Monday, September 5, 2016
ලොව නොදකින දෑසක්, ලොව දැකීම
ඔබ, මම ජීවත් වන මේ ලෝතලය වරෙක සුන්දර ය.... තවත් විටක අසුන්දර ය... කෙසේ වුව ද ලෝකයේ සුන්දර හෝ අසුන්දර බව නිර්මාණය වී ඇත්තේ සුන්දර වර්ණ එක්වීමෙනි... ඒ වගේම විවිධ හැඩතල එක්වීමෙනි.... සෑම දේකටම පාටක් ඇත, හැඩයක් ඇත... ලෝකය නිර්මාණය වී ඇත්තේ ඒ වර්ණ හා හැඩ වල එකතුවකිනි.... එබැවින් මේ ලෝතලය සුන්දර නිර්මාණයකි... ඉතා සුන්දර යමක් දකින විට “අනේ මේව දකින්න අපි පින් කළානේ” ලෙස ඇතමුන්ගේ මුවෙන් පිට වන්නේ නිරායාසයෙනි.... අසුන්දර යමක් දුටු විට ඒ මුවින්ම පිට වන්නේ මීට වඩා හාත්පසින් වෙනස් දෙයකි.... “අනේ මේව බලන්න අපි පවු කළානේ”
පිනට හෝ වේවා පවට හෝ වේවා, මේ ලෝකය දෑසින් නො දැක මනසින් දකින පිරිසක් සිටින බව ඔබ දන්නවා ඇති... ඒ අය ලෝකය දකින්නේ කෙසේ ද යන්න ඔබට කුමන හෝ මොහොතක ගැටලුවක් වීමට පුලුවන. එසේ නැති නම් වී ඇතුවා විය හැකිය... ඒ අනුව දෘෂ්‍යාබාධිත පුද්ගලයන් වර්ණ හඳුනා ගන්නේ කෙසේද? හැඩතල, ඇසට හසු වන දෑ ඔවුන් හඳුනා ගන්නේ කෙසේද වැනි ප්‍රශ්න ඇති වීමට පුලුවන. ඒ පිළිබඳව විමසුමක් කිරීමට අපේක්ෂා කරමි... ඒ සෑම දේකටම පෙර දෘෂ්‍යාබාධිත පුද්ගලයන් පිළිබඳව කෙටි විවරණයක් කරන්න කැමතී....
ප්‍රධාන වශයෙන් දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ගේ නොපෙනීමේ මට්ටම අනුව වර්ග කෙරේ.
1. B-3. පෙනීමේ සුලු අඩුපාඩුවක් ඇති විට මෙසේ හැඳින් වේ. වර්ණ. වස්තු හඳුනාගැනීමේ අපහසුතාවක් නැත. සමහරක් පුද්ගලයන්ට වර්ණ අන්ධ බව තිබිය හැකි ය.
2. B-2. “puver Lowvision” සම්පූර්ණ පෙනීමෙන් අඩක් හෝ ඊට අඩු ප්‍රමාණයක් පෙනෙණ පුද්ගලයන් මේ කොටසට අයත් වේ. වැඩි දුරක් නොපෙනීමට, අඩු පරාසයක් දැකීමට හැකි ය. මොවුන් තුළ ද ඇතැම්විට වර්ණ අන්ධ බව තිබිය හැකි ය.
3. B-1. පූර්ණ අන්ධ පිරිස මේ කොටසට අයත් වේ.මෙහි දී පූර්ණ දෘෂ්‍යාබාධිත බව කොටස් දෙකකට බෙදා හඳුනාගැනීම පසු පැහැදිලි කිරීම් සඳහා පහසු වේ. පූර්ණ දෘෂ්‍යාබාධිත පුද්ගලයන් ද ප්‍රධාන වශයෙන් කොටස් 2 කට බෙදිය හැකි ය
• උපතින් දෘෂ්‍යාබාධිත නො වී පසු කාලීනව දෘෂ්‍යාබාධිත වූ.
වයස අවුරුදු 3 4 වැනි කාලය පසු කර යමෙකු දෘෂ්යාබාධිත වේ නම් ඔව්නට වර්ණ, හැඩ හා වස්තු පිළිබඳව මතකයක් ඇති නම් එවන් දේ අවබෝධ කර ගැනීම අපහසු නො වේ. සරලවම කිවහොත් ඇසූ දුටු දෑ මතකයේ ඇති කාලයේ දී දෘෂ්‍යාබාධිත වීම තුළ වර්ණ හා වස්තු පිළිබඳව අද්දැකීමෙන් ලබා ගත් දැනුමක් පවතී.. රතු, කොළ, නිල්, තැබිලි කී විට එකිනෙකට වෙනස් වර්ණ සිතේ මැවේ. අහස, ගංගාවක් කී විට තමා පෙර දුටු දෑ සමග චිත්ත රූපයක් ඇද ගත හැකි ය. එසේම පෙර නො දුටු, නමුත් පසුව හඳුනාගත් වස්තුවක් වේ නම් එය පිළිබඳව ද චිත්ත රූපයක් ඇද ගැනීම පහසු උදාහරණයක් විදිහට වයස 2000 දී දෘෂ්‍යාබාධිත වූ අයෙකුගේ එවිට වයස 12 කි.. ඔහු නෙලුම් පොකුණ රංග ශාලාව දැක නැත... නමුත් එය මෙසේ යැයි විස්තරයක් කී විට එය මෙබඳු යැයි සිතා ගත හැකි ය. එසේම මිනිස් රූප සම්බන්ධයෙන් කතා කරන විට එය මෙසේ කිව හැකි ය... ඔබ හදුනන කෙනෙකු ගැන කතා කරයි නම් හෝ ඔබට යමෙකු සිහි වේ නම් ඒ මොහොතේ ඔබ අසල ඔහු හෝ ඇය නැතත් ඒ පුද්ගලයාගේ රූපයක් සිතේ මැවෙනු ඇත.. පසු දෘෂ්‍යාබාධිත කෙනෙකුට ද තමා පෙර දුටු කෙනෙකු පිළිබඳව තම මතකය අනුව චිත්තරූපයක් මවා ගත හැකි ය. එසේම ඔබ පෙර ඡායා රූපයකින් හෝ නොදුටු කෙනෙකු ගැන කතා කරන විට හෝ සිහි කරන විට යම් රූපයක් සිතේ මැවෙනු ඇත. දෘෂ්යාබාධිත කෙනෙකු ද නොදුටු කෙනෙකු දකින්නේ එසේ ය. එසේම ඔබ නො දැක සිතේ ඇඳි රූපයක් ඇති කෙනෙකු ඔබට යම් දිනක හමු වූ විට තමා සිතා සිටි ආකාරය හා එම පුද්ගලයාගේ වෙනස්කම් හඳුනා ගත හැකිය.. ඒ අනුව දෘෂයාබාධිත අයෙකු පෙර නොදුටු පුද්ගලයෙකු හඳුනාගන්නේ එම පුද්ගලයාම හෝ තව කෙනෙකු ලබා දෙන විස්තරය අනුවය... සිතේ ඇඳි රූපය වෙනස් කර ගැනීමට දෘෂ්‍යාබාධිත පුද්ගලයාට ද හැකි ය.. එසේම අහස මුහුද, ක්ෂිතිජය වැනි ස්ථාන දැක ඇති නම් එවන් ඡායාරූපයක් පිළිබඳව වුව ද කී විට එහි චිත්‍රයක් සිතේ ඇඳ ගැනීම අපහසු නැත.
• උපතින්ම හෝ ඉතා කුඩා කල දෘෂ්‍යාබාධිත වූ.
මෙවන් පුද්ගලයන් පිළිබඳව කතා කිරීමේ දී ඉහත තත්ත්වයට වඩා වෙනස් ය. ඔවුන් කිසි දා, එක් මොහොතකට හෝ වර්ණ දැක නැත. හැඩතල හෝ වස්තු දැක නැත. එසේ නම් ඔවුන් ඒවා දකින්නේ කෙසේද? සත්‍ය වශයෙන්ම මා හට ද එය ගැටලුවක් විය. සෑම වස්තුවකටම හැඩයක් පවතින නිසා ඕනෑම වස්තුවක් ස්පර්ෂයෙන් හඳුනා ගත හැකි ය. නමුත් වර්ණ හා අහස, තරු, දේදුන්න වැනි දෑ හඳුනා ගන්නේ, දකින්නේ කෙසේද? එය මෙසේ ය. වර්ණ යනු අසා දැන ගත් දේ මත ගොඩනගාගත් දැනුමකි. අවබෝධ කර ගත් තත්ත්වයකි. ඔවුන් සෑම කෙනෙකුටම නොදුටුවාවූ ද ඔවුන් සෑම කෙනෙකුටම කැමතිම වර්ණයක් ඇති බව කිව හොත් ඔබ පුදුමයට පත්වනු ඇත. නමුත් එය එසේ ය. ඒ සෑම කෙනෙකුටම ඔබ වගේම කැමතිම වර්ණයක් ඇත.. තව කෙනෙකු ලස්සන, සුන්දර ලෙස පවසන වර්ණ පිළිබඳව අද්දැකීම් රහිත අවබෝධයක්, දැනුමක් පවතී. ඒ අනුව වර්ණ යනු ඔවුනට එක්තරා සංකල්පයක් වැනි ය. එසේම මා හට හමු වූ උපතින් දෘෂ්‍යාබාධිත වූ තරුණියක් වර්ණ පිළිබඳව දැක්වුයේ සෙසු අයට වඩා වෙනත් ප්‍රතිචාරයකි. ඇයට සෑම වර්ණයක් ම දැනේ. සෑම වර්ණයක් ගැනම යම් අදහසක් ඇත. ඇය සිතන ලෙස සුදු වර්ණය යනු බොහෝ මෘදු මොලොක් හැඟීමක් දැනෙන දෙයකි. නිල් පාට යනු ද සෞම්‍ය දේකි. රතු, කළු හා දුබුරු වැනි වර්ණ ගැන ඇය සිතන්නේ රලු දෙයක් ලෙසටයි. මේ ඇයගේම වචන ය.
ඒ වගේම යම් යම් හැඩ හා වස්තු පිළිබඳව කතා කරන විට ස්පර්ෂයට ඇති වස්තු ඒ ඒ හැඩ අනුව ක්ෂණයෙන් හඳුනාගැනීමේ හැකියාවක් ඔවුන් සතු ය. එහෙත් සිය ස්පර්ෂයට හසු නො වන දෑ පිළිබඳව ඇත්තේ අන්‍යයන් කියනා දේ තුළින් ලබා ගත් දැනුමක් පමණි. ඒ තුළින් ඔවුනගේ සංතානයේ යම් අදහසක් පවතී. යම් යම් දේ පිළිබඳව ඔවුනගේ දැනුම පෝෂණය වී ඇත්තේ සාහිත්‍ය හා වෙනත් විග්‍රහ තුළින් බව පෙනී ගිය දේකි. ඇතැම් දේ පිළිබඳව ඔවුන් දන්නා දේ කියන අතර ඒ තුලින් තමා අවබෝධ කර ගත් ප්‍රමාණය අනුව පමණින් පැහැදිලි කර ගැනීමක් ද ඇති බව වැටහේ. ඒ වගේම ඔවුන් කියන ලෙස තමා නො දුටු, ස්පර්ෂයට ද හසු නොවන දෑ පිළිබඳව ඔවුන් තුළ ඇති හැඟීම වචනයෙන් විස්තර කළ නො හැකි ය. ඒ අනුව වර්ණහා ස්පර්ෂයට හසු නොවන යම් යම් දෑ පිළිබඳව ඇත්තේ සංකල්පමය දැනුමකි. එසේම ඕනෑම වස්තුවක් හඳුනා ගැනීමේ හැකියාව පුද්ගල බද්ධ වේ. ඒ ඒ පුද්ගලයාගේ ඥාණ ශක්තිය, අවබෝධ හැකියාව මත සිදු වේ.
පුද්ගලයන් හඳුනා ගැනීම මදක් විශේෂ ය. ඔබ වරක් දුටු අයෙකු තවත් වරක හඳුනා ගන්නේ රූපයෙන් ය. ඇතමෙකුට එය ද නො හැකි වීමට ද පුලුවන. දෘෂ්‍යාබාධිත කෙනෙකු එක් වරක් හඳුනා ගත් අයෙකු තවත් විටක හඳුනා ගන්නේ කට හඬින් ය. බොහෝදෙනෙකුට කෙනෙකු අද හමු වී මීලඟ හමුවීම තව වසර ගනණාවකින් වුව ද හඳුනා ගැනීමේ හැකියාව පවති. එසේම නිතර නිතර හමුවන පුද්ගලයන්ගේ හඬට අමතරව හඳුනාගැනීමේ දී උපයෝගී කර ගන්නා කරුණු කීපයක් තිබේ. ඒ අතර පා ගැටෙන නද, ඒ ඒ පුද්ගලයාට ආවේනික ගන්ඳයක් වේ නම් එය, අත ඇල්ලූ විට ද කවුරුන් ද කිව හැකි ය. මේවා මා දකින්නේ විශේෂ හැකියා ලෙස නොවේ. එක් අඩුවක් ඇති විට ඒ අඩුව මැකීමට ස්වභාව ධර්මයට අනුගත වීමක් ලෙස ය. පුද්ගලයන් හඳුනා ගැනිම උපතින් දෘෂ්‍යාබාධිත වූ සහ පසුව දෘෂ්යාබාධිත වූ දෙපිරිසටම පොදු ය. එසේම පුද්ගලයාගේ හඩ අනුව ද දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ගේ සිතේ රූපයක් මැවීමට ද පුලුවන. එය පුද්ගල බද්ධ සාධකයකි... එසේම ඉහත කී b-1සහ b-2 යන කාණ්ඩ දෙකට අයත් පුද්ගලයන්ගේ සවන්දීමේ හැකියාව ඉතා ඉහල ය. ඔවුනට කුඩා ශබ්ධයක් වුව ද ඇසේ. විශේෂයෙන් පූර්ණ දෘෂ්යාබාධිත පිරිසගේ ශ්‍රවනේන්ද්‍රිය ඉතා දියුනු තත්ත්වයේ පවතින අතර මතක ශක්තිය ද මේ දෙපිරිස අතර වැඩි ය.
ඒ වගේම පූර්ණ දෘෂ්‍යාබාධිත පුද්ගලයන් සුදුසැරැටි ආධාරයෙන් මාර්ගයේ ගමන් කරනු ඔබ දැක ඇත. එසේ නැති නම් ඒ ඒ පුද්ගලයන්ට හුරු ස්ථානයක් නම් ආධාරකයක් නොමැතිව තනිව ගමන් කරනු දැක තිබීමට ද පුලුවන. මේ කුමන ආකාරයකට වුව ද මොවුන් ගමන් කරන විට විශාල ශබ්ධ ඔවුනට බාධා ගෙන දේ. ඔවුන් පරිසරයට දැඩි ලෙස සංවේදී වේ. එවිට විශාල ශබ්ධ ඒ ගමනට බාධාවකි. නගරයක පවතින ගෝශාකාරී බව මින් අදහස් නොවේ. ගුවන් යානා නද හා එවන් දැඩි ශබ්ධ මෙහි දී දැක්විය හැකි ය.
දෘෂ්‍යාබාධිත අයෙකුගේ සිහින දැකීම පිළිබඳව ඔබ සිතන්නේ කුමක්ද?
මා පෙර කී පසු දෘෂ්යාබාධිත වූ අයෙකු නම් තමා දැක ඇති පරිසරයක්, දුටු අයෙකු හෝ චිත්තයේ පවතින ලෙස සිහින දකී. සාමාන්‍ය ලෙස ඒ සිහිනයේ වර්ණ, වස්තු හැඩ පවතී. උපතින් දෘෂ්‍යාබාධිත වූ පුද්ගලයන් ද සිහින දකී. සාමාන්‍ය පරිසරයක ඔවුන් ජීවත් වන විට හඬ හා ස්පර්ෂ ඒ සිහින තුළත් මූලිකවේ... අපි මෙසේ සිතමු.
ජනක උපතින් දෘෂ්‍යාබාධිත අයෙකි. ඔහු සිය පවුලේ සාමාජිකයන් සමග මුහුදු වෙරලේ ඇවිදිනවා සිහිනයෙන් දකී. ඔහු පහුවදා තමන් දුටු සිහිනය විස්තර කරයි. ඒ සිහිනය ඔහු දකින්නේ මෙසේ ය. මිනිස් රූ ගැන ඔහු දන්නා නිසා පවුලේ සාමාජිකයන් ඔහු අවට සිටිනා බව දැනේ. ඔවුනගේ හඬ ඇසේ. ස්පර්ශ ද දැනේ. මුහුදේ නද ඇසේ.. තවත් විදිහකට පැහැදිලි කලොත්,
සිහිනයක් දැකීම යනු ඔබ ගුවන්විදුලි නාට්‍යකට සවන් දෙනවා බඳු ය. ඔබ නොදුටු රූප සිතේ මවාගෙන නාට්‍යට සවන් දේ.. උපතින් පූර්ණ දෘෂ්‍යාබාධිත වූ පුද්ගලයන්ගේ සිහින දැකීම ද එබදු ය... සිතින් මවා ගත් රූ සහිත හඬ පමණක් මුසු ජවනිකාවකි.
ඒ වගේම රූපවාහිනිය නරඹනවා, චිත්‍රපටයක් බලනවා, කියුවොත් ඔබට පුදුම සිතෙනු ඇත. නමුත් ඔවුනට එය නැරඹිය හැකි ය. ඒ කෙසේ ද යන්න දැන් ඔබට පැහැදිලි වනු ඇත.
රූප හඳුනා ගැනීම හා වර්ණ හඳුනා ගැනීම යන දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ට පවතින ගැටලු සඳහා මේ වන විට තාක්ෂණික මෙවලම් නිර්මාණය කර ඇත. එහෙත් ඒවා එතරම් සාර්ථක නැත. වර්ණ හඳුනාගැනීමට ඇති උපකරණය භාවිත කිරීමේ දී අවශ්‍ය යම් දේක වර්ණය දැන ගැනීමට අවශ්‍ය වුව ද එය වෙනත් දීප්තිමත් ආලෝකයට ප්‍රතික්‍රියා දැක්වීම තුළ ඉන් ඵලක් නැති වේ. ඒ වගේම මේ වන විට බහුලවම භාවිත කරන ඇන්ඩ්‍රොයිඩ් තාක්සණය සහිත ජංගම දුරකථනවල ඡායාරූප ගැනීමට දෘෂ්‍යාබාධිත අයෙකුට හැකි ය. ඉන් අවට ඇති දේ කියවනු ලබයි. එසේම ඉන් වෙනත් ඡායාරූප ද කියවනු ලැබේ. නිදසුනක් ලෙස පුද්ගලයන් දෙදෙනෙකු නිවසක් තුළ සිට ඡායා රූපයක් ගෙන මුහුණු පොතේ දමා ඇති නම් එය 2 people indoor ලෙස කියවයි.. එම පහසුකම ඇත්තේ ජංගම දුරකථනවල පමණි.
මේ කෙටි විස්තරයෙන් ඔබට යම් පැහැදිලි වීමක් ඇති වන්නට ඇතැයි සිතමි..
ප-ලි. මේ කෙටි විස්තරයෙන් ඔබට යම් පැහැදිලි වීමක් වන්නට ඇතැයි සිතමි. ඒ වගේම ඔබට මා පුංචි යෝජනාවක් ද කරන්නට කැමති... ඔබගේ බ්ලොග් අඩවියේ පලකරන පෝස්ටුවල ඡායාරූප අන්තර්ගත වේ නම් එම ඡායාරූපය කෙටියෙන් හදුන්වන්න උත්සහ කරන්න... අන්තර්ජාලය ඇසුරින් ලබා ගත් ඡායාරූප වේ නම් බොහෝ විට එම ඡායාරූපය නම් කර ඇති නිසා අනවශ්‍ය වේ.. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ අජිත් අයියා මෙය අත්හදා බලා ඇත. මෙය යෝජනාවක් ම පමණි...
ඵ/ඵ/ලි.(කසුන්)
ඔබ ඵල කරන පින්තූර සඳහා විස්තරයක් කිරීම ඔබේ සටහන සඳහා බාදාවක් නම් පින්තූරයට ඕල්ටනේටිව් ටෙක්ස්ට් ලෙස හෝ මෙහි ඇත්තේ මොනවාද යන්න ලියා තැබීමට කාරුනික වන්න. නිර්මාණි ඉහතින් කියා ඇති පරිදී ඔබටද උපතින් පූර්න දෘශ්‍යාබාධිතයෙකුගේ අද්දැකීම ලැබී ඇත. උදා- ඔබ ගුවන් විදුලිය ඇසීමේදී නිවේදකයාගේ හඪ මත පදනම්ව ඔහුගේ උස, පැහැය, ඇඳුම් පැලඳුම් ආදිය පිලිබඳව අදහසක් ඇති කර ගනී. එවැනි අදහසක් හරි හෝ වැරදි වීමේ සම්බාවිතාවක් පවතින බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ බව 2016-08-07 සිහිනයකි රෑ වැඩසටහනේ එක් අවස්තාවකින් එය නැරඹූ ඔබට ද පැහැදිලි වනු ඇත.
Labels:
කාලීන ලිපි,
මගේ ලිපි
Subscribe to:
Post Comments (Atom)
මින් පසු පලකරන පින්තූරවල විස්තරයක් ඇතුලත් කරන්නං...
ReplyDeleteස්තුතී චෙෆ්....
Deleteඅපිත් වර්ණ අඳුනන්නේ නැති කස්ටිය හරිය හිටන්?
ReplyDeleteසාරස එහෙනම් ඒ තත්ත්වය දන්නවානේද:D
Deleteබොහොම ස්තූතියි නිර්මාණී මේ විස්තරයට. මටත් ප්‍රශ්ණයක් තිබෙනවා. බුදු දහමේ කියන ආකාරයට අපි ලෞකික දේවල් උපාධානය කරගන්නේ ඇහැ, කණ වගේ ආයතන නිසා. එයිනුත් ඇහැ ප්‍රධාන වෙනවා. ලස්සන ගෙවල් වාහන වගේ දේවල් වලට බැඳෙන්න. එතකොට ඇහැ පෙනීම අඩු කෙනෙකුට එලෙස උපාධානය වීම අඩුයිද? නැත්නම් ඇහෙන් අඩුවෙන උපාධානය වෙනුවට පෙනෙන අයට සාපේශව අන් ආයතන වලින් වැඩි උපාධානයක් ඇතිවෙනවද?
ReplyDeleteඅඩුව සම්පූර්ණ කරන්න කන ඇතුලු සෙසු ඉන්ද්‍රීය සැකසිලා තියන නිසා සමහරක් විට ඒකෙ වෙනසක් නො වෙන්න පුලුවන්.... ගොඩාක්දුරට ලස්සන කැත ගැන හිතන එක පුද්ගලයාට අනුව වෙනස් වෙන්න පුලුවන්...
Deleteමට එක දෙයක් නම් පැහැදිලි ඉයන්... දෘෂ්‍යාබාධිත අය හැමදේම ගැන අවධානයෙන් ඉන්නවා.. ඒ වගේම හැමදේම පිළිවෙලට කරන්න කැමති... ඒ ඉන් පසු හැමදේටම පහසු නිසා... ඒ ඒනිසයි...
ඔබට ලැබුණු පිළිතුර පැහැදිලි මදිනම් කියන්න ඉයන්...
මසැසින් ලෝකය දකින අපට, මනැසින් ලෝකය දකින අන්දම පැහැදිලි කරලා දුන්නාට නංගිට බොහොම ස්තූතියි.
ReplyDeleteස්තුී අක්කේ... ගැටලු තියනවා නම් අහන්න...
Deleteනිර්මාණිගෙ මේ පෝස්ට් එකෙන් මගෙ හිතේ තිබ්බ
ReplyDeleteදෘෂ්‍යාබාධිත අය පරිසරය දකින්නෙ කොහොමද කියන එක ගැන තිබ්බ ප්‍රශ්නෙ විසදුනා.
හා. අහපංකො ඊලඟ ප්‍රශ්නෙත්.
Deleteආ...නෑ නෑ ඒ ප්‍රශ්නෙ උඹ මට විසදල දීල තියෙන්නෙ,
Delete//එසේ නැති නම් ඒ ඒ පුද්ගලයන්ට හුරු ස්ථානයක් නම් ආධාරකයක් නොමැතිව තනිව ගමන් කරනු දැක තිබීමට ද පුලුවන//
අර බාර් එකට යද්දි අපි හැප්පි හැප්පි යද්දි උඹ යස අගේට අපිටත් කලින් යන්නෙ , මම එදා දැනගත්ත . අනික ගදෙන් මිනිස්සු අදුරගන්න පුළුවන් කියල නිර්මාණි කියන්නෙ ඉතිං අපේ පත්තරයව හම්බවෙලා තියන එකක්ද ? උඹටම තමා ඔය කියන්නෙ .
ඇත්තටම කම්මලේට තිබුණු ප්‍රශ්න විසදුනාද... නැත්නම් අහන්න...
Deleteආ ඒ වෙලාවට කසුන්ට කියන්න එක්කන් යන්න කියලා:d
ඒ වගේ වෙලාවට කියන්න කසුන්ට ඔයාලව එක්කන් යන්න කියලා.. පේන්නෙම නැති කෙනෙක්ට හුරු තැනක් නම් එලිය අදුර ගැටලුවක් නෑ...
මට අත පෙන්නපං කම්මලේ සේරටම කලියෙං :D
Delete:d
DeleteKammalaya 56 God an apalai
Deleteඉතා හොඳ ලිපියක්.
ReplyDeleteබොහොම ස්තුතියි.
ඒවගේම බ්ලොගර්ස්ලාට හොඳ යෝජනාවක්
ස්තුතී ප්‍රාජේ.....
Deleteඅර පිංතූර ගැන යෝජනාවට ස්තූතියි! නංගි. ඒ වගේ දෙයක් වැරදිලාවත් මතක් වුණේ නෑනෙ.
ReplyDeleteඔයාගෙ ලිපියෙ තියෙන දේවල් මට ප්‍රශ්ණයක් වුණේ අටේ නවයෙ වගෙ පංතියකදි. ඒ ප්‍රශ්ණ වලට ඒ කාලෙ තරමක් දුරටයි පස්සෙ බොහෝ දුරටයි පිළිතුරු ලැබුණා ඇසුරු කරපු අයගෙන්.
මං හිතන්නෙ එයාලට කණ් හොදින් ඇහෙනවාට අමතරව ඔවුන් අපිට වඩා හොදින් අනිත් ඉන්ද්‍රියන් භාවිතා කරනවා කියලා. ඒවයෙ අවශ්‍යතාව සාපේක්ෂව වැඩි නිසා
මට ලංකාවෙ ඉද්දි ෆෝන් එක වයිබ්‍රේට් දාලා තිබුණම ඇහෙන්නෑ කීයටවත්. ඒත් මෙහෙ ආවට පස්සෙ අපූරුවට ඇහෙනවා (කොයි වෙලේත් සයිලන්ට් මෝඩ්ම තියාගන්න වෙන නිසා) ඒ අපි ඒකට සංවේදි විය යුතු නිසා මිස වයසට යද්දි කණ ඇහෙනවා වැඩි වෙලා නෙවෙයිනෙ.
ඒක හරි අක්කේ... දෘෂ්‍යාබාධිත කෙනෙක්ව ඇසුරු කරන්න ලැබුන කෙනෙක්ටත් මේ දේවල් තේරුම් ගන්න පුලුවන්... ඒ වගේම ඒ ඒ තත්ත්වයන්ට අපි අනුගත උනාම සංවේදී ගතිය වැඩී... සිග්මන් ෆ්‍රොයිඩ්ගේ හානිපූර්ණය සංකල්පයෙනුත් පැහැදිලි කරන්නේ මේ ගැන තමයි...
Deleteස්තුතී අක්කේ..
ඉතාම වටිනා ලිපියක් නංගි...මටත් මේ ගැටළු තිබුනා...ඒ වගේම මමත් ඒවාට හිතින් මවා ගත් පිළිතුරු තිබුනා...ඔයාගේ මේ ලිපියෙන් ඒ දේවල් බොහොම පැහැදිලි වුනා...
ReplyDeleteකලින් පොස්ටුවක මම ඔයාට අකුරු වෙනස් කරන්න කිව්වෙත් හිතේ දෙගිඩියාවක් තියාගෙන...මොකද ඒ දේ කොයි තරම් දුරට පහසුයිද කියන්න මට නොතේරෙන නිසා...කොහොම වුනත් ඔයා කියනවා වගේ මිනිසා තමන්ට ඇති සම්පත් අනුව හැඩ ගැහෙනවා...
ඔයාට තිබුණු ගැටලුවලට පිළිතුරු ලැබුනනම් සතුටුයි... අපැහැදිලි තැනක් තියනවා නම්, දැනගන්න දෙයක් තියනවා නම් අහන්න...
Deleteඒක හිතන්න එපා... ඒ වගේ අඩුපාඩු පෙන්නන එක හොඳයි... ඒකට අපි කැමතීප්‍රශ්නයක් නෑ...
මේ පැහැදිළි කිරීම හුඟක්ම වටිනවා. ඒ ගැන ලිවුව එක ගැන ඇත්තටම අපි ස්තූති කරන්න ඕන.
ReplyDeleteඅයියෝ ඕක මොකක්ද... ස්තුතී:d
Deleteඋබ මුණගැහුන වෙලාවේ එක මොහත්කටවත් උබගේ වෙනසක් අපිට දැනුනේ නැහැ.
ReplyDeleteඅපි නොදකින පැත්තක් අපිට පෙන්නුවට ගොඩක් ස්තූතියි... බොහොම වටින ලිපියක්...
ReplyDeleteස්තුතීඅක්කේ....
Deleteනිර්මාණි. ලිපිය තව නිර්මාණාත්මක විදියට පෙනුම හදන්න.. වටිනා ලිිිපියක්..
ReplyDeleteසමහර අයට තියෙන ඇස් ලෙස හොද කරන්න අමාරුයි.. ජය
ඒක ඇත්ත දේශක තුමණි... මටත් ඒක හිතුනා... අදහසට ගොඩක් ස්තුතී...
Deleteනිර්මාණි, මේ විදිහට තමන්ගේ අපහසුතා හෝ පහසුතා අන් අයට පිළිගන්න පුලුවන් විදිහට ලියන කියන එක මම දකින එක හීනයක්. අපි අපිට දැනෙන හැඟෙන විදිහ අපිට අන් අයගෙන ඕඑන විදිහ අවංකව අන් අයගේ හිත නොරිද්දා කියන්න කරන්න විදි හොයා නොගෙන චෝදනා කරලා වැඩක් නැ.. මම ඔයාගෙ මේ ලිපිය ගොඩක් අගය කරනවා...
ReplyDeleteමම කොහොමත් හිත් ගත් අඩවි මුල ඉඳන් කියවල කිසියම් අධ්‍යයනයක් කරනවා.. අහසෙන් එන්න ගැනත් මම එහෙම කලා මගේ අදහස් ඔයාලට කියන්න කලින්..
ඔයාගේ රූප ගැන කරලා තියන ඉල්ලීම මම මගේ පැරණි පෝස්ට් වලත් කරන්න බලන්නම් වෙලාව තියන විදිහට. තවත් මොනවා හරි කෙරෙන්න ඕන නම් ඕනම දෙයක් කියන්න. මට ඕන මම ලියන දේ කියවන අයට උපරිමයෙන් දැනෙන්නේ ලියන්න.
පරන පෝස්ටුවල ඕනි නෑ චතු... අලුත් පෝස්ටුවල එහෙම කරන්න බලමු නේද... ඒක ඇත්ත චතු... කාටවත් චෝදනා කරනවාට වඩා ඒ දේ කියන්න ක්‍රම ඕන තරම් තියනවා.. මිනිස්සු ඒවා හරියට අදුන ගන්නේ නැ...
Deleteඔයාගේ අධ්‍යනයේ විස්තරය දැනගන්න කැමතී...
ස්තුතී අගය කිරීමට...
මම ඔයාලගෙ ආරම්භක ලිපියේ ඉදලා ඉඩ තියන වෙලාවට කියෙව්ව නිර්මාණි.. ඒ අනූව මම ඔයාල ගැන අවබෝධයක් ලබා ගත්තා.. ඔයාල මේ එක පෝස්ට් එකක් ලියන්න වෙන වෙහෙස ගැන මට වෙලාවකට පුදුමයි.. මම හරිම කම්ම්:අලි කෙනෙක් නිසා ඒක වැඩිපුර දැනෙනව.. අනිත් එක ඔයාල කරන පොත් රෙකෝර්ඩ් කරන වැඩේට මටත් සම්බන්ධ වෙන්න හිතුනා.. අපහසුතා බාදක තිබ්බට ඕනකම තියනවා නම් කරන්න පුලුවන් දේවල් ගැන ඔයාල හොඳ උදාහරණයක් දෙනවා අපි හැමෝටම.
Deleteඇත්තටම චතු මේක ලියනවා කියලා අපි ලොකු වෙහෙසක් ඒ වෙනුවෙන් දරන්නෙ නෑ.. දැන් අපිට මේක සාමාන්‍ය දෙයක්...
Deleteපොත් රෙකෝඩ් කරන වැඩේට සම්බන්ධ වෙන්න කැමති එක ගැන ගොඩක් සතුටුයි... මං දන්න විදිහට ඔයා විදේශගතවෙලා නේද ඉන්නේ... ලංකාවේ හිටියනම් උදව්වක් ගන්න තිබුනා.. මොකද ලඟදී එහෙම වැඩ කීපයක්ම පටන්ගන්නවා...
අපි බලමු නේද චතූ:d
ඔව් නිර්මාණි, විදේශයක ඉන්න නිසා ඒ වැඩේ කොහොමද කරන්නේ කියලා මට හිතාගන්න බැ.. අපි බලමු පුලුවන් විදිහක් එවීනේ..
Deleteඔව් චතූ අපි බලමුකෝ..... ඔයාගෙ වචනයටත් ස්තුතී...
DeleteAgei....
ReplyDeletecomment valata sinhala ne..
Sry
Jayawewa
ස්තුතී විධානෙ...
Deleteජයවේවා...
පට්ටයැ
ReplyDelete:d
Deleteඅන්න එහෙම කියපං මචංලා.. උඹලටම දැනෙනවා ඇති පිරිසක් එක්ක ඉන්නකොට එයාල ප්‍රශ්න අහන්නැතුව දෙගිඩියාවෙන් ඉන්න බව.ඒක දෙගොල්ලන්ටම අපහසුයි.මේ වගේ ලිපියකින් හැමෝටම සහනයක් ලැබෙන්නෙ.ගස්ලබ්බට ඕක දැනෙන්න පටන්ගත්තෙ හැරමිට්ටට වැටුනට පස්සෙ.
ReplyDeleteඡායාරූප අදහසත් බොහොම හොඳ අදහසක්.
පොත් රෙකෝඩ් කරන වැඩේට මට සෙට් වෙන්න පුළුවන්.කසුන ලඟ මගෙ නොම්බරේ තියනවා.හැබැයි උඹලට මාව හදල ගන්න වෙයි.මම මෙලෝ දෙයක් දන්නෑ..
හෙහ් හෙහ්
ජයවේවා..!!
කොමෙන්ට් නොකළට මේ බ්ලොග් පෝස්ටු බලන දෘෂ්‍යාබාධිත කීපදෙනෙක්ම ඉන්නවා... එයාලත් කැමති වෙයි එහෙම දෙයක් වෙනවනම්..
Deleteමං උඩ චතූට කියුව වගේ පොත් රෙකෝඩ් කරන වැඩ කිහිපයක්ම තියනවා.. ඒත් ගස් ඉන්නේ ටිකක් දුරනේ... අපි බලමුකෝ...
ස්තුතී ඔයාටත්..
ජයවේවා..
අගේ ඇති ලිපියක් නිර්මාණී . දෘෂ්‍යාබාධිත හිතවතුන්ගේ ලෝකය දිහා වඩා සමීපව බලන්න හිතුනා . ආයේ පින්තුර එහෙම දාද්දි අනිවාර්යෙන්ම පුංචි විස්තරයක් එකතු කරන්නම්
ReplyDeleteස්තුතී තිලකසිත.. ගොඩක් සතුටුයි ඒ ගැන...
Deleteමම නම් හිතන්නෙ පේන උන්ට වඩා උඹටැ පේනවා. පැහැදිලි කරන්න පුලුවන් උපරිමයෙන්ම පැහැදිලි කරලත් පේන්නේ නැති අමු හරක් පිරිසක් ඉන්නවා කියලා මම මැතකදි හොයාගත්තා.
ReplyDelete:d
Deleteමම හැමදාම කියනවා වගේ උඹල දෙන්නට අපිට වැඩිය ලෝකය පේනවා.. අපි දැකල නොදැක්ක වගේ ඉද්දි උඹල නොදැක දකින්න උත්සහ කිරීම තුළිනුයි ඒක වෙන්නේ..
ReplyDeleteමීට පස්සේ බ්ලොග් ලියුවොත් හා ලියපු එහෙකට පින්තුරයක් දැම්මොත් පොඩි පැහැදිලි කිරීමක් එතනම කරන්නං.. මෙච්චර කාලයක් එහෙම එකක් 'දැක්කේ' නැති මේ අන්ධයාට කමා කරපල්ලා..
නෑ අයියේ ඔයාලා ඒක දන්නේ නෑනේ... අපි මේ කතා කලේ දෘෂ්‍යාබාධිත අයට ඇති වෙන ගැටලුවක්.. ශ්‍රවණාබාධ තියන කෙනෙක්ට තියන ගැටලු අපි දන්නෑනේ... ඒ වගේ තමයි..
Deleteගොඩාක් ස්තුතී.. ඒක තමයි වෙන්න ඕනේ.. ඊලඟ පෝස්ටුවල ඒදේ එකතු වෙනකොට අගෙයි...
මම හිතල හිතල ඒ ප්‍රශ්නේ ඇහුවේ නිර්මාණි. හිත රිද්දන්නේ නැතුව අහන්නේ කොහොමද කියලා. ඔයා දුන්න පිළිතුර ඉතා අගෙයි.
ReplyDeleteගොඩාක් අය ඒ ප්‍රශ්නෙ අහනවා අයියේ... ඒක සාදාරණයි... මං ඔයාට කලින් කියුව වගේ මේක ලියන්න හිටිය අමතක උණු ලිපියක්.. ඔයාට ස්තුතී ඒක නව ආරකින් ලියන්න මතක් කළාට..
Deleteඅගෙයි
ReplyDeleteස්තුතී මේනක...
Delete