Tuesday, October 25, 2016

සීලවතී වස්තුව

මහලු කාන්තාවකගේ උඩු කය ඡායා රූපයකි. (උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)


ගමේ උතුම් ඉස්තිරියකි නැංදා සීලා
දනට පිනට හැම මොහොතෙම ඇත පේ වීලා
ලෝබ දෝෂ මෝහ නැතේ පවසාලා
නැංදා උන්නි සැදැහැ සිතින් වැජඹීලා

අව්ව සැරයි මේ කාලේ පිච්චෙන්ට
වතුර නැතේ පිපාසයට බීගන්ට
ගස් තිබුනත් කොළ ගෙඩි නෑ සත්තුන්ට
මේ හැම දේම හිමි පිංවත් දනන් හට

සීලවතී හට මේ කිසි ප්‍රශ්න නැතී
නිල් කැටේට උතුරණ එක් ළිඳක් ඇතී
සාරෙට හැදුණු පලබර වුණු ගස් ද ඇතී
දේව බැල්ම ඈ හට හිමි බව කියතී

අඹ දඹ පේර කොස්  දෙල් හැම අතු පතරා
මැස්සෙකුටවත් යනු බෑ එහි ඇයට හොරා
මාර සුනක කැළ සරතී මෙබිම අරා
සීලවතී බැලුම් හෙලයි වත්ත පුරා

බොන්නට දිය බිදක් නැති ගම් වැසියන්ට
දෙන්නට බැරිය එක දිය කඳුලක් ඇයට
නිල් කැටේට උතුරා යන ළිඳ වෙතට
යන්නට බැරිය කාටත් ඒ අහලකට

පනිට්ටුවත් සගවා ළිඳ සුරකින්ණී
කටු කම්බියෙන් පවුරක් බැඳ සැනසෙන්ණී
මුලු ලෝකයට වචනෙන් දන් පින් දෙන්නී
ධායක සභාවේ මුලසුන හොබවන්ණී

ගහේ වැලේ හැම දේ හිමි දෙවියන්ට
අතු අග පිපෙන මල් පුද දේ බුදු පුදට
සාදු නාද දේ හැම විට හැමදේට

සීලවතී සීලෙ රකී මේ ලෙසට


ප.ලි.
මේ වැසි සමයේ ආරම්බයට පෙර මා විසින් ලියූ කවියකි. 

37 comments:

  1. ලෝබ දෝෂ මෝහ නැතේ පවසාලා
    +++++++++++

    ReplyDelete
  2. ඒක වෙනම ස්ටයිල් එකක කවි පෙළක් . අගෙයි !

    ReplyDelete
    Replies
    1. කතාව අහුවම ‍ේ විදිහට කියන්න හිතුනා...

      ස්තුතී තිලකසිත...

      Delete
  3. පින් බල මහිමයෙන් ලැබු නිල් වතුර ටික
    ගන් නට නොදෙන එකමයි මට තියෙන දුක
    වෙන් නට එපා ඈ ඉදිරියෙ කරුමයක
    ගින් නක් නොදේවා මතු මතු ආත්මෙක.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. එ කවියත් ලස්සනයි..
      ස්තුති...

      ජය ‍ෙවා.

      Delete
  4. මේ වගේ දේවල් ගැන කතා කරන එක හරි වටිනව. අපේ ගම් වලත් මේවගේ අය අපිට කොච්චර හමුවෙනවද? ජය වේවා ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ගම්වල සුලඹ සිද්ධි ‍ේවා... ස්තුතී කටකාරී....

      Delete
  5. එහෙම නැතුව. පින් දහම් වගේද වතුර ටික පරිස්සම් කරන එක..

    ReplyDelete
    Replies
    1. මොලේ තියෙන ආච්චි කෙනෙක් නැද්ද.. හෙහ් හෙහ්..

      Delete
    2. @ වර්ණ
      අනිවා.....

      @ පැතුම්

      හැබෑව තමා....

      Delete
  6. කවිය අමුතුය්.. ලස්සනයි.. මේ වගේ අය ඕනේ තරම් ඉන්නවා....

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට ස්තුතී පැතුම්:D...

      Delete
  7. සීලවතීට වතුර ටිකක් නම් බෙදලා දෙන්න තිබ්බා වගේ :(

    ReplyDelete
    Replies
    1. එකතමයි.... එත් එ‍ෙම කරන්න එහාට බෑ....

      Delete
  8. පින් මාලු වලේ කුසල් හාමි මාලු බානවා
    සිල් අරන් ඇවිත් සීලවතී මකුනො මරනවා
    ධනපාල උනත් මිනිහා මහපාරෙ හිඟනවා
    මම අහලා නෑනේ සත්යහපාල ඇත්ත කියනවා

    ReplyDelete
    Replies
    1. කවිය ලියන‍ොට මටත් එ සිංදුව මතක් උනා... ස්තුතී...

      Delete
  9. සීලවතීලා ගොඩක් ඔහොම්මම තමා කසුන්

    ReplyDelete
  10. නිර්මාණි, මිනිස්සු ගොඩදෙනෙක් පිං කරන්නේ ඔය විදිහට තමයි. ජීවිතේට පින ගැන කියවන්නේ නැති, හිතන්නේ නැති මිනිස්සු තමයි ගොඩක් පිං කරන්නේ.

    ප.ලි.
    ගොඩකාලෙකින් ආවේ.ඔයාගේ වෙන්න හස්බන්ඩා දැක්කේ නෑ ගොඩකාලෙකින්. දෙන්නම හොඳින් නේද?

    ReplyDelete
    Replies
    1. eka aththa katusu.. api nithara pina gana nohithuwath oyala api hodai hithenne ethakota thamai...

      ekane goda kalekin thamai.. oyage kawiyak kiyannath asai...

      innawa innawa... api hodai.. katusuth hodain wenna athi neda...

      Delete
  11. කවිය හොඳයි..
    අනේ අක්‍ෂර වින්‍යාසය ගැන ටිකක් හිතනව නම් තවත් අගෙයි..
    මූට මොකද මම කොහොම ලිවුවත් කියල හිතන්න එපා...

    ReplyDelete
    Replies
    1. කියුවට ස්තුතී ඇනෝ... එහෙම හිතුවෙනම් නෑ අප්පා:d

      Delete
  12. නමට ගැලපෙන්න වැඩත් කරනවා නම් ...

    ReplyDelete
  13. කුස්ල්හාමි මාළු බානවා
    සීලවතී මකුණෝ මරනවා
    දර්ම්පාල මත්පැන් බොනවා
    මහලු මවට කරුණාවතී ගුටි බැට දෙනවා

    ReplyDelete
  14. “සිල්වත්" කියල පෙන්නන්න යන්නෙ හැම වෙලාවකම ඒකෙ අනිත් පැත්ත තියන අයලුනෙ :D

    ReplyDelete
  15. හප්පා.... ඔහොම අය ඕසෙට.
    ඉස්සර අපි ක්ලාස් ගිහින් වතුර ඉල්ලගන්නෙ කෙල්ලන්ගෙන්.කලයක් විතර මහ බෝතල් ගෙනල්ල උගුරක් වත් වතුර නොදී ආපහු උස්සගෙන යන කෙල්ලන්ට බනිනවා 'තෝ ලබන ආත්මෙ කාන්තාරෙක ගිජුලිහිණියෙක් වෙලා ඉපදියන්' කියලා... හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ... වතුර දුන්නැත්තන් අපිත් කියන්නේ උකුස්සෙක් වෙයි කියලානේ...
      ජයවේවා...

      Delete
  16. //////සීලවතී බැලුම් හෙලයි වත්ත පුරා///////

    කව්ද අප්පා ඔච්චර බැලුම් ගෙනත් දෙන්නේ...

    ලස්සණ කවියක් නිර්මාණි. පින්තූරේ ඉන්න ආච්චි හරි සිරියාවන්තයි.

    ReplyDelete
    Replies
    1. කවුරු ගෙන්නත් දෙනවද දන්නෑ අරු අයියේ...
      ස්තුතී...

      Delete
  17. වයස ගියාට පොඩි ළමයි නේද නිර්මාණි...

    ReplyDelete
    Replies
    1. ඔව් චතූ... ඒ වගේ අදහස් තමයි තියෙන්නේ...

      Delete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.