීවිතේ ඔය කතා ඇතුලේ මහා වටිනා මිනිහෙක් ඉන්න බව මට හිතෙනවා. මට එහෙම හිතුනා.
ReplyDeleteහෙහ් හෙහ් හෙහ්. හයියෝ එච්චරම වටින්නෙ නෑ අරූ අයියෙ.
Deleteමම බලපු මොකක්දෝ පොතක් මතක් වුනා . මේ ජීවිතේ පන්නරය ලබා ගන්න කසුන්ට ලැබුණු තෑගී
ReplyDeleteඔව්. දැන් සමහර වෙලාවට එහෙමත් හිතෙනව. ඕන දේකට ඔට්ටු වෙන්න පුලුවන් විදිහට හැදුනෙ ඒ නිසා වෙන්නැති.
Deleteදැක්කද උඹ ටීවී එකේ මේ ලගදී ගියා මන්දමානසික ළමයින්ගේ නේවාසිකාගාරයක හිටිය ළමයෙක්ට ගහලා තියන සීන් එකක්.? ඔයවගේ එවුන්ට පනුවොම ගහන්න ඕනේ බං
ReplyDeleteඔය TV එකේ යන්නෙ ටිකයි. මේ ලමයිටනම් බොහොම තාඩන පීඩන වෙනව කියලයි අපිටනම් අහන්න ලැබෙන්නෙ.
Delete:) අසුන්දර මතකයක් වුනත් ඒ දේවල් ජීවිතයට ලොකු ශක්තියක් ලබා දෙනවා ඕනම අවස්ථාවකට මුහුණදෙන්න...
ReplyDeleteඇත්ත තුශානි.ඒ කාලෙ නිසයි අද උනත් ඕන කට්ටක් කන්න පුලුවන්. මේව එක්ක බලනකොට අර කැම්පස්වල තියෙන්නෙ රැග් ද කියලත් හිතෙනව.
Deleteවනේ වන හතුරෙක්ටවත් මේ වගේ දේටනම් මූණ දෙන්න සිද්ධ වෙන්න එපා...
ReplyDeleteමහ හිතක් පපුවක් නැති මිනිස්සු... මේ වගේ ළමයි ඉන්න තැනකට ගන්නකොට ටික සැලකිලිමත් වෙන්න තිබුනා.. සේවය කරන්න එනකොටත් තමන් කරන්නේ මොකක්ද කියලා තේරුම් අරන් තමන්ගේ සේවය කරන්න මුන්ට කියලා දෙන්න ඔය කාලේ කවුරුත් හිටියේම නැද්ද?
නැතුව ඇති. මං ඒ කාලේ හෙන හිච්චි එකානෙ. මේ විදිහට පොඩිම ලමයිට තලපු අවසාන අය මේ දෙන්නා. ඊට පස්සේ නියම නර්සරියක් වගේ තිබුන.
Deleteපොඩි එකෝ. 1995 වෙනකොට මම යුද පිටියේ සෑහෙන කාලයක් ගත කරලා. 1981 දී තමයි බැඳුනේ.
ReplyDeleteහොස්ටල් ජීවිතයක් මම කවදාවත් ගත කරලා නැහැ. හමුදා පුහුණුව ලබන කාලේ දිනපතා වෙන මහන්සියේ හැටියට මොනවා තිබුනත් ගිලදානවා. අපිට තිබුනේ බඩගින්නේ තරමට කෑම මදිවීමයි.
මේ කතාව කියවා අනුකම්පාවක් ඇතිවුණා.
අපිටත් බඩගින්නේ තරමට කෑම මදි කාලයක් තිබුන මාමේ. එක අතකින් බැලුව ම හමුදා පුහුණුවක් වගේ එකක් තිබුනේ. දැඩි නීති, දැඩි දඬුවම්.
Deleteහොරෙන් පොල් කඩපු කතා එහෙම කියනකොට මොනවා හිතෙයි ද දන්නෑ.
හපෝයි වමනෙ බත් කැවෙවුවා? ඒක නම් හරිම අමානුශිකයි. පරිපාලනේ දැනුවත් කරේ ඒම නැද්ද ඉතින්
ReplyDeleteමේ වමනෙ බත් කේස් එක පස්සේ අලුත් මිස් ආවට පස්සේ බොහොම දුර ගියා. ඒ මිස් කලින් තිබුන බොහොම දේවල් වෙනස් කරා. හොඳින් හෝ නරකින්
Deleteකසුන් දන්නවද මේ කතාවයි අර නිර්මාණි ලියන කතාවයි දෙකම මම ආසාවෙන් කියවන කතා දෙකක්. ඒත් මේ කතාවෙ දෙවෙනි කොටස පරක්කු ඇයි කියල කලපනා කරද්දී තමා මේ පෝස්ටුව දැක්කෙ. මේක කියෙව්වම නම් කණගාටුවක් ආවෙ විශේෂ අවධානයක් ඇතිව ආදරයෙන් සැලකියයුතු ළමයින්ට සලකල තියෙන්නෙ හරි නපුරු විදිහටනෙ :(
ReplyDeleteමට ඉස්සර හිතුන මේක කතාවක් විදිහට ලියල පබිලිස් කරන්නත්. හැක. කටුක උනත් බොහොම සුන්දර අද්දැකීම් එහෙමත් තිබුන. ඒවත් හෙමින් ලියන්නම්කො.
Deleteඹව්වා මොනාද කසුනෝ මගේ වමනේ පාරක් මූනේ තියෙද්දී බවුවෙක් අවිත් ලෙවකාලා මූනත් හෝදලා ගොහිං තිබ්බේ.. හැක් හැක්.. හරියටම රෑ දෙකට විතර සොහොන් කොතක් උඩ...
ReplyDeleteඇත්ත කියපං මචෝ අර අලි පේරයි ඇපලුයි ඉස්සුවේ උඹ නේද???
ජ ය වේ වා !!!
//ඹව්වා මොනාද කසුනෝ මගේ වමනේ පාරක් මූනේ තියෙද්දී බවුවෙක් අවිත් ලෙවකාලා මූනත් හෝදලා ගොහිං තිබ්බේ.. හැක් හැක්..// චැහ් තව කියන ලස්සන? බව්වා හෝදනව දැනුනෙවත් නෑ නේ?
Delete1995 ඉඳන් 1998 වෙනකන් නර්සරි? යකඩෝ මෙච්චර කල් මං අයියා කිව්වෙ මල්ලියෙක්ටනෙ හැබෑට!
ReplyDeleteඒ පොඩි ළමයින්ට සලකපු විදිය නම් හෙනම අමානුෂිකයි. මට මතක් වුණේ පොඩි කාලෙ ටීවි එකේ ගියපු නාට්‍යයක්.. ඒකෙත් ඒ පොඩි ළමයගෙ ඔළුව බිත්තියේ හප්පනවා.
ඉතුරු කොටසත් ඉක්මනට ලියන්නකො එහෙනම්..
මං 3 වසර වෙනකල් නර්සරි හිටියා. 4 වසරේ දියි ජූනියර් උනේ. එහෙමයි අපි. හැක්.
Deleteඒ කාලේ හොඳ හොඳ වැඩ තිබුනා. හෙමින් ලියන්නම්කො.
යකෝ අර පාලිකාව මාර ගානියක්නේ , දැන් හොයල බලපන් අනිවා අපා දුක් විඳිනවා ඇති .
ReplyDeleteඑක් පාලිකාවක්නම් මිය ගියා. අනිත් කෙනානම් බන්ඩාරවෙල කියල මතකයි. තවම අගේට ඇති මචං.
Deleteඒ දේවලට මුණ දෙද්දී කොඉ තරම් නපුරු උනත්......
ReplyDeleteකාලය ගෙවිල ගියාට පස්සේ හැම දෙයක්ම සුන්දර මතක ඉතුරු කරනවා...
ඔව්. කාලය ගෙවිල ගියා. සුන්දර, අසුන්දර මතක ඉතුරු වුනා.සමහර ඒවයෙන් මං පාඩම් ඉගෙන ගත්තා
Deleteමම අදයි මේක කියෙව්වෙ... මගේ ජිවිතෙත් හරියටම දවස් 21 ක් මං හොස්ටල් එකක හිටිය ඉස්කොලේ යන කාලෙ.. මේ තරන්ම ඒ අත්දැකීම නරක නැතත් කැම කන එක නම් මට හරිම අප්‍රසන්න දෙයක් කවදත් ... මේ කියල තියනව වගේම එකම කැම රටාවක් වගේම අපිව බෙදල වෙන් කරල තිබ්බ කුස්සියෙ වැඩ වලට උදව් කරන්නත්.. දවසක් මං රැ කැම එක කැවෙ නැ කියල අනිත් ඔක්කොම ලමයි ගියත් මට ඉන්න කිව්ව.. මේට්‍රන් හිටිය මගෙ ලග හිටගෙන, මට කන්න කිව්ව ඔක්කොම..මං කවදත් හිතුවක්කාරයි.. බැ කියන්නෙ මට බැරි නිසා විතරයි. ඒක මං වෙනස් කරන්නෙ නැ.. ඒ පොඩි කාලෙත් මං කොයි තරන් බල කලත් ආපහු බත් එකට අත වත් තිබ්බෙ නැ... මට හිරිහැරයක් නම් කලේ නැ. බලන් ඉදල බැරිම තැන කැම එක විසි කරල යන්න කිව්ව. හැබයි ඒ උන දේ නිසා ආපහු මට හිත හදාගෙන හොස්ටල් එකේ ඉන්න බැරි උනා... ඒ තරන් දවස් ගෙදර යන්න බැ කිව්ව මං එදාම තාත්තට ලියුමක් ලියල යවල ඊලඟ සතියෙම හැමොගෙම විරුදධත්යව මැද්දෙ තාත්තා එයාගෙ තනි තිරණේකට මාව ඒ වෙලාවෙම ගෙදර අරන් ආවා...මේට්‍රන් මිස් ඉස්කොලේ උගන්නව.. එදායින් පස්සෙ ඒ මිස් මගේ මූන වත් බැලුවෙ නැ මං ඉස්කොලෙන් අස් වෙනකන්ම. හොඳට හෝ නරකට මං ආයෙත් උදේ පාන්දර සීතලේ කෝච්චියේ ගමන පටන් ගත්ත..
ReplyDeleteමමත් ඔහොම බත් කන්න බෑ කියල කන කරකවාගෙන තියෙනව. නොකා හිටියොත් අපිටත් ලැබෙන්නේ චතූ හා සමාන අද්දැකීමක් තමා. අන්තිමට නවත්තගෙනහරි කවනව. ඒ නිසා අපි කරන්නෙ මේට්‍රන් එන්න කලින් වෙන කන්න පුලුවන් කෙනෙකුට කෑම එක දෙන එකයි.
Deleteමට මෙ comments වල අදහස් හා තවත් විවිධ තැන් වලදි මං කියවා ඇති මේ සමාන අදහස් නිසා මෙහෙම ලියන්න හිතුන, මේ මගෙ අදහසක් විතරයි.
ReplyDeleteකිසිම වෙලාවක කටුක අත්දැකිම් සුන්දරයි කියල ලියන්න එපා. ඒකින් සමාජගත වෙන්නෙ වැරදි පණිවිඩයක්. ඒ අත්දැකිම් හරහා යම් යම් දේවල් ජිවිතෙට එකතුවිම උදාහරනයක් විදිහට දරා ගැනිමේ ශක්තිය, ජිවිතයට පන්නරයක් ලැබිම උනත්. මේ ලොකේ කිසිම කෙනෙක් කිසිම විදිහකින් කිසිම හේතුවක් නිසා අසාධාරන කටුක අත්දැකිම් විඳිය යුතු නැ. ඕනම දෙයක් උගන්වන විධිමත් විදිහක් තියනව ගෞරවාන්විතව. ඒ විදිහ දැනුවත් වෙනව මිසක් මේ වගේ හැසිරිම් සාධාරනීකරණය කරල සමාජගත කරන එකින් වෙන්නෙ තව තව අර ධනාත්මක විදි අපෙන් ඇතට ඉගිළිලා යන එකයි. මොකද කාලයක් ඔනැම දෙයක් නොකඩවා සිදුවිම අන්තිමේ පුරුද්දක් බවට පත් වි සාමාන්‍ය දෙයක් බවට් හැරි ඒ දේ සමාජගත වෙනවා මේක තමයි ක්‍රමේ කියලා. කොයි තරන් රිදෙව්වත් කටක් අරින්නේ නැති තැන් ගනන් කල නොහැකි ලෙස තිබෙන්නෙ මෙන්න මේ කටුක අත්දැකිම් සාමාන්‍යකරනය නිසා කියලයි මට හිතෙන්නේ. පහුගිය කාලේ හැමතැනම කැගැහුව "නවක වදය" ගැනත් මට කියන්නේ තියෙන්නේ මේ දේමයි..
මටනම් මේව ඒ කාලෙ ලබපු අද්දැකීම් විතරයි. මේ කියන කාලෙ ලොකු පීඩනයකින් හිටියත් දැන් ඒ සිදුවීම් ගැන හොඳ මතකයක් විතරයි ඉතුරු. මොන හේතුවක් නිසාද දන්නෙ නෑ, ඒ ගැන තරහක්වත්, කලකිරීමක්වත් දැන් ඔලුවට එන්නෙ නෑ. සමහරදේ ගැන දුකක්නම් තවම තියෙයි.
Deleteඔයා කියන කාරනයේ ඇත්තක් නැතුව නෙවෙයි.
මං ඒ දේ කිව්වෙ කසුන් මොන විදිහෙන් හරි සෘනාත්මක අත්දැකිම් වැඩියෙන් ලබන අයත් ධනාත්මක අත්දැකිම් ලබන අයත් යන කොටස් දෙකම මං කාලයක් ඇසුරු කරල තියනව... බොහෝ දෙනෙක් ඉච්චාබංගත්වය පත් වෙල තියන හැටි මං දැක්ක මොන තරන් හැකියාවන් පිරුනු මිනිසුන් උනත් අර කටුක අතදැකිම වල මතකයන් නිසා. ඒ අතරෙ අර වැඩි ධනාත්මක අත්දැකිම් ලබපු අය ඒ තරන් හැකියාවක් නැතත් සැහෙන්න ජිවිත ඉනිමඟ නැගල...
ReplyDelete