Tuesday, August 16, 2016

අපි ඇවිස්සූ අභියෝගය


සංගීතය කියන්නේ විෂ්ව භාෂාවක්... ඒ භාෂාවට පුලුවනී හිතේ හැඟීම් එක එක විදිහට වෙනස් කරන්න, පාලනය කරන්න.... අපි තුළ විවිධ හැඟීම් පවතිනවා... ගීතත් එහෙමයි... විවිධ තේමා ඔස්සේ ලියවෙනවා... ඒ ගීත තුළ අපේ හැඟීම් මුසු වෙලා තියනවා වගේ ගොඩක් වෙලාවට දැනෙනවා... ඒ හැම ගීතයක්ම නැතත් යම් යම් ගීත අපිට සමීප වෙනවා... ඊට යම් යම් සිද්ධි, අද්දැකීම් බලපාන්න පුලුවන්... බැරි වෙන්නත් පුලුවන්... ඒ වගේම කමී කියල තිබුන වගේ, ගීතයේ පද රචනය, තනුව, හඬ වගෙම සමහරවිට ගායන ශිල්පියා හෝ ශිල්පිනියත් හේතු වෙන්න පුලුවන්..
හරි මේ වැල්වටාරම් මොකටද... ඉයන්ගෙ අබියෝගයට මූණ දීලා මාත් කල්පනා කළා කැමති සිංදු ගැන ලියල බලන්න... මේ ඒ අතරින් කීපයක්... ඇතැම් ගීත කලින් පල වුණු පෝස්ටුවල තියෙන්නත් පුලුවන්..

1.   සංගීත් ගායනය කරන ගායෙන් මං මුදවලා
මවු ගුණ ගැයෙන ගීත විශාල සංඛ්‍යාවක් තියනවා.. ඒ බොහෝමයක් ගීතයන්ට හිතේ ඉඩක් තියෙනවා... නමුත් වෙනස් ආරකට ලියැවුණු මේ ගීතයට මගේ විශේෂ කැමැත්තක් තියනවා..


2.   හිමාලෙට වඩා උසයි...
පිය ගුණ ගැයෙන ගීතත් අපමණයි... ඒ අතර මෑත කාලයේ පිය ගුණ ලියවුණු වෙනස් ගීතයක්... ඒ වගේම මෙහි රූප රචනයත් ගීතයේ රුචිකත්වයට හේතුවුනා...


3.   කිරි දුන්නේ දරුවන්ටයි- නිහාල් නෙල්සන්...
ගව ඝාතනය අද බොහෝ දෙනා ප්‍රතික්ෂේප කරනවා... නමුත් එය නොවෙනවා නොවේ... එහෙත් කන අයටත්, නොකන අයටත්, කිරි මවකගේ කාර්යබාරය, වටිනාකම මුල සිට ගැයෙන ගොඩක් සංවේධී ගීතයක්...


4.. සිහිනයකි ඔබ-බණ්ඩාර අතාවුද සහ නෙරන්ජලා සරෝජනි..
මේ ගීතය මට ගොඩක් සමීපයි.. ආදරය දැනෙන ගීතයක්... මේ ගීතයේ තියනවා එක පද පේලියක් “හිරුට තනි නැත සඳත් ඇත ලං වී. එකම අහසක ලං වෙලා. ලොවම සසලව බලාහිදියාවේ, යලිදු අප ඇත හමුවෙලා.
ඒ පද පෙළට මං ගොඩක්ම කැමතී...


5.. රන් සමනළියක් - දීපිකා ප්‍රියදර්ශනී සහ බාතිය, සංතූෂ්
මේ ගීතයේ අර්ථය අපුරුයි.. ඒ වගේම මෑතකදී දීපිකාගේ හඪින් ගැයුණු තවත් විශිෂ්ඨ ගීතයක්.. ඈ හා බාතිය සහ සංතූෂ්ගේ මුසුවත් අපුඍයි...


6.. විනේ කටින උන්-ප්‍රදීපා ධර්මදාස
මේගීතයෙත් අර්ථය සිද්ගත්තා...


7... ඔබේ සිනා ලඟ-ජගත් වික්‍රමසිංහ..
ඉතා සරල පද පේලියක් උනාට ආදරය කියන හැඟීම සුන්දරව ලියවී. ගැයෙන ගීයක්.. ඒ වගේම ජගත්ගේ හඬ, ගීතයේ රසය වර්ධනය කරනවා...


8.. අත්වැල ගිලිහී-අමරසිරි පීරිස්..
මගෙ මතකයේ හැටියට කුමාරයානණි ටෙලියේ ගීතයක්ද කොහෙද... අමරසිරි පීරිස් මහත්මයාගේ ගීත හැම එකකටම වගේ කැමැත්තක් තිබුනත් මේ ගීතය විශේෂයි...


9... දිය පොදක් වෙමින්-ජෝති පාල..
ජෝතිපාල මහතාගේ ගීත රැසක් තියනවා... ඒ අතරින් වැඩිය මේ ගීතය අහන්න ලැබෙන්නේ නෑ.. නමුත් ඒ ගී අතර මට මේ ගීතය සුන්දරම ගීතයක්...


10.. සිනා පිපෙනා මේ වසන්තය-සමිතා සහ ලක්ෂ්මන් විජේසේකර..
මේකත් ටෙලි නාට්‍ය ගීතයක් වෙන්න ඕනේ... ඒ වගේම නිහඬ නිසන්සල මොහොතක අහන්න කැමති ගීතයක්.. ඒ වගේම ආදරයෙන් ගැයෙන ගීතයක් වගේ දැනෙනවා..


11. අහසෙන් එහා උරේෂා රවිහාරි, කසුන් කල්හාර

අලුත් චිත්‍රපටයක ගීතයක් වන මේ ගීතයමා හිත තදින් බැඳගත් ගීතයක්.ඒ සඳහා සංගීතය සහ ගායක දෙපල තදින් බලපාන්නත් ඇති.


12.. යාලු වෙලා ඉන්නත් බෑ-සෝමතිලක ජයමහ..
ඔබ මේ ගීතය එතරම් අසා නැතිවීමට පුලුවන... ආදරය, විරහව ගැබ් වුණු සුන්දර ගීතයක්...


13... යමුනා ගං තෙර-නන්දා මාලනී..
මේ ගීතය කමීගේ පෝස්ටුවෙත් තිබුනා.. මාත් ගොඩක් ඇලුම් කරන ගීතයක්.. රාත්‍රියේ නිහඬ බව මැද අහන්නට ආසකරණ ගීතයක්..


14... තරු අරුන්දතී-අමරදේවයන්...
ශ්‍රී ලාංකීය සංගීතය පෝෂණය කළ මෙතුමාගේ ගී හැමකෙනෙක්ම වගේ ප්‍රිය කරනවා.. ඒ ගී අතර මේ ගීතය සිත සනසන ගීතයක්...


15.. වෙන්පුරාවේ-නිරෝෂා විරාජණි..
මේ ගීතය නිරෝෂා ගැයූ දමිල ගීතයක්.. මේ ගීතය අනූ ගනන්වල ස්වාධීන රූපවාහිනියේ නිතර විකාෂය උනා මතකයි.. යුද්ධය තේමා කර ගත් ගීතයක්.. පෙර ගායනයක් තිබෙනවාද නොදනිමි.. මේ ගීතයේ රූපසටහන් මට අද වගේ මතකයි.. ඒ රූප රචනයත්, සංගීතයත්, නිරෝෂාගේ හඩ පෞරුෂයත් මේ ගීතය මගේ සිත පැහැර ගන්න සමත් උනා.. ඒ හඬ, සංගීතය තුළ යුද්ධයේ භිහිසුණු බව දැනෙනවා.. ඒත් අද ඒ රූප රචනය හොයාගන්න බැරි වුනා.


16. මිදුලට උඩින්- උරේෂා රවිහාරි.
ගැමි කතකගේ මුවින් ගැයෙන මේ ගීතය වෙනස් පැතිකඩක් නිරූපනය කිරීමක්. ඒ කියන්නෙ සැමියාට තමන්ගෙන් දරුවෙක් නොමැතිනම් වෙන තැනකින් හෝ දරු සුරතල් බලන්න මේ ගීතය අවස්තාව උදා කර දෙනවා. මගේ විතරක් නොවෙයි, මෙය ඔබේත් ප්‍රිය ගීයක් වේවි. (සමා අවසර. මේ සින්දුවෙත් යූ බටේ ලිංක් එකක් හොයාගන්න බැරි උනා. මෙතනින් ඩව්න්ලෝඩ් කරගෙන අහන්න පුලුවන්.


තවත් ගීත බොහෝමයක් තියනවා.. නමුත් තෝරා ගත්තේ මෙපමණයි...
ප-ලි..  පළමුව දුටු කමීගේ පෝස්ටුවෙන් පසුව ඉයන්ගේ පෝස්ටුවත් කියෙන්වා.. කියෙව්වා නෙවෙයි.. ඇත්තටම රස වින්දා.. අබියෝගයක් කළාට ඇත්තටම මේක නියම වැඩක්.. අපි කැමති ගීත ගැන මොහොතක් සිතන්න ඉයන්  මාව යොමු කළා.. ඉයන්ට ඒකට ගොඩක් ස්තුතී...

57 comments:

  1. ඒයි බොලේ..කලින් කවුරුහරි තමගෙ කැමතිම ගීත 16 ට තෝරපු එව්ව ආයම දාන්ඩ බෑ කියල ඉයන් කොන්දේසියක් දාල තියනවයි කියල ආරංචියක් ආවා...:)

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් මේ මං කැමති ඒවනේ... ඉයන්ගෙයි, කමීගෙ පෝස්ටුවයි විතරයි තාම බැලුවේ....

      රවී අයියා මේ පැත්තෙ ආව එකට සතුටුයි:D......

      Delete
  2. සුභ පැතුම් කසුන් This is great !!!. ඔබගේ සිංදු ඔක්කොම ලස්සනයි. දෙකක් අළුත් නිසා ඇහුවා. අනික්වා හවසට.

    ReplyDelete
    Replies
    1. මේ මම කසුන් නෙවෙයිනේ....

      Delete
    2. සමාවන්න මට සමාවන්න මට වරදක් වූවා නම්..... බොහොම ස්තූතියි නිර්මාණි

      Delete
  3. 15, 10, 6 සහ 4 ට මගෙත් මනාපේ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දැනගන්න ලැබුනට සතුටුයි...
      ජයවේවා....

      Delete
  4. අපුරු ගීත ලැයිස්තුවක්.

    ReplyDelete
  5. නිර්මාණි ගෙ තේරීමත් හරිම අගෙයි.නිරෝෂගෙ වෙන්පුරාවේ එහෙම කාලෙකින් ඇහුවෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒ සිංදු දැන් අහන්න ලැබෙන්නෑ ගස්... මටත් හිතුනම යූටිුබ් එකෙන් අහනවා...
      ස්තුතී... ජයවේවා.....

      Delete
  6. අද නිර්මානිගේ පෝස්ට් එකෙන් මේ සින්දු ටිකත් රස වින්දා . මෙතැනින් මම කැමතිම 'සිහිනයකි රෑ'

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ' සිහිනයකි ඔබ '

      Delete
    2. අර කියපු පද පේලියට මං ගොඩක් කැමතී... ස්තුතී අයියේ....

      Delete
  7. මචෝ,
    උඹේ සිලෙක්ෂන් එකත් මාරයි.

    මම බොහොම ආසාවෙන් අහපු සින්දු කීපයක්ම උඹේ ලිස්ට් එකේ. හිතා ගන්නත් බැහැ.

    මොනා වුනත් ඉයන් ගේ මේ කන්සෙප්ට් එක කාලෙකට පස්සේ ආපු ලස්සන චේන්ජ් එකක් .
    -----------------------

    ඉවසපන් , මගේ සින්දු ලිස්ට් එක මග.

    ReplyDelete
    Replies
    1. විභීෂණ කැමති සිංදු කීපයක්ම මෙතන තියනවා කියුවම සතුටුයි...

      ඔව් ඇත්තටම ඉයන්ගේ මේ වැඩේ මරු.... වැඩිය අපි නොහිතන දෙයක් හිතන්න පටන්ගත්තා...

      එහෙනම් ඒ පෝස්ටුවත් දාන්නකෝ... කියවන්න බලන් ඉන්නවා...

      Delete
  8. ජගත් වික්‍රමසිංහගේ ඔබේ සිනි ලඟ ගීතය ලියලා තියෙන්නේ එයාගේ නංගිගේ්‍ ඩයරිය අහම්බෙන් බලපු වෙලාවක දැකපු නිසඳැසක් නිසා කියලා මම අහලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයා හරි සාලි...
      මේ සිංදුවේ අන්තරා කොටස් එකයිනේ තියෙන්නේ... ඒ උනාට තව කොටසක් තිබුනලු.. තනුව දැම්මටත් පස්සෙ තමයි පිටුවේ එහා පැත්තෙ තිබුන ඒ කොටස දැකල තියෙන්නේ.. සිංදුවට අඩුවක් නැති නිසා ඒ කොටස එකතු කළේ නෑලු...

      Delete
  9. ඔබේ සිනා ළඟ සිංදුව මගෙත් කැමතිම සිංදුවක්
    අත්වැල ගිලිහී සිංදුව මාත් එකතු කරන්න හදල ආයෙම හිටිය
    මේ සිංදු අහද්දි අහසෙන් එහා සිංදුව අහම්බෙන් අහන්න ලැබුනෙ... ලස්සනයි... ආයෙම අහන්න ඕන
    සිහිනයකි ඔබ සිංදුවටත් විශේෂ මනාපයක් තියේ :D

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ ලයිස්තුවෙත් මේකෙත් සමාන සිංදු දෙකක් තියනවානේද... මං ඔයාගෙ පෝස්ටුව බැලුවේ ඊයේ රෑ...
      අහසින් එහා සිංදුව කසුන්ගෙත් උරේෂගෙත් තවත් ලස්සන ඩුවට් එකක් වෙයි...

      Delete
  10. සෝමතිලක ජයමහගේ සින්දුවට තමා කැමතිම , මේ ලිස්ට් එක ගොඩක් කලාතුරකින් දකින්න ලබෙනගීත වලින් තමා පිරිලා තියෙන්නේ

    ReplyDelete
  11. ඔබේ ගීත එකතුවෙන් මගේ රසවත්ම ගීත දෙක
    රන් සමනලයෙක් හා විනේ කටින් උන් කියන ගීත දෙකයි.
    ඔබේ ලැයිස්තුවේ ගීත ඔක්කොම හොඳින් මතක හිටින ගීත.

    ReplyDelete
    Replies
    1. ස්තුතී නයනේ... රන් සමනළියක් ගීතය දීපිකාගේ වෙනස්ම ආරක ගීතයක් වගේ දැනෙනවා...

      Delete
  12. ඉන්නකො එහෙනම් මගේ ලිස්ට් එකත් දාන්න. මේ ලිස්ට් එක නිසා මගේ සමහර ගීත වෙනස් කරා.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ සමාන ඒවා තිබුනනේද:D..

      Delete
  13. වෙන්පුරාවෙයි කියන්නෙ සුදු පරෙවියන්ට මම දන්න හැටියට. නිර්මාණි තෝරලා තියෙන ගීත අතරේ මම කැමති ගීත කීපයක්ම තියෙන බව කියන්නට කැමතියි.වෙන්පුරාවෙයි සහ තරු අරුන්දතී ඒ අතර ඉහළින්ම තියෙනවා. හවසට ගීත ටික රස විඳින්නම්.

    ReplyDelete
    Replies
    1. අහන්න අහන්න හැලපෙ අයියේ... වෙන්පුරානේ සිංදුව තාම මගෙ හදවතේ රැඳුණු සිංදුවක්... අහලා බලන්නකෝ....
      ස්තුතී...

      Delete
  14. ඔන්න අද තමයි නිදහසේ ගීත රස වින්දේ...ගීත සියල්ලටම වාගේ මම බොහොම කැමතියි..ඒ අතරින් තරු අරුන්දතී කියන්නේ මා බොහෝ සෙයින් විඳින ගීයක්...

    වෙන්පුරාවේ වැනි සුන්දර ගීයක් නැවත මතක් කලාට ස්තුතියි...බොහෝ කලකින් ඇහුවේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතී අක්කේ.... ඒ සිංදුව අපිට දැන් අහන් පුලුවන් යූටියුබ් එකෙන් විතරනේ.....

      Delete
  15. හෙක්.. ඉයං නියම ලෙඩක් බෝ කරල තියෙන්නෙ.
    අගෙයි තේරීම.

    හිමාලෙට වඩා උසයි කියන එකේ දෙමළ සින්දුව බලන්න. නියම විෂුවල් එකක් තියෙන්නෙ.
    https://www.youtube.com/watch?v=Lm12ehPcZaw

    ReplyDelete
    Replies
    1. ආ සභාපතිතොමෝ අතුරුදහන් වෙලා නේද හිටියේ...

      ස්තුතී ලිංක් එකට... ගිහින් බලන්නම්...

      Delete
  16. ශිෂ්‍යත්ව විභගේ නිසා බ්ලොග් කියවන්න බැරි උනා.. එදා මගේ පෝස්ට් එකෙන් පස්සේ වැඩේ සෑහෙන්න දුර ගිහිංනේ.. නිර්මානී ගේ තේරිම් ටික අපූරුයි.. ගොඩක් සිංදු මේ දවඩ්වල අඩුවෙන් අහන්න ලැබෙන ඒවා..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් දැන් වැඩේ නැගලම යනවා.... ප්‍රචාරය නොවන නිසා හොයාගෙන අහන්නයි වෙලා තියෙන්නේ....

      Delete
  17. තමන් කැමති ගීත 16 සහෝදර බ්ලොග් කරුවන්/කාරියන් ( සහ බ්ලොග් මාමලා ) අතර බෙදා ගත්තු ලිස්ට් 18 ක් දැනට පබ්ලිශ් වෙලා තියෙනවා. මේ ගීත එකතු ටික එක තැනක තියන්න කවුරුහරි ඉදිරිපත් වෙනවනම් හොඳයි. එතකම් ඒ ටික මේ පෝස්ට් එකේ තියෙනවා.

    පොඩි කරුණක්. මම කලේ මම කැමති සිංදු ටික දාපු එක විතරයි. ඒක සුන්දර රැල්ලක් කලේ තම තමන්ගේ ලිස්ට් දාපු ඔබ වගේ අය. ඒක නිසා මගේ නම දැන් හලල මේක අපේ පොදු දෙයක් ලෙස තියමු.

    ඔබගේ කැමැත්ත බෙදා ගත් එක ගැන නම් ඉතාමත් ස්තූතියි.

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හරි අපි මෙහෙම කියමුකෝ... ඔබේ මග පෙන්වීමට හැමෝම සුන්දර මාවතකට පිවිසුනා...


      හොඳයි ඉයන්.. අපි ඒකටත් විදිහක් බලමුනේද?

      Delete
  19. ඔන්න රැල්ලට අහුවෙලා මෙහෙටත් ගහගෙනම ආවා.අපූරු එකතුවක්.යමුනා ගංතෙර ,තරු අරුන්දතී එහෙම මම ගොඩක් ආස සින්දු.

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට පිළිගන්නවා ශානි.. ඔයාගෙත් කැමති ගී ටික ගැන ලියමු නේද....

      Delete
  20. Replies
    1. ලිංක් ඒක දැම්මට ස්තුතී...

      Delete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. Replies
    1. ඒ පැත්තේ ගියා... ස්තුතී...

      Delete
  23. මෙන්න මං තෝරපු මා උන්මත් කල​ ගී 16 https://unmanthaka.blogspot.com/2016/08/16.html

    ReplyDelete
  24. මෙන්න මං තෝරපු මා උන්මත් කල​ ගී 16 https://unmanthaka.blogspot.com/2016/08/16.html

    ReplyDelete
    Replies
    1. කියවන්න එනවෝ.. ස්තුතී කියුවට...

      Delete
  25. ඇරයුම පිළිගන්නවා...

    ReplyDelete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.