ගමේ උතුම් ඉස්තිරියකි නැංදා සීලා
දනට පිනට හැම මොහොතෙම ඇත පේ වීලා
ලෝබ දෝෂ මෝහ නැතේ පවසාලා
නැංදා උන්නි සැදැහැ සිතින් වැජඹීලා
අව්ව සැරයි මේ කාලේ පිච්චෙන්ට
වතුර නැතේ පිපාසයට බීගන්ට
ගස් තිබුනත් කොළ ගෙඩි නෑ සත්තුන්ට
මේ හැම දේම හිමි පිංවත් දනන් හට
සීලවතී හට මේ කිසි ප්‍රශ්න නැතී
නිල් කැටේට උතුරණ එක් ළිඳක් ඇතී
සාරෙට හැදුණු පලබර වුණු ගස් ද ඇතී
දේව බැල්ම ඈ හට හිමි බව කියතී
අඹ දඹ පේර කොස් දෙල් හැම අතු පතරා
මැස්සෙකුටවත් යනු බෑ එහි ඇයට හොරා
මාර සුනක කැළ සරතී මෙබිම අරා
සීලවතී බැලුම් හෙලයි වත්ත පුරා
බොන්නට දිය බිදක් නැති ගම්
වැසියන්ට
දෙන්නට බැරිය එක දිය කඳුලක් ඇයට
නිල් කැටේට උතුරා යන ළිඳ වෙතට
යන්නට බැරිය කාටත් ඒ අහලකට
පනිට්ටුවත් සගවා ළිඳ සුරකින්ණී
කටු කම්බියෙන් පවුරක් බැඳ
සැනසෙන්ණී
මුලු ලෝකයට වචනෙන් දන් පින්
දෙන්නී
ධායක සභාවේ
මුලසුන හොබවන්ණී
ගහේ වැලේ හැම දේ හිමි දෙවියන්ට
අතු අග පිපෙන මල් පුද දේ බුදු
පුදට
සාදු නාද දේ හැම විට හැමදේට
සීලවතී සීලෙ රකී මේ ලෙසට
ප.ලි.
මේ වැසි සමයේ ආරම්බයට පෙර මා විසින් ලියූ කවියකි.
ලෝබ දෝෂ මෝහ නැතේ පවසාලා
ReplyDelete+++++++++++
+++++++++++++++++++++
Deleteලස්සනට ලියලා තියෙනවා...
ReplyDeleteස්තූතී මිතිල...
Deleteඒක වෙනම ස්ටයිල් එකක කවි පෙළක් . අගෙයි !
ReplyDeleteකතාව අහුවම ේ විදිහට කියන්න හිතුනා...
Deleteස්තුතී තිලකසිත...
පින් බල මහිමයෙන් ලැබු නිල් වතුර ටික
ReplyDeleteගන් නට නොදෙන එකමයි මට තියෙන දුක
වෙන් නට එපා ඈ ඉදිරියෙ කරුමයක
ගින් නක් නොදේවා මතු මතු ආත්මෙක.....
ජයවේවා!!!
එ කවියත් ලස්සනයි..
Deleteස්තුති...
ජය ෙවා.
මේ වගේ දේවල් ගැන කතා කරන එක හරි වටිනව. අපේ ගම් වලත් මේවගේ අය අපිට කොච්චර හමුවෙනවද? ජය වේවා ලස්සනයි.
ReplyDeleteගම්වල සුලඹ සිද්ධි ේවා... ස්තුතී කටකාරී....
Deleteඑහෙම නැතුව. පින් දහම් වගේද වතුර ටික පරිස්සම් කරන එක..
ReplyDeleteමොලේ තියෙන ආච්චි කෙනෙක් නැද්ද.. හෙහ් හෙහ්..
Delete@ වර්ණ
Deleteඅනිවා.....
@ පැතුම්
හැබෑව තමා....
කවිය අමුතුය්.. ලස්සනයි.. මේ වගේ අය ඕනේ තරම් ඉන්නවා....
ReplyDeleteඅගය කිරීමට ස්තුතී පැතුම්:D...
Deleteසීලවතීට වතුර ටිකක් නම් බෙදලා දෙන්න තිබ්බා වගේ :(
ReplyDeleteඑකතමයි.... එත් එෙම කරන්න එහාට බෑ....
Deleteපින් මාලු වලේ කුසල් හාමි මාලු බානවා
ReplyDeleteසිල් අරන් ඇවිත් සීලවතී මකුනො මරනවා
ධනපාල උනත් මිනිහා මහපාරෙ හිඟනවා
මම අහලා නෑනේ සත්යහපාල ඇත්ත කියනවා
කවිය ලියනොට මටත් එ සිංදුව මතක් උනා... ස්තුතී...
Deleteසීලවතීලා ගොඩක් ඔහොම්මම තමා කසුන්
ReplyDeleteහැබෑව සබෙ...
Deleteනිර්මාණි, මිනිස්සු ගොඩදෙනෙක් පිං කරන්නේ ඔය විදිහට තමයි. ජීවිතේට පින ගැන කියවන්නේ නැති, හිතන්නේ නැති මිනිස්සු තමයි ගොඩක් පිං කරන්නේ.
ReplyDeleteප.ලි.
ගොඩකාලෙකින් ආවේ.ඔයාගේ වෙන්න හස්බන්ඩා දැක්කේ නෑ ගොඩකාලෙකින්. දෙන්නම හොඳින් නේද?
eka aththa katusu.. api nithara pina gana nohithuwath oyala api hodai hithenne ethakota thamai...
Deleteekane goda kalekin thamai.. oyage kawiyak kiyannath asai...
innawa innawa... api hodai.. katusuth hodain wenna athi neda...
:D... :D...
ReplyDeleteකවිය හොඳයි..
ReplyDeleteඅනේ අක්‍ෂර වින්‍යාසය ගැන ටිකක් හිතනව නම් තවත් අගෙයි..
මූට මොකද මම කොහොම ලිවුවත් කියල හිතන්න එපා...
කියුවට ස්තුතී ඇනෝ... එහෙම හිතුවෙනම් නෑ අප්පා:d
Deleteනමට ගැලපෙන්න වැඩත් කරනවා නම් ...
ReplyDeleteකුස්ල්හාමි මාළු බානවා
ReplyDeleteසීලවතී මකුණෝ මරනවා
දර්ම්පාල මත්පැන් බොනවා
මහලු මවට කරුණාවතී ගුටි බැට දෙනවා
ස්තුතී මෙන්ඩා....
Delete“සිල්වත්" කියල පෙන්නන්න යන්නෙ හැම වෙලාවකම ඒකෙ අනිත් පැත්ත තියන අයලුනෙ :D
ReplyDeleteසහතික ඇත්ත....
Deleteහප්පා.... ඔහොම අය ඕසෙට.
ReplyDeleteඉස්සර අපි ක්ලාස් ගිහින් වතුර ඉල්ලගන්නෙ කෙල්ලන්ගෙන්.කලයක් විතර මහ බෝතල් ගෙනල්ල උගුරක් වත් වතුර නොදී ආපහු උස්සගෙන යන කෙල්ලන්ට බනිනවා 'තෝ ලබන ආත්මෙ කාන්තාරෙක ගිජුලිහිණියෙක් වෙලා ඉපදියන්' කියලා... හෙහ් හෙහ්
ජයවේවා..!!
ඒකනේ... වතුර දුන්නැත්තන් අපිත් කියන්නේ උකුස්සෙක් වෙයි කියලානේ...
Deleteජයවේවා...
//////සීලවතී බැලුම් හෙලයි වත්ත පුරා///////
ReplyDeleteකව්ද අප්පා ඔච්චර බැලුම් ගෙනත් දෙන්නේ...
ලස්සණ කවියක් නිර්මාණි. පින්තූරේ ඉන්න ආච්චි හරි සිරියාවන්තයි.
කවුරු ගෙන්නත් දෙනවද දන්නෑ අරු අයියේ...
Deleteස්තුතී...
වයස ගියාට පොඩි ළමයි නේද නිර්මාණි...
ReplyDeleteඔව් චතූ... ඒ වගේ අදහස් තමයි තියෙන්නේ...
Delete